Economic Students Association -RUSL

Economic Students Association -RUSL This page gives us more information about economics

මෙවර BMICH පොත් ප්‍රදර්ශනයේ book master අලෙවි කුටියෙන් මිලදීගත හැක.චේ - සටන් සගයන්ගේ ඇසින් තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය...
16/09/2025

මෙවර BMICH පොත් ප්‍රදර්ශනයේ book master අලෙවි කුටියෙන් මිලදීගත හැක.

චේ - සටන් සගයන්ගේ ඇසින්

තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ 'චේ' නම් අසාමාන්‍ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළා හැක්කේ හා විග්‍රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසාය.
චේ ගේ සටන් සගයකු නොවුණද ඔහුගේ පියාගේ කතාව මෙහි ඉදිරිපත් කරනුයේ, චේ ගේ ළමාවිය පිළිබඳව හා යෞවනෝදය පිළිබද සවිස්තරාත්මක චිත්‍රයක් එමගින් අප ඉදිරියේ මතුවන හෙයිනි.

📌 බෙදාහැරීමේ දිනය: සැප්තැම්බර් 10 දින සිට

ඇණවුම් කිරීමට Books master පිටුවට Messenger මගින් ඔබගේ නම සහ ලිපිනය දුරකථන අංකය සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚

නැත්නම් 📞 0760358077 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎️

guevara #සිංහලපොත් #නවකතා .lk

2016/2017 Economics Special batch - Final viva day ♥️
17/11/2022

2016/2017 Economics Special batch - Final viva day ♥️

       0714846856 -  Liyanaarachchi0712149637 -  nawarathnaRs 100 /=
07/09/2020




0714846856 - Liyanaarachchi
0712149637 - nawarathna
Rs 100 /=

හිතුමතේ මුදල් අච්චු ගැසිය හැකිද..? කාසි හා නෝට්‌ටු වශයෙන් අප භාවිතා කරන මුදල් භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීමටත් වෙනත් විවිධ ...
06/05/2020

හිතුමතේ මුදල් අච්චු ගැසිය හැකිද..?

කාසි හා නෝට්‌ටු වශයෙන් අප භාවිතා කරන මුදල් භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීමටත් වෙනත් විවිධ ගෙවීම් පියවීමටත් අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. අතීතයේ දී මිනිසුන් භාණ්‌ඩ හුවමාරු කිරීම තුළින් සිය අවශ්‍යතා ඉටු කරගත් අතර, එහි පැවති දුෂ්කරතා හේතුවෙන් වෙනත් විවිධ ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කිරීමට පුරුදු විය. ලුණු, සිප්පිකටු, විවිධ ලෝහ වර්ග, රත්රන් යනාදිය කලින් කලට මෙසේ භාවිතා වූ ද්‍රව්‍ය විය. එහෙත් ගනුදෙනු ක්‍රමයෙන් වර්ධනය වීමත්, විවිධ වීමත්, මුදල් ලෙස භාවිතා කළ ඇතැම් ද්‍රව්‍යවල හිඟ බව මෙන්ම ඒවා භාවිතයේ දී පවත්නා ප්‍රායෝගික දුෂ්කරතා නිසාත් ක්‍රම ක්‍රමයෙන් වර්තමානයේ භාවිතා කරන කාසි හා නෝට්‌ටු දක්‌වා මුදලේ විකාශනය සිදු විය. ඒ අනුව, වර්තමානයේ ඕනෑම ගනුදෙනුවක්‌ මුදල් භාවිතයෙන් පියවීම ඉතා පහසුවෙන් කළහැකි අතර, මිනිසා සතු භෞතික වත්කම් එනම් ඉඩකඩම්, නිවාස, ගොඩනැඟිලි යනාදියෙහි අගය මුදලින් මැනීමද පහසුවෙන් සිදුකළ හැකිව ඇත. කෙසේ වුවද, මුදල් භාවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ රටක මුදල් කෙරෙහි එම රටේ ජනතාව තුළ පවත්නා විශ්වාසය මතයි. මුදල් පිළිබඳ විශ්වාසය පළුදු වුවහොත් රටක සියලු කටයුතු අඩාල වනු ඇත.

ලෝකයේ රටවල්වලින් බොහොමයක මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ එම රටවල්වල මහ බැංකුවලටයි. ශ්‍රී ලංකාවේද මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මෙම බලය මහ බැංකුවට ලැබී ඇත්තේ 1949 අංක 58 දරණ මුදල් නීති පනතිනි. මෙම පනත අනුව, 1950 අගෝස්‌තු මස ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද අතර, එතැන් පටන් මුදල් අච්චු ගැසීමේ කාර්යය අඛණ්‌ඩව මහ බැංකුව විසින් සිදු කරනු ලබන අතර, මහ බැංකුව පිහිටුවීමට පෙර එය සිදු කරන ලද්දේ ව්‍යවහාර මුදල් මණ්‌ඩලයක්‌ මගිනි. ඉහත සඳහන් කළ පරිදි රටක මහජනයා තුළ මුදල් සඳහා පිළිගැනීමක්‌ ඇතිවන්නේ ඒ පිළිබඳව ඔවුන් තුළ පවත්නා විශ්වාසය මතයි. එය රැඟෙන්නේ මුදල් සඳහා පවත්නා නීතිමය වලංගුභාවය මතයි. ඒ නිසා, නීතියට පටහැනිව මහ බැංකුව නිකුත් කරන මුදල්වලට සමාන පෙනුමක්‌ ඇති ව්‍යාජ නෝට්‌ටු අච්චු ගැසීම සපුරා තහනම් අතර, එය නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.

මහජනයා තුළ මුදල් පිළිබඳ විශ්වාසය පළුදු විය හැකි තවත් අවස්‌ථාවක්‌ වන්නේ යම්කිසි රටක භාණ්‌ඩ හා සේවාවල මිල අඛණ්‌ඩව සීඝ්‍රයෙන් ඉහළ යාම හෙවත් අධික උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇතිවීමයි. එවැනි තත්ත්වයක්‌ තුළ භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීමට විශාල මුදල් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන අතර, මුදල් නිකුත් කිරීමේ බලධාරීන්ට විශාල වශයෙන් නව මුදල් නිකුත් කිරීමට සිදුවේ. උදාහරණයක්‌ ලෙස 1920 - 1923 අතර කාලය තුල ජර්මනියෙහි පැවති අධි උද්ධමනකාරී තත්ත්වය නිසා ජර්මන් මාර්ක්‌ කෙරෙහි මහජනයා තුළ පැවති විශ්වාසය පළුදු විය. ජර්මනියෙහි පාන් රාත්තලක මිල 1920 වසරෙහි මාර්ක්‌ 1 ක්‌ වූ අතර, එය 1923 වන විට මාර්ක්‌ බිලියන 4 ක්‌ දක්‌වා ඉහළ ගියේය. භාණ්‌ඩ මිලදී ගැනීමට වීල් බැරෝවලින් මුදල් ගෙන යැමට මිනිසුන්ට සිදුවිය. මුදල් පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වී ගිය බැවින් ව්‍යාපාරික ආයතන මෙන්ම බැංකුද කඩා වැටීම සිදු වූ අතර, මහජනයා නැවතත් භාණ්‌ඩ හුවමාරු කර ගැනීම හෙවත් බාටර් ක්‍රමය වෙත යොමු විය. එමෙන්ම කිසිම අගයක්‌ නොමැති වූ බැවින් මුදල් තොග වශයෙන් විනාශ කර දැමීමට ජර්මන් බලධාරීන්ට සිදුවිය. එමනිසා රටක මහ බැංකුවකට තිබෙන ප්‍රධානතම වගකීම වනුයේ මුදල් ප්‍රතිපත්තිය නිසි පරිදි හසුරවමින් රට තුළ භාණ්‌ඩ හා සේවා මිල මට්‌ටම ස්‌ථායීව පවත්වා ගැනීමට කටයුතු කිරීමයි.

සාමාන්‍යයෙන් රටක මහ බැංකුවක්‌ මුදල් අච්චු ගැසීම සිදු කළ යුත්තේ රට තුළ සිදුවන සමස්‌ත ගනුදෙනු සිදු කිරීමට ප්‍රමාණවත් මට්‌ටමකින් පමණකි. රටක ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික කටයුතු වර්ධනය වන විට එම කටයුතු පහසු කරලීමට එයට සමානව මුදල් සැපයුමේ ද වර්ධනයක්‌ සිදු විය යුතුය. ඒ නිසා, සාමාන්‍යයෙන් යම්කිසි වර්ෂයක්‌ තුළ ආර්ථිකයක සිදුවිය හැකි වර්ධනය (නාමික වශයෙන්) පිළිබඳව ඇස්‌තමේන්තු සකස්‌ කර, ඒ අනුව, රට තුළ ඇතිවන ගනුදෙනු සිදු කිරීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක්‌ පමණක්‌ අලුතින් නිකුත් කිරීම සිදු කළ යුතුවේ. ගනුදෙනු සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් අච්චු ගසා ආර්ථිකයට මුදා හැරියහොත් එය රට තුළ භාණ්‌ඩ හා සේවාවල මිල මට්‌ටම ඉහළ යැමටත් ඒ අනුව උද්ධමන පීඩනයක්‌ ඇති වීමටත් හේතු වෙයි. එමනිසා මහ බැංකුවකට තිබෙන ප්‍රධානතම වගකීමක්‌ වන්නේ රට තුළ උද්ධමන පීඩනයක්‌ ඇති නොවන ආකාරයට රටේ සමස්‌ත මුදල් තොගය (මුදල් සැපයුම) පවත්වාගෙන යැමයි. ශ්‍රී ලංකා මහ බැංකුව ද සෑම වර්ෂයක්‌ ආරම්භයේදීම එම වර්ෂය තුළ දී අලුතින් එකතුවන ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ ඇස්‌තමේන්තු සකස්‌ කර ඊට සමාන අලුත් මුදල් ප්‍රමාණයක්‌ ආර්ථිකයට මුදා හැරීම සිදු කරයි.

වර්තමානයේ විවිධ මාධ්‍ය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම පිළිබඳව විවිධ අදහස්‌ පළ වෙමින් පවතී. මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ සංචිත මුදල් ලෙසයි. මේ ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් හෙවත් සංචිත මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමයි.

භාණ්‌ඩ හා සේවා අපනයනය, විදේශීය ආයෝජන සහ පෞද්ගලික අංශයට විදේශීය වශයෙන් ලැබෙන විවිධ ලැබීම් යනාදිය තුළින් රටට විදේශ විනිමය ලැබේ. මෙම විදේශ විනිමය සාමාන්‍යයෙන් වාණිජ බැංකු හරහා ලැබේ. භාණ්‌ඩ හා සේවා ආනයනය සඳහා සහ විදේශයන්ට කරනු ලබන වෙනත් විවිධ ගෙවීම් සිදු කළ පසු යම් විදේශ විනිමය අතිරික්‌තයක්‌ වේ නම් වාණිජ බැංකු විසින් එය මහ බැංකුවට විකුණනු ලැබේ. එමෙන්ම රජයට ලැබෙන විදේශීය ණය භාණ්‌ඩමය ස්‌වරූපයෙන් සහ යම් ප්‍රමාණයක්‌ විදේශීය මුදල් වශයෙන් ලැබේ. දේශීය ආර්ථිකය තුළ අවශ්‍ය ගෙවීම් කිරීම සඳහා විදේශීය මුදලින් ලැබෙන ණය රුපියල් බවට පත් කිරීම අවශ්‍ය වන නිසා රජය විසින් එම විදේශීය මුදල් මහ බැංකුවට විකුණා රුපියල් ලබා ගනී. මෙසේ රජයෙන් හෝ වාණිජ බැංකුවලින් විදේශ විනිමය මිලදී ගැනීමේ දී මහ බැංකුව විසින් අලුතින් රුපියල් නිකුත් කිරීම සිදු කරයි. එමඟින් රට තුළ දැනට පවත්නා මුදල් තොගයට අලුතින් මුදල් ප්‍රමාණයක්‌ එකතු වීම සිදුවේ. එමෙන්ම, මහ බැංකුව විසින් මිලදී ගන්නා විදේශ විනිමය මහ බැංකුව විසින් පවත්වාගෙන යන රටේ විදේශ සංචිතය ඉහළ යැමට හේතු වේ.

මෙහි දී අවධාරණය කරගත යුතු තවත් වැදගත් කරුණක්‌ වන්නේ රජය වෙනුවෙන් විදේශීය ණය ගෙවීම මහ බැංකුව විසින් සිදු කරන නිසා ණය ආපසු ගෙවීම සිදුවන අවස්‌ථාවේ දී ඒ සඳහා අවශ්‍ය වන විදේශ විනිමය වෙනුවෙන් ඊට සමාන රුපියල් අගයක්‌ මහ බැංකුවට ගෙවීමට රජයට සිදුවන බවයි. එය සිදු වන්නේ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන රජයේ ගිණුම් හරහා වන අතර, එසේ මහ බැංකුව වෙත කරනු ලබන රුපියල් ගෙවීම් හේතුවෙන් රට තුළ සංසරණයෙහි පවත්නා මුදල් තොගයේ හෙවත් සංචිත මුදල්වල අඩුවීමක්‌ සිදුවේ. එමෙන්ම, රජය වෙනුවෙන් මහ බැංකුව විදේශ ණය ගෙවන නිසා මහ බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන රටේ විදේශ සංචිත ප්‍රමාණය ද ඒ අනුව අඩු වේ.

මේ අයුරින් මහ බැංකුව විසින් කරනු ලබන විදේශ විනිමය ගනුදෙනු හරහා මහ බැංකුව විසින් රට තුළ සංසරණය සඳහා නිකුත් කර ඇති රුපියල් මුදල් තොගයෙහි හෙවත් සංචිත මුදල් තොගයෙහි අඩු වැඩිවීම් සිදුවන අතර, සාමාන්‍යයෙන් එය හඳුන්වන්නේ මහ බැංකුවේ විදේශ වත්කම් වෙනස්‌වීම තුළින් රට තුළ සංසරණයෙහි පවත්නා මුදල් තොගයෙහි ඇතිවන වෙනස්‌වීමක්‌ ලෙසයි.

දෙවනුව, මහ බැංකුව විසින් රජය හා වාණිජ බැංකු සමඟ සෘජුවම රුපියල්වලින් කරනු ලබන ගනුදෙනු හරහා ද රට තුළ සංසරණය වන සමස්‌ත මුදල් තොගයෙහි අඩු වැඩි වීම සිදුවේ. මෙයට අමතරව, මහ බැංකු සේවකයන් සඳහා සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම් යනාදිය සහ මහ බැංකුවේ අනෙකුත් වත්කම් හා වගකීම්වල සිදුවන අඩු වැඩි වීම්ද සංචිත මුදල් වෙනස්‌ කිරීමට යම්කිසි බලපෑමක්‌ සිදු කරයි. මෙවැනි සෘජුව කරනු ලබන රුපියල් ගෙවීම් සහ ලැබීම් හරහා රට තුළට මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් තොගයෙහි සිදුවන වෙනස්‌වීම් හඳුන්වන්නේ මහ බැංකුවේ දේශීය වත්කම් හරහා සිදුවන වෙනස්‌වීම් යනුවෙනි.

මහ බැංකුව රජය සමඟ සිදු කරන මෙවැනි සෘජු ගනුදෙනු අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්‌ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.

රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වලදී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක්‌ මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්‌ත මුදල් සැපයුමට අහිතකර ලෙස බල නොපාන පරිදි මිලදී ගැනීමට මහ බැංකුවට හැකිය. එසේ භාණ්‌ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක්‌ නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදු වේ. එම භාණ්‌ඩාගාර බිල්පත් සාමාන්‍යයෙන් දින 91, දින 182 සහ දින 364 වශයෙන් වන කෙටිකාලීන ඒවා වන අතර, ඒවා කල් පිරුන විට රජය විසින් මහ බැංකුවට එම කල් පිරෙන බිල්පත්වල අගයට සමාන මුදලක්‌ වාණිජ බැංකුවල තිබෙන සිය ගිණුම් හරහා ගෙවිය යුතුවේ. එය රට තුළට මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් තොගය හෙවත් සංචිත මුදල් අඩුවීමට හේතු වේ.

එමෙන්ම, මුදල් නීති පනතට අනුව යම් වර්ෂයක රජයේ ඇස්‌තමේන්තුගත ආදායමෙන් සියයට 10 කට සමාන මුදල් ප්‍රමාණයක්‌ තාවකාලික අත්තිකාරකමක්‌ ලෙස සෑම වර්ෂයක්‌ ආරම්භයේදීම මහ බැංකුව විසින් රජයට සැපයිය යුතුය. එය සිදු වන්නේ අලුත් මුදල් නිකුත් කිරීමක්‌ තුළින් වන අතර, ඒ අනුව රට තුළ සංසරණයට අලුතින් මුදල් ප්‍රමාණයක්‌ එකතුවීම සිදුවේ. මෙම අත්තිකාරම් සාමාන්‍යයෙන් මාස 6 ක කාලයක්‌ සඳහා වන අතර, රජය එම අත්තිකරම් පියවීම සිදු වන විට එයට සමාන මුදල් ප්‍රමාණයක්‌ රට තුළ තිබෙන මුදල් තොගයෙන් අඩුවීම සිදු වේ.

විදේශීය වත්කම් අත්කර ගැනීම තුළින් වැඩි මුදල් ප්‍රමාණයක්‌ රටට මුදාහළ වර්ෂයන්වලදී එයට සමගාමීව මහ බැංකුව දේශීය වත්කම් හරහා මුදාහළ මුදල් ප්‍රමාණය අඩු කර ගෙන ඇත. එයට ප්‍රතිවිරුද්ධව විදේශීය වත්කම් අත්පත්කර ගැනීම හරහා රටට මුදා හරින නව මුදල් ප්‍රමාණය අඩු අවස්‌ථාවලදී දේශීය වත්කම් අත්පත් කර ගැනීම තුලින් නව මුදල් මුදා හැරීම සිදුවේ. ඒ අනුව, සමස්‌ත නව මුදල් නිකුත් කිරීම රට තුළ උද්ධමනකාරී තත්ත්වය පාලනය කර ගත හැකි අයුරින් පවත්වා ගෙන යැම සිදුවේ. උදාහරණයක්‌ වශයෙන් 2017 වසරෙහි දී මහ බැංකුව විදේශීය වත්කම් අත්පත් කර ගැනීම තුළින් රුපියල් බිලියන 287.5 ක නව මුදල් ප්‍රමාණයක්‌ රටට මුදාහළ අතර, රට තුළ මුදල් තොගය නිසි මට්‌ටමක පාලනය කිරීම සඳහා දේශීය වත්කම් හරහා මුදා හැර තිබූ මුදල් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 203.9 ක ප්‍රමාණයක්‌ මහ බැංකුව වෙත ආපසු ලබාගෙන ඇත. එය සිදුකර ඇත්තේ විශේෂයෙන් මහ බැංකුව විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බිල්පත්වලින් රුපියල් බිලියන 304.5 ක ප්‍රමාණයක්‌ ඉවත් කරගෙන එම ආයෝජනය කර තිබූ මුදල් මහ බැංකුව වෙත ආපසු ගෙන්වා ගැනීම තුළිනි. ඒ අනුව, 2017 වසරේහිදී සමස්‌ත නව මුදල් නිකුත් කිරීම් ප්‍රමාණය රුපියල් බිලියන 83.7 ක මට්‌ටමක පවත්වාගෙන යැමට මහ බැංකුවට හැකි වී ඇත. මෙයින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීම් සිදු කරන්නේ යම් පාලනයක්‌ සහිතව රට තුළ උද්ධමනකාරී පීඩනයන් අවම කිරීමේ අරමුණ ඇතිව බවයි.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව ගැන සලකා බැලීමේදී 1980 ගණන්වල සිටම අනුගමනය කරනු ලැබූයේ රට තුළ සමස්‌ත මුදල් තොගය පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීමේ ක්‍රියාවලියකි. ලෝකයේ බොහෝ රටවල සිදුවන්නාක්‌ මෙන් විශේෂයෙන් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික උපයෝගී කර ගනිමින් උද්ධමනකාරී තත්ත්වය සෘජුව පාලනය කිරීමේ අදහස ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවත්වාගෙන යන මුදල් ප්‍රතිපත්ති රාමුව රටට වඩාත් උචිත ආකාරයකට සකස්‌ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී. ඒ සඳහා මුදල් නීති පනතට සංශෝධනයන් කිරීම අවශ්‍ය වේ. ඉන් ඉතා වැදගත් සංශෝධනයක්‌ වනුයේ මහ බැංකුව විසින් රජයේ භාණ්‌ඩාගාර බිල්පත් මිලදී ගැනීම සහ රජයට අත්තිකාරම් සැපයීම සම්බන්ධව මුදල් නීති පනතේ දැනට තිබෙන වගන්ති සංශෝධනය කිරීමයි. මහ බැංකුවට ඒ තුළින් රජයේ මුදල් අවශ්‍යතා සම්බන්ධව සිදුවන නව මුදල් නිකුත් කිරීම් වැළැක්‌වීමටත් ඒ අනුව වඩාත් ස්‌වාධීනව සිය මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යැම තුළින් උද්ධමන තත්ත්වයන් දැනටත් වඩා ක්‍රියාකාරී ලෙස පාලනය කිරීමටත් අවස්‌ථාව සැලසෙනු ඇත. මුදල් නීති පනතට සිදු කිරීමට අපේක්‌ෂිත මෙම සංශෝධන රජයේ අමාත්‍ය මණ්‌ඩලය මඟින් දැනටමත් අනුමත කර ඇති අතර, එම සංශෝධන 2019 වර්ෂය අවසන් වන විට සිදු කර, 2020 වර්ෂයේ සිට නව මුදල් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව දැනට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

( උ.ගැ.: අන්තර්ජාලය ඇසුරෙනි)

අප ඇමරිකන් සිහිනයෙන් ඇහැරවන කොරෝනා (ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ හැරී බැලීමක්)ඇමරිකාව කියන්නෙ ලෝකයේ ...
06/04/2020

අප ඇමරිකන් සිහිනයෙන් ඇහැරවන කොරෝනා (ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ හැරී බැලීමක්)

ඇමරිකාව කියන්නෙ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් කිහිපය අතරින් එකකි. මේ නිසාම අපේ රටේ අය කල්පනා කරනවා අපේ රට දියුණු කරනවානම් අපිත් ඇමරිකාව වගේ දියුණු රටවල් අනුගමනය කරමින් ඔවුන්ගේ ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිපත්ති ලංකාව තුලත් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා. මේ සිතීමේ බැලූ බැල්මට ගැටලුවක් නැහැ. නමුත් අපි මුලින්ම බලමු මොකක්ද මේ හැමෝම සුපිරියි කියන ඇමෙරිකන් සිස්ටම් එක කියලා. අපි මෙතනදි මූලික වශයෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය , ඔවුන් කෝවිඩ්-19 වසංගත තත්වයට මුහුණ දෙන ආකාරය ගැන සහ එයින් අපිට වටහාගන්න තිබෙන වැදගත් කරුණු කිහිපයක් ගැන.
ලෝක බැංකුවේ දත්තවලට අනුව ඇමෙරිකාවේ මුළු ජනගහනය 2018 දී මිලියන 327.2 ක්. ඇමෙරිකානු අප ඇමරිකන් සිහිනයෙන් ඇහැරවන කොරෝනා
ඇමරිකාව කියන්නෙ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් කිහිපය අතරින් එකකි. මේ නිසාම අපේ රටේ අය කල්පනා කරනවා අපේ රට දියුණු කරනවානම් අපිත් ඇමරිකාව වගේ දියුණු රටවල් අනුගමනය කරමින් ඔවුන්ගේ ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිපත්ති ලංකාව තුලත් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා. මේ සිතීමේ බැලූ බැල්මට ගැටලුවක් නැහැ. නමුත් අපි මුලින්ම බලමු මොකක්ද මේ හැමෝම සුපිරියි කියන ඇමෙරිකන් සිස්ටම් එක කියලා. අපි මෙතනදි මූලික වශයෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය , ඔවුන් කෝවිඩ්-19 වසංගත තත්වයට මුහුණ දෙන ආකාරය ගැන සහ එයින් අපිට වටහාගන්න තිබෙන වැදගත් කරුණු කිහිපයක් ගැන.
ලෝක බැංකුවේ දත්තවලට අනුව ඇමෙරිකාවේ මුළු ජනගහනය 2018 දී මිලියන 327.2 ක්. ඇමෙරිකානු සෞඛ්ය සේවය ලංකාවේ මෙන් නිදහස් සෞඛ්ය ක්රමයක් නොවේ. එය මූලික වශයෙන් පදනම් වන්නේ සෞඛ්‍ය රක්ෂණ සංකල්පය මත. රෝහල් පද්ධතිය සැලකූ විට රෝහල් ඇඳන් 70%ක් ලාභ නොලබන අංශයේත් 15% ක් පොදු අංශයේත් 15% ක් ලාභ ලැබීම සඳහා වන අංශයේත් වශයෙන් බෙදී ඇත.
2010 දී ක්‍රියාවට නංවන ලද Affordable Care Act (ACA) නම් පනත යටතේ ඇමෙරිකානු ජනතාවගේ සෞඛ්‍ය සේවාව බෙදුණු වගකීමක් බවට පත්කර තිබෙනවා. එම වගකීම ආණ්ඩුවල සේවා යෝජකයින් (employers) සහ තනි පුද්ගලයින් අතර බෙදී යනවා. රාජ්‍ය අංශයෙන් සෞඛ්‍ය රක්ෂණාවරණ සැපයෙන්නේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට, සමහර ආබාධ සහිත පුද්ගලයින්ට සහ සමහර අඩු ආදායම් ලබන පුද්ගලයින් සහ එම පවුල් වල දරුවන් යන අය සඳහා පමණයි. එසේ ආවරණය නොවන සියළු දෙනාට තම මුදලින් සෞඛ්ය රක්ෂයක් මිලදී ගැනීමට සිදුවනවා.
2018 වර්ෂයේදී රාජ්‍ය අංශය යටතේ රක්ෂණාවරණ ලැබූ පිරිස මුළු ජනගහනයෙන් 34.4% ක් පමණයි. ඒ අනුව තමන්ගේ මුදලින් හෝ තම සේවා යෝජකයා යටතේ පෞද්ගලික අංශයේ රක්ෂණාවරණ ලබාගන්නට සිදුවන පිරිස මුළු ජනගහනයෙන් 67.3% ක් වන අතර ආසන්න වශයෙන් මිලියන 218ක් පමණ වෙනවා.
එලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශ ගණනාවක් අතරේ සෞඛ්‍ය ආවරණය බෙදීයාම නිසා සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති පුද්ගලයින් ඉතා විශාල සංඛ්‍යාවක් ඇමරිකාව තුල සිටින බව වාර්තා වෙනවා. එමසංඛ්‍යාව 2018 වර්ෂයේදී මිලියන 27.5 ක් වූ අතර එය ඇමරිකන් ජනගහනයෙන් 8.5% ක් පමණ විශාල සංඛ්‍යාවක් වුණා. එය 2017 වර්ෂයේ එම අගයට (මිලියන 25.6, 7.9%) වඩා සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරනවා.
(එසේම 2017 සිට 2018 දක්වා රාජ්‍ය අංශයේ ආවරණය (Medicare) 17.9% කින් එනම් මිලියන 58.5 කින් පමණ අඩුකර තිබෙන නමුත් පෞද්ගලික අංශයේ ආවරණයේ වෙනසක් සිදුවී නැහැ. සෞඛ්‍ය රක්ෂණයක් නොමැති වයස අවුරුදු 19ට අඩු දරුවන් ගණනද 2018 දී 5.5% කින් වැඩි වී තිබෙනවා.)
එක් පුද්ගලයෙක්ට සෞඛ්‍ය රක්ෂණයක් සඳහා වසරකට දරන්නට සිදුවන වියදම ඇ.ඩොලර් 6,000 ක් පමණ වේ. එනම් මසකට ඇ.ඩොලර් 500ක් පමණ වේ. එපමණක් නොව ඇමරිකාවේ එක් පුද්ගලයෙකු වසරකදී තම සෞඛ්‍ය සඳහා තම පසුම්බියෙන් (සෞඛ්‍ය රක්ෂණයට අමතරව ඉන් ආවරණය නොවන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා) වැයකරන මුදල ඇ.ඩොලර් 1094.227කි. මෙම මුදල් ගෙවීමට නොහැකි අය සඳහා ඇති විකල්පය සෞඛ්‍ය ණය ලබා ගැනීමයි.
2019 දෙසැම්බර් මස Gallup නම් ගෝලීය විශ්ලේෂකයන් විසින් කරන ලද ඡන්ද විමසීමකට (Poll) අනුව ඇමරිකානුවන් 25% කගේ පවුලේ එක් සාමාජිකයෙක් හෝ සෞඛ්‍ය සඳහා අධික වියදම් හේතුවෙන් යම් බරපතල රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වී සිට තිබෙනවා.
American cancer society මගින් 2019 මැයි මස සිදු කළ අධ්‍යනයකට අනුව ඇමරිකානු පිළිකා රෝගීන් අතුරින් 56% ක් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට මූල්යමය අපහසුතාවකින් පෙළෙන බව පෙන්වා දී තිබෙන අතර පිළියම් නොයෙදුවහොත් මෙම තත්වය තවදුරටත් වර්ධනය වන බවට අනතුරු අඟවා තිබෙනවා.
American journal of public health හි 2009 දී පලවූ අධ්‍යනයකට අනුව සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති වීම නිසා වසරකට ඇමරිකානුවන් 45,000 ක් පමණ විවිධ රෝග/සෞඛ්‍ය ගැටලු වලින් මියයන බව පෙන්වා දී තිබෙනවා.
ඉහත දත්ත අනුව නිදහස් සෞඛ්ය (Universal health) සේවයක් නොමැති වීම, සෞඛ්‍ය සඳහා මුදල් ගෙවීමට සිදුවීම, සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය , සෞඛ්‍ය සේවයේ බෙදුණු වගකීම සහ සෞඛ්‍ය රක්ෂණයක අධික මිල යන මූලික කරුණු හේතුවෙන් අතිවිශාල ජනතාවකට ඇමරිකාව තුල සෞඛ්‍ය පහසුකම් අහිමි වී තිබෙනවා. සෑම තනි මිනිසෙකුගේම ජීවත් වීමේ අයිතිය පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්වන ලෝකයක දියුණු රාජ්‍යයක් ලෙස සැලකෙන ඇමරිකාවේ ඇත්ත මෙයයි.
දැන් ඇමරිකානු සෞඛ්‍ය ක්ෂේත්‍රය කොරෝනා වසංගතයට මුහුණ දෙන ආකාරය දෙස හැරී බලමු. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2020 අප්‍රේල් 05 වනවිට ඇමරිකාවේ වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණන 273,808ක් පමණ වන අතර ඒ අතුරින් 7020ක් පමණ මියගොස් තිබෙනවා. අප්‍රේල් 03 The Guardian පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම මරණ සංඛ්‍යාව 100,000 ත් 240,000 ත් අතර සංඛ්‍යාවක් දක්වා වර්ධනය වියහැකි බවට ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. වසංගතය පාලනය කිරීමට දක්වන අසමත්කම සහ මෙම ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට ඇමරිකාව කොරෝනා වසංගතයේ කේන්ද්‍රය බවට පත්වී තිබෙනවා. රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා.
පසුගිය වසර තුන තුල ඩොනල්ඩ් ට්‍රම්ප් බලපෑම යටතේ ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුව විසින් ඉදිරියේදී මතුවිය හැකි Covid-19 වැනි වසංගත තත්වයන් ගැන චීනය තුල පර්යේෂණ සිදුකරමින් සිටි Centers for Disease Control and Prevention (CDC) පර්යේෂණ කණ්ඩායම් සඳහා ලබාදෙන ප්‍රතිපාදන සහ එහි සේවයේ නියුතුව සිටි ඇමරිකානු පුද්ගලයින් සංඛ්‍යාව පුද්ගලයින් 11 සිට 3 දක්වාත්, චීන ජාතිකයින් සංඛ්‍යාව 39 සිට 11 දක්වාත් සීග්‍රයෙන් කප්පාදු කොට තිබෙනවා. මේ අතර CDC සඳහා ප්‍රතිපාදන තවත් 20% කින් කප්පාදු කිරීමටත්, Afordable care act (ACA) පනත නිෂ්ක්‍රිය කිරීමටත් ඇමරිකානු ආණ්ඩුව උත්සාහ දරා තිබෙනවා. කෙසේ වෙතත් මෙම තත්වය දිගටම පැවතුනහොත් තවත් දහස් ගණනින් ඇමරිකානුවන් මියයාමට නියමිත බවEnvironmental data and governance initiative (EDGI) මගින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙනවා. Guardian පුවත්පතට අනුව මේ පිළිබඳව විමසීමේදී ජනපති ට්‍රම්ප් පිලිතුරු වශයෙන් කියා සිට ඇත්තේ ඒ ආකාරයේ කිසිඳු ප්‍රතිපාදන කප්පාදුවක් සිදුව නොමැති බවත්, වසංගතය පැනනැගීමට මාස 3කට පෙරවත් චීනයෙන් දැනුම් දී තිබුණේ නම් ඊට සූදානම් වීමට තිබුණ බවත් ය. නමුත් ඇත්ත නම්, දෙසැම්බර් වල මතුවූ කොරෝනා වෛරස තත්වය ගැන ජනවාරි වනවිට චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී තිබිණි. මෙලෙස දේශපාලකයින් තම අසමත්කම් වසාගෙන ජනතාවගේ ජීවිත කෙරෙහි වගකීම් විරහිතව හැසිරීමේ පිළිකුල් සහගත තත්වය ඇමරිකාවේ පමණක් නොව ලංකාවත් ඇතුලුව ලෝකය පුරා දක්නට ලැබෙන තත්වයකි. විචාරකයින් පෙන්වා දෙන්නේ ආරම්භයේ පටන්ම කොරෝනා වෛරසයට මුහුණ දීමට සූදානම් වීම සඳහා සැබෑ උවමනාවක් ඇමරිකානු ආණ්ඩුවට නොතිබුණු බවයි.
කොරෝනා වලට මුහුණදීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test kits), ශ්වසන ආධාරක (Ventilators) හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ආරක්ෂිත ඇඳුම් හෝ උපකරණ කිසිවක් සූදානම් කොට තිබී නැති අතර හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට ගබඩා තිබුණු එම ද්‍රව්‍ය පවා අවසන් වී ඇති බව නිරාවරණය වී ඇත්තේ මෙම සතියේය.
සියළුදෙනාට ලබාගත හැකි සෞඛ්‍ය සේවාවක් (Universal health system) නොතිබීම, Statutory Sick Pay (SSP) (සේවකයෙකු අසනීප වූවිට සේවා යෝජකයා විසින් ගෙවියයුතු මුදලකි) වැනි මූලික සේවක අයිතිවාසිකම් ප්‍රමාණවත් වීම සහ බහුතරයක් ඇමරිකානුවන් ලබන ඉතා පහළ වැටුප් වැනි කරුණු මෙලෙස ඇමරිකාව තුල කොරෝනා වෛරසය පාලනය කරගැනීමට නොහැකිව සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතුවී ඇති බව විචාරකයින් පවසයි.
එසේම ඔවුනට අනුව ප්‍රමාණවත් මූලික ප්‍රතිකාර ඒකක නොතිබීම, ඒවාට ඇතුලත් වීමට අවශ්‍ය මුදල් ජනතාව සතුව නොමැති වීම මෙම අධික ව්‍යාප්තියට සහ මරණ වලට හේතු වී ඇත. මෙවැනි හදිසි අවස්ථාවකට ප්‍රමාණවත් ඇඳන් ප්‍රමාණයක් රෝහල් තුල නැත. ප්‍රමාණවත් තරම් ශ්වසන ආධාරක නැත. සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ප්‍රමාණවත් තරම් ආරක්ෂිත ඇඳුම් හෝ උපකරණ නැත. මුළු ඇමරිකාවටම ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් (ICU beds) 45,000ක් පමණි. තත්වය තවත් දරුණු වුවහොත් දැඩි සත්කාර ඒකක ඇඳන් මිලියන 2.9ක් පමණ අවශ්‍ය වනු ඇත. ලෝකයේ ඉතා සංකීර්ණ සුවිශේෂී රෝගී තත්වයන්ට පවා ප්‍රතිකාර කරන ඇමරිකානු සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම තත්වයට පත්ව ඇත්තේ ඉහත කී ඉතා මූලික කරුණු පිළිබඳ අවධානය නොකිරීම නිසා බව මෙයින් පෙනී යයි.
2017 දී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩොලර් ට්රිලියන 19.39 කි. ලෝකයේ ධනවත්ම රටයි. නමුත් දුර්වල සෞඛ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් කොරෝනා වෛරසය පාලනය කරගැනීමට අසමත්ව සිටී. වගකීම් විරහිත පාලකයන්ගේ දුර්වලතා සහ වෙළෙඳපොල න්‍යායපත්‍ර හේතුවෙන් වන්දිගෙවීමට සිදුවී ඇත්තේ ඇමරිකන් ජනතාවටයි.
මේ අතර ලංකාව තුල සෞඛ්‍ය පෞද්ගලීකකරණයට සහ සෞඛ්‍ය රක්ෂණ ක්‍රම වැනි සෞඛ්‍ය වෙළෙදපොලකරණය සඳහා වන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට එරෙහිව කාලාන්තරයක් තිස්සේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන /ක්‍රියාධරයින් ඇතුලු ප්‍රගතිශීලි කණ්ඩායම් සටන් කරමින් සිටී. නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමටත් දිනාගැනීමටත් කෙරෙන එම සටන්, විරෝධතා හමුවේ ඇතැමුන් අපට යෝජනා කරන්නේ හණමිටි අදහස් අතහැරදමා ඇමරිකාව වැනි රටවල් දෙස බලා ඒවා සමඟ ඉදිරියට යාමටයි. නමුත් අප රටේ පාලකයින් දියුණුව ලෙස අපට පෙන්වන ඇමරිකානු සිහිනයට යටින් ඇති, මිනිස් අයිතිවාසිකම් අහිමිවීමේ දැවැන්ත ඛේදවාචකය ලොවට නිරාවරණය වූයේ කොරෝනා වසංගතයත් සමඟයි.
පෞද්ගලික රෝහල් වැසීයාමේ අවදානමට බියෙන් එම රෝහල් තුලට උණ, කැස්ස රෝගීන් කෙතරම් මුදල් තිබුණත් වද්දා නොගන්නා තත්වයක් තුල අප රටේ නිදහස් සෞඛ්‍ය සේවය නොතිබුණි නම්, මේ වනවිට කොරෝනා ආසාදනයෙන් කීදෙනෙකු මියගොස් සිටින්නට තිබුණාද? සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයට ප්‍රතිකාර ගැනීමට සිදුවූවා නම් ඒවා ගෙවාගැනීමට නොහැකිව කීදෙනෙකු මියගොස් සිටින්නට තිබුණාද?
ඔබ අද භුක්ති විඳින නිදහස් සෞඛ්‍යඉතිහාසය තුල සටන් කර දිනාගත් අයිතියකි. මාලබේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව කරන ලද අරගලයේ සටන් පාඨය ඔබට මතක තිබිය යුතුය. "නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු!” එම අරගලයේ තවත් සටන් පාඨ බොහොමයක් තිබිණි. රෝහල්වල වාට්ටු සහ රසායනාගාර පහසුකම් පුළුල් කරනු! ඒවායින් එකකි. එනිසා සටනේ කොටසක් තවම ඉතිරිය.
හොඳින් සිතා බලන්න. මෙය ඔබගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ ගැටලුවකි. නිදහස් සෞඛ්‍ය සේවයේ අගයත්, එය රැකගැනීමට සහ සියළුදෙනා වෙනුවෙන් පුළුල් කරගැනීමට සටන් කිරීමට එකතු වීමේ අවාශ්‍යතවත් වටහාගන්න. අපි සියළුදෙනා වෙනුවෙන් හෙට අරගලයට ඔබත් එකතු වෙන්න.
මුලාශ්‍ර :
The Commonwealth Fund (පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුදල)
https://international.commonwealthfund.org/countries/united_states/
United State Census Bureau
https://www.census.gov/library/publications/2019/demo/p60-267.html
World Bank (ලෝක බැකුව)
https://data.worldbank.org/indicator/SH.XPD.OOPC.PC.CD?locations=US
American Journal Of Public Health
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2775760/
The Guardian
https://www.theguardian.com/us-news/2020/jan/07/americans-healthcare-medical-costs
https://www.theguardian.com/commentisfree/2020/apr/03/the-guardian-view-on-trump-and-coronavirus-endangering-american-lives
https://www.theguardian.com/us-news/2020/mar/24/trump-cuts-undermine-coronavirus-containment-cdc-watchdog-report
World Health Organization – Live Corona Status (ලෝක සෞඛ්‍ය සංවිධානය)
https://experience.arcgis.com/experience/685d0ace521648f8a5beeeee1b9125cd
Harvard Business Review
https://hbr.org/2020/03/coronavirus-is-exposing-deficiencies-in-u-s-health-care
Value Penguin
https://www.valuepenguin.com/average-cost-of-health-insurance
https://www.facebook.com/photo?fbid=2543773585727859&set=a.1870005514051

04/04/2020

ලංකාව තුල සිදුවන රහස් මෙහෙයුම් මොනවාද

මා විසින් කලින් පළ කරන ලද ලිපි වලින් ඔබට යම් තාක් දැනුමක් ලෝකය පිලිබද ඇතිවූවා යැයි සිතමි.අද මා විසින් පල කිරීමට යන ලිපිය ඇතැම් විට ආන්දෝලනාත්මික විය හැක.නමුත් එය එසේ සිදුවන බවට ඔබට මා ඔප්පු කර පෙන්වන්නෙමි.

වර්තනායේදී යුධමය වශයෙන් රටකට තවත් රටක් යටත් කරගත නොහැක.එය ඉතා පැරණි ක්‍රමයකි.වර්තමානයේ දී සිදුවන යුද්ධ බොහෝ විට සංකල්පමය විනාශ කිරීම්‍ ය.මා එම උපායන් mind controling ලෙස හදුන්වනෙමි.එනම් මනස පාලනය කිරීම්.එම යුද්ධ ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක වනවා යැයි පැවසුවහොත් ඔබ පිලිගන්නේද.අද ඒ පිලිබද මා ඔබට කරුණු සපයන්නෙමි.

මෙය යුද්ධයකට වඩා උපායක් ලෙස සැලකීම හොදය.මක්නිසාද යත් මෙහිදී සිදුවනුයේ දීර්ඝ කාලීන මෙහෙයුමකි.මෙවැනි උපායන් මුලින්ම ආරම්භ වනුයේ කිසියම් හාස්‍යක් සමගිනි.

ශ්‍රී ලංකාව තුල මෙවැනි උපායන් සාර්ථකව අවසන් කරද ඇත.එය අවාසනාවකි.එසේ සාර්ථක වූ සටනක් ලෙස ආහාරයක් ලෙස කැද බීම නැවතීම පෙන්වාදිය හැක.කැද බීලද ආවේ.අපෝ කැද හැලිය වගේ වැනි වදන් ඔබ කොතෙකුත් අසා ඇත.ඇත්තෙන්ම කැද යනු එලෙස අහිතකර ආහරයක්ද.ඔබත් එවැනි වදන් පවසා ඇති.නමුත් කිසිදිනෙක ඔබ ඒ පිලිබද දැන සිටියාද.සටන් වලදී මෙන්ම පෝෂණය අතින් අප එදා සිටියේ ලෝකයේ ඉහලින්‍ ය.ඒ හෙල ආහාර රටාව නිසාය.එය බිද දැමීම සදහා යෙදවූ mind controll සැලැස්ම ඔවුන් ජයගත්තේය.එහි ප්‍රතිඵලය හුලං පිරවූ ඇගක් සහිතව අතනොහැරිය හැකි කිරි බීමේ පුරුද්දක් සහිතව උදෑසන කිරි කෝප්පය අතේ තබාගෙන මෙම ලිපිය කියවන ඔබ ඔබ දෙසම බලන්න.

තවත් සාර්ථක වූ උපායක් වනුයේ මව්භාෂාව හෑල්ලු කිරීමයි.මෙය කලින් පැවසූ උපායට වඩා වෙනස් උපායකි.එනම් මෙහිදී ලංකාවේ ඉහල ප්‍රභූ පැලැන්තියට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුනි.එහිදී තමන්ද ඉහල යැයි යන සිතුවිල්ල ලබා ගැනීමට පහල පැලන්තියද ඉංග්‍රීසි අධ්‍යාපනයට ඇලුම් කෙරිණි.මෙහි අරමුණු නම්.ඕනෑම රටක ස්වදේශීය භාෂාවෙන් ඈත් වන ජනයා තමන්ට ආවේනික සංකෘතික රටාවලින්ද ඈත් වේ.එවිට පටවනු ලබන ඕනෑම විදේශීය සංකල්පයක් ඔවුන්විසින් හොද යැයි පිලිගනි ලැබේ.එනම් වෙලදපොලක් නිර්මාණය වීමයි.එහි සාර්ථකත්වය ඔබ මේ post එක කියවන විදේශීය නිශ්පාදිත දුරකතනයෙන් තීරණය කරන්න.ලංකාවේ දුරකතන නිපද වන්නේ නැති නමුත් එලෙස නිපදවූ සැනින් උබ එය මිලදී ගන්නට පෙලබේද යන්නද සිතන්න.

අනෙක් උපායනම් තම රට හාස්‍යට ලක් කිරීමයි.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු යන ගීතය උබ සවන්දී තිබිය යුතුය.වාසනාවකට එය තහනම් විය.නමුත් fb එකේදි ලංකාවෙනෙ.ලංකාවෙ උන්නෙ ආදී post ඔබත් share කරන්න ඇති නමුත් එයද මෙහි කොටසක් බව ඔබ දැනසිටියාද.ඔබේ යහලුවාගෙන් අසන්න ස්වීඩනයේ පුරවැසිභාවය ලබා දෙන ක්‍රමයක් ඇති බව.ඉන්පසු ඔහුගේ දෑස් දෙස බලා එම උපායද සාර්ථක වූවාද නැද්ද යන වග මැන ගන්න.එහි අරමුණ බුද්ධිගලනයයි.

මීලග උපාය වර්තමානයේදී තවත් ක්‍රියාත්මක වෙමින් පවතී.එය ආරම්භ වූයේ 2006 කාලවකවානුවේදීයි.එනම් ක්ෂණික බුද්ධිය හීන කිරීමයි.සිතන්න කිසිම තාර්කිකත්වයක් නැති මල් සිංදු ලෙස හදුන්වන සිංදු රැල්ල දෙස.දැන් එය රැල්ලක් ලෙස ආවද.එය ඉබේම සිදුවූවක් ලෙස උබ සිතන්නේද.එසේම කිසිදු තාර්කික බවක් නොමැති ඉන්දියානු ටෙලිනාට්‍ය හුදෙක්ම නිකම්ම විකාශනය වන්නේද. ලෝකයේ දැනට හොදම ශාෂ්ත්‍රීය පසුබිම සහිත ඉන්දියාවේ මෙවැනි ටෙනිනාටය නිෂ්පාදනය වීමේ අස්වාභාවික බවක් ඔබට නොතේරෙන තරමට ඔබ මෝඩයෙකු යැයි මා නොසිතමි.එකම නිවසේ එම සිංදු සහ නාට්‍ය සදහා විරුද්ධ වන හා පිලිගන්නා පරම්පරාවන් 2k.ඔබට හොදින් වෙන් කර හදුනාගත හැක.මෙහි ඉලක්කය කෙටිකාලීන නොවේ.එනම් කලින් නාට්‍ය හා සිංදු රසවිදි අයෙකුට එය විකාරයක් නමුත් මුලින්ම නාට්‍ය හා සිංදු රසවිදින්නෙකුට එය එසේ නොවේ.දීර්කාලීනව මෙවැන්නක් රසවිදීමෙන් ක්ෂණික බුද්ධිය හීන වන බව් රුහුණු විශ්වවිද්‍යාල මගින් හෙලිකලේය.සිදු වූයේ කුමක්ද යන වග ඔබ දනී.එම විශ්ව විද්‍යාලයට විදුවූ දෙයට සමගාමීව එම වාර්තාවද නැති විය.නමුත් දැන් එම සිදුවීම බොරුවක් බව ඔප්පු වූ නමුත් එම වාර්තාවට කුමක් සිදුවීද.සිතන්න

අනෙක් ක්‍රියාත්මක වන උපායනම් එකම් රටේ ජනතාව බෙදීමයි.දකුණේ ගැට්ට.නුවර ගැම්ම.2000 න් පසු ගැම්ම ආදී ලෙස ක්‍රියාත්මක වන්නේ එයයි. එනම් ජනයා බෙදා වෙන් කිරීමයි.මෙම උපාය සාර්ථක වූ රටක් ලෙස හයිටිය දැක්විය හැක.හයිටිය වර්තමානයේදී උතුරු හා දකුණු ලෙස බෙදී ඇත.උතුරු හයිටියේ වටිනා ඛණිජ තිබීම හේතුවයි.දැන් ඇමරීකාව එම ඛනිජ අපහසුවකින් තොරව රැගෙන යයි.මෙතරම් පලාත් තිබියදී දකුණේ ගැම්මම ආවේ මන්ද.සිතන්න මා පෙර ලිපියෙන් දැක්වූයේ හම්බන්ත්ට අගනගරය වන බවයි.එහි සූදානම හා ජාත්‍යන්තර නැව් මාර්ගයේදී දකුනු පලාතට ඇති වාසිය ගැන මා පලකලේය.සිතන්න එහි වාසිය ගැනිමට මීට වඩා ක්‍රමයක් ඔවුන්ට තිබේද ලෙස.

අනෙක් උපායනම් අධ්‍යාපනය බිද දැමීමයි.
වර්තමානයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්ව විද්‍යාල ලෙස දෙකඩ වීමක් නොමැතිද.අධ්‍යාපනය විකුනනවා නම් රජයට බාහිර උපාධි ආයතන මගින්ද විකිනිය හැක.නමුත් ඒ වෙනුවට විදේශීය විශ්වවිද්‍යාල මෙහි ස්තාපිත වූයේ මන්ද.සිතන්න හද පෙන්වා ගොයම් කැපීමක් රහසේ සිදුනොවනවා ලෙස උබට සහතික විය හැකිද.අධ්‍යාපනය විකුනනවා ලෙස සැවම ඒ පසුපස යන අතරේ විදේශීය සරසවි මගින් මෙරට බුද්ධිය හීන කිරීමක් සිදුනොවේද.එම ආයතන වල විශය නිර්දේශයට අයත් වන්නේ මොනවාද.එහි ඉගෙනුම ලබන සිසුන් අපහසුතාවයකට මින් පත් නොකරමි.ඔවුන් සාධාරණය.ඔවුන් බලාපොරොත්තු වන්නේ උපාධියක් පමණි.නමුත් සිදුවන්නෙ කුමක්ද.

මනෝවිදාත්මකව දියත් වන මෙවැනි සටන් ඉතා භයානකය.බොහෝ මෙවැනි සටන් වල ස්වභාවය නම් ආරම්භ වන්නේ හාස්‍ය සමගිනි.නමුත් පසුකාලීනව එය අතනොහැරිය නොහැකි තරම් බෙදීමක් ඇතිකරයි.දීර්ඝකාලීන ප්‍රතිඵල අපේක්ශා කරන මෙවනි mind controll සටන් හදුනාගැනීම ඉතා අපහසුය.ඒවා විශාල කාලයක් ලබාගනිමින් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.ඇතැම් විට පරම්පරාවන් 2k පමණ දීර්ඝ කාලයක් ගත හැක.මා පැවසූ මේ දේවල් ඔබට පිලිගැනීම හෝ නොගැනීමට අවස්තාව ඇත.නමුත් ඒවා දැනටමත් සිදුවෙමින් පවතී.මා මෙහිදී සියල්ල ප්‍රතික්ශේප කර නැගී සිටින්න යැයි කිසිවිටෙක නොපවසමි.පවසනුයේ සිතන්න යැයි පමණි.තවත් පැවසීමට දේ ඇතත් මේ ප්‍රමාණවත් යැයි සිතමි.

අවසානයේදී පැවසීමට ඇත්තේ ආරම්භය නොව සිටින තැනින් වෙනස් කරන්න.තවත් සිතන්න.

-පවිදු

02/04/2020

මීලග ලෝකය කෙබදු වේද

මීලග ලෝක බලවතා වනුයේ චීනයයි.චීනය විසින් ලෝක ආර්ථිකය බොහෝ වෙනස්කම් වලට ලක් කරනු ඇත.
වෙලදාම සම්බන්දයෙන් පැවතුණු නව යටත් විජිතවාදයෙන් චීනය වර්තමානය වන විටද ජයගෙන හමාරය

අතීත සේද මාවත නැවත අත්පත් කරගැනීමේ සටනින් චීනය 70%k පමන ඉදිරියෙන් සිටියේය.

කෙසේ නමුත් මීලග ලෝක බලවතා වන චීනය ලෝකයේ නාවික ගමනාගමනය පිලිබද වැදගත් තීරණ රැසක් ගනු ඇත.

මුහුදු මාර්ගයෙන් භාණ්ඩ හුවමාරු කරනවා වෙනුවට යුරෝපය දක්වා භාණ්ඩ අපනයනයට ගොඩබිමින් දුම්රිය මාර්ග යොදාගනු ඇත.මේ වන විටද එය චීනය විසින් සාර්ථකව සිදු කර හමාරය.

නාවික ගමනාගමනය ආශ්‍රිතව වරාය බලය සහිතව දියුණු වූ රටවල් වලට තම ආර්ථිකය පවත්වා ගැනීමට තවත් ක්‍රමයක් සෙවිය වුතු වේ.එසේම තායිලන්තය හරහා නිර්මාණය කරන ක්‍රා ඇල ව්‍යාප්තිය නිසා ශ්‍රීලංකාවට වාසි රැසක් හිමිවීමට තිබුනද ගොඩබිම් මාර්ග ඔස්සෙ වෙලදාම දියුනු වූවහොත් ලෝක මුහුදු මාරගයේ කේන්ද්‍ස්තානය වශයෙන් තිබූ වාසියද හීන වී යනු ඇත

ඉන්දියාව මේ වන විටත් මේ පිලිබද සැලකිල්ලෙන් පසු වෙයි.මෑත කාලීනව ලංකාව හා ඉන්දියාව යා කරමින් නිර්මාණය කිරීමට සැලසුම් කල දුම්රිය මාර්ගයද එහි කොටසක්ම වේ.එමගින් ඉන්දියාවෙ නිශ්පාදන සදහා ශ්‍රී ලංකාවෙ සම්පත් පහසුවෙන් උපයෝගී කර ගැනීමට ඔවුන්ට හැකි වේ.නමුත් එම සේතු සමුද්‍රම් ව්‍යාප්තිය මේ වන විට නතර වී තිබේ.

සැමදාම බලවතුන්ගේ සටනේ සරණාගතයෙකුව සිටි ලංකාවට තම නිශ්පාද ක්ශේත්‍රය අවධි කර බලතුලනයේ වාසිය ගැනීමට කදිම අවස්තාවක් ඉදිරියේදී හිමි වනු ඇත.ඉන්දියාවට සම්පත් විකුණා තවදුරටත් සංවර්ධනය වන රටක් වනවාද නැතිනම් එම සම්පත් සදහා made in sri lanka නාමය දී නැගිටිනවාද යන්න සිතිය යුතුය.

එබැවින් වෙනස් වන ලෝක බලතුලනය මත තීරණය වන වෙළද ආදිපත්‍යය නිසා නිසැකවම අපිටද ආර්ථිකව නොනැසී සිටීමට නම් වෙනස් විය යුතුව ඇත.

-පවිදු

02/04/2020

ඇමරිකාව සහ ලෝක බලවතා

ඇමරිකාව ලෝක බලවතා වීමේ අදහසක් 20 වන ශතවර්ෂයේ සිටම පැවතිණ.

නමුත් මෙහෙදී එලියට නොපෙනන පැත්තක් තිබිණ.මක්නිසාදයත් ඇමරිකාවට පෙර ලෝක බලවතාව සිටියේ එංගලන්තයයි.ඇමරිකාව ලෝක බලවතා ලෙස ඉදිරියට එත්ම එංගලන්තය කිසිදු බලපෑමක් හෝ සටනක් නොදුන්නේය.සිතිය යුත්තේද එයයි.මෙහිදී එංගලන්තය හෝ ඇමරිකාව රටවල් 2k ලෙස නොව එක් රටක් ලෙස සිතන්න.

ලෝක යුධ සමයේ හීනවී යන බලය පැවරීමට එංගලන්තය ස්ව කැමැත්තෙන්ම ඇමරිකාව තෝරාගත්තා යැයි කීම නිවරැදිය.

ඉන්පසු ඇමරිකාව විසින් සෑම කලාපයකම තමන්ට පක්ශපාතී මිතුරෙකු නිර්මාණය කලේය.යුරෝපයේ දී එංගලන්තය.මැදපෙරදිග දී ඊශාලය.දකුණු ආසියාවේදී ඉන්දියාව යනු ඉන් සමහරෙකි.ආසියාවේදී බලය පැතිරුවේ සතුරන්ව නැගී සිටිය හැකි රටවල් ආශ්‍රිතවය.චීනය ආශ්‍රිතව ජපානයත්.උතුරු කොරියාව ආශ්‍රිතව දකුණු කොරියාවත් වශයෙනි.ඔවුන් විසින් කලාපයේ බලය තබා ගැනිනි.

නැවත ලෝක බලවතෙකු පැමිනෙන්නේනම් මෙම බල කදවුරු පිලිබදවද සිතිය යුතුය.ලෝකයේ අනිත් බලවතා චීනයනම් ඔවුන්ට මෙම අභියෝගය බාර ගත යුතුය.එහිදී තිබෙන බලවතාම ගත යුතුය නැතිනම් අලුතෙන් සෑදිය යුතුය.මා මෙහිදී දකුණු ආසියානු කලාපය ගැන කතා කරන්නෙමි.මක්නිසාද අපිට බලපානුයේ එම කලාපය නිසාවෙනි.

වර්තමානය වන විට මෙහි බලවතා ඉන්දියාවයි.ඉන්දියාව තෝරාගනු ඇත්තේ ලෝකයේ විශාලතම වෙළදපොල ඉන්දියාව වන නිසා විය හැක.එසේම ජනගහනය හා විශාල භූමි ප්‍රදේශයක් නිසා විය හැක.ඒ පිලිබද තවත් ලිපියකින් පැහැදිලි කරන්නෙමි.

චීනය ලෝක බලවතා වන්නේනම් මෙම කලාපයේ බලදාරියෙකු පත කල යුතුය නමුත් චීනය ඉන්දියාව වෙත මේ වනතෙක්මඅවදානය යොමු කර නොමැත එසේනම් මෙම කලාපයේ චීනයේ බලදාරියා කවුරුන්ද.

සැබැවින්ම ඒ ශ්‍රී ලංකාවයි

ඔවුන් එසේ සිතා තිබුණද.සිතිය යුත්තේ අපි එයට සූදානම්ද යන්නයි.සැබැවින්ම අපි සූදානම්ය.
අපි සූදානම් නොව අප සූදානම් කලේය.චීන ආධාර අපිට පසුගිය සමයේ නොඅඩුව ලැබිණ.නමුත් ඒ ආධාර වරායවල්.ගුවන්තොටුපළවල්.වරාය නගර.අධිවේගී මාර්ග සදහා ආයෝජනය කෙරිණ.බොහෝ දෙනෙකු දොස්තිබුයේ අපිට ඒවාට වඩා අවශය දෑ තිබෙන බවත් ඒව නිර්මාණය වූවා කලින් වැඩිය යන්නය.

නමුත් ඒවා සූදානම් විය.ඒ මීලග කලාපීය බලවතාගේ සූදානමයි.අන්තර්ජාතික නැව් මාර්ගයෙන් ඈතව පවතින කොලඹ අගනගරය ඉදිරි වසර 50 ඇතුලත හම්බන්තොට වනු නොඅනුමානය.එය ඒ සදහා සූදානම්ය.කොලඹත් නොමැති මංතීරු 4 පාරවල් හම්බන්තොටට දැන්ම ආවේ මන්ද යැයි දැන් ඔබට තේරුම් යා යුතුය.

ඉන්දියාව හා දකුණු ආසියාවම පාලනයට ඊට මුහුණලා ඇති වරාය නගරය සූදාන්ම් ය.නැවි මාර්ග වලට තෙල් සැපයීමට ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය සූදානම්ය.එම සියලු ස්ථාන අතර අන්තර් සබදතාවයට රට පුරා අධ්වේගී මාර්ග සූදානම්ය.2015 දී තාක්ෂණය විශය නිර්දේශයට පැමිණියේ ද නිකන්ම නොවන බව සිතිය යුතුය.ඉදිරි රැකියා අවස්තා සදහා ලංකාව තුලම සැපයුමක් ඉන් ලැබේ.

බටහිර බලවතුන් ලංකාවේ බලය ලබා ගැනීමට ඉන්දියාව මැදිහත් කලේය.ඔවුන් යුධ බලයෙන් හා කපටි කමෙන් ලංකාවේ බලය අල්ලා ගැනීමට තැත්කලේය.එය ඉතාපැරණි ක්‍රමයකි.ඉන්දියාව අසමත් විය.නමුත් ඔවුන් සටන අතහැර නොමැත.විය යුත්තේ සහයෝගයෙන් වැඩකිරීමය.මා මෙහිදී කිසිදු රටකට හෝ කිහිපයකට පහත්කොට නොසලකමි.ඉදිරිපත් කලේ සිදු වූ සහ සිදුවන දේ පමණි.

ඉදිරියේදී ශ්‍රී ලංකාව විශාල පිම්මක් පැනීමට නියමිතය.ඒ සදහා විය යුත්ත සෙමෙන් වෙමින් පවතී.දැන් වීමට අවශය වන්නේ ලාංකික සමාජ චින්තනයි.ඊට ඔබ මා සූදාන්ම්ද යන්න සිතිය යුතුය.අවසානයේම පවසන්නේ ඔබත් සූදානම් වන්න.

-පවිදු

Address

Rajarata University Of Sri Lanka
Mihintale
50300

Telephone

+94712149637

Website

Alerts

Be the first to know and let us send you an email when Economic Students Association -RUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Economic Students Association -RUSL:

Shortcuts

Share

Category