19/09/2026
English ඉගෙනගන්නකොට කරන common mistakes 7ක්
English ඉගෙනගන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් නොදැනුවත්වම මේ mistakes කරනවා.
ඔයාත් මේවා කරනවද කියලා බලන්න.
1. Words විතරක් පාඩම් කිරීම
English word එකේ meaning එක විතරක් පාඩම් කරලා නවත්වන්න එපා.
උදාහරණයක්:
Cook - උයනවා
Word එක විතරක් මතක තියාගන්නවා වෙනුවට sentence එකක් එක්ක ඉගෙනගන්න.
I can cook for you.
මේ විදිහට ඉගෙනගත්තම word එක use කරන විදිහත් මතක හිටිනවා.
2. Grammar perfect වෙනකම් English කතා නොකිරීම
“මගේ grammar හරි නෑ. ඒ නිසා මම English කතා කරන්නේ නැහැ.”
මේක ලොකු mistake එකක්.
Speaking improve වෙන්නේ කතා කරනකොටයි.
Mistakes වෙනවා.
Mistakes වලින් ඉගෙනගන්නවා.
ඊට පස්සේ improve වෙනවා.
3. English Sinhala වලට හැම වෙලාවෙම translate කිරීම
English sentence එකක් කියන්න කලින් මුලින්ම Sinhala වලින් හිතලා, පස්සේ English වලට translate කරන පුරුද්ද speaking slow කරන්න පුළුවන්.
Simple English phrases directly think කරන්න පුරුදු වෙන්න.
I'm hungry.
I'm tired.
I'm busy.
I'm going home.
4. English අහන්නේ නැතුව English කතා කරන්න උත්සාහ කිරීම
Speaking විතරක් practice කරලා listening අමතක කරන්න එපා.
English conversations, videos, podcasts වගේ දේවල් daily අහන්න.
5. අමාරු words ඉගෙනගැනීමට වැඩි අවධානයක් දීම
මුලින්ම difficult vocabulary ගොඩක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ.
Daily conversations වල භාවිතා වෙන common words සහ phrases වලින් පටන් ගන්න.
6. දවසක් දෙකක් practice කරලා නවත්වන එක
English එක දවසකින් improve වෙන්නේ නැහැ.
දවසකට විනාඩි 15ක් හෝ 20ක් වුණත් regularly practice කරන්න.
Little practice every day is better than a lot of practice once a week.
7. තමන්ගේ English අනිත් අයගේ English එක්ක compare කිරීම
“එයාට English හොඳට පුළුවන්. මට බැහැ.”
මේ විදිහට හිතලා discourage වෙන්න එපා.
හැමෝගෙම learning journey එක වෙනස්.
Compare yourself with who you were yesterday.
ඔයා ඊයේට වඩා අද English sentence එකක් වැඩිපුර කතා කළා නම්, ඒකත් progress එකක්. ❤️
මතක තියාගන්න:
Don't be afraid of mistakes.
Don't wait for perfect English.
Just start, practice and improve.
ඔයා මේ mistakes වලින් කීයක් කරනවද? 👀
මේ post එක useful නම් Save කරගන්න 🔖
English ඉගෙනගන්න කෙනෙක්ට Share කරන්න
Keen English ❤️