Ceylon German technical training institute-Power electrical engineering

Ceylon German technical training institute-Power electrical engineering Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon German technical training institute-Power electrical engineering, Community College, Agulana, Moratuwa.

26/06/2022
06/04/2022

අපි හැමෝම වෙනස් වෙමු..ඔබත් මමත්..
මේක ලියපු කෙනා හරිම වැදගත් දෙයක් පෙන්නලා තියෙන්නෙ. ලාංකිකයෝ අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් තමයි.

-Copied-
ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ගෝඨාභයයි 225යි කියලා.
ඒත් මේකට වගකියන්න ඕනෙ තව පිරිසක් ඉන්නවා.
මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො
මිනිස්සුන්ගෙ පඩි සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.
ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො
තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො
විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු
රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො
මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො
තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි තියෙද්දි ග්‍රාමසේවකලා ලවා ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො
සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො
මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො
නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො
මුදලින් අඩු ඔෟෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඔෟෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු
කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො
ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි
ඒ විතරක් නෙවෙයි,
කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන..තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන
ඔබ හැමදෙනාත්
ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.
Copied...
උපුටා ගැනීමකි..

06/09/2020
If you have a NVQ 4,Just Apply now...
23/05/2018

If you have a NVQ 4,Just Apply now...

Address

Agulana
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Ceylon German technical training institute-Power electrical engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ceylon German technical training institute-Power electrical engineering:

Shortcuts

Share