29/09/2026
♟️ Teacher, Instructor, Trainer සහ Coach කියන්නේ එකම දේ නෙවෙයි
චෙස් ලෝකයේ වගේම අධ්‍යාපන ලෝකයේත් Teacher, Instructor, Trainer සහ Coach කියන වචන හතරම බොහෝ දෙනෙක් එකම තේරුමෙන් භාවිතා කරනවා.
හැබැයි ඇත්තටම මේ භූමිකා හතරටම වෙන වෙනම පැවරුණු වගකීම් සහ අරමුණු තියෙනවා.
දරුවෙක් හොඳ චෙස් ක්‍රීඩකයෙක් වෙන්නත්, හොඳ පෞර්ෂයක් ඇති දරුවෙක් වෙන්නත් මේ භූමිකා හතරම අවශ්‍යයි.
📚 Teacher – දැනුම ලබාදෙන කෙනා
Teacher කෙනෙකුගේ වැඩේ තමයි දරුවාට අලුත් දේවල් උගන්වන එක.
උදාහරණයක් විදිහට:
• ඉත්තන් ගමන් කරන්නේ කොහොමද?
• Checkmate කියන්නේ මොකක්ද?
• Opening එකේ Centre Control කරන්න ඕනේ ඇයි?
• Fork, Pin, Skewer කියන්නේ මොනවාද?
• Strategy කියන්නේ මොනවද?
Teacher කෙනෙක් දරුවාගේ මනසට අලුත් දැනුම ඇතුල් කරනවා.
සරලව කිව්වොත් Teacher කියන්නේ,
“මම ඔයාට මේක කියලා දෙන්නම්.” කියන කෙනා.
👨🏫 Instructor – ඉගෙනීමේ පාර හදන කෙනා
දැනුම තිබුණා කියලා විතරක් මදි.
මොන දේද මුළින් ඉගෙන ගන්න ඕන?
ඊළඟට මොනවද?
මොන Level එකට ගියාමද මොනවද ඉගෙන ගන්න ඕනේ?
මේ වෙලාවේ ඉගෙන ගන්න ඕන නැත්තේ මොනවද?
මේවා තීරණය කරන්නේ Instructor කෙනෙක්.
උදාහරණයක් විදිහට,
මූලික මට්ටමේ දරුවෙකුට London system එක උගන්වන එකෙන් වැඩක් නැහැ.
එයා මුලින්ම Basic Checkmate Patterns ඉගෙන ගන්න ඕනේ.
Instructor කෙනෙක් කියන්නේ,
“ඔයාට දියුණු වෙන්න ඕන පාර මෙන්න මේකයි.” කියන කෙනා.
⚡ Trainer – පුහුණු කරන කෙනා
අපි හැමෝම දන්නවා.
Swimming ගැන පොතක් කියවලා Swimming pool එකට බැහැලා පීනලා Champion කෙනෙක් වෙන්න බෑ.
සරළ උදාහරණයක් විදිහට චෙස් කියන්නේ මොකක්ද කියලා දැනගෙන විතරක් Chess Tournament දිනන්නත් බෑ.
ඒකට පුහුණුව අවශ්‍යයි.
Trainer කෙනෙක්,
• Puzzles දෙන්න පුළුවන්
• Practice Games දෙයි
• Endgame Drills දෙයි
• Homework දෙයි
• Repetition Training කරවයි
• Calculation training කරවයි
Trainer කෙනෙක් කියන්නේ,
“දැන් අපි මේක Practice කරමු.” කියන කෙනා.
🏆 Coach – ප්‍රතිඵල හදන කෙනා
Coach කෙනෙකුගේ වැඩේ දැනුම හෝ පුහුණුව ලබාදෙන එක විතරක් නෙවෙයි.
එයා බලන්නේ,
• ඇයි මේ දරුවා Tournament එකේ පරාද වෙන්නේ?
• ඇයි Time Trouble වලට වැටෙන්නේ?
• ඇයි Winning Position එක Draw වෙන්නේ?
• ඇයි mood එක fix කරගන්නේ නැත්තේ?
• තනිවම කරන්න තියෙන වැඩ කරන්නේ නැත්තේ ඇයි?
• ගෙදරින් බාදා තියෙනවාද?
• Stress වැඩීද?
• Emotional ප්‍රශ්ණයක්ද?
• කෑම වල ගැටළුවක්ද?
• නින්දේ ගැටළුවක්ද?
• කියලා දුන්න දේවල් මගහැරෙන්නේ ඇයි?
මේ වගේ ගොඩක් දේවල්.
Coach කෙනෙක්,
• Games Analyse කරනවා
• Weaknesses හොයාගන්නවා
• Targets දෙනවා
• Motivation ලබාදෙනවා
• Tournament Preparation කරනවා
• නිසි ආහාර සැලසුම් හදනවා
• පුහුණුවීම් සැලසුම් හදනවා, update කරනවා
• මනස සන්සුන් කරන්න ක්‍රම හදනවා.
• බාහිර ගැටළු වලින් ආරක්ෂා කරනවා.
Coach කියන්නේ,
“දැන් අපි එකතුවෙලා ජයග්‍රහණය කරමු.” කියන කෙනා.
♟️ CAISSA Chess Academy එකේ අපි මේ හතරම භාවිතා කරන්නේ කොහොමද?
අපේ අරමුණ chess ක්‍රීඩාව ඉගැන්වීම විතරක් නෙමේ.
අපිට ඕනේ දරුවෙක් සම්පූර්ණ ක්‍රීඩකයෙක් සහ හොඳ පුද්ගලයෙක් බවට පත් කරන්න.
ඒ නිසා අපේ System එක Teacher, Instructor, Trainer සහ Coach කියන කොටස් හතරම එකතු කරලා හදලා තියෙන්නේ.
📚 Teacher කෙනෙක් විදිහට
අපි Concepts උගන්වනවා.
Opening Principles, Tactics, Strategy, Endgames වගේ දේවල් දරුවන්ට තේරෙන විදිහට ඉගැන්වෙනවා.
👨🏫 Instructor කෙනෙක් විදිහට
අපිට Curriculum එකක් තියෙනවා.
Beginner Class එකේ ඉගෙන ගන්න දේවල් වෙනස්.
Group D එකේ වෙනස්.
Group C, B සහ A වල වෙනස්. Elite Group වල ඉගැන්වෙන දේවල් පුහුණුවීම් කරන දේවල් වෙනස්.
එක Level එකෙන් තවත් Level එකකට යන්න අවශ්‍ය Learning Path එක අපි හරියටම Design කරනවා.
⚡ Trainer විදිහට
Class එක ඉවර වුණාම ඉගෙනීම ඉවර වෙන්නේ නැහැ.
අපි දරුවන්ට,
• Puzzle Targets
• Homework
• Practice Games
• Opening Practice
• Endgame Training
වගේ Activities ලබාදෙනවා. caissachess.org හි LMS එක මගින් puzzle race මගින් දරුවන්ගේ පුහුණුවීම් ආසාවෙන් කරන්න ක්‍රම හදලා දෙනවා. එතකොට ආසාවෙන් වැඩ කරන දරුවෙක් බිහිවෙනවා.
එතකොට Class එකේ ඉගෙනගත්ත දේ Skill එකක් බවට පත්වෙනවා.
🏆 Coach කෙනෙක් විදිහට අපි
අපි Tournament Results බලනවා.
Games Analyse කරනවා.
දරුවාගේ Weaknesses හොයාගන්නවා.
Personal Improvement Plans හදනවා. මේක නම් පොඩ්ඩක් වත් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අපි කරනවා.
ඊළඟ Tournament එකේ හොඳ Result එකක් ගන්න Support කරනවා.
🌱 මේකෙන් හදෙන්නේ Chess Player කෙනෙක් විතරක්ද?
නැහැ.
ඇත්තටම අපේ ලොකුම අරමුණ Chess Player කෙනෙක් හදන එක විතරක්ම නෙවෙයි.
අපිට ඕනේ හොඳ Character එකක් තියෙන දරුවෙක් හදන්න.
චෙස් හරහා දරුවෙක් ඉගෙන ගන්නවා:
✅ හිතලා තීරණ ගන්න
✅ පරාජය පිළිගන්න
✅ ඉවසීම
✅ වගකීම
✅ Discipline
✅ Focus
✅ Problem Solving
✅ Self Confidence
Tournament එකක් පරාද වුණාම දරුවා නැවත නැගිටින්න ඉගෙන ගන්නවා.මොකද පරාද වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. වැටුනොත් නැගිටින්නම ඕන. අපි අත දෙන්නත් ඕන.
අමාරු Position එකක් දැක්කම කලබල නොවී විසඳුමක් හොයන්න ඉගෙන ගන්නවා.
Winning Position එකක් තිබුණත් අවධානය අහිමි නොකර ඉන්න ඉගෙන ගන්නවා.
මේ Skills චෙස් පුවරුවට විතරක් නෙවෙයි.
පාසලටත්,
විභාගවලටත්,
රැකියාවටත්,
ජීවිතයටත් උදව් වෙනවා.
❤️ CAISSA Philosophy
අපේ විශ්වාසය සරලයි.
📚 Teacher දැනුම ලබාදෙනවා.
👨🏫 Instructor නිවැරදි මාර්ගය පෙන්වනවා.
⚡ Trainer දක්ෂතාවය ගොඩනගනවා.
🏆 Coach ජයග්‍රහණය කරා රැගෙන යනවා.
මේ හතරම එකට එකතු වුණාම දක්ෂ චෙස් ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි,
හිතන, තීරණ ගන්න, වගකීම දරන, අභියෝග ජයගන්න පුළුවන් හොඳ පුද්ගලයෙක් නිර්මාණය වෙනවා.
ඒක තමයි CAISSA Chess Academy හි සැබෑ අරමුණ.
Surath Wijerathne
Caissa Chess Academy