Past Pupils Association - D.S. Senanayake Central College, Mirigama

Past Pupils Association - D.S. Senanayake Central College, Mirigama Connecting past pupils of D.S.

Senanayake Central College, Mirigama, to celebrate shared memories, foster lifelong friendships, and support the alma mater’s continued success.

28/09/2026
26/08/2026
ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ මල්ලවපොර පුහුණුකරු සමීර රණසිංහ මහතාට, විදුහල්පතිතුමියට, ආචාර්ය මණ්ඩලයට, ක්‍රීඩක ක්...
15/06/2026

ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ මල්ලවපොර පුහුණුකරු සමීර රණසිංහ මහතාට, විදුහල්පතිතුමියට, ආචාර්ය මණ්ඩලයට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ දෙමව්පියන්ට ආදී ශිෂ්‍ය සංගමයේ හෘදයාංගම සුබ පැතුම්! 💐💐💐

මෙවැනි ජයග්‍රහණයන් මගින් අපගේ පාසල තවදුරටත් බබළවීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. 👏👏👏✨/

සමස්ත ලංකා පාසල් නවක මල්ලවපොර තරගාවලියේ 🤼‍♂️🏆🥇

▪️ රන් පදක්කම් 9ක් 🥇
▪️ සමස්ත බාලක අංශයේ ශූරතාවය 🏆
▪️ සමස්ත බාලිකා අංශයේ ශූරතාවය 🏆

දිනා ගැනීමට ඩී.එස්. සේනානායකයින් සමත් විය. ❤️🔥

මෙම විශිෂ්ට ජයග්‍රහණයේ නියමුවරයා වූ ප්‍රධාන පුහුණුකරු සමීප රණසිංහ Sameera Ranasingha මහතා ඇතුළු ක්‍රිඩා අංශයටත්, ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම කළ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාගේ කැපවීම අගය කරන අතර,

ජයග්‍රහණය කළ අපගේ ආදරණීය ඩී.එස්. සේනානායකයින්ට විද්‍යාලයීය මාධ්‍ය සමාජයේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු...! 💐❤️🤼‍♀️🙏🏻

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

12/06/2026

🏆මීරිගම කොට්ඨාස ක්‍රීඩා තරගාවලියේ 🏆

🥇මලල ක්‍රීඩා බාලක ශූරතාවය
🥇මලල ක්‍රීඩා බාලිකා ශූරතාවය
🥇සමස්ත මලල ක්‍රීඩා ශූරතාවය
🥇සමස්ත කණ්ඩායම් ක්‍රීඩා ශූරතාවය

දිනා ගැනීමට සමත් වූ අපගේ ආදරණීය ඩී.එස්.සේනානායකයිනි, ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම්...! ❤️🏆

මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස ඔබට ශක්තියක්, මඟපෙන්වීමක් සහ ධෛර්යයක් වූ විදුහල්පතිතුමිය ඇතුළු ක්‍රීඩාභාර ආචාර්යතුමියන්ලාටත්, සහය දැක් වූ ආචාර්ය මණ්ඩලයටත්, සුපුන් ඉශාන් පුහුණුකරු, සුරේෂ් කුමාර පුහුණුකරු ඇතුළු සියලු ම පුහුණුකරුවන්ට අපගේ හෘදයංගම සුබ පැතුම් හා ස්තූතිය පුද කරමු.❤️🙏

ඔබ සැමගේ කැපවීම, උත්සාහය සහ එකමුතුකම මෙම අභිමානවත් ජයග්‍රහණයට හේතු විය.

ජයග්‍රහණයේ අභිමානයෙන් ඉදිරියටත් දිදුලන්නට විද්‍යාලයීය මාධ්‍ය සමාජයේ හෘදයංගම පැතුමයි මේ....✨💫

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

fans

අද දින, ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය සමඟ පැවති ආදි ශිෂ්‍ය සංගමයේ පළමු සාකච්ඡාව ඉතා සාර...
19/05/2026

අද දින, ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය සමඟ පැවති ආදි ශිෂ්‍ය සංගමයේ පළමු සාකච්ඡාව ඉතා සාර්ථක අයුරින් පැවැත්වුණු අතර, පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පළමුවෙන්ම, ආදි ශිෂ්‍ය සංගමය විසින් විදුහල්පතිතුමියට උණුසුම් සුභාශිංසන පිරිනමන ලදී. එමෙන්ම, විදුහල්පතිතුමියගේ ඉදිරි වැඩපිළිවෙළට ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය ලබාදීමට සියලු දෙනා එකඟතාවය පළ කළහ.

මෙම අවස්ථාවේ විශේෂත්වය වූයේ ආදි ශිෂ්‍ය සංගමයේ සෑම වසරකම විධායක සභිකයන් නියෝජනය කළ සාමාජිකයින්ගේ සක්‍රීය සහභාගීත්වයයි.

විදුහල්පතිතුමිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් හා යෝජනා කිහිපයක් සඳහා එම අවස්ථාවේදීම ආදි ශිෂ්‍ය සංගමය එකඟතාවය පළ කළ අතර, කඩිනමින් එම වැඩසටහන් ආරම්භ කිරීමට තීරණය කරගන්නා ලදී.

සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන කරුණු පහතින් සඳහන් වේ:

1.සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විදුහල්පතිතුමියගේ සැලසුම්වලට ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහය ලබාදීම.

2.ආචාර්ය මණ්ඩලය සහ දරුවන් සඳහා ඇති ආපන ශාලාව අලුත්වැඩියා කිරීම හා නවීකරණය කිරීම.

3.සනීපාරක්ෂක පහසුකම් හා වැසිකිළි පද්ධති අලුත්වැඩියා කිරීම සහ සංවර්ධනය කිරීම.

4.වසර අවසානයේ පැවැත්වීමට නියමිත ත්‍යාග ප්‍රදානෝත්සවය (prize-giving) සඳහා සම්පූර්ණ සහය ලබාදීම.

5.ජල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

6.ඉදිරියේදී පැවැත්වීමට නියමිත Big Match වැඩසටහන සඳහා සහය ලබාදීම.

පාසලේ ඉදිරි සියලු සංවර්ධන වැඩසටහන් සඳහා වර්තමාන විදුහල්පතිතුමියට ශක්තියක් වෙමින්, පාසලේ උන්නතිය වෙනුවෙන් අඛණ්ඩ සහයෝගය ලබාදීමට ආදි ශිෂ්‍ය සංගමය නිරන්තරයෙන් කැපවී සිටින බවද මෙහිදී ප්‍රකාශ කරන ලදී

මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිට තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලට මාරුවීම් ලබා යන වර්තමාන විදුහල්පති ගරු උදාර කරුණා...
26/04/2026

මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිට තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලට මාරුවීම් ලබා යන වර්තමාන විදුහල්පති ගරු උදාර කරුණාතිලක මහතාගේ 2026.04.25 දින ආදී ශිෂ්‍ය සංගමය සමඟ එක්ව පැවති අවසන් කාරක සභා රැස්වීමට සහභාගී වීම විශේෂ අවස්ථා...

එම අවස්ථාවේදී, වර්තමාන විදුහල්පති ලෙස ඉටු කළ වසර පහකට ආසන්න සේවය අගය කරමින් ආදි ශිෂ්‍ය සංගමය විසින් විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ඔබතුමාගේ සියලු අනාගත කාර්යයන් සාර්ථක වේවායි අප හෘදයාංගම සුභ පැතුම් එක් කරමු.

ආදි ශිෂ්‍ය සංගමය
ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය,
මීරිගම

🥅අභිමානවත් ජාතික ජයග්‍රහණයක්! ⚽D.S. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ අපගේ දක්ෂ ක්‍රීඩිකාවක් වන හර්ෂානි රූපසිංහ දියණිය, ශ්‍ර...
10/04/2026

🥅අභිමානවත් ජාතික ජයග්‍රහණයක්! ⚽

D.S. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ අපගේ දක්ෂ ක්‍රීඩිකාවක් වන හර්ෂානි රූපසිංහ දියණිය, ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ (Sri Lanka Women’s National Team) preliminary squad එකට තේරී පත් වීම අප සියලු දෙනාටම මහත් ගෞරවයක් හා සතුටක් වේ. 🌟

මෙම තේරීම, ඉන්දියාවේ ගෝවාහි පැවැත්වෙන SAFF Women’s Championship 2026 තරගාවලිය සඳහා වන ජාතික කණ්ඩායමට යාමට ඇති විශාල පියවරක් වන අතර, අපගේ විදුහලට කීර්තියක් ගෙන එන අගනා අවස්ථාවකි.

💚💛අපේ විදුහලට කීර්තියක් ලබාදීමට සමත් වූ හර්ෂානි දියණියට
💚💛පාපන්දු පුහුණුකරු කන්නන්ගර මහතාට

D.S. ආදි ශිෂ්‍ය සංගමය ලෙස අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරමු! 💐💐

ඔබගේ කැපවීම, උත්සාහය සහ මගපෙන්වීම මගින් ,මෙම ජාතික මට්ටමේ ජයක්ග්‍රහණ ලැබී ඇති අතර, ඉදිරියටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් ජයග්‍රහණ රැසක් ලබාගන්නා ලෙස අප හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු. 🌟

🎉 අභිමානවත් ජයග්‍රහණයක්! 🎉2026 ආසියානු තේරීම් මල්ලවපොර තරගාවලියේදී🥇 රන් පදක්කම් 4ක්🥈 රිදී පදක්කම් 3ක්දිනා ගනිමින් D.S. ස...
10/04/2026

🎉 අභිමානවත් ජයග්‍රහණයක්! 🎉

2026 ආසියානු තේරීම් මල්ලවපොර තරගාවලියේදී
🥇 රන් පදක්කම් 4ක්
🥈 රිදී පදක්කම් 3ක්

දිනා ගනිමින් D.S. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය අපගේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ හෘදයාංගම සුභ පැතුම්! 👏

එමෙන්ම, ලබන මස තායිලන්තය හා වියට්නාමයේ පැවැත්වෙන ආසියානු මල්ලවපොර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ:
🇱🇰 BST විජේවර්ධන
🇱🇰 BCD විජේවර්ධන
🇱🇰 KDS අශිනිකා
🇱🇰 CDS මෙන්ඩිස්

ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌟

මෙම විශිෂ්ට ජයග්‍රහණ සඳහා මඟපෙන්වූ පුහුණුකරු සමීර මහතාටද අපගේ ගෞරවය හා කෘතඥතාවය පළ කරමු.

💚💛 D.S. ආදි ශිෂ්‍ය සංගමය ලෙස, ඔබ සැමට ඉදිරියටත් ජයග්‍රහණ රැසක් හිමිවේවායි හදවතින් ප්‍රාර්ථනා කරමු! 💚💛

🏏 Battle of the Greens – Annual Big Match 🏏ආදී ශිෂ්‍ය සංගමය මගින්, දෙදින ක්‍රිකට් තරගාවලිය අතරතුර “Battle of the Greens”...
04/04/2026

🏏 Battle of the Greens – Annual Big Match 🏏

ආදී ශිෂ්‍ය සංගමය මගින්, දෙදින ක්‍රිකට් තරගාවලිය අතරතුර “Battle of the Greens” වාර්ෂික Big Match තරගය සදහා Rs. 150,000/- ක මුදල්මය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

පාසලේ ක්‍රීඩා සංවර්ධනයට සහය දක්වමින්, අපගේ අඛණ්ඩ සහයෝගය ඉදිරියට 💚💛💚💛💚💛💚💛

Address

Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Association - D.S. Senanayake Central College, Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share