De Soysarama Dhamma School

De Soysarama Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from De Soysarama Dhamma School, School, De Soysarama Maha Viharaya, Galle Road, Moratuwa.

ඊයේ දවස අප දහම්පාසලට සුවිශේෂි දවසක්..ලෝක ළමා දිනය අපි ඊයේ සැමරුවේ තනියම නෙවෙයි..අපේ ප්‍රදේශයේ අපිත් එක්කම ලොකුවෙන අපි වග...
05/10/2026

ඊයේ දවස අප දහම්පාසලට සුවිශේෂි දවසක්..

ලෝක ළමා දිනය අපි ඊයේ සැමරුවේ තනියම නෙවෙයි..

අපේ ප්‍රදේශයේ අපිත් එක්කම ලොකුවෙන අපි වගේම, එක්කෝ අපිටත් වඩා උත්සාහවන්ත නංගිලා මල්ලිලා අක්කලා අයියලා දොලොස් දෙනෙක්ට අපි ගෞරවයෙන් ආරාධනා කලා අපිත් එක්ක ලෝක ළමා දිනය සමරන්න එක් වෙන්න කියලා..

අපේ මේ ආරාධිත යාලුවෝ අපිට විශේෂ වෙන්නේම අපිට වගේම කොපමණ අඟහිඟකම් තිබුනත් අපිටත් වඩා එයාලා ධෛර්යයවන්තයි, එයාලා ශක්තිමත්.. එනිසා අපි හිතුවා අපිත් එක්ක එක දහම්පාසලට ආවේ නැතත් එයාලත් එක්ක ළමා දිනය සමරන්න..

මේ අදහස අපට දුන්න අපේ ගුරු මණ්ඩලයටත් ගොඩක් පින් අපිට මේ වගේ දේවල් කරන්න අපිව පොළඹනවාට..

ඉතින් අපි එයාලටත් එන්න කියලා අපි අතර ත්‍යාග හුවමාරුවකුත් කලා.. ඒ කියන්නේ එයාලා ලවා අපි තෑගි ගත්තා කියන එක නම් නෙවේ නැන්දේ මාමේ.. අපි තවත් අපේ එක යහලුවෙක්ට හරි අපිට පුලුවන් මට්ටමේ තෑග්ගක් අරන් ආවා.. අපේ යාලුවන්ට වගේම අපේ ආරාධිත යාලුවන්ට..

ඊට අමතරව අපේ ප්‍රධානාචාර්‍යවරිය ඇතුළු ගුරු මණ්ඩලයත් අපේ ආරාධිත යාලුවන්ට තෑගි ගොඩක් ලෑස්ති කරලා තිබුනා..

ඊටත් අමතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉගෙනගෙන මේ වෙද්දි ජීවිතය දිනපු අක්කලා දෙන්නෙකුත් අපිත් එක්ක එකතු උනා ළමා දිනය සමරන්න.. අපිට මොන ගැටලුව ආවත් අපි ඉගෙනගන්න ඕන ඇයි කියන එක ඒ අක්කලා අපිට කිව්වා.. ඉතින් ඒ අක්කලා දෙන්නාටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේ දේවල් කියලා දුන්නාට.. ඔයාලා දෙන්නා කියපු දේවල් නිසා අපි ගොඩක් අය කොහොමහරි ඉගෙනගෙන විශ්ව විද්‍යාලයකට යනවාමයි කියන අරමුණ ඊයේ තියාගත්තා..

සින්දු කියලා නටලා සෙල්ලම් කරලා මහන්සි උන අපිට අපේ ගුරු මණ්ඩලය රසම රස කෑම වේලක් වගේම සීතලම සීතල අයිස්ක්‍රීම් සංග්‍රහයකුත් සිසිල් පැන් කෝප්පයකුත් සූදානම් කරලා තිබුනා..

ඉතින් පුංචි අපි වෙනුවෙන් මේ සියලු දේ සංවිධානය කල අපේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට වගේම අපිට සහය දෙන සියලුම නැන්දලා මාමලාට අප්‍රමාණ පින්..

ඒ වගේම දානය ගැන අපි පෙලපොතෙන් ඉගෙනගන්නවා වගේම තවත් කෙනෙක්ට අපි දෙයක් දීලා එයාලා පුදුම වෙන හැටි වගේම එයාලාගේ හිනාව දැක්ක අපිට හිතුනේ අපිට පුලුවන් දෙයක් පුලුවන් හැම වෙලේකම තවත් කෙනෙක්ට දෙන එක කොයි තරම් ලස්සන වැඩක්ද කියන එක..

- අපි ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසල් දරුවන්-

ලෝක ළමා දින සැමරුම 2026 සඳහා ලහි ලහියේ සූදානම් වූ අපේ ගුරුවරු..
05/10/2026

ලෝක ළමා දින සැමරුම 2026 සඳහා ලහි ලහියේ සූදානම් වූ අපේ ගුරුවරු..

🎈💛 ළමා දිනයට දරුවන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන්න අපිත් එක්ක අත්වැල් බැඳගමුද? 💛🎈ද සොයිසාරාම ද්වීභාෂා දහම් පාසල – මොරටුව මඟින් ...
25/09/2026

🎈💛 ළමා දිනයට දරුවන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන්න අපිත් එක්ක අත්වැල් බැඳගමුද? 💛🎈

ද සොයිසාරාම ද්වීභාෂා දහම් පාසල – මොරටුව මඟින් ලෝක ළමා දිනය නිමිත්තෙන් 2026 ඔක්තෝබර් 04 වන ඉරිදා සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කර ඇත. 🌈

මෙවර අපේ දරුවන් සමඟ සතුට බෙදාගැනීම සඳහා ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් 10 දෙනෙකුට විශේෂ ආරාධනයක් කර, ඔවුන් සමඟ තෑගි හුවමාරු කරමින් ආදරය, සතුට හා සහෝදරත්වය බෙදාගැනීමට අප සූදානම්. 🎁❤️

ඔබත් මේ සුන්දර සත්කාරයට එක්වී දරුවෙකුගේ මුවඟට පුංචි සිනහවක් එක්කරන්න කැමතිද?

ඔබට අනුග්‍රහය දැක්විය හැක්කේ:

🎁 බාලාංශයේ සිට 8 ශ්‍රේණිය දක්වා දරුවන් 60 දෙනෙකු සඳහා
සෙල්ලම් බඩු / අධ්‍යාපන උපකරණ / පොත්පත් / ලිපිද්‍රව්‍ය / හෝ ඔබ කැමති ඕනෑම සුදුසු ත්‍යාගයක්

🍕 දරුවන් සියලු දෙනාට රසවත් පීසා සංග්‍රහයක් ලබාදීම සඳහාද ඔබට අනුග්‍රහය දැක්විය හැකිය.

පුංචි තෑග්ගක් වුවත්, එය දරුවෙකුට ලොකු සතුටක් විය හැකියි. 💕

ඉදින් එන්න… මෙවර ලෝක ළමා දිනයේදී සතුට බෙදාගනිමු.
දරුවන්ගේ සිනහව වෙනුවෙන් අපි අත්වැල් බැඳගනිමු! 🤝🌸

📅 දිනය: 2026 ඔක්තෝබර් 04 – ඉරිදා
🏫 සංවිධානය: ද සොයිසාරාම ද්වීභාෂා දහම් පාසල – මොරටුව

20/09/2026

ද සොයිසාරාම මහා විහාරස්ථානය මඟින් සංවිධානය කරන මාසික ධර්ම දේශනාමය පුණ්‍යකර්මයෙහි සැප්තැම්බර් මස ධර්ම දේශනාව..

ධර්ම දේශකයාණන් වහන්සේ : රත්මලාන, අත්තිඩිය මෙත්සඳ අසපුවාසි, කොළඹ මහනාම විද්‍යාලයීය ආචාර්‍ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇලපත්ගම රේවත හිමි

🌸 දම් සිසිලෙන් සපිරි මඟක ලස්සන ආරම්භයක්! 🌸​සිසු නිපුණතා තරඟාවලියේ මොරටුව බල මණ්ඩල මට්ටමේ දහම් දැනුම (6 ශ්‍රේණිය) – 3 වන ...
16/09/2026

🌸 දම් සිසිලෙන් සපිරි මඟක ලස්සන ආරම්භයක්! 🌸

​සිසු නිපුණතා තරඟාවලියේ මොරටුව බල මණ්ඩල මට්ටමේ දහම් දැනුම (6 ශ්‍රේණිය) – 3 වන ස්ථානය දිනාගනිමින් අප දහම් පාසල් මාතාවට අභිමානයක් ගෙන දුන් යෙශ්මි නිමායා ප්‍රනාන්දු දියණියට අපගේ ආදරණීය සුභ පැතුම්! 🏆✨

​පුංචි දියණියගේ උත්සාහය, කැපවීම සහ දහමට ඇති ලැදියාව ඉදිරියටත් ඇගේ මඟ එළිය කරාවි. දහම් ගුණ නුවණින් පිරි පූර්ණ ගුණවත් දියණියක ලෙස සමාජයට සුවඳ හමන්නට ශ්‍රී සද්ධර්මයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා! 🙏💐

ඇයගේ මෙම ජයග්‍රහණය පසුපස නිබඳ ශක්තියක් වූ යෙශ්මි දියණියගේ දෙමව්පියන් දෙදෙනාටද අපගේ උණුසුම් සුභපැතුම් එක්කරන අතරම දියණිය වෙනුවෙන් සිදුකරනා වූ කැපකිරීම් වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමු. එමෙන්ම යෙශ්මි දියණියගේ දම් පියසේ දහම්ගුරු මව් වූ Linukshi Abegunawardana ගුරු මෑණියන් හටද දියණිය මෙම ජයග්‍රහණය දක්වා ඔසවා තැබීම වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තූතිය පුදකරන්නෙමු!

~ ​ද සොයිසාරාම ද්විභාෂා දහම් පාසල – මොරටුව ~

#සුභපැතුම් #සිසුනිපුණතාතරඟාවලිය #දහම්දැනුම

🌸 තරඟයකට ගිය අපේ දරුවන් දහම්පාසලෙහි අප නිරන්තරව පුරුදු පුහුණුකල අගනාකම් ප්‍රායෝගිකව නිරූපණය කර යහපත් මතකයක් දීලා ආවා. ❤️...
13/09/2026

🌸 තරඟයකට ගිය අපේ දරුවන් දහම්පාසලෙහි අප නිරන්තරව පුරුදු පුහුණුකල අගනාකම් ප්‍රායෝගිකව නිරූපණය කර යහපත් මතකයක් දීලා ආවා. ❤️

අද මොරටු බල මණ්ඩල සිසු නිපුණතා තරඟ සඳහා ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසල නියෝජනය කරමින් අපේ දූ දරුවන් දහ හත් දෙනෙක් සහභාගී වුණා.

දරුවන්ගේ දක්ෂතා දැකීමත්, ඔවුන් වේදිකාවට නැගී තමන්ගේ උපරිමය කරන්න උත්සාහ කරන ආකාරය දැකීමත් අපට සතුටක්. ඇතැමෙකුට උද්වේගයක් තිබුණා. ඇතැමෙකුට බයක් තිබුණා. ඒත් ඒ හැමදේම මැද තමන්ගේ අවස්ථාවට මුහුණ දීලා තරඟ කරන්න ඔවුන්ට හැකි වුණා.

නමුත් අද දවසේ අපේ අවධානය වැඩිපුරම ඇදී ගියේ තරඟ වේදිකාවෙන් පිටත සිදුවුණු දේවල්වලටයි. ❤️

තමන්ට වඩා පහළ ශ්‍රේණිවල පුංචි දරුවන් සමඟ ඉහළ ශ්‍රේණිවල දරුවන් ඉතා ආදරයෙන් කටයුතු කළා. තමන්ගේම ශ්‍රේණියේ යාළුවෙක් තරඟයට යන්න බයෙන් ඉන්න විට, තමන්ගේ යාළුවාගේ හිත හදලා “බය වෙන්න එපා, ඔයාට පුළුවන්” කියමින් ධෛර්යය දුන්නා.

තමන්ගේ තරඟය අවසන් වුණාට පස්සේ, තමන්ගේ කණ්ඩායමේ අනෙක් දරුවන් එනතුරු බලාගෙන හිටියා. ඔවුන් වෙනුවෙන් සූදානම් කරලා තිබුණු පුංචි සංග්‍රහය පවා අනිත් අය එනතුරු නොගෙන ඉන්න තරම් එකිනෙකා ගැන සිතන්න ඔවුන් පුරුදු වෙලා තිබුණා. ❤️

ඒ විතරක් නෙවෙයි…

අද අපේ දරුවන්ට තවත් දහම් පාසල් ගණනාවකින් පැමිණි තමන්ගේම වයසේ දරුවන් මුණගැසුණා. උදේ එකිනෙකා නොදැන සිටි ඒ දරුවන් පැය කිහිපයක් ඇතුළත යාළුවන් බවට පත්වුණා. කතා කළා, හිනා වුණා, එකට හිටියා.

තමන් කන්න ගෙනා බිස්කට් පැකට් එක පවා තමන්ගේම යාළුවාට පමණක් නොව, තරඟ බිමට පැමිණි වෙනත් දහම් පාසලක දරුවෙකු සමඟත් බෙදාගන්න අපේ දරුවන්ට පුළුවන් වුණා.

තමන්ට ඇසුණු announcement එකක්, අනෙක් දරුවාට ඇහුණේ නැති බව දැනගත් විට, තමන් විතරක් අදාළ ස්ථානයට නොගොස්, ඒ දරුවවත් එක්කගෙන යන්න ඔවුන් මතක් කළා.

මේවා තරඟයක ලකුණු පත්‍රයක සටහන් වෙන දේවල් නොවෙයි...🩷

ඒත් අපිට නම්, අද දවසේ වටිනාම ජයග්‍රහණ තිබුණේ මේ පුංචි සිදුවීම් ඇතුළෙයි. 🌱🩷🩷

මොකද දහම් පාසලකින් අපි බලාපොරොත්තු වෙන්නේ දක්ෂතාවයෙන් ඉදිරියට යන දරුවන් විතරක් නොවෙයි.

තමන්ට වඩා පුංචි කෙනෙකු බලාගන්න,
බය වූ යාළුවෙකුගේ හිත හදන්න,
තමන්ට තියෙන දෙයක් තවත් කෙනෙකු සමඟ බෙදාගන්න,
තමන්ට ලැබුණු අවස්ථාවක් අනෙකාටත් ලැබෙන බවට වගබලාගන්න,
තමන්ට වඩා අනෙකා ගැනත් සිතන්න පුළුවන් දරුවන්.

අද අපේ දරුවන් ඒ දේවල් අනෙක් සියල්ලන්ට කියලා දුන්නේ වචනවලින් නෙවෙයි — ඔවුන්ගේ ක්‍රියාවලින්. ❤️

ඒ නිසා අද තරඟවලියෙහි ප්‍රතිඵලය කුමක් වූවත් එය දහම්පාසලක් ලෙස අපි සතුටින් පිළිගන්න අතරම ජයග්‍රහණය කළ දරුවන්ට අපගේ සුබ පැතුම්. ඒ වගේම, බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණත් තමන්ගේ උපරිමයෙන් උත්සාහ කළ සෑම දරුවෙකුටම අපගේ ආදරය සහ ගෞරවය පිරිනමනවා..🩷🩷

මොකද අද දවසේ අපි දුටු ජයග්‍රහණය, පදක්කම්වලට වඩා විශාලයි. ❤️

අද අපේ දරුවන් අපට මතක් කළේ, 2012 වසරේ අප ආරම්භ කල අප දහම්පාසලෙහි පුනරාගමනය ක්‍රියාවෙන් ඔප්පු කල දරුවන් ලෙස සාර්ථක අඩිතාලමක් වැටුණු බව...

දක්ෂ වීම ජයග්‍රහණයක්.
තරඟයක් ජයගැනීමත් ජයග්‍රහණයක්.
නමුත් තවත් කෙනෙකුට අත දීම, බෙදාගැනීම, ධෛර්යය දීම සහ අනෙකා ගැන සිතීම — ඒ තමයි ජීවිතයේ වඩාත්ම වටිනා ජයග්‍රහණය. 🌸

🙏 මේ දරුවන් වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ දැනුම කැප කළ අපගේ ගුරුභවතුන්ටත්, ඔවුන් පිටුපසින් සිටිමින් දිරිමත් කළ සියලුම දෙමාපියන්ටත් අපගේ හදපිරි ස්තුතිය. විශේෂයෙන්ම පාසල්වලින් "දඟ" ලෙස හංවඩු ගසා නොසලකා හැරුණු දරුවන් පවා දක්ශ කථිකයන් ලෙස පුරුදු පුහුණු කල අපගේ ආදරණීය ගුරු මණ්ඩලයට අනේක වාරයක් පින්...

❤️ ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසල නියෝජනය කරමින් අද සහභාගී වූ අපේ සියලුම දූ දරුවන්ට — ඔබ සැම ගැන අපි ආඩම්බර වෙමු.

ඔබලා හුදු ජයග්‍රහණයකින් ඔබ්බට ගොස් අපගේ දහම් පාසලේ නමත්, දහමේ වටිනාකමත්, ඔබේ ලස්සන හදවතත් නිරූපණය කලා..🙏❤️

🌸 දහමින් දැනුමට… දැනුමින් මනුෂ්‍යත්වයට… 🌸


#සිසුනිපුණතාතරඟ
#මොරටුබලමණ්ඩලය
#අපේදරුවන්අපේඅභිමානය


❤️🙏

🌿 තරඟයක්… නමුත් අපේ අරමුණ ජයග්‍රහණය පමණක් නොවේ. 🌿හෙට දිනයේ දිවයින පුරා දහම්පාසල්වලින් තේරී පත්වූ දරු දැරියන් වෙනුවෙන් ප්...
12/09/2026

🌿 තරඟයක්… නමුත් අපේ අරමුණ ජයග්‍රහණය පමණක් නොවේ. 🌿

හෙට දිනයේ දිවයින පුරා දහම්පාසල්වලින් තේරී පත්වූ දරු දැරියන් වෙනුවෙන් ප්‍රාදේශීය සිසු නිපුණතා තරඟ පැවැත්වෙනවා.

අපේ දහම්පාසලේ දරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වන්නේ මහත් උනන්දුවෙන්.

නමුත් දහම්පාසලක් ලෙස අපි දරුවන්ට කියා දෙන්නට උත්සාහ කරන්නේ, ජීවිතය යනු අනෙකා පරදවා ඉදිරියට යාමක් නොවන බවයි.

තරඟයක් තිබුණත්,
අපේ දරුවාගේ ජයග්‍රහණය තවත් දරුවෙකුගේ පරාජයක් ලෙස අපි නොදකිමු.

ඒ වෙනුවට…

🌸 තමන් තුළ සැඟවී ඇති දක්ෂතාව හඳුනාගැනීමට,
🌸 තමන්ට හැකි දේ තවත් හොඳින් කිරීමට,
🌸 වේදිකාවක් ඉදිරියේ බියකින් තොරව තම හැකියාව ඉදිරිපත් කිරීමට,
🌸 අනෙක් දරුවාගේ දක්ෂතාවය ඊර්ෂ්‍යාවකින් තොරව අගය කිරීමට,
🌸 ජයග්‍රහණයේදී නිහතමානී වීමටත්, පරාජයේදී නොවැටී නැගී සිටීමටත්,

මේ තරඟ අවස්ථාව අපේ දරුවන්ට ජීවිත පාඩමක් කරගන්නටයි අපේ උත්සාහය.

🙏 කුසලානයක් අතට ගැනීම අපේ අවසාන අරමුණ නොවේ.

අද තරඟයකදී වේදිකාවට නැගී තමන්ගේ හැකියාව විශ්වාසයෙන් ඉදිරිපත් කරන දරුවා, හෙට ජීවිතයේ අභියෝගයක් ඉදිරියේත් “මට පුළුවන්” යැයි සිතන පුද්ගලයෙකු බවට පත්වීමයි අපේ සැබෑ ජයග්‍රහණය.

එසේම, අද පළමු ස්ථානය නොලැබූ දරුවෙකු හෙට නැවත උත්සාහ කිරීමට ඉගෙන ගන්නේ නම් — එයත් ජයග්‍රහණයකි.

අද අනෙක් දරුවා ජයගත් විට ඔහුට හෝ ඇයට අත්පොළසන් දීමට හැකි නම් — එයත් ජයග්‍රහණයකි.

තමන්ගේ දක්ෂතාවය පමණක් නොව, අනෙකාගේ දක්ෂතාවයත් දැකීමට හැකි හදවතක් අපේ දරුවෙකු තුළ ඇති කළ හැකි නම් — එය අපේ දහම්පාසලේ විශාලතම ජයග්‍රහණයකි. ❤️

දහම් අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වන්නේ තරඟ ජයගන්නා දරුවන් පමණක් නොව,
ජීවිතය ජයගත හැකි යහපත් මනුෂ්‍යයන් බිහි කිරීමයි. 🌱

හෙට තරඟ බිමට යන අපේ සියලුම දරු දැරියන්ට…

“අනෙකා පරදවන්න යන්න නොව ඊයේ සිටි ඔබට වඩා අද ඔබ දියුණු වී ඇති බව පෙන්වන්න. ඔබගේ දක්ශතා එළි දැක්වීමට හෙට දින අවස්ථාවක් කරගන්න” 🌼

ඔබේ ප්‍රතිඵලය කුමක් වුවත්,
ඔබ අපට ආඩම්බරයකි. ❤️

හෙට දින මෙම තරඟවලට සහභාගී වන සමස්ත ලංකාවෙහි සියලුම දහම්පාසල් දරු දැරියන්ට අපගේ ආශිර්වාදය හා උණුසුම් සුබ පැතුම්! 🙏

ඔබ සැමගේ දක්ෂතා තව තවත් ඔපවත් වේවා!
ඔබ තුළ සැඟවී ඇති කුසලතා ලෝකයට ආලෝකයක් වේවා! 🌸🙏

🎉 හදවතින්ම උණුසුම් සුභ පැතුම්! 🎉පහ වසර ශිෂ්‍යත්ව කඩයිම ඉහළින් ජයගත්, ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසලෙහි බුදුමඟ හදාරන ටිලන්...
03/09/2026

🎉 හදවතින්ම උණුසුම් සුභ පැතුම්! 🎉

පහ වසර ශිෂ්‍යත්ව කඩයිම ඉහළින් ජයගත්, ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසලෙහි බුදුමඟ හදාරන ටිලන්යා ලිත්සඳි දියණියටත් ටෙශ්මි දියණියටත් අපගේ හෘදයාංගම සුභ පැතුම් පුදකරමු. 🌸📚✨

දහම්පාසලෙහි ක්‍රියාකාරී දරු දෙපලක් ලෙස ඔබ දෙපළ ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය අප සැමට මහත් සතුටක් හා ආඩම්බරයක් ගෙන දෙන්නකි.

ඔබ දෙදෙනාගේම ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වී, දැනුමින්, ගුණයෙන් හා යහපත් චරිතයෙන් පිරිපුන් දියණියන් ලෙස තව තවත් ජයග්‍රහණයන් අත්කර ගැනීමට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා! 🙏🌼

~ ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසල්
ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් ~

#දසොයිසාරාම #ද්විභාෂාදහම්පාසල #ශිෂ්‍යත්වජයග්‍රහණය #උණුසුම්සුභපැතුම්

ශ්‍රී ලාංකේය සුගම සංගීතයේ අමරණීය හඬ, “ජාතියේ යශෝරාවය” ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ බලවත් සංවේගය පළ කර...
20/08/2026

ශ්‍රී ලාංකේය සුගම සංගීතයේ අමරණීය හඬ, “ජාතියේ යශෝරාවය” ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ බලවත් සංවේගය පළ කරමු.

දශක ගණනාවක් පුරා සුවහසක් හදවත් සැනසූ ඔබතුමියගේ අමරණීය ගී හඬ ජාතියේ හදවතේ සදා රැඳෙනු ඇත.

ඔබතුමියට අමා මහ නිවන් සුව අත්වේවා! 🙏

සොයිසාරාම ද්විභාෂා දහම් පාසල
මොරටුව

සිංහල ගීත සාහිත්‍යය ඒකාලෝක කල හිමියනි ඔබ වහන්සේ පැතූ නිවන ඉක්මන් භවයකදීම ලැබේවා!අතිපූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් හට ඉ...
20/08/2026

සිංහල ගීත සාහිත්‍යය ඒකාලෝක කල හිමියනි ඔබ වහන්සේ පැතූ නිවන ඉක්මන් භවයකදීම ලැබේවා!

අතිපූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් හට ඉක්මන් භවයකදීම නිවන් දොරටු විවර වේවා!

ද සොයිසාරාම ද්විභාෂා දහම්පාසල් ගුරු මණ්ඩලය සහ දරු දැරියන්..

Address

De Soysarama Maha Viharaya, Galle Road
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when De Soysarama Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category