අපි Geo හදවත් we are Geo Hearts

අපි Geo හදවත් we are Geo Hearts නිවන්නට හැකිනම් කඳුළු බිඳු
පුංචි හිත්වල සිනාවක් දී
රකින්නට හැකිනම් ළමා ලොව
කඳුළු දුරලමු සැවොම එක්වී

23/12/2024

මිනිසෙක් බෝට්ටුවක් පින්තාරු කිරීමට තම තීන්ත සහ බුරුසු ගෙනැවිත්, හිමිකරු ඔහුගෙන් ඉල්ලා සිටි පරිදි බෝට්ටුව දීප්තිමත් රතු පාටින් පින්තාරු කිරීමට පටන් ගත්තේය.

පින්තාරු කරන අතර තුර, බඳෙහි කුඩා සිදුරක් දුටු ඔහු හිමිකරු එය කළින් නොකීවත් නිහඬව එයද අලුත්වැඩියා කළේය.

පසුදා බෝට්ටුවේ හිමිකරු චිත්‍ර ශිල්පියා වෙත පැමිණ චිත්‍ර ඇඳීම සඳහා ගෙවන මුදලට වඩා ඉතා ඉහළ මුදලක චෙක්පතක් ඔහුට පිරිනැමුවේය.

පින්තාරුකරු පුදුමයට පත් වී “ඔබ බෝට්ටුව පින්තාරු කිරීම සඳහා මට ගෙවා ඇති මුදල පමණටත් වඩා වැඩියි සර්!”

හිමිකරු ; “නමුත් මෙය තීන්ත වැඩ සඳහා නොවේ. ඒ බෝට්ටුවේ සිදුර අලුත්වැඩියා කිරීම සඳහා ය.

“ආ! නමුත් එය එතරම් දෙයක් නෙවෙයි ... ඇත්තෙන්ම එතරම් නොවැදගත් දෙයකට මට එතරම් ඉහළ මුදලක් අවශ්‍ය නැත. ”

හිමිකරු ; “මගේ හිතවත් මිත්‍රයා, ඔබට තේරෙන්නේ නැහැ. සිදු වූ දේ මම ඔබට කියන්නම්:

“ඔරුවට තීන්ත ගාන්න කිව්වම මට සිදුර කියන්න අමතක වුණා.

“ඔරුව වේළුණාම මගේ ළමයි ඔරුව අරගෙන මාළු අල්ලන්න ගියා.

“ඔවුන් දැනගෙන හිටියේ නැහැ සිදුරක් තියෙනවා කියලා. ඒ වෙලාවේ මම ගෙදර හිටියෙත් නැහැ.

“මම ආපසු ඇවිත් ඔවුන් බෝට්ටුව රැගෙන ගොස් ඇති බව දුටු විට, බෝට්ටුවේ සිදුරක් ඇති බව මට මතක් වූ නිසා මම බලාපොරොත්තු සුන් වී, හොදටම බයෙන් සිටියෙ.

“ඔවුන් මසුන් ඇල්ලීමෙන් ආපසු එනු දුටු විට මට ඇති වු සහනය සහ සතුට ගැන ඔබ සිතා බලන්න.

“ඊට පස්සේ, මම බෝට්ටුව පරීක්ෂා කළා, ඔබ සිදුර අලුත්වැඩියා කර ඇති බව එවිට මා සොයාගත්තා!

"දැන් ඔයාට පේනවා නේද, ඔයා මොනවද කළේ කියලා? ඔබ මගේ දරුවන්ගේ ජීවිතය බේරුවා! ඔබේ ‘පුංචි’ සත්ක්‍රියාව ගෙවා දමන්නට මා ළඟ මුදල් මදි.”

🟥🟥🟥 කවුරුන්, කවදා හෝ කෙසේද යන්න කුමක් වුවත්, ඔබට හැකි පමණ, සීමාවන් හැදින උදව් කරන්න, කෙනෙකුගේ කඳුළු පිස දමන්න, අවධානයෙන් සවන් දෙන්න, යමෙකුට අපව අවශ්‍ය වන්නේ කවදාද, නැතහොත් යමෙකුට අප කළ දේ වැදගත් වන්නේ කවදාද අපි දන්නේ නැත. නමුත් ඔබ ජීවිත කීයක් බේරාගෙන ඇත්දැයි නොදැන, 'බෝට්ටු සිදුරු' ගණනාවක් අලුත්වැඩියා කර තිබිය හැකිය. ❤️

උපුටා ගැනීම

Translated and edited by Rashmie Rajapaksha
(මනෝවිද්‍යා උපදේශිකා / Psychological Counsellor)

04/12/2024
අඛණ්ඩව මොනරාගල දිශ්ත්‍රිකයේ නව නිර්දේශයේ ප්‍රතිඵල ගොඩනඟමින් ජාතික මට්ටම ජයගන්නා දරුවන් බිහිකල භූගෝල විද්‍යාව ගුරුවරයා on...
02/03/2024

අඛණ්ඩව මොනරාගල දිශ්ත්‍රිකයේ නව නිර්දේශයේ ප්‍රතිඵල ගොඩනඟමින් ජාතික මට්ටම ජයගන්නා දරුවන් බිහිකල භූගෝල විද්‍යාව ගුරුවරයා online ආගමනයට සූදානම්........
👉2019 දිශ්ත්‍රීකයේ ප්‍රතමයා
👉2020 දිශ්ත්‍රීකයේ 04 geo ප්‍රතමයා බිහිකිරීම
👉2021 වසරේ මොනරාගල දිශ්ත්‍රිකයේ 5/6 බිහිකිරීම
👉2022 වසරේ මොනරාගල 02 බිහිකිරීම
👉2022 වසරේ සහභාගිවූ 153 දෙනෙක් අතරින් 64 දෙනකු සරසවි සමතුන් බවට පත්කිරීම.......
👉සහභාගි වු සිසුන්ගෙන් 42% ක් සරසවි වරම් දිනාගැනීම
👉2022 වසරේ A 53 ක් (35%)
👉2022 වසරේ B 46 ක් (30%) සමග A,B ප්‍රතිශතය 66% ක් බිහිකල ගුරුවරයා ජාතික මට්ටම ට සුදානමින්............
👉ආතල් කතා,බන කතා වෙනුවට විෂය ඉගෙන ගන්න සෙට් වෙන්න............
0711191446 ට වට්ස් ඇප් පණිවිඩයක් තියන්න.................

ආදරණීය මගෙන් ඉගෙන ගත් දරුවනි...මිතුරනි.........ඔබ මෙන්ම අකුරු කරන්නට සිහින දකින...ඒත් අකුරු කරන්නට සවියක් නැති දරුවන් වෙ...
05/02/2023

ආදරණීය මගෙන් ඉගෙන ගත් දරුවනි...මිතුරනි.........ඔබ මෙන්ම අකුරු කරන්නට සිහින දකින...ඒත් අකුරු කරන්නට සවියක් නැති දරුවන් වෙනුවෙන්...සවියක් වෙන්න පුලුවන් අය විතරක්...පුලුවන් විදියට උදව් කරමු....
පොත්..පෑන්....පුලුවන්...නම් විතරක්...දෙන්නෙක් තුන් දෙනෙක් එකතුවෙලා හරි කමක් නෑ..මේක දැන් ඉන්න දරුවන්ගෙන් ආව යෝජනාවක්...එයාල දැනටම පොත් ටිකක් එකතු කරල තියෙන්නෙ......ඔයාලටත් සතුටු හිතෙන .....වැඩක්...............

Address

Monaragala

Telephone

+94711191446

Website

Alerts

Be the first to know and let us send you an email when අපි Geo හදවත් we are Geo Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අපි Geo හදවත් we are Geo Hearts:

Shortcuts

Share

Category