01/09/2026
150 වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කළ සුවිශේෂී සමරු සිහිවටනය
අපගේ Life Members වෙනුවෙන් – ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ඓතිහාසික මතක සටහනක්
හිතවත් Life Members,
අපගේ ආදරණීය මාතාව වන මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඓතිහාසික 150 වන සංවත්සරය අනුස්මරණය කිරීම වෙනුවෙන්, Prince of Wales’ College Old Boys’ Association, Old Cambrian UAE Wing සමඟ එක්ව, අපගේ Life Members වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද 150th Anniversary Commemorative Souvenir එකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මහත් අභිමානයෙනි.
නවීන නිෂ්පාදන තාක්ෂණය භාවිතයෙන් උසස් තත්ත්වයේ Zinc Alloy වලින් නිමවා ඇති මෙම සුවිශේෂී සමරු නිර්මාණය, කේම්බ්‍රියානු අභිමානය, උරුමය සහ අනන්‍යතාව පරම්පරා ගණනාවක් පුරා සුරැකෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
මෙය ඔබගේ වටිනා කේම්බ්‍රියානු සමරු එකතුවේ Collector’s Souvenir එකක් ලෙස තබාගත හැකි අතර, එසේම ඔබගේ රථයේ Car Badge එකක් ලෙස භාවිත කරමින් ඔබ යන සෑම තැනකම කේම්බ්‍රියානුවෙකු වීමේ අභිමානය රැගෙන යාමටද හැකිය.
150 වන සංවත්සරය අපගේ ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳීමට ලැබෙන සුවිශේෂී ඓතිහාසික අවස්ථාවකි. අප බොහෝ දෙනෙකුට අපගේ මාතාවගේ මෙම 150 වන සංවත්සරය ජීවිත කාලය තුළ දැකබලා ගැනීමට ලැබෙන එකම අවස්ථාව මෙය වනු ඇත.
එබැවින්, “අපිත් මේ ඓතිහාසික මොහොතේ කොටස්කරුවන් වූවෙමු” යන අභිමානවත් මතකය අප තුළත්, අපෙන් පසු පරම්පරාවන් තුළත් සදාකාලිකව රඳවා තැබීමේ අරමුණින් මෙම විශේෂ සමරු නිර්මාණය ඔබ වෙත ඉදිරිපත් කරමු.
අපගේ Life Members වෙතින් ලැබුණු ඉහළ උනන්දුව සහ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙම සමරු සිහිවටනය ඉතා සීමිත සංඛ්‍යාවකින් පමණක් නිෂ්පාදනය කරනු ලැබේ.
වසර 122ක අභිමානවත් හා පුරාවෘත්තමය ඉතිහාසයකට හිමිකම් කියන Old Boys’ Association එකක Life Member කෙනෙකු ලෙස, ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ මෙම සුවිශේෂී සමරු සිහිවටනයක් හිමිකර ගැනීම ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාදයකි.
එක් LIFE MEMBER කෙනෙකුට එක් SOUVENIR එකක් පමණි
සෑම Life Member කෙනෙකුටම මිලදී ගත හැක්කේ එක් සමරු සිහිවටනයක් පමණි.
ඔබගේ ඇණවුම ලබාදීමේදී Life Membership Number එක සඳහන් කරන්න. ඔබට Membership Number එක මතක නොමැති නම්, OBA හි ලියාපදිංචි වී ඇති ඔබගේ සම්පූර්ණ නම ලබාදීම ප්‍රමාණවත් වේ.
මිල – Rs. 5,000.00
OBA විසින් මේ මොහොතේ සිට ඇණවුම් භාරගනු ලැබේ, පවතින සීමිත තොගයට යටත්ව.
මෙම සීමිත නිෂ්පාදනය අවසන් වූ පසු දෙවන වරට නැවත නිෂ්පාදනය කිරීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න.
එබැවින් පසුව කනගාටු වීමට සිදු නොවන පරිදි, ඔබගේ ඇණවුම අදාළ ගෙවීම සමඟ හැකි ඉක්මනින් තහවුරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
Prince of Wales’ College – වසර 150යි
Old Boys’ Association – වසර 122යි
ඓතිහාසික අවස්ථාව එකයි. සුවිශේෂී සිහිවටනය එකයි.
කේම්බ්‍රියානු ඉතිහාසයේ කොටසක් ඔබ සතු කරගන්න.
Prince of Wales’ College Old Boys’ Association
In collaboration with the Old Cambrian UAE Wing
ORDERS සහ වැඩි විස්තර සඳහා
Charana – 077 371 2108
Kosala – 077 229 0725
Call / WhatsApp
මෙයට විශ්වාසී,
150th Anniversary Souvenir Committee
Prince of Wales’ College Old Boys’ Association