Zonal Education Office - Monaragala

Zonal Education Office - Monaragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zonal Education Office - Monaragala, Education, Zonal Education Office, Monaragala.

මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් මො/සරස්වතී දෙමළ කණිෂ්ට විද්‍යාලය සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වුණු අති දුෂ්කර පාසලක්. සාම...
03/04/2026

මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් මො/සරස්වතී දෙමළ කණිෂ්ට විද්‍යාලය සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වුණු අති දුෂ්කර පාසලක්. සාමාන්‍ය පෙලින් පසු උසස් පෙළ හැදෑරීම සඳහා බොහෝ දුර ගෙවා මොනරාගල නගරයට සිසුන්ට පැමිණීමට සිදු වීම නිසා අධ්‍යාපනයෙන් දරුවන් ගිලිහීම වලක්වන්නට සරස්වතී විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී. නමුත් ඒ වෙනුවෙන් කිසිදු අමතර ගුරුවරයෙකු පාසලට ලබා දෙන්නට කලාපය තුළ ගුරුවරු නොසිටියත් විදුහල්පති එම්.සුදාහරන් මහතා ඇතුළු ගුරුභවතුන් ඒ වගකීම තම කර මතට ගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලය දැන් ලැබී තිබේ.
පළමු උසස් පෙළ සිසු කණ්ඩායමේ දරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු විශ්ව විද්‍යාල වරම් ලැබූ අතර එක් දරුවෙකු විද්‍යාපීඨ සුදුසුකම් ලැබීමත් අනෙක් ශිෂ්‍යයා ද විෂයන් තුනම සමත් වෙමින් 100% ක සමත් ප්‍රතිශතයක් වාර්තා කර ඇත.

මෙම ප්‍රතිඵලය ලබා දීමට දේශපාලන විද්‍යාව, එම්.අරුන් ප්‍රශාන්ත් සහ එස්.කිරුශාන්දන්, හින්දු ශිෂ්ටාචාරය, ගෝකුලරමනන් සහ කෝගිලවදනි, දෙමළ භාෂාව එම්. සුදාහරන් (විදුහල්පති) සහ සවිප්‍රියා සහ තර්ක ශාස්ත්‍රය එම්. සුදාහරන් (විදුහල්පති) සහ ප්‍රියංකා දර්ශනී යන ගුරු භවතුන් විසින් ඉගැන්වීම් සිදු කර ඇත. එක් විෂයක් ගුරුවරුන් දෙදෙනෙකු ඉගැන්වීම පාසලේ ගුරු හිඟයට පිලියමක් ලෙස භාවිත කරමින් සිදු කළ මෙම ක්‍රියාවලියේදී එක් ගුරුවරයෙකුගේ සම්පුර්ණ කාලසටහන කාලච්ඡේද 40 ඉක්මවා යන බව ද සඳහන් කළ යුතු ය.

පාසල් කාලයෙන් පසු ද ඉගැන්වීම් සිදු කරමින්, සිසුන් කිසිදු අමතර පන්තියකට සහභාගී නොවී මෙම ලබා ගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ගෞරවනීය ප්‍රශංසාව පල කරමු.

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වන පාසල් දරුවන්ගේ ශාරීරික හා මානසික සුවපත්භාවය උදෙසා වන “සුව දරු” වැඩසටහ...
09/03/2026

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වන පාසල් දරුවන්ගේ ශාරීරික හා මානසික සුවපත්භාවය උදෙසා වන “සුව දරු” වැඩසටහනට සමගාමිව කලාපයේ පාසල් වල දරුවන් විසින් පාසල් වල පිරිසිදු කිරීම් කටයුතු සිදු කල ආකාරය

2026.02.13 දින ගරු අග්‍රාමාත්‍යතුමියගේ මොනරාගල දිස්ත්‍රික් සංචාරයේදී මො/ශ්‍රී ෂන්මුහා දෙමළ මහා විද්‍යාලයේ සිදු කල නිරීක්...
06/03/2026

2026.02.13 දින ගරු අග්‍රාමාත්‍යතුමියගේ මොනරාගල දිස්ත්‍රික් සංචාරයේදී මො/ශ්‍රී ෂන්මුහා දෙමළ මහා විද්‍යාලයේ සිදු කල නිරීක්ෂණ චාරිකාවෙන් පසු පාසල් අධ්‍යාපනය පිලිබඳ ෆේස් බුක් ගිණුම ඔස්සේ පල කරන ලද දැන්වීමට අනුව මහමෙව්නා සදහම් භාවනා අසපුව සහ අපේ දන්සල සංවිධානය මගින් පාසලට අත්‍යවශ්‍ය සෙල්ලම් මිදුලක් පරිත්‍යාග කිරීම 2026.03.05 දින සිදු කෙරිණි.

පාසල් ඇගයීම් ක්‍රියාවලිය පිලිබඳ සම්පත්දායකයින් පුහුණු කිරීමේ වැඩමුළුව - මොනරාගල කලාපය
06/03/2026

පාසල් ඇගයීම් ක්‍රියාවලිය පිලිබඳ සම්පත්දායකයින් පුහුණු කිරීමේ වැඩමුළුව - මොනරාගල කලාපය

වසර 34 ක සේවා කාලයක් සම්පුර්ණ කල අප කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනි දීපා සිරිවර්ධන මහත්මියගේ විශ්‍රාම යාම නිමිත්තෙන් ස...
06/03/2026

වසර 34 ක සේවා කාලයක් සම්පුර්ණ කල අප කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනි දීපා සිරිවර්ධන මහත්මියගේ විශ්‍රාම යාම නිමිත්තෙන් සංවිධානය කල සමුගැනීමේ උත්සවය 2026.02.20 වන දින පැවැත්විණ. වසර 34 ක රාජ්‍ය සේවය වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙයට එතුමියට සුවබර විශ්‍රාම දිවියක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

11/10/2025

වයස අවුරුදු 18 න් පහළ බාලිකා හෙල්ල විසි කිරීම රන් සහ ලෝකඩ පදක්කම් දිනූ සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ සහ පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ නෙහාරා සහ සෙත්මි දියණියන්ට පුහුණුකරුවන් වන අනුරුද්ධ, ලක්මාල් සහ ඉරුදක මහත්වරුන්ට, ක්‍රීඩා භාර ගුරුභවතුන්ට සහ විදුහල්පතිවරුන්ට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

මොනරාගල කලාප අධ්‍යාපන කාර්‍යාලයීය අවුරුදු උත්සවය, කාර්‍යාලයීය නිලධාරින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහහාගිත්වයෙන් පස...
28/04/2025

මොනරාගල කලාප අධ්‍යාපන කාර්‍යාලයීය අවුරුදු උත්සවය, කාර්‍යාලයීය නිලධාරින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහහාගිත්වයෙන් පසු ගිය දා කාර්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. සහය වූ සැමට තුති 🙏🙏🙏

*තුති* *පිදුම*                *ගුරු සිසු රඟ රද ප්‍රසාදිනී* 2025.01.06 වන දින මොනරාගල අධ්‍යාපන කලාපයේ පාසල් 27 ක සිසු දරු...
13/01/2025

*තුති* *පිදුම*
*ගුරු සිසු රඟ රද ප්‍රසාදිනී*

2025.01.06 වන දින මොනරාගල අධ්‍යාපන කලාපයේ පාසල් 27 ක සිසු දරු දැරියන් 600 කගේ පමණ සහභාගිත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ගුරු සිසු රඟ රද ප්‍රසාදිනී ප්‍රසංගය සඳහා,

ගුරු භවතුන්හට මග පෙන්වූ නර්තන විෂය ප්‍රධානී ප්‍රේමාලි ජයවර්ධන සහ සීතා කුමාරි මහත්මීන්ට, පාසල් නිවාඩු කාලයේ නිවාඩුවක් නොගෙන කැප වූ සියලුම ගුරු භවතුන්ට, ඔවුන්ට සවියක් වූ විදුහල්පතිවරුන්ට, දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයූ දෙමාපියන්ට,

ප්‍රසංගය සංවිධානය කිරීමේ දී මුදලින් හා වෙනත් ආකාරවලින් අනුග්‍රහය දැක් වූ සියලුමදෙනාට, ක්‍රීඩාංගනය සහ අනෙකුත් පහසුකම් ලබා දුන් මොනරාගල ප්‍රාදේශීය සභාවට, පුටු සහ කැනපි නොමිලේ ලබා දුන් සියලුම දෙනාට, ප්‍රවාහන කටයුතු සඳහා දායක වූ සියලුදෙනාටම, කිසිදු අය කිරීමකින් තොරව ප්‍රසංග භූමියේ ප්‍රවේශ දොරටුව තොරණක් මගින් අලංකාර කළ සිහස් කලා ගොක්කොළ නිර්මාණ ශිල්පියෝහි රසායන විද්‍යා ආචාර්‍ය Saman Kumara කුමාර මහතා ඇතුලු කණ්ඩායමට, සියලු කටයුතු සඳහා සහය වූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් Prabhath Gamlath සහ Thushara Paranamana දෙපළ, ගුරු උපදේශක මහත්ම මහත්මීන් ඇතුලු කාර්‍යාල නිලධාරීන්ට, බෙර වාදනයෙන් සහය වූ සියලුම ශිල්පීන්ට, නිවේදන කටයුතු සිදුකළ චතුර සමරකෝන් මහතාට, ප්‍රසංගය සාර්ථක කර ගැනීමට දිවා රැ නොබලා වෙහෙස වූ සියලුම දෙනාට, මාධ්‍යකරණයෙන් සහය වූ මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායක මහතාට ජායාරූපකරණය සඳහා දාකය වූ රාජකීය විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ ගුරුභවතුන් සහ දරුවන්ට, ප්‍රථමාධාර සඳහා දායකවූ රාජකීය විද්‍යාලයීය ශාන්ත ජෝන් ගිලන් සේවයේ ගුරුභවතුන් හා දරුවන්ට,

ප්‍රසංගයට සහභාගි වූ සියළුම ආරාධිත අමුත්තන්ට මෙන්ම නැරඹීමට පැමිණ අපගේ සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් අප දිරිමත් කළ සියලු දෙනාට මෙසේ ගෞරවණීය ස්තුතිය පුද කරමු.

ඌව පලාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ හොඳම පාසල් 10 අතරින් හත්වන ස්ථානය දිනාගත් මො/ නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලයට  උණුසුම්...
25/08/2024

ඌව පලාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ හොඳම පාසල් 10 අතරින් හත්වන ස්ථානය දිනාගත් මො/ නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලයට උණුසුම් සුබ පැතුම් 👏👏👏

මෙවර ඌව පලාත් ක්‍රීඩා උළෙලේ සමස්ථ ශූරතාව අනුව සිව්වන ස්ථානයට මොනරාගල අධ්‍යාපන කලාපය ගෙන ඒමට දැඩි කැපවීමෙන් ක්‍රියා කළ සි...
25/08/2024

මෙවර ඌව පලාත් ක්‍රීඩා උළෙලේ සමස්ථ ශූරතාව අනුව සිව්වන ස්ථානයට මොනරාගල අධ්‍යාපන කලාපය ගෙන ඒමට දැඩි කැපවීමෙන් ක්‍රියා කළ සියලුම විදුහල්පතිවරුන්ට, ගුරුභවතුන්ට සහ විශේෂයෙන් ක්‍රීඩා පුහුණුකරුවන්ට ගෞරවනීය ස්තුතිය සහ ප්‍රශංසාව පළ කරමි. මෙහිදී මළල ක්‍රීඩා තුලින් නව තරග වාර්තා හතක් පිහිටුවීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් විය. 👏👏👏

මොනරාගල රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය ගුරුතුමියක ලෙස, සේවය කළ සිසු දරුවන්ට ආදරණීය මවක් වූ දම්මි ගුරුමෑණියණි, මතු උපදි...
16/07/2024

මොනරාගල රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය ගුරුතුමියක ලෙස, සේවය කළ සිසු දරුවන්ට ආදරණීය මවක් වූ දම්මි ගුරුමෑණියණි, මතු උපදින භවයන්හි මෙවන් අකල් මරණයක් අත් නොවේවා.... අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

Address

Zonal Education Office
Monaragala
91000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94552276070

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office - Monaragala:

Shortcuts

Share

Category