Olympford Academy

Olympford Academy "Empowering Minds for a Better World" envisions a society where individuals have the knowledge and skills to make a positive impact to Sri Lanka.

AI එකකට "ඇස් සහ අත්" ලැබුණොත් මොන වගේ වෙයිද?Claude හෝ ChatGPT වගේ LLM එකක් ගත්තොත්, ඒවට හොද දැනුමක් තිබුණත් තනියම අපේ පර...
16/05/2026

AI එකකට "ඇස් සහ අත්" ලැබුණොත් මොන වගේ වෙයිද?

Claude හෝ ChatGPT වගේ LLM එකක් ගත්තොත්, ඒවට හොද දැනුමක් තිබුණත් තනියම අපේ පරිගණකයේ ෆයිල් එකක් open කරන්න, ඩේටාබේස් එකක් කියවන්න හෝ ඊමේල් එකක් යවන්න බැහැ. ඒක හරියට එක තැනකට කොටු වුණු, සුපිරි "මොළයක්" වගේ.

නමුත් MCP (Model Context Protocol) තාක්ෂණයත් එක්ක මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සරලවම කිව්වොත්, මේකෙන් කරන්නේ AI එකට අපේ digital workspace එක ඇතුළේ ඇත්තටම වැඩ කරන්න අවශ්‍ය පාලම - Bridge හදලා දෙන එකයි.

Olympford එකේ අපේ Tech Community එකේ අයට සරලවම මේක පැහැදිලි කළොත්:

කලින් AI එකක් කළේ වැඩක් කරන හැටි කියා දෙන එක (Information Retrieval). හැබැයි MCP හරහා AI එකට පුළුවන් ඒ වැඩේ තනියම කරලා ඉවර කරන්න (Action Ex*****on). ඒවගේම අපේ local code files කියවන්න, ඒවායේ වැරදි හදන්න, terminal එකේ command එකක් run කරලා code එක build කරන්න AI එකට සෘජුවම පුළුවන්කම ලැබෙනවා. තව PostgreSQL, MySQL වගේ ඕනෑම database එකකට සෘජුවම සම්බන්ධ වෙලා, අවශ්‍ය දත්ත අරන්, ඒවා analyze කරලා live reports හෝ charts හදන්න AI එකටම පුළුවන්.
තව වටින දෙයක් තමයි Gmail, GitHub, Slack, Jira වගේ අපි දිනපතා වැඩ කරන Tools එක එකට සම්බන්ධ කරලා, සම්පූර්ණ workflow එකක්ම auto-pilot එකේ දුවවන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා.

ඉතින් AI එකට මේ වගේ බලයක් දෙනකොට ආරක්ෂාව ප්‍රධානම ප්‍රශ්නයක්. MCP නිර්මාණය කරලා තියෙන්නේ "User-in-the-loop" සංකල්පයට අනුවයි. ඒ කියන්නේ AI එක file එකක් වෙනස් කරන්න හෝ query එකක් run කරන්න හදන හැම වෙලාවකම අපේ අවසරය (Allow/Deny) ඉල්ලනවා. අපේ අනුමැතිය නැතුව එයාට තනි තීරණයක් ගන්න බැහැ.

හරි, කෙටියෙන්ම කිව්වොත්, MCP කියන්නේ නිකන්ම ප්‍රශ්න වලට උත්තර දෙන AI යුගයෙන් මිදිලා, අපේ පුද්ගලික හෝ ව්‍යාපාර කටයුතු සැබෑවටම වැඩ කරලා දෙන Autonomous AI Agents ලගේ යුගයේ ආරම්භයයි.

මේවගේ දේවල් වල් ගැන දැනගෙන ඒවා වලින් වැඩ කරගන්න කාලය හරි දැන්. තවත් පරක්කු නෝවි එකතු වන්න අපේ Olympford Tech Builders එකට දැන්ම. Whast Group Link එක පලවෙනි කොම්මෙන්ට් එකේ.

xAI විසින් “Grok Build CLI” කියන අලුත් AI Developer Tool එක Beta ලෙස release කරලා තියෙනවා 🚀මේකෙන් Developers ලාට:⚡ AI ap...
15/05/2026

xAI විසින් “Grok Build CLI” කියන අලුත් AI Developer Tool එක Beta ලෙස release කරලා තියෙනවා 🚀

මේකෙන් Developers ලාට:
⚡ AI apps build කරන්න
⚡ Plugins connect කරන්න
⚡ Projects plan කරන්න

terminal එකෙන්ම පහසුවෙන් කරන්න පුළුවන්.

AI tools දැන් simple chatbots වලින් full development assists වලට evolve වෙනවා නෙද...

AI පාවිච්චි කරලා ලේසියෙන්ම SaaS Product එකක් නිර්මාණය කරලා, ඒක Market එකට හඳුන්වා දෙන්නේ කොහොමද? මේ පිළිබඳව සියලුම විස්ත...
14/05/2026

AI පාවිච්චි කරලා ලේසියෙන්ම SaaS Product එකක් නිර්මාණය කරලා, ඒක Market එකට හඳුන්වා දෙන්නේ කොහොමද? මේ පිළිබඳව සියලුම විස්තර දැනගැනීමට Olympford පවත්වන Free Session එකට දැන්ම එකතු වෙන්න. සම්බන්ධ වීමට 'SAAS' ලෙස Comment කරන්න. විස්තර එවනු ලැබේ.

14/05/2026
How to prompt for better AI results...?
14/05/2026

How to prompt for better AI results...?

තමන්ගේම ප්‍රොඩක්ට් එකක් බිල්ඩ් කරන එක තමයි ජීවිතේ නිදහසට තියෙන ලේසිම පාර. ඔබේ අදහස ප්‍රොඩක්ට් එකක් කරලා, ඒ නිදහස අත්විඳි...
13/05/2026

තමන්ගේම ප්‍රොඩක්ට් එකක් බිල්ඩ් කරන එක තමයි ජීවිතේ නිදහසට තියෙන ලේසිම පාර. ඔබේ අදහස ප්‍රොඩක්ට් එකක් කරලා, ඒ නිදහස අත්විඳින්න.

‎Open this link to join Olympford WhatsApp Group: https://chat.whatsapp.com/HdRndv0FzfGDbQ4FkVx5kP?mode=gi_t

"හෙට ඉඳන්ම පටන් ගන්නවා..."මේ වචන ටික ඔබටත් හුරුපුරුදුයි නේද?හැමදාම ඔබ ඔබටම මේ විදිහට පොරොන්දු වෙනවා ඇති:"මගේ අනාගතය වෙනු...
13/05/2026

"හෙට ඉඳන්ම පටන් ගන්නවා..."

මේ වචන ටික ඔබටත් හුරුපුරුදුයි නේද?
හැමදාම ඔබ ඔබටම මේ විදිහට පොරොන්දු වෙනවා ඇති:
"මගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, නැත්නම් පුහුණු වෙන්න මම පටන් ගන්නවා... හෙට ඉඳන්."

ඒත් ඇත්තම කතාව මොකක්ද දන්නවද?
ඔය කියන "හෙට" කවදාවත් එන්නේ නැහැ.

ඊටපස්සේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් ආතතිය, පීඩනය වගේම පසුතැවීම අපිව හොයාගෙන එනවා.

ඒත් ඇත්ත - හැමදේටම "නියම වෙලාව" එනකන් බලාගෙන ඉන්න එක ලොකු උගුලක්.

දවසකට විනාඩි 30ක් වගේ පුංචි කාලයක් වෙන් කරලා තියන පියවරක් වුණත්, නොකඩවා කළොත් කාලයත් එක්ක ඔබේ ජීවිතයේ ලොකු සාර්ථකත්වයක් ගොඩනඟනවා.

ඔබට තියෙන අවස්ථාව:

මේ අවුරුද්ද ඉවර වෙද්දී ඔබ අලුත් දේවල් ඉගෙනගෙන, ජීවිතේ දියුණු වෙලා, ඔබේ හීන වලට තවත් ලං වුණා කියන සතුටත් එක්ක අවුරුද්ද අවසන් කරනවා කියලා මොහොතක් හිතලා බලන්න.

ඒ වෙනුවෙන් කරන්න ඕනේ එකම දේ, අදම වැඩ පටන් ගන්න එක විතරයි.

පළමු පියවර:

ඔබට මේ මොහොතේ කරන්න පුළුවන් එක පුංචි වැඩක් තෝරගන්න.

පොතක එක පිටුවක් කියවන්න. සටහනක් ලියන්න. එහෙමත් නැත්නම් අලුත් කුසලතාවක් පුහුණු වෙන්න.

ඒක දැන්ම කරන්න. හෙටත් ඒ දේම කරන්න. අනිද්දත් කරන්න.

දවසක ඔබේ අනාගතය, අද ඔබ ගත්තු මේ තීරණයට ඔබටම ස්තූති කරාවි. 🙌

මහේල ඉන්ටර්වීව් බෝඩ් එක ඉස්සරහා වාඩි වෙලා හිටියේ හරිම පිළිවෙළට. තද නිල් පාට ටයි එක, අලුත්ම සුදු ෂර්ට් එක, පීරපු කොණ්ඩේ.....
13/05/2026

මහේල ඉන්ටර්වීව් බෝඩ් එක ඉස්සරහා වාඩි වෙලා හිටියේ හරිම පිළිවෙළට. තද නිල් පාට ටයි එක, අලුත්ම සුදු ෂර්ට් එක, පීරපු කොණ්ඩේ... බැලූ බැල්මටම "Perfect Candidate" කෙනෙක්. එයාගේ ෆයිල් එක ඇතුළේ තිබුණේ අවුරුදු හතරක කැපවීම. හොද GPA එකක් හැම සෙමෙස්ටර් එකටම වගේ 'A' සාමාර්ථ.

ඉන්ටර්වීව් එක කරපු සීනියර් ඉංජිනියර් මහේලගේ CV එක පැත්තකින් තිබ්බා. ඊටපස්සේ මහේලගේ ඇස් දෙක දෙස කෙළින්ම බලලා මෙහෙම ඇහුවා:

"මහෙල, ඔයාගේ GPA එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක නියමයි. මට පෙන්නන්න ඔයා කැම්පස් එකේ Assignment එකකට නැතුව, ඔයාගේම උනන්දුවට බිල්ඩ් කරපු, ඇත්තටම වැඩ කරන එක 'Project' එකක්."

මහෙලගේ හුස්ම ටිකකට නතර වුණා.

එයාගේ ලැප්ටොප් එක ඇතුළේ දහස් ගණන් නෝට්ස් තිබුණා. ඒත් ඇත්ත ලෝකයේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට එයා හදපු එකම එක සිස්ටම් එකක්වත්, එකම එක ප්‍රොජෙක්ට් එකක්වත් තිබුණේ නැහැ.

ඉන්ටර්වීව් එක ඉවර වෙලා එළියට එද්දී හවස් වෙලා. හුළඟට ටයි එක බුරුල් කරපු සඳුන් තමන්ටම මෙහෙම කියාගත්තා:

"මම අවුරුදු හතරක් තිස්සේ හැම දෙයක්ම දැනගෙන හිටියා. ඒත් ඒ එකක්වත් තියරි වලින් එළියට ඇවිත් රියල් ලෝකයේ දෙයක් වෙලා තිබුණේ නෑ."

අපි හැමෝම අතර තියෙන ඒ "Gap" එක
අද ඉංජිනේරු ලෝකය ඉල්ලන්නේ "පේපර්ස්" නෙවෙයි. ඒ අයට ඕනේ ප්‍රශ්නයක් දැක්කම ඒක විසඳන්න පුළුවන් ප්‍රායෝගික මිනිස්සුන්ව.

ඔයා මොන තරම් පොතේ වැඩ්ක් වුණත්, ඇත්ත වැඩබිමකදී (Industry එකේදී) දක්ෂයා වෙන්නේ තමන්ගේ අතින් දෙයක් කරලා පලපුරුද්ද තියෙන කෙනා. ඒක සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මැකැනිකල් ඩිසයින් එකක් වෙන්න පුළුවන්.

වෙනස තියෙන්නේ මෙතැනයි:
ඉන්ටර්වීව් එකකට යන දෙන්නෙක් ඉන්නවා:

මහේල වගේ අය: පේපර්ස් ක්ලීන්, ඒත් අතේ කිසිම රියල් ප්‍රොජෙක්ට් එකක් නැහැ. ඉන්ටර්වීව් එකේදී ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්, ඒත් "කරලා පෙන්නන්න" දෙයක් නැහැ.

වැඩේ දන්න කෙනා: සමහර විට GPA එක අඩු වෙන්න ඇති. හැබැයි එයාගේ ලැප්ටොප් එක ඇතුළේ එයා හදපු වැඩ කරන ප්‍රොජෙක්ට් පහක් හයක් තියෙනවා. එයාට තියෙන්නේ ලකුණු නෙවෙයි, Portfolio එකක්.

දැන් නිහඬවම තෝරාගන්නේ අර දෙවෙනි වර්ගයේ කෙනාව. මොකද රියල් ඉංජිනියරින් පටන් ගන්නේ විභාග ශාලාවෙන් නෙවෙයි, වැඩ කරන තැනින්.

අද ප්‍රශ්නය මේක නෙවෙයි:
"ඔයා කොච්චර ලකුණු ගත්තද?"

ඇත්තම ප්‍රශ්නය:
"ඔයාට තනියම දෙයක් බිල්ඩ් කරන්න පුළුවන්ද?"

මොකද දවසක ජොබ් එකකට ගියාම ඔයාගේ සහතිකේ ලකුණු ටිකට වඩා ඔයා හිතලා කරන වැඩේ වටිනවා. ලකුණු විතරක්ම පස්සේ දුවන එක නවත්තලා, අදම මොකක් හරි රියල් දෙයක් බිල්ඩ් කරන්න පටන් ගන්න. ඒක තමයි ඔයාගේ ඇත්තම පවර් එක.

සහතික කියන්නේ ලෝකයට ඇතුල් වෙන්න තියෙන ටිකට් එකක් විතරයි. හැබැයි ඒ ලෝකයේ රැඳී ඉන්න නම් ඔයා ගාව "වැඩ" තියෙන්නම ඕනේ.

AI කියන්නේ දක්ෂතාවයට තියෙන තර්ජනයක්ද? නැත්නම් සුපිරි බලයක්ද? 🚀"AI ආවම Developers ලා, Designers ලා සහ Marketers ලා ඉවරයි"...
13/05/2026

AI කියන්නේ දක්ෂතාවයට තියෙන තර්ජනයක්ද? නැත්නම් සුපිරි බලයක්ද? 🚀

"AI ආවම Developers ලා, Designers ලා සහ Marketers ලා ඉවරයි" කියලා අද හැමතැනම කතාවක් යනවා. හැබැයි ඇත්තම තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්.

AI වලින් ඇත්තටම රිප්ලේස් වෙන්නේ දක්ෂ මිනිස්සු නෙවෙයි. AI වලින් අභියෝගයක් වෙන්නේ තමන්ගේ එකම වටිනාකම "වැඩේ කරලා දෙන එක" (Ex*****on) විතරක් වෙච්ච අයටයි.

අද මාර්කට් එකේ ඉස්සර වගේ "ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද?" කියලා අහන කාලය වේගයෙන් අවසන් වෙමින් පවතිනවා. දැන් ක්ෂේත්‍රය බලාපොරොත්තු වෙන්නේ "ඔයාට මේ ප්‍රශ්නය ගැඹුරින් තේරුම් අරන්, AI එක නිවැරදිව මෙහෙයවලා හොඳම අවුට්පුට් එක ගන්න පුළුවන්ද?" කියන කාරණයයි.

දත්ත වලට අනුව 2026 වෙද්දී ලෝකයේ නිෂ්පාදනය වන කෝඩ් වලින් 50%ක්ම වගේ නිර්මාණය වෙන්නේ AI ආධාරයෙන්. ඉතින් "කෝඩ් එකක් ලියන්න පුළුවන්" කියන එක විතරක් තවදුරටත් සුවිශේෂී දක්ෂතාවයක් නෙවෙයි.

දැන් වටිනාකම තියෙන්නේ මෙන්න මේ දේවල් වලටයි:

Strategy & Logic: ප්‍රශ්නයක් විසඳන්න ප්ලෑන් එකක් හදන එක.

Taste & Curation: AI එක නිර්මාණ 1,000ක් දුන්නත්, ඒකෙන් "හරිම" එක තෝරාගැනීමේ රසඥතාවය.

Trust: මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගැනීමේ හැකියාව.

ලංකාවේ අපි මෙච්චර කල් වැඩිපුරම කළේ පිටරටවලට අපේ "කාලය" විකුණපු එක. හැබැයි පැය ගණනට වැඩ කරන එක දැන් ගොඩක් අවදානම් සහගතයි. මොකද මැෂින් එකක් පැය 24ම නොමිලේ වැඩ කරනවා.

ඉතින් දැන්වත් අපි "වැඩ කරන කෙනෙක්" වෙන එක නවත්තලා "Builder" කෙනෙක් වෙන්න ඕනේ. කෝඩ් එකේ syntax විතරක් නෙවෙයි, සිස්ටම් එකක් හදන විදිහ සහ ස්ට්‍රැටජි එකක් හදන විදිහ ඉගෙනගන්න ඕනේ.

මතක තියාගන්න, AI කියන්නේ අපව අයින් කරන දෙයක් නෙවෙයි, අපේ වැඩේට සුපිරි වේගයක් දෙන ටූල් එකක්. වැදගත් වෙන්නේ ඒක පාවිච්චි කරන ඔබේ "නිර්මාණශීලී මොළයයි."

ඔයාලා මොකද හිතන්නේ? AI නිසා අපේ ක්ෂේත්‍රයේ "Value" එක තියෙන්නේ කොතනද?

ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යමු. 👇

Let’s Learn Programming! දවස් 4න් හොදම ටික ඉගෙන ගමු. 🚀🗓️Date: 7th February 2024⏰Time: 9pm 🚀Duration: 4 DAYSRegistration:...
01/02/2024

Let’s Learn Programming!
දවස් 4න් හොදම ටික ඉගෙන ගමු. 🚀

🗓️Date: 7th February 2024
⏰Time: 9pm
🚀Duration: 4 DAYS
Registration: https://forms.gle/vGez1oSocVJ45SGS9

Address

Mirigama

Telephone

+94770079697

Website

Alerts

Be the first to know and let us send you an email when Olympford Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share