Ajith Liyanarachchi

Ajith Liyanarachchi Courses for GCE Ordinary Level students are held at Middeniya Dickwella දකුණු ලක ව්ශිස්ටයන්ගේ තෝ තැන්න
අජිත් ලියනාරච්චි

ගුරු වෘත්තිය  උතුම් වන්නේ  ඔවුන් තව කෙනෙකුගේ සාර්ථකත්වය අනාගතය වෙනුවෙන් කැප වෙන නිසායි
13/05/2021

ගුරු වෘත්තිය උතුම් වන්නේ ඔවුන් තව කෙනෙකුගේ සාර්ථකත්වය
අනාගතය වෙනුවෙන් කැප වෙන නිසායි

online ගණිතය 07 ශ්‍රේණියේ  දරුවන්  වෙත නව පන්ති  ආරම්භය21 වසරක අත්දැකීම් තුළින් සිසුන්  රැසකට 100% ප්‍රතිඵල ලබා දුන් යුග...
09/05/2021

online ගණිතය
07 ශ්‍රේණියේ දරුවන් වෙත නව පන්ති ආරම්භය

21 වසරක අත්දැකීම් තුළින් සිසුන් රැසකට 100% ප්‍රතිඵල ලබා දුන් යුගයේ අද්විතීය ගණිත තක්ෂලාව

සාමාන්‍ය පෙළ 2021
6-11 ශ්‍රේණියේ සියලුම සිසුන් හට ආරම්භ වන විශේෂ online පන්තිය ( extra class )
ලියාපදිංචි වීම සදහා ඔබගේ වට්සැප් දුරකථන අංකය,පාසල,ඔබගේ නම පහත වට්සැප් දුරකථන අංකයට යොමු කරන්න
Whatsapp -076 939 2057
Mobile - 0779353479

සියක් ආයු ලැබ -මගෙත් ආයු ගෙනමටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලද විශාඛාව  වේවා!!මවුවරුන්ගේ දිනයෙහි...
09/05/2021

සියක් ආයු ලැබ -මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලද
විශාඛාව වේවා!!

මවු
වරුන්ගේ දිනයෙහි ඇරැඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් දක්වා දිව යනවා. අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් දිනය පසුකලෙක මවුවරුන්ගේ දිනය බවට පත් වුණා.
අද අම්මාවරුන් ගේ දිනයයි. ශ්‍රී ලංකාවේ අපි නම් දිවිය පුරාම අම්මාට ආදරය කරන ගෞරව කරන හා ඇයට සුභාසිරි පතන ජාතියක්. ඒත් යුරෝපය ඇතුළු බොහෝ රටවල් අම්මාගේ අගය, මෙනෙහි කරන ඇගේ මෙහෙවර අගයන ඇයට සුභ පතන සහ කෘතවේදීත්වය පළකරන අදහසින් මැයි මාසේ 14 වැනිදා ලෝක මවුවරුන් ගේ දිනය යනුවෙන් විශේෂයෙන් දිනයක් වෙන්කර ගෙන.
ආදරයේ උල්පත වූ අම්මාගේ කිරිවලින් සහ හිරුගේ රශ්මියෙන් ලෝකය පෝෂණය වනවා යන කියමන විශ්ව සාධාරණීය සනාතන සත්‍යයක්. එසේ වූ කල මවුවරුන් සමරන්නට වෙනම දිනයක් කුමට දැයි සිතෙන්නට පුළුවන්. මවුවරුන්ගේ දිනයෙහි ඇරැඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් දක්වා දිව යනවා. ග්‍රීක හා රෝම ජාතිකයන් දේව සංකල්පය මත පදනම් වූ පිරිසක්. ඔවුන් මාතෘත්වයේ සහ අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් දිනය මවුවරුන්ගේ දිනය බවට පත් වුණා. පසුකාලීනව එය පැරැණි කිතුණු ලබ්දිකයන් විසින් ‘මදරිං සන්ඩේ’ නමින් සමරන ‘Mothering sunday’ ලද උත්සවය බවට පත් වුණා. ලොව පුරා විවිධ රටවල් මවුවරුන්ගේ දිනය විවිධ දිනවල සමරනවා. උතුරු අර්ධගෝලයට අයත් රටවල් මවුවරුන්ගේ දිනය සැමරීමට අප්‍රේල් සහ මැයි මාස දෙක අතර දිනක් තෝරා ගන්නවා. නූතන මවුවරුන්ගේ දිනය සැමරීම ඇරැඹුණේ 1908 දි බටහිර වර්ජිනියාවේ ග්‍රාෆ්ටන්හි විසූ ඇනා ජාවිස් විසින් සිය මවගේ ගුණානුස්මරණ උත්සවයක් පවත්වමින්.
වර්තමානය වන විට ලෝකයේ රටවල් 46ක් විවිධ දිනවල මවුවරුන්ගේ දිනය සමරනවා. එදිනට සියලු දෙනම සිය මවුවරුන්ගේ ගුණ මෙනෙහි කරමින් තමා සිටින ස්ථානය වෙත ඔසොවා තබන්නට අම්මා විසින් ඉටු කරන ලද මෙහෙවර සිහි කරමින් කෘතවේදීත්වය හා සෙනෙහස ප්‍රකාශ කරනවා.
අතීත රෝම ජාතීන් දෙවියන්ගේ මවුද මාතෘත්වයේ ද දෙවඟනද වූ සිබිලි (cybele) උදෙසා පුරා දින තුනක් කෘතගුණ උත්සව පවත්වා තිබෙනවා. ඇගේ ගුණ වයමින් තුති ගී ගයමින් පාද චාරිකාවල යෙදුණු රෝම බැතිමතුන් මෙම පෙලපාලි ඉතා ජයට පවත්වා තිබෙනවා.
ක්‍රිස්තු භක්තිකයන් විසින් 1600 දී පමණ එංගලන්තයේ අම්මාවරුන්ගේ ගුණ මෙනෙහි කරමින් ඇරැඹුණු දේව මෙහෙය සහිත සංවත්සරය ඊස්ටර් දිනයට පෙර එළැඹුණු දින 40 ඇතුළත සමරනු ලැබුවා. කන්‍යා මරියතුමිය යාඥා කරනු ලැබීමෙන් අනතුරුව සෑම කිතුණු දරුවකුම සිය මෑණිවරුන්ගේ ගුණ අගයමින් ඔවුන් වෙත මල් කළඹ පිළිගන් වනු ලැබීමයි එහි දී සිදු කෙරුණේ.
පසුකාලීනව මව්වරුන්ගෙන් වෙන්ව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවනට ආධුනිකයිනට රැකියාලාභී මෙන් ම සේවකයින්ට ඔවුන්ගේ ගුරුවරුන් හා සේවාදායකයින් මවුවරුන් වෙත ගොස් තුති පුදා සෙනෙහස පා එන්නට ඔවුනට නිවාඩු ලබා දෙමින් උනන්දු කර තිබෙනවා. ඔවුන් එදිනට මල් කලඹක් හා පලතුරු යොදා තැනූ ‘සිම්නෙල්’ නම් වූ විශේස කේක් ගෙඩියක් රැගෙන ගොස් ආදරය පළ කරනවා.
19 වැනි සියවස වන විට අම්මාවරුන්ගේ දිනය සැමරීමේ චාරිත්‍රය මුළුමනිම් නැසී ගියා. එය යළිත් කරළියට පැමිණියේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකානු සොල්දාදුවන් විසින් එම චාරිත්‍රය යළිත් අරඹනු ලැබීමෙන් පසුව හා ව්‍යාපාරිකයන් විසින් එය හොඳ වෙළඳ අවස්ථාවක් බවට පත් කර ගැනීමෙන් පසුවයි.
මවුවරුන්ගේ දිනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ඇමෙරිකාවේ විසූ සුප්‍රකට ලේඛිකාවක හා ක්‍රියාකාරිනියක වූ ජූලියා වෝඩ් හුවේ විසින් 1872 දී. ජුනි දෙවැනිදා මවුවරුන්ගේ දිනය සැමැරිය යුතු වවත් ඒ දිනය සාමය උදෙසා කැප කළ යුතු බවටත් ජූලියා යෝජනා කළා. 1870 දී මවුවරුන්ගේ දිනය ප්‍රකාශනයේදී ජූලියා සමස්ත ඇමෙරිකානු කාන්තාවන් ආමන්ත්‍රණය කරමින් යුද්ධයට එරෙහිව නැගී සිටින්නැයි ඉල්ලමින් ආකර්ශනීය ලිපියක් ලීවා. මවුවරුන්ගේ දිනය නිල වශයෙන් පත් කරගන්නට වෙහෙසෙමින් කටයුතු කළ ජූලියා කලක් යනතුරු සෑම වසරකම ජුනි මාසයේ දෙවැනි ඉරුදින මවුවරුන්ගේ දිනය සමරා උත්සව සංවිධානය කළා. ඇගේ අදහස ලොව පුරා පැතිරී ගොස් මේ වනවිට මැයි මාසයේ දිනයක අම්මාවරුන් සැමරෙන අතර බොහෝ රටවල් එදින නිවාඩු දිනයක් ලෙස සලකනවා.
මෑත කාලීනව ඇමරිකාවේ මවුවරුන්ගේ දිනයෙහි නිර්මාතෘවරිය ලෙස සැලකෙන්නේ ඇනා ජාවිස්. අවිවාහක ළදක් වූ ඇනාට ගෞරවයක් ලෙස ‘අම්මාවරුන්ගේ දිනයෙහි අම්මා” යන විරුදාවලියෙන් ඇය පුදනු ලබනවා. ඇනා මවුවරුන්ගේ දිනය සැමැරීමේ ආභාසය ලැබුයේ ඇගේ මව වූ ඇනා මරී ඊවිස් ගෙන්. ක්‍රියාකාරී සමාජ සේවිකාවක වූ ඇනා මරී ඒ වන විට ඇමරිකානුවන් කෙරෙන් ගිලිහී යමින් තිබූ මව් ගුණ ඇගැයීම යළි සමාජගත කරන්නට වෙහෙස නොබලා කටයුතු කළ කාන්තාවක්. ඇනා මරී 1905 දී මිය ගිය අතර ඇගේ දියණිය ඇනා ජාවිස් සිය අම්මාගේ මෙහෙවර ඉදිරියට ගෙන යන්නට ඇප කැප වුණා. ඇගේ සටනෙහි ප්‍රතිඵලයක් ලෙස 1911 දී ඇමරිකාවේ හිටපු ජනාධිපති වූඩ්රෝ විල්සන් සෑම වසරකම මැයි මාසයේ දෙවැනි ඉරුදින ‘මවුවරුන්ගේ දිනය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
වර්තමානය වන විට ඇමෙරිකාව, එංගලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, තුර්කිය, මැක්සිකෝව, කැනඩාව, බෙල්ජියම, චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් 46ක් මවුවරුන්ගේ දිනය සමරනවා. අම්මා ගේ ගුණ ගයනවා. ආදරය පළ කරනවා. අද අම්මාවරුන්ගේ දිනය කොතරම් ජනප්‍රිය ද යත් බොහෝ රටවල දුරකථන සන්නිවේදන මාර්ගවල දැඩි තදබදයක් පවතිනවා. ඒ ලෝ පුරා විසිරී සිටින දරුවන් වෙන්ව සිටින සිය මවුවරුන්ට සුභ පතා ආදරය පළකරන හෙයින්. තෑගි, බෝග, කේක් සහ මල් පිරිනැමීමත් ඒ ලෙසම කෙරෙනවා.
හැම දේම විකුණාගෙන කන්න බලන ව්‍යාපාරිකයන්ට අද මවුවරුන්ගේ දිනයත් අම්මාගේ ආදරයත් හොඳ අලෙවි භාණ්ඩයක් බවට පත්වෙලා. අමිල වූ මවු සෙනෙහස මිල කරන්නට වෙළෙඳුන් අතර ඇති තරගය කොතරම් ද යත් දැන් එය ආදරවන්තයන්ගේ දිනයටත් වඩා අලෙවිකරණයේ ගොදුරක් බවට පත්වෙලා. ඇමෙරිකානුවන්ට අමතක වූ මවු සෙනෙහස යළි සිහිගන්වා කෘතගුණ සැලකීමේ යහගුණය වැඩීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තම ජීවිතය කැප කළ ඇනා ජිවිස් මේ තරගය පිළිබඳ බෙහෙවින්ම කනගාටු වන බවත් එරටින් වාර්තා වනවා.

උපුටා ගැනීම (සිලුමිණ)

21 වසරක අත්දැකීම් තුළින් සිසුන්  රැසකට 100% ප්‍රතිඵල ලබා දුන් යුගයේ අද්විතීය  ගණිත තක්ෂලාව සාමාන්‍ය පෙළ 20216-11 ශ්‍රේණි...
07/05/2021

21 වසරක අත්දැකීම් තුළින් සිසුන් රැසකට 100% ප්‍රතිඵල ලබා දුන් යුගයේ අද්විතීය ගණිත තක්ෂලාව

සාමාන්‍ය පෙළ 2021
6-11 ශ්‍රේණියේ සියලුම සිසුන් හට ආරම්භ වන විශේෂ online පන්තිය ( extra class )
ලියාපදිංචි වීම සදහා ඔබගේ වට්සැප් දුරකථන අංකය,පාසල,ඔබගේ නම පහත වට්සැප් දුරකථන අංකයට යොමු කරන්න
Whatsapp -076 939 2057
Mobile - 0779353479

ජයපැන් සොයා ඇදෙන සද්ධන්ත කුලය නියෝජනයට....සාමාන්‍ය පෙළ 202111 ශ්‍රේණියේ  සිසුන්  හට ආරම්භ වන විශේෂ  online පන්තිය ලියාපද...
05/05/2021

ජයපැන් සොයා ඇදෙන සද්ධන්ත කුලය නියෝජනයට....

සාමාන්‍ය පෙළ 2021
11 ශ්‍රේණියේ සිසුන් හට ආරම්භ වන විශේෂ online පන්තිය
ලියාපදිංචි වීම සදහා ඔබගේ වට්සැප් දුරකථන අංකය,පාසල,ඔබගේ නම පහත වට්සැප් දුරකථන අංකයට යොමු කරන්න
Whatsapp -076 939 2057
Mobile - 0779353479

11 ශ්‍රේණියේ සියලුම සිසුන්  හට විවෘත වන online කරණයේ විශිෂ්ට්ටම ගණිතය පන්තිය පන්තිය සදහා  සහාභාගි  වීමට ඔබගේ නම , පාසල ,...
04/05/2021

11 ශ්‍රේණියේ සියලුම සිසුන් හට විවෘත වන online කරණයේ විශිෂ්ට්ටම ගණිතය පන්තිය පන්තිය සදහා සහාභාගි වීමට ඔබගේ නම , පාසල , whatsapp දුරකථන අංකය පහත දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් යොමු කරන්න
Mobile-076 939 2057/0779353479

Online කරණයේ  විශිෂ්ටයෙක් වන්න ඔබත් සූදානම් දදිස්ත්‍රික්කයේ වැඩිම  A සාමාර්ථ සංඛ්‍යාවක් ඔස්සේ අකණ්ඩව වසර 21 පුරාවට විශිෂ...
02/05/2021

Online කරණයේ විශිෂ්ටයෙක් වන්න ඔබත් සූදානම් ද
දිස්ත්‍රික්කයේ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් ඔස්සේ අකණ්ඩව වසර 21 පුරාවට විශිෂ්ටයන්ගේ හොදම තේරීම
08 ශ්‍රේණියේ සියලුම දරුවන් හට සහාභාගි විම සදහ
ඔබගේ නම, පාසල , ශ්‍රේණිය ලිපිනය කෙට් පණිවිඩයක් මගින් පහත whatsapp අංකයට යොමු කරන්න .
|whatsapp-076939 2057|
|mobile-0779353479|
Liyanarachchi # Mathematics

Online කරණයේ  විශිෂ්ටයෙක් වන්න ඔබත් සූදානම් දදිස්ත්‍රික්කයේ වැඩිම  A සාමාර්ථ සංඛ්‍යාවක් ඔස්සේ අකණ්ඩව වසර 21 පුරාවට විශිෂ...
28/04/2021

Online කරණයේ විශිෂ්ටයෙක් වන්න ඔබත් සූදානම් ද
දිස්ත්‍රික්කයේ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් ඔස්සේ අකණ්ඩව වසර 21 පුරාවට විශිෂ්ටයන්ගේ හොදම තේරීම
*සියලුම දරුවන් හට සහාභාගි විම සදහ
ඔබගේ නම, පාසල , ශ්‍රේණිය ලිපිනය කෙට් පණිවිඩයක් මගින් පහත whatsapp අංකයට යොමු කරන්න .
|whatsapp-076939 2057|
Liyanarachchi # Mathematics

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මැයි මස 31 වන තුරු උපකාරක පන්ති පැවැත් වීමට අවසර නොමැති  නිසා ඉදිරි දින සදහා. පැවැත් වීමට ත...
27/04/2021

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මැයි මස 31 වන තුරු උපකාරක පන්ති පැවැත් වීමට අවසර නොමැති නිසා
ඉදිරි දින සදහා. පැවැත් වීමට තිබු සියලුම පන්ති online ඔස්සේ පැවැත් වීම සිදු කෙරේ.
*09 ශ්‍රේණිය - බදාදා (4.00pm-6.00pm)
*10 ශ්‍රේණිය - සෙනසුරාදා (1.00pm-3.30pm)
*11 ශ්‍රේණිය - සදුදා (4.00pm-6.30pm)
|Whatsapp -076939 2057|ලියා පදිංචි විම සදහා මෙම දුරකථන අංකයට *ඔබගේ නම, පාසල , ලිපිනය කෙට් පණිවිඩයක් මගින් යොමු කරන්න

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මැයි මස 31 වන තුරු උපකාරක පන්ති පැවැත් වීමට අවසර නොමැති  නිසා ඉදිරි දින සදහා. පැවැත් වීමට ත...
24/04/2021

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මැයි මස 31 වන තුරු උපකාරක පන්ති පැවැත් වීමට අවසර නොමැති නිසා
ඉදිරි දින සදහා. පැවැත් වීමට තිබු සියලුම පන්ති online ඔස්සේ පැවැත් වීම සිදු කෙරේ.
*09 ශ්‍රේණිය - බදාදා (4.00pm-6.00pm)
*10 ශ්‍රේණිය - සෙනසුරාදා (1.00pm-3.30pm)
*11 ශ්‍රේණිය - සදුදා (4.00pm-6.30pm)
|Whatsapp -076939 2057|ලියා පදිංචි විම සදහා මෙම දුරකථන අංකයට *ඔබගේ නම, පාසල , ලිපිනය කෙට් පණිවිඩයක් මගින් යොමු කරන්න .

අප්‍රේල්  22 මිහිකත දිනය අදයිහැකි සෑම විටම සොබාදහම රකින්න සොබාදහම රැකුණොත්  අප රැකේවී.
22/04/2021

අප්‍රේල් 22 මිහිකත දිනය අදයි
හැකි සෑම විටම සොබාදහම රකින්න සොබාදහම රැකුණොත් අප රැකේවී.

Address

Mideniya Katuwana Road
Middeniya

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94769392057

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith Liyanarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category