27/09/2026
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන රජයේ ශිෂ්‍ය හෙද නිලධාරීන්ගේ අවසන් විභාගය සාර්ථකව සමත් වූ කඳාන හෙද විද්‍යාලයේ ශිෂ්‍යාවක වන, ජනාධිපති විද්‍යාලයේ 2018 කණ්ඩායමේ ජීව විද්‍යා අංශයේ අධ්‍යාපනය ලැබූ මධුෂා ප්‍රසාදි සොයුරියට අපගේ හෘදයාංගම සුභ පැතුම්! ❤️
ඔබගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස අත්කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය, ඔබගේ අනාගත වෘත්තීය දිවියට ශක්තිමත් පදනමක් වේවා!
ජීවිත රැකගනිමින්, රෝගීන්ගේ වේදනාවන් නිවාලමින්, මානව සේවයට කැපවීමට ලැබෙන මෙම උතුම් වෘත්තීය මාවතේ තව තවත් ජයග්‍රහණ හා සාර්ථකත්වයන් අත්කර ගැනීමට ඔබට හැකි වේවා.