03/08/2026
"හීනයක් හැබෑ කරගන්න ලේසි නැහැ... ඒත් හීනයක් අත්හරින්න මම කවදාවත් ඉගෙනගෙන නැහැ."
Kidspace මගෙ හීන තෑග්ග ❤️
අද Kidspace හතරවෙනි අවුරුද්ද සම්පූර්ණ කරනවා...
හරියටම මීට අවුරුදු හතරකට කලින් මගේ හදවතේ තිබුණු පුංචි හීනයක් තමයි අද මේ තරම් ලස්සන පවුලක් වෙලා තියෙන්නේ. ඒත් ගුරුවරියක් විදිහට මගේ ගමනට අද අවුරුදු නවයක්.
පෙරපාසල් ක්ෂේත්‍රයේ වයසින් බාල චරිතයක් වුණත්, මේ ගමන මල් ඇතිරූ පාරක් නම් නෙවෙයි. නොයෙක් විවේචන, වැරදි අවබෝධ, අභියෝග, බලාපොරොත්තු කඩවීම්... මේ හැම දෙයක්ම මැද මම ඉවසීමෙන් ඉස්සරහට ඇවිද්දා. සමහර දවස්වල අඬලා නැවත නැඟිටියා. සමහර දවස්වල කිසිම කෙනෙක් නොදන්න සටන් තනියම සටන් කළා.
ඒත්... මම මගේ හීනය අතහැරියේ නැහැ.
මගේ හෙවනැල්ල වගේ හැම මොහොතකම මාත් එක්ක හිටියේ මගේ අම්මා (ලොකු ටීචර්)අප්පච්චි (අධ්යක්ෂතුමා ) සහ මගේ සැමියා. (භූමි)මගේ අම්මා අප්පච්චි ,ඔවුන් මාව විශ්වාස කළා. මම වැටෙන්න ගිය හැම වෙලාවකම නැවත නැඟිටින්න ශක්තිය දුන්නා.අදටත් හෙටටත්...ඒ වගේම ප්‍රාණසම මගෙ යාලුවනුත්...🫂
Kidspace කියන්නේ පෙරපාසලක් විතරක් නෙවෙයි... ආදරය, විශ්වාසය, ගරුත්වය සහ සෙනෙහසින් බැඳුණු පුංචි පවුලක්. ඒ පවුල ලස්සනට හදන්න මම මගේ ජීවිතේ ලොකු කොටසක් කැප කළා.
මේ අවුරුදු තුන තුළ ලස්සනට හදපු දරුවන් පාසල් ජීවිතයට යවද්දී දැනෙන ආඩම්බරය... ඒක මුදලකින්වත්, සම්මානයකින්වත් මනින්න බැහැ. ගුරුවරයෙකුගේ සැබෑ ජයග්‍රහණය තමන්ගේ දරුවන්ගේ හොඳ අනාගතයයි.
අපිට ඕන දක්ෂ දරුවන් විතරක් නෙවෙයි... මනුෂ්‍යත්වය දන්න, ගුණගරුක, ආදරණීය, වගකීම් දන්න දරුවන් බිහි කරන්න.
මොකද අද අපි හදන පුංචි හදවත් තමයි හෙට සමාජය හදන්නේ. දෙමාපියන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් බන්ධනාගාර ඉදිරිපිට කඳුළු සලන්න නොවී, ඔවුන්ගේ ජයග්‍රහණ ඉදිරිපිට ආඩම්බරයෙන් හිනා වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් වෙන්නේ අපි අද වපුරන වටිනාකම් නිසයි.
හැම දෙමාපියෙකුටම... හැම දරුවෙකුටම... හැම ගුරුතුමියකටම ස්තූතියි, මේ හීනය විශ්වාස කළාට.
මේක මගේ හීනයක් විතරක් නෙවෙයි... හෙට දවස වෙනුවෙන් අපි එකට ලියන ලස්සන කතාවක්.
Happy 4th Anniversary, Kidspace! (කටවචනෙන් kidspace ආරම්භයට අපි හිතපු දවස)🌱
තවත් දහස් ගණනක් පුංචි හීනවලට පියාපත් දෙන්න අපි සූදානම්.
පිපී කෝණාර