04/09/2024
*♦️යාත්‍රා එගොඩඋයන.*
ඒක හරි ලස්සන ගමනක්. ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2023 දි යාත්‍රා එක පටන් ගන්න ඕනේ කියලා අපිට අදහස එන්නෙ , අපේ විද්‍යාව සර් නිපුන් සර්ගේ ගෙදරට ඇවිල්ලා ඉගෙන ගත්ත ළමයි ටික වැඩිවෙන්න පටන් ගත්ත වෙලාවේ. එතන හිටපු ළමයි දොළහක් පහළොවක් විතර අරගෙන ගමේම හිටපු ගණිතය ගුරුවරයකුත් අරගෙන කොමස් උගන්වන සුපුන් සර් , එතකොට තව තව විෂයන්වලට ගුරුවරු සම්බන්ධ කරගෙන පුංචි ළමයි පිරිසකගෙන් යාත්‍රාවට අපි එගොඩඋයන ජයවර්ධන මාවත අසලදී ගොඩ වෙනවා..
යාත්‍රාව ගොඩනඟන බවට අපි *MAC* උසස් අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ ජයසත් මුතුකුමාරණ ගුරුතුමත් එක්ක කතා කරද්දි ආදරණීය ගුරුවරයකු විදිහට අපිට ශක්තියක් වෙලා සුභ පැතුවා. ඒ සුභ පැතුම නිසාම අපි යාත්‍රාවට ගොඩ වුණා.
පළවෙනි මාසෙදී ඇත්තටම අපිට අතින් සල්ලි දාන්න වුණා. කුලිය ගෙවන්න,වැඩ කරන ඒ නංගිගේ පඩිය ගෙවන්න,අනෙක් පොඩි පොඩි වියදම් දරන්න ඒ තරම්වත් අපිට ඇත්තටම ආදායමක් තිබුණේ නෑ..
අපි යාත්‍ර එක පටන් ගන්නේ ලාභ ලබන්නම කියලා හිතාගෙන නෙවෙයි නිසා අපිට තිබුණ ටාගට් එකක් ගමට හොඳ ලස්සන ගුණවත් ආයතනයක් නිර්මාණය කරන ගමන් ගම ඇතුලේ මෙහෙම තරුණයෝ වැඩක් කරන්න දඟලනවා කියන දේ ගමට පෙන්නන්න අපිට මාර උනක් තිබ්බා.
හිමින් හිමින් දෙසැම්බර් මාසය පහුවෙද්දී යාත්‍ර එකට ටික ටික ළමයි එන්න පටන් ගත්තා. ජනවාරි පෙබරවාරි වෙනකොට ඒ ළමයි දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. ගුරුවරු අපිත් එක්ක සම්බන්ධ වුණා තව තවත්. දෙමව්පියන් හැම කෙනෙක්ම , ගම ඇතුලේ ඉන්න පුංචිම පුංචි නිවසේ ඉන්න දරුවන් පවා යාත්‍රා කියන නම දැනගෙන හිටියා.
දවසක් දරුවො බස් එකේ එද්දි ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා කිව්වම කොන්දොස්තර මහත්තයා කියනවා යාත්‍රා එක ළඟ නේද ආ ඉන්න අපි එතනින්ම නවත්වන්නම්. දරුවෝ එහෙම ඇවිල්ල අපේ ගුරුවරුන්ට කියනකොට ඇත්තටම යාත්‍රා අපිට දැනෙන්නේ ලොකු ආඩම්බරයක් දරුවෙක් පංතියට එන්න ත්‍රීරෝද රථයකට නැගුනට පස්සේ දරුවා බය නැතුව යාත්‍රා එක ළඟට කිව්වම ත්‍රී රෝද රථ රියදුරු මහත්තයා හරියටම පරිස්සමට යාත්‍රා ආයතනය ඉදිරියෙන් දරුවව ගෙනල්ලා බස්සද්දී , අපිට දැනෙන්නෙ පුදුමාකාර ආරක්ෂාවක් වගේම මාර ශක්තියක්.
ඉතින් ඔහොම ආපු ගමනේ අද වෙනකොට කොරලවැල්ල , කටුකුරුන්ද, එගොඩ උයන , අලුත් පාලම මේ ගම් දනව් සිසාරා ශීග්‍රයෙන්ම වර්ධනය වන ආයතනය විදිහට නම් දරන්න අපිට පුළුවන් වුණා.
ඒ නිසාම අපි කියනවා අපේ යාත්‍රා කිරීම සාර්ථකයි.
තවත් දීර්ඝ ගමනක් අපිට යාත්‍රා කරන්න තියෙනවා. ඒ යාත්‍රා කරන ගමන් මගේ ප්‍රබලම සාධකය තමයි දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන එක.
ඉතින් යාත්‍රාවට වසරක් සපිරෙන මේ මොහොතේ. *යාත්‍රා උසස් අධ්‍යාපන ආයතනය* විදිහට අපි දෙන්නම එක පොරොන්දුවක්. අපිට ශක්තියක් වුණ ගමේ දෙමව්පියන්ගේ දරුවන්ව අපිටත් වඩා ගොඩාක් දුර යවන්න අපිත් අපේ ගුරු මණ්ඩලයත් ඇප කැප වෙන්නම්.
ඒ වෙනුවෙන් අපි එක්ක ඉන්න
අපේ ගුරු මණ්ඩලය දරුවො හැමෝටම ස්තූතියී.
ඉතින් වසරක් යාත්‍රා සමග සිටි ඔබට ස්තුතියි. ඉදිරියටත් අපි ඔබ සමගම ඔබටම සේවය සැපයීමට ජයවර්ධන මාවත අසල බලා සිටින්නෙමු.
*යාත්‍රා උසස් අධ්‍යාපන ආයතනය එගොඩඋයන ජයවර්ධන මාවත අසල ✍️🤍✨*