08/04/2025
✅ ප්‍රතිඵල තියෙන ගිණුම්කරණය පන්තියට
අද සවස 2:30 ට, බකිණිගහවෙල කොමස් සෙන්ටර් එකට එන්න..
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting With Lalith, Tutor/Teacher, Monaragala.
08/04/2025
✅ ප්‍රතිඵල තියෙන ගිණුම්කරණය පන්තියට
අද සවස 2:30 ට, බකිණිගහවෙල කොමස් සෙන්ටර් එකට එන්න..
25/03/2025
⚡ ඔබ කොතරම් හොඳ කෙනෙක් උනත්.ඔබෙන් ප්‍රයෝජනයක් ඇති තාක් ඔබට මිනිසුන් සළකාවි⚡
21/03/2025
✅ කාටත් හරියන. ප්‍රතිඵල තියෙන ගිණුම්කරණය පන්තියට බකිණිගහවෙල කොමස් සෙන්ටර් එකට එන්න..
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සියලුම දූ දරුවන්ට විශිෂ්ට ප්‍රතිථලයක් කරා යාමට
මගෙන් ඔබලාට
සුබ පැතුම්!
13/03/2025
✅ ප්‍රතිඵල තියෙන ගිණුම්කරණය පන්තියට බකිණිගහවෙල කොමස් සෙන්ටර් එකට එන්න..
10/03/2025
♦️♦️කන්නේ මොන පාට සීනිද ?
උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි නිෂ්පාදනයේ දී මුලින්ම හැදෙන්නේ දුඹුරු සීනි. ඒ හැදෙන දුඹුරු සීනි වලට තවත් වියදමක් කරලා ගෙන්දගම් සහ වෙනත් විරංජක රසායනික ද්‍රව්‍ය දාලා සුදු සීනි බවට පත් කරනවා. සුදු සීනි ඒ හින්දා දුඹුරු සීනි වලට වඩා පිළිකාකාරකයි, මේ කතාව ගොඩ දෙනෙක් දන්නවා. සමහරවිට ඔබ නොදන්න කතාව මෙන්න...
සෞඛ්‍යමය හේතු නිසා දැන් දැන් ලංකාවෙ වැඩිපුර ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනි වලට. එත් දුඹුරු සීනි කල් තියාගන්න බෑ. තෙත ගතියෙන් යුක්තයි. ටික කලක් ගිහිල්ලා පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වෙන්නෙත්, ආනයන කරන සීනිත් සුදු සීනි. දුඹුරු සීනි වලට තියෙන මෙම සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඒවට ඩයි දාලා දුඹුරු සීනි බවට පරිවර්තනය කරනවා .
හොඳම දුඹුරු සීනි හම්බුනොත් හොඳයි. ඩයි දාපු දුඹුරු සීනි හම්බුනොත් ඒව සුදු සීනි වලටත් වඩා පිළිකා කාරකයි...
ඩයි දාපු දුඹුරු සීනි අඳුනගන්නේ මෙහෙමයි. ඒව තෙත ගතියෙන් යුක්ත නෑ. ඒකාකාරීව දුඹුරු පාට නෑ සමහර ඇට වැඩිපුර දුඹුරුයි සමහර ඇට ටිකක් සුදුයි.
මේක ශෙයා කරොත් තව කෙනෙක් පිළිකාවකින් බේරෙයි....
උපුටා ගැනීමකී.
මුල් හිමිකරුට ස්තුති
18/01/2025
#2026
22/12/2024
වඩුවා කෙටූ ගල නොහොත් වඩුවාගල - දඹදෙනි සිරකදවුර
දඹදෙණිය යුගයේදී සිරගෙයක් සහ වධකාගාරයක් ලෙසට භාවිතාකර ඇතැයි සැලකෙන වඩුවා කෙටූ ගල මත දක්නට ඇති ගල්පඩි පෙලෙහි ඉහල පඩි මෙහි සිරගතව සිටි ගල් වඩුවෙකු විසින් පැනයාම සඳහා කොටන ලදැයි සැලකේ.
පහලින් ඇති පඩි කීපය පසුකාලීනව ගලමතට නැගීමේ පහසුව සඳහා ගැමියන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. දඹදෙණිය රජමාළිගය පැවති මාළිගාගලේ සිට වඩුවාකෙටූ ගල දක්වා උමගක් පැවති බවත් සිරකරුවන් මාලිගයේ සිට එම උමග ඔස්සේ වඩුවාකෙටූ ගලට ගෙනැවිත් සිරගතකරන බවත් පැරැන්නන්ගේ මතයයි. එම උමං කටවල් අදත් දක්නට ලැබුනත් උමං මාර්ග වැසීගොස් ඇත.
පැන ගිය ගල් වඩුවා පැමිණි ගම "වඩුවා ආව" ගම වූ අතර, පසු කලෙක වඩුවාව ලෙස හැඳින්විණි.
මේ කන්ද මාපාගෙදර ගල යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. ඒ, ජනප්‍රවාද වලට අනුව දෙවන පරාක්‍රමබාහු රජ සමයේ අධීකරණ කටයුතු කළ මාපාවරු මේ අවට වාසය කළ බැවිණි.
උපුටා ගැනිීමකි