Rajarata SSU

Rajarata SSU නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන්
සමාජවාදය තෙක් පෙරට....

SSU ආදි විද්‍යාර්ථී වැඩමුළුව සහ සුහද හමුව
24/01/2024

SSU ආදි විද්‍යාර්ථී වැඩමුළුව සහ සුහද හමුව

අයිතීන් වෙනුවෙන් සටන්කළ අරගලකරුවන්ට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලාදකිමු..!අත්අඩංගුවට ගත් සියලුදෙනා වහා නිදහස් කරනු..!සමාජව...
24/09/2022

අයිතීන් වෙනුවෙන් සටන්කළ අරගලකරුවන්ට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලාදකිමු..!
අත්අඩංගුවට ගත් සියලුදෙනා වහා නිදහස් කරනු..!

සමාජවාදී ශිෂ්‍ය සංගමය

2022/08/22මාධ්‍ය නිවේදනයයි.පසුගිය කාලය පුරාම රනිල් - රාජපක්ෂ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය යොද...
22/08/2022

2022/08/22

මාධ්‍ය නිවේදනයයි.

පසුගිය කාලය පුරාම රනිල් - රාජපක්ෂ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය යොදාගනිමින් අරගලයේ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගෙනගිය මර්දනයට එරෙහිව අද දින (22) කොම්පඤ්ඤවීදිය පොලීසිය ඉදිරිපිට සාමකාමී නිහඬ විරෝධතාවයක් පැවැත්වුණි. එම විරෝධතාව අවසන් වී ආපසු යමින් සිටියදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය සහෝදරයාව කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

මෑත කාලය පුරා ජනතාව පීඩාවට පත් කරමින්, රටේ ආර්ථිකය බිඳවට්ටමින්, ජනතාව සාගතයට ඇද දැමූ දුර්ධාන්ත පාලනයට එරෙහිව සිදුකළ ජනතා සටනේ රංගන දේවප්‍රිය සහෝදරයා පෙරමුණ ගෙන කටයුතු කළේය. ජනතාව පීඩාවට පත් වනවිට එයට එරෙහිව නැගී සිටීමට ඕනෑම ප්‍රගතිශීලී පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඇති අයිතිය ලෝක ධර්මතාවක් ලෙස අපි සලකමු. මහ බැංකුව කොල්ලකෑවුන්, රටේ ජනතා මුදල් කාබාසිනියා කළවුන් පාලනයේ යෙහෙන් වැජඹෙන විට පොලිසිය දඩයම් කරන්නේ ජනතාව වෙනුවෙන් පෙනීසිටි අරගලයේ ක්‍රියාකාරීන්වය.

මේ වනවිට ශිෂ්‍ය ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත්කර තිබේ. එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත දින 90 ක් සිරගත කොට තිබේ. වියරු වැටී ඇති රනිල් - රාජපක්ෂ ආණ්ඩුව ජනතා අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීමත්, නව ලිබරල් ප්‍රතිපත්ති මත සිට බදු වැඩිකිරීම, භාණ්ඩ මිල ඉහළ දැමීම හා ජාතික සම්පත් විකිණීම වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාකාරකම් සිදු කිරීමත් අරමුණු කරගෙන තිබේ. මෙම උත්සාහය පරාජය කළ යුතුය. එබැවින් ප්‍රගතිශීලී ජනතාව මෙම අත්තනෝමතිකත්වයට එරෙහිව පෙරට පැමිණිය යුතුව තිබේ.

අත්අඩංගුවට ගත් රංගන දේවප්‍රිය, වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත ඇතුළු අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු.!

මර්දනය නවතනු.!

රනිල් - රාජපක්ෂ ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු.!

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුව වෙනුවෙන්,
ජීවන හරිස්චන්ද්‍ර
ජාත්‍යන්තර කටයුතු ලේකම්
සමාජවාදී ශිෂ්‍ය සංගමය
071 387 8393

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ (SSU) ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය සහෝදරයා මර්දනයට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉද...
22/08/2022

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ (SSU) ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය සහෝදරයා මර්දනයට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට තිබුණ සාමකාමී නිහඬ විරෝධතාවයක් අවසන් වීමෙන් පසු කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා

අත්අඩංගුවටගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු!
23/06/2022

අත්අඩංගුවටගත් සියලු අරගලකරුවන්
වහා නිදහස් කරනු!

දෙසට පණ දුන් පහන රැක ගනු පිණිස නොසැලී තැබූ අඩියඅතට ගෙන අත් නොහැර ළෙලවූ දිනා එන අරගලේ කොඩියහිසට නොදෙවැනි හදේ ප්‍රේමය පුරා...
20/06/2022

දෙසට පණ දුන් පහන රැක ගනු පිණිස නොසැලී තැබූ අඩිය
අතට ගෙන අත් නොහැර ළෙලවූ දිනා එන අරගලේ කොඩිය
හිසට නොදෙවැනි හදේ ප්‍රේමය පුරා අන් කවරෙකුට වැඩිය
පසට යට කළ සොයුර නුඹ හදවතේ ඇත නංවමින් එඩිය

20/06/2022
ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!ජාතික ශිෂ්‍ය වීර දිනය - ජුනි 20- සමරුව - සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී...-...
20/06/2022

ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!
ජාතික ශිෂ්‍ය වීර දිනය - ජුනි 20

- සමරුව -
සවස 3.30 ට
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී...

- සමරු දේශණ -

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික - සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක - රංගන දේවප්‍රිය සහෝදරයා

- සමාජවාදී ශිෂ්‍ය සංගමය -

ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!ජාතික ශිෂ්‍ය වීර දිනයජුනි 20
09/06/2022

ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!

ජාතික ශිෂ්‍ය වීර දිනය
ජුනි 20

20/04/2022
09/07/2021

කොතලාවල පනත හකුලාගනු..!
උද්ගෝෂණය - ජූලි 05

අධ්‍යාපනයේ අයිතිය වනසන, මිලිටරීකරණයට පාර කපන කොතලාවල පනත වහා හකුලා ගනු..!සමාජවාදී ශීෂ්‍ය සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එ...
06/07/2021

අධ්‍යාපනයේ අයිතිය වනසන, මිලිටරීකරණයට පාර කපන කොතලාවල පනත වහා හකුලා ගනු..!

සමාජවාදී ශීෂ්‍ය සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එක්ව, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 2021.07.05 දින පවත්වන ලද උද්ඝෝෂණය.

Address

Rajarata University Of Sri Lanka
Mihintale

Alerts

Be the first to know and let us send you an email when Rajarata SSU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rajarata SSU:

Shortcuts

Share