Tech සෙට් එක

Tech සෙට් එක for helping who studies advanced level technology stream in sri lanka

ඉංජිනේරුවෙක් වෙන්න A/L Mathematics ම කරන්න ඕනෙද? 🤔ගොඩක් අය වැරදි තැනින් අල්ලගෙන ඉන්න, ඒ වගේම සමාජයේ දැඩි කතාබහට ලක්වන මා...
21/04/2026

ඉංජිනේරුවෙක් වෙන්න A/L Mathematics ම කරන්න ඕනෙද? 🤔

ගොඩක් අය වැරදි තැනින් අල්ලගෙන ඉන්න, ඒ වගේම සමාජයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් ගැන අද "Scientific" ක්‍රමයටම කරුණු පැහැදිලි කරන්න හිතුවා.
මුලින්ම අපි බලමු ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රධාන අදියර 4:

1. Planning (සැලසුම් කිරීම)
2. Designing (නිර්මාණය කිරීම)
3. Organizing (සංවිධානය කිරීම)
4. Controlling / Implementation (පාලනය සහ ක්‍රියාත්මක කිරීම)

මේ කාර්යයන් ඉටු කිරීම සඳහා ලෝක සම්මත "Accords" හෙවත් ජාත්‍යන්තර එකඟතාවයන් දෙකක් තියෙනවා. අපි මේ දෙක නිවැරදිව හඳුනා ගනිමු:

1. Washington Accord (B.Sc. Eng / B.Eng):

මේ හරහා බිහි කරන්නේ Engineers ලාවයි. මෙහිදී වැඩි බරක් ලබා දෙන්නේ න්‍යායාත්මක (Theoretical) පැත්තට සහ සංකීර්ණ සැලසුම්කරණයටයි (Complex Design & Planning). ලංකාවේ සාම්ප්‍රදායිකව A/L ගණිත අංශයෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්වන සිසුන් හදාරන්නේ මේ උපාධියයි.

2. Sydney Accord (B.Tech / B.Eng.Tech):

මේ හරහා බිහි කරන්නේ Engineering Technologists ලාවයි. මෙහිදී වැඩි බරක් ලබා දෙන්නේ තාක්ෂණය ප්‍රායෝගිකව භාවිත කිරීම (Practical Implementation), නඩත්තු කිරීම සහ කළමනාකරණයටයි. A/L තාක්ෂණවේදය (Tech Stream) හදාරන සිසුන් ප්‍රධාන වශයෙන් යොමු වෙන්නේ මේ උපාධි වලටයි.

ඇත්තටම සමාගම් බඳවා ගන්නේ කොහොමද?
💼

ඔන්න වැදගත්ම කොටස! වර්තමානයේ ලංකාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් බඳවා ගැනීමේදී බලන්නේ "Job Profile" එකට ඔබ සතු ගැලපීමයි.
බොහෝ පෞද්ගලික සමාගම් වල "Engineer" කියන තනතුර ලබා දෙන්නේ ඔබ සතු නිවැරදි කුසලතා පද්ධතිය (Relevant Skill Set) සහ ඒ සඳහා අවශ්‍ය අදාළ උපාධිය (Relevant Degree) මතයි. එහිදී ඔබේ උපාධිය Engineering Degree එකක්ද නැතිනම් Technology Degree එකක්ද යන්නට වඩා, අදාළ රාජකාරිය ඉටු කිරීමට ඔබට ඇති ප්‍රායෝගික හැකියාව ඔවුන් සලකා බලනවා.
සරලවම කිව්වොත්:

Planning/Design පැත්තට වැඩි බරක් ඇති රැකියාවකට Engineering උපාධිධාරියෙකුට වැඩි අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.

Implementation/Technical Management පැත්තට වැඩි බරක් ඇති රැකියාවකට Technology උපාධිධාරියෙකුට වැඩි අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.
නමුත් දක්ෂතාවය සහ පළපුරුද්ද මත මේ දෙගොල්ලන්ටම "Engineer" තනතුරට ළඟා වීමේ සමාන අවස්ථාවන් පෞද්ගලික අංශයේ ඕනෑ තරම් තිබෙනවා.

අවසාන නිගමනය 💡

උසස් පෙළ (A/L) කියන්නේ උපාධියකට ඇතුළු වීමට ඇති එක් මාර්ගයක් (Entry Point) පමණයි. ඔබ Maths Stream එකෙන් ආවත්, Tech Stream එකෙන් ආවත්, නැතිනම් Foundation Course එකකින් ආවත්, අවසානයේ ඔබ ලබාගන්නා උපාධිය සහ ඔබේ ප්‍රායෝගික කුසලතා (Skills) මත ඔබේ අනාගතය තීරණය වෙනවා.උපාධියෙන් පසු රැකියාවකට ගියාට පස්සේ කවුරුවත් ඔබේ A/L රිසල්ට් ෂීට් එක බලන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඔබේ ප්‍රශ්න විසඳීමේ හැකියාව (Problem Solving) සහ තාක්ෂණික දැනුමයි.

ඒ නිසා, පටු මතවාද වල සිර නොවී, නිවැරදි උපාධියක් සහ ශක්තිමත් කුසලතා පද්ධතියක් ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න. ඔබේ ඉංජිනේරු සිහිනයට යන පාර තීරණය කරන්නේ ඔබේ කැපවීම මිස A/L විෂය ධාරාවම පමණක් නෙවෙයි!

මේ නිවැරදි තොරතුර දරුවන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා Share කරන්න.

දුලාන් බෝගහවත්ත ( AI Engineer)

BST කරන ඔයා BBST උපාධියෙන් පසු යන්න පුළුවන් රැකියා ගැන දැනගෙන හිටියද? 👇රාජ්‍ය අංශයේ රැකියා (Government Sector)🔸තාක්ෂණික ...
20/04/2026

BST කරන ඔයා BBST උපාධියෙන් පසු යන්න පුළුවන් රැකියා ගැන දැනගෙන හිටියද? 👇

රාජ්‍ය අංශයේ රැකියා (Government Sector)

🔸තාක්ෂණික නිලධාරී (Technical Officer)
රජයේ ආයතනවල හෝ විශ්වවිද්‍යාලවල තාක්ෂණික අංශ භාරව කටයුතු කිරීම.

🔸කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර (ARPA)
ගොවිජන සේවා මට්ටමින් කෘෂිකාර්මික නවෝත්පාදන ප්‍රවර්ධනය.

🔸පර්යේෂණ සහකාර (Research Assistant)
රජයේ පර්යේෂණ ආයතන (උදා: තේ, පොල්, රබර් පර්යේෂණ ආයතන) තුළ නව තාක්ෂණයන් අත්හදා බැලීම.

පෞද්ගලික අංශයේ රැකියා (Private Sector)

🔸Bio-Process Engineer
ආහාර පාන හෝ ඖෂධ නිෂ්පාදන සමාගම්වල ජෛව ක්‍රියාවලීන් අධීක්ෂණය කිරීම.

🔸Quality Assurance (QA) Executive
නිෂ්පාදිත භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම.

🔸Farm Manager / Plantation Executive
නවීන තාක්ෂණය භාවිතා කරමින් මහා පරිමාණ වගාබිම් හෝ හරිතාගාර (Greenhouses) කළමනාකරණය කිරීම.

🔸Environmental Officer කර්මාන්තශාලාවල පරිසර බලපෑම් අවම කරන ආකාරය පිළිබඳව උපදෙස් දීම සහ ඒවා අධීක්ෂණය.

අධ්‍යාපන හා පර්යේෂණ අංශය (Academic & Research)

🔸ගුරු සේවය
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළව ගුරු සේවයට එක්වීම.

🔸විශ්වවිද්‍යාල කථිකාචාර්ය (Lecturer)
උපාධියෙන් පසු පශ්චාත් උපාධි (MSc, PhD) සම්පූර්ණ කිරීමෙන් මේ සඳහා අවස්ථාව ලැබේ.

ස්වයං රැකියා හා ව්‍යවසායකත්වය (Entrepreneurship)

🔸කෘෂි තාක්ෂණික උපදේශක
ගොවීන්ට හෝ ව්‍යවසායකයින්ට නවීන තාක්ෂණික වගා ක්‍රම (Hydroponics, Greenhouse farming) පිළිබඳව උපදෙස් දීම.

🔸ව්‍යවසායකයෙකු වීම
ජෛව තාක්ෂණය ආශ්‍රිත නිෂ්පාදන (උදා: කාබනික පොහොර, ඇසුරුම් කළ ආහාර) සම්බන්ධයෙන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

පාඩම් කරද්දි කම්මැලි හිතෙනව ද?🥱පාඩම් කරලා තෙහෙට්ටුයි ද?🫩එහෙනම් ඔන්න ඔයාලට තමයි මේ post එක.කම්මැලිකම , තෙහෙට්ටුව මගහැරගෙන...
19/04/2026

පාඩම් කරද්දි කම්මැලි හිතෙනව ද?🥱
පාඩම් කරලා තෙහෙට්ටුයි ද?🫩

එහෙනම් ඔන්න ඔයාලට තමයි මේ post එක.

කම්මැලිකම , තෙහෙට්ටුව මගහැරගෙන පාඩම් කරන්න tips ටිකක් තමයි අද අරගෙන ආවෙ.👇

යෝග්‍යතා පරීක්ෂණය (APTITUDE TEST)මොරටුව විශ්වවිද්‍යාලය (UoM)විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය - අධ්‍යයන ව...
19/04/2026

යෝග්‍යතා පරීක්ෂණය (APTITUDE TEST)

මොරටුව විශ්වවිද්‍යාලය (UoM)

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය - අධ්‍යයන වර්ෂය 2025/2026
(2025 අ.පො.ස. උසස් පෙළ විභාගය මත පදනම්ව)

පාඨමාලාවන්:

1. Architecture
2. Design
3. Landscape Architecture
4. Fashion Design and Product Development

අයදුම්පත් යොමු කිරීම
අන්තර්ජාලය ඔස්සේ (Online)

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය
2026.05.06

මාර්ගගතව අයදුම් කිරීමට👇
https://aptreg.uom.lk

වැඩි විස්තර සඳහා👇
https://uom.lk/exams/aptitude-test

සහජ දක්ෂතාවය කියන්නේ ඔබට ලැබුණු ආරම්භයක් පමණයි. නමුත් ජයග්‍රහණය තීරණය කරන්නේ ඔබ ඒ වෙනුවෙන් දක්වන උනන්දුව සහ කැපවීමයි.🏆 ද...
18/04/2026

සහජ දක්ෂතාවය කියන්නේ ඔබට ලැබුණු ආරම්භයක් පමණයි. නමුත් ජයග්‍රහණය තීරණය කරන්නේ ඔබ ඒ වෙනුවෙන් දක්වන උනන්දුව සහ කැපවීමයි.

🏆 දක්ෂතාවයට වඩා උත්සාහය ඉහළින්ම පවතින්නේ ඇයි?

🔸දක්ෂතාවය හුදෙක් ආරම්භයකි:
දක්ෂතාවය තිබූ පමණින්ම කෙනෙකුට සාර්ථක විය නොහැක. උත්සාහය නොමැති තැන දක්ෂතාවය මැලවී යයි.

🔸 නොපසුබට උත්සාහය
දක්ෂ මිනිසුන් පරාජය වන තැන, උත්සාහය අත්නොහරින සාමාන්‍ය මිනිසුන් ජයග්‍රහණය කරයි.

🔸පුහුණුවෙන් ලැබෙන පරිපූර්ණත්වය:
ඕනෑම දෙයක් නැවත නැවතත් උනන්දුවෙන් ප්‍රගුණ කිරීමෙන් ඔබට සහජ දක්ෂතාවයක් ඇති අයෙකුටත් වඩා දක්ෂ විය හැකිය.

1. අදම ආරම්භ කරන්න:
ඔබට සහජ හැකියාවක් නැතැයි සිතා පසුබට නොවන්න. උනන්දුව ඔබේ ආයුධය කරගන්න.

2. අභියෝග බාරගන්න:
වැරදෙන වාරයක් පාසා අලුත් දෙයක් ඉගෙන ගන්න.

3. අඛණ්ඩව වැඩ කරන්න:
දිනපතා කරන කුඩා උත්සාහයන්, කාලයත් සමඟ විශාල ජයග්‍රහණ ගෙන එයි.

මතක තබා ගන්න, දක්ෂතාවය යනු ඔබට ලැබුණු දීමනාවකි. නමුත් උත්සාහය යනු ඔබ විසින්ම ගොඩනගා ගන්නා ඔබේ පෞරුෂයයි.

ලෝකය දිනන්නේ දක්ෂයන්ම නොව, කිසිමදාක උත්සාහය අත් නොහරින්නන්ය!💪🔥

A/L කියන්නෙම ඔයාලගෙ ජීවිතේ turning point එකක්. ඔයා ගන්න එක තීරණයකින් ඔයාගෙ අනාගතේ වෙනස් වෙන්න පුළුවන් නොහිතපු විදිහට.අර ...
17/04/2026

A/L කියන්නෙම ඔයාලගෙ ජීවිතේ turning point එකක්. ඔයා ගන්න එක තීරණයකින් ඔයාගෙ අනාගතේ වෙනස් වෙන්න පුළුවන් නොහිතපු විදිහට.

අර කතාවට කියනවනෙ මෙහෙම.
ශිෂ්‍යත්වෙ කියන්නෙ අම්මලගෙ විභාගෙ. ඕලෙවල් කියන්නෙ ගුරුවරුන්ගෙ විභාගෙ. A/L තමා හරියටම ළමයින්ගෙ විභාගෙ කියලා.

ඉතිං ඔයාගේ කැපවීම සහ උනන්දුව තමයි මේ A/L ගොඩදාගන්න අත්‍යවශ්‍ය ම සාධකය.👩🏻‍🎓📚

ඔයා දැන් හිතන් ඉන්නවට වඩා ඔයා හරි දක්ෂයි. ඔයා තාම හරියට දන්නෙ නෑ ඔයාගෙ capacity එක. ඔයාගෙ capacity එක කොච්චර ද කියලා හරියටම තේරෙන්නේ ඔයාට A/L results ආපු දවසට ඔයාගෙ district, island ranks දැක්කම. එදාට හිතෙයි ඔයාට මං මෙච්චර දක්ෂ ද කියලා.😎

ඒ වෙනුවෙන් ඔයා කැපවෙන්න ඕන. වැඩ කරන්න ඕන. තමන්ගෙ සතුට, නිදහස ඒ වෙනුවෙන් ටික කලකට සීමා කරගන්න වේවි. ඒත් ඔයා සරසවි සිහිනය සැබෑ කරගත් දවසට ඒ සීමා කරගත්ත සතුට, නිදහස අසීමිතව ලැබේවි.☺️✨

තාවකාලික සතුට ගැන විතරක් නොහිතා මේ මොහොතේ කට්ට කන හැම කෙල්ලෙක් කොල්ලෙක්ටම ලස්සන අනාගතයක් ගොඩනැගේවි.✨

සරසවි සිහිනය සිහිනයක්ම නොවී සැබෑවක් ම කරගන්න හිත් හයිය හැම ළමයෙකුට ම පුළුවන්.

හැමෝගෙම සරසවි සිහිනය සැබෑවක්ම වේවා! 🎓❤️

මතක තියාගන්න,

මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙන්නෝන කාලෙ ඔයාට මහන්සි වෙන්න වෙනවමයි

21/01/2025
02/11/2024
01/10/2024

2026 AL SFT නව කණ්ඩායම ආරම්භ වේ

🔰ඔක්. 5
ගුරුමඬල-කළුතර
සෙන. පෙ.ව 8:00-10:00

🔰ඔක්. 1 නැණාරා-මතුගම
අඟ. ප.ව 2:45-4:45

🔰ඔක්. 6
විදුන-ගාල්ල
ඉරිදා ප.ව 2:00-4:00

*කළුතර දිස්ත්‍රික් මුල් 10 ට 5 ක් බිහිකළ එකම SFT පන්තිය*

https://youtu.be/Hw5--rB17so?si=uAOtIBIQ1IICCTf9

අමිල ප්‍රසාද්
Whatsapp channel
https://whatsapp.com/channel/0029Va94ZpUJf05aRO3ngp08

Whatsapp community
https://chat.whatsapp.com/Hd4Cm33RWls0160pWdQV4M

බිම් මැනුම හා මට්ටම් ගැනීම 🔥
21/08/2024

බිම් මැනුම හා මට්ටම් ගැනීම 🔥

27/07/2024

Address

Matugama
22152

Telephone

0714391707

Website

Alerts

Be the first to know and let us send you an email when Tech සෙට් එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tech සෙට් එක:

Shortcuts

Share

Category