27/04/2026
1. ඇයි මේ කොම්පියුටර් එකට 0යි 1යි විතරක් තේරෙන්නේ? 🤔💻
ලෝකයේ තියෙන ඕනෑම බලවත් Supercomputer එකක් වුණත් වැඩ කරන්නේ හරිම සරල රහසක් මත කියලා කිව්වොත්වි ශ්වාස කරනවද? ඇත්තටම ICT වල තියෙන "ගැඹුරුම" රහස මේකයි.
ඔයා දැන් මේ කියවන Post එක, ඊයේ බැලුව YouTube වීඩියෝ එක, Phone එකේ තියෙන සින්දු... මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ නිකන්ම 0 සහ 1 කියන ඉලක්කම් දෙකෙන් විතරයි!
2. අපිට 10ක් තියෙද්දී කොම්පියුටර් එකට ඇයි 2ක්?
අපි දෛනික ජීවිතේදී 0 ඉඳන් 9 වෙනකම් ඉලක්කම් 10ක් පාවිච්චි කරනවා (මේකට තමයි දශම ක්‍රමය කියන්නේ). හැබැයි 1940 ගණන්වල මුල්ම කොම්පියුටර් හදපු විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා.
ඒ කාලේ කොම්පියුටර් වලට ඉලක්කම් 10ක් තේරුම් කරලා දෙනවා කියන එක හරිම අමාරු වැඩක්. ඒ නිසා තෝරාගත්තේ ලෝකයේ තියෙන සරලම ක්‍රමයයි. ඒ තමයි "ස්විචයක්".
ඔයාගේ Phone එකේ හරි Laptop එකේ හරි තියෙන Chip එක ඇතුළේ කෝටි ගණනක් පුංචි "ස්විචස්" තියෙනවා. මේවට කියන්නේ "Transistors" කියලා.
1 කියන්නේ: විදුලිය යනවා (Switch ON) 💡
0 කියන්නේ: විදුලිය යන්නේ නැහැ (Switch OFF) 🌑
ට්‍රාන්සිස්ටරයකට "සමහරවිට" කියලා දෙයක් නැහැ. එක්කෝ ON, නැත්නම් OFF. අන්න ඒ නිසයි කොම්පියුටරයට ස්වාභාවිකවම Binary (ද්විමය) ක්‍රමය ගැලපෙන්නේ.
3. ඇයි 0-9 පාවිච්චි කරන්න බැරි?
අපි හිතමු වෝල්ටීයතාව (Voltage) පාවිච්චි කරලා ඉලක්කම් 10ක් හඳුන්වන්න හැදුවා කියලා. එතකොට:
1V කියන්නේ 1
2V කියන්නේ 2... ඔය විදියට 9V වෙනකම් යන්න වෙනවා.
හැබැයි පොඩි හරි විදුලි වෙනස් වීමක් වුණොත්, කොම්පියුටරයට 3V ද 4V ද කියලා පැටලෙන්න පුළුවන්. එතකොට වැඩේ ලෝස්!
හැබැයි Binary වලදී ප්‍රශ්නයක් නැහැ. "කරන්ට් එක තියෙනවා නම් 1, නැත්නම් 0." හරිම සරලයි, වේගවත්, වගේම වැරදීම් වෙන්නෙත් නැහැ!
4. 0යි 1යි එකතු වෙලා අකුරු හදන්නේ කොහොමද?🅰️
මේක තමයි මැජික් එක! හැම අකුරකටම ආවේණික වුණු Binary Code එකක් තියෙනවා. අපි ලියන "AICT" කියන වචනය කොම්පියුටරය ඇතුළේ යන්නේ මෙහෙමයි:
A ----> 01000001
I ----> 01001001
C ----> 01000011
T ----> 01010100
ඔයා දැන් මේ කියවන "AICT" කියන අකුරු 4 ම, කොම්පියුටරය ඇතුළේ bits 32 ක එකතුවක්. මේ වගේ bits මිලියන ගණනක් එකතු වුණාම තමයි ලස්සන Photo එකක් හෝ වීඩියෝ එකක් හැදෙන්නේ.