10/06/2026
සිතුවිලිවලට නව මානයක්... සෞන්දර්යවේදය හා මනෝවිද්‍යාව ඔස්සේ දැනුම් ගමනක්!
"මන්චි සමඟ සිසු දිරිය" වැඩසටහන් මාලාවේ 965 වන අදියර, මො/මඩුල්ල ජාතික පාසලේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් විය.
මෙම අර්ථවත් වැඩසටහන සෞන්දර්යවේදය සහ මනෝවිද්‍යාව යන විෂය පථයන් ඔස්සේ සිසු දරු දැරියන්ගේ සිතුවිලි පෝෂණය කරමින්, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා මානසික සංවර්ධනය උදෙසා නව මානයක් එක් කළේය.
මෙම දැනුම් ගමන සඳහා සිය වටිනා සම්පත් දායකත්වය ලබා දුන්:
🔹 දේශක ආචාර්ය අනුර අරම්බගේ මහතා
🔹 සංගීතවේදී ජනනාත් වරකගොඩ මහතා
🔹 නිරෝෂ් දිසානායක මහතා
ඔබ සැමට අපගේ විශේෂ ස්තූතිය. මො/මඩුල්ල ජාතික පාසලේ සිසු සිසුවියන්ට මෙය සැබෑ ජීවිතයට වටිනා අත්දැකීමක් වනු නොඅනුමානය.