C.W.W. Kannangara College - Matugama.

C.W.W. Kannangara College - Matugama. C.W.W Kannangara Central College is a National School, which provides primary & secondary education. W. Kannangara.

C.W.W.Kannangara Central College has the honor of being called the first Central College in the island set up by the father of free education Dr. C.W.

‎🏆 2026 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේදී අප කන්නන්ගර මාතාව බැබළ වූ දිරිය ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ආදි ශිෂ්‍ය සංගමයේ උණුස...
17/09/2026

‎🏆 2026 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේදී අප කන්නන්ගර මාතාව බැබළ වූ දිරිය ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම්! 🏆
‎
‎පාසල් මෑණියන් ජයග්‍රහණයේ මාවතට ඔසවා තබමින්,
‎ 2026 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් අපේ විද්‍යාලයීය නාමය ඉහළින්ම ඔසවා තැබූ මේ ආඩම්බරකාර දිරිය ක්‍රීඩක ක්‍රීඩ්කාවන්ට අපගේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමු! 🏃‍♂️🏃‍♀️🏅
‎
‎කන්නන්ගර ලේ උරුමයේ ජවය සහ නොපසුබට උත්සාහය ලොවටම පසක් කරමින් ජයග්‍රහණ අත්කරගත් අපේ ක්‍රීඩක / ක්‍රීඩිකාවන් :
‎
‎🥈 රොවිඳු පබසර
‎ * 5000m (බාලක 20න් පහළ) - දෙවන ස්ථානය (රිදී පදක්කම)
‎
‎🥈 සචින්තා නිම්සරණි
‎ * 5000m (බාලිකා 20න් පහළ) - දෙවන ස්ථානය (රිදී පදක්කම)
‎
‎🥉 ඉශාරා ජීවන්ති
‎ * 1500m සහ 5000m (බාලිකා 20න් පහළ) - ඉසව් දෙකේම තුන්වන ස්ථාන (ලෝකඩ පදක්කම්)
‎
‎🥉 කාව්‍යා සත්සරණි
‎ * 800m (බාලිකා 20න් පහළ) - තුන්වන ස්ථානය (ලෝකඩ පදක්කම)
‎
‎🥉 විහඟ නෙත්මාල්
‎ * 5000m (බාලක 20න් පහළ) - තුන්වන ස්ථානය (ලෝකඩ පදක්කම)
‎
‎මේ සඳහා මඟ පෙන්වූ විද්‍යාලීය විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ක්‍රීඩා භාර ගුරු මෑණිවරුන් පියවරුන් ඇතුළු සියලුම ගුරු මෑණිවරුන් පියවරුන්, සියලුම පුහුණුකරුවන්, අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජික සැමට ස්තුතිවන්ත වන අතර,
‎
‎ඔබගේ මේ විශිෂ්ට ජයග්‍රහණ පිටුපස ඇති කැපවීම, දහඩිය සහ පුහුණුවීම් අප සැමට මහත් ආඩම්බරයකි. ඉදිරි තරඟවලදීත් අප පාසලේ කීර්ති නාමය තව තවත් බැබළවීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ආදි ශිෂ්‍ය සංගමය ලෙස අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු! ❤💚💛❤️
‎
‎💚 ඔබ සැමට කන්නන්ගර පිය සරණයි ! 💚
‎
‎
‎ජයවේවා දිරිය දරුවනේ! 🎉👏
‎සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය
‎
‎

🌟 දශක ගණනාවක් කන්නන්ගර සිසුන්ගේ හා ආදී ශිෂ්‍යයින්ගේ සිත් තුළ පැවති සිහිනයක් සැබෑ වූ මොහොතක්... 🌟අපේ පාසලේ ක්‍රීඩාශීලී දර...
16/09/2026

🌟 දශක ගණනාවක් කන්නන්ගර සිසුන්ගේ හා ආදී ශිෂ්‍යයින්ගේ සිත් තුළ පැවති සිහිනයක් සැබෑ වූ මොහොතක්... 🌟

අපේ පාසලේ ක්‍රීඩාශීලී දරුවන්ගේ හැකියාවන් තව තවත් ඔප් නංවමින්, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් නිර්මාණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම......

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ , සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය , *ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස* මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
*2026 සැප්තැම්බර් 15* වන අද දින *පෙ.ව. 9.34ට* යෙදුනු සුභ මොහොතින් සිදුකෙරුණි... 🕘🏫🏆

වසර ගණනාවක් පුරා කන්නන්ගර සිසුන්ගේ මෙන්ම ආදී ශිෂ්‍යයන්ගේ සිත් තුළ පැවති ඒ සුන්දර සිහිනය, අද යථාර්ථයක් බවට පත් වී මල්පල ගැන්වී ඇත.. 🥇🥈🥉

මෙම ඓතිහාසික අවස්ථාවට අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මැතිතුමා, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ මැතිතුමා, ධනුෂ්ක රංගනාත් මැතිතුමා ඇතුළු , සියලුම මහජන නියෝජිතවරුන්.......

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සැලසුම් අධ්‍යක්ෂකතුමන් ඇතුළු නිළධාරින්,මතුගම ප්‍රාදේශීය ලේකම්තුමන්,මතුගම කලාප අධ්‍යාපන කාර්‍යාලයේ අධ්‍යක්ෂකතුමිය,මතුගම ඉංජිනේරු කාර්‍යාලයේ ප්‍රධාන ඉංජිනේරු ඇතුළු නියෝජිතයින්, මතුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන්.......,

අප විද්‍යාලීය විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්,හිටපු විදුහල්පතිවරුන්, ගුරු මෑණිවරුන් හා පියවරුන්,අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයින්.....,

ආදි ශිෂ්‍යය සංගමයේ ලේකම්තුමා ඇතුළු සියලූම ආදී ශිෂ්‍ය ශිෂ්‍යයාවන්,පාසල් සංවර්ධන සමීතියේ ලේකම්තුමා ඇතුළු සියලූම සාමාජිකයින්, දෙමව්පිය පවුරේ සාමාජිකයින් ඇතුළු සියලූම දෙමව්පියන් ,අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා කන්නන්ගර විදුපියසට ආදරය කරමින් මෙම ස්වර්ණමය අවස්ථාවට සහසම්බන්ධ වූ හා සුබ පැතුම් එක් කළ ඔබ සියලූම දෙනාට හෘදයාංගම ස්තූතිය පුදකරමි....!🙏🙏🙏

අපේ පාසල වෙනුවෙන්...
අපේ දරුවන්ගේ .....
අනාගතය වෙනුවෙන්...
අපි එකට එක්වෙමු...
ක්‍රීඩාවෙන්ද අපේ පාසල....
ලංකා ධරණිතලයේ කෙලිබිම.....
දික්විජය කරමු....! 🇱🇰💚💛❤️

ඔබ සැමට කන්නන්ගර පිය සරණයි...!❤️💚💛

🌟 දශක ගණනාවක් කන්නන්ගර සිසුන්ගේ හා ආදී ශිෂ්‍යයින්ගේ සිත් තුළ පැවති සිහිනයක් සැබෑ වන මොහොතක්... 🌟💫 ආරාධනාවයි ! 💫අපේ පාසලේ...
13/09/2026

🌟 දශක ගණනාවක් කන්නන්ගර සිසුන්ගේ හා ආදී ශිෂ්‍යයින්ගේ සිත් තුළ පැවති සිහිනයක් සැබෑ වන මොහොතක්... 🌟

💫 ආරාධනාවයි ! 💫

අපේ පාසලේ ක්‍රීඩාශීලී දරුවන්ගේ හැකියාවන් තව තවත් ඔප් නංවමින්, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් නිර්මාණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස මුල්ගල් තැබීමේ උත්සවය ⭐

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් *2026 සැප්තැම්බර් 15* වන දින *පෙ.ව. 9.00ට* යෙදෙන සුභ මොහොතින් ආරම්භ වේ. 🕘🏫🏆

වසර ගණනාවක් පුරා කන්නන්ගර සිසුන්ගේ මෙන්ම ආදී ශිෂ්‍යයන්ගේ සිත් තුළ පැවති ඒ සුන්දර සිහිනය, අද යථාර්ථයක් බවට පත්වෙමින් පවතී. 🥇🥈🥉

මෙම ඓතිහාසික අවස්ථාවට පාසලේ ආදි ශිෂ්‍යයින්, වර්තමාන සිසුන්, ගුරු මෑණිවරුන් සහ පියවරුන්, දෙමාපියන් සහ කන්නන්ගරයට ආදරය කරන සියලු දෙනාගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.

අපේ පාසල වෙනුවෙන්... අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්... අපි එකට එක්වෙමු! 🇱🇰💚💛❤️

ඔබ සැමට කන්නන්ගර පිය සරණයි...!❤️💚💛

"භාවිතයෙන් ඉවත් කළ ඩෙස් පුටු වලට නව ජීවයක් ලබා දෙමු"🪑පාසල් සිසුන්ගේ පරිහරණයට ගතහැකි මුත් හානිවීම නිසා පාසලේ විවිධ ස්ථාන ...
12/09/2026

"භාවිතයෙන් ඉවත් කළ ඩෙස් පුටු වලට නව ජීවයක් ලබා දෙමු"🪑

පාසල් සිසුන්ගේ පරිහරණයට ගතහැකි මුත් හානිවීම නිසා පාසලේ විවිධ ස්ථාන වල එක්රැස් වී තිබූ ඩෙස් හා පුටු යලි ප්‍රතිසංස්කරණ කර පාසල් ළමුන්ගේ පරිහරණයට ලබා දීමේ වැඩසටහනේ පළමු පියවර ලෙස එසේ නැවත ප්‍රතිසංස්කරණ කළ පුටු 50ක ප්‍රමාණයක් මෙලෙස 2026.09.06 දින පාසලේ විදුහල්පතිතුමන් වෙත භාර දීම පාසල් ආදී ශිෂ්‍ය සංගමයේ ලේකම්තුමන් ප්‍රමුඛ සාමාජිකයන් විසින් සිදු කෙරිණි.

මෙම වැඩසටහන විදුහල්පතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් සංගමයේ අරමුදල් මගින් ප්‍රතිසංස්කරණය සිදු කරන ලදි.

මේ සඳහා සහයෝගය හා මූල්‍යමය ශක්තිය ලබා දුන් අප පාසලේ ආදි ශිෂ්‍ය ඔබ සැමට ස්තූතියි...🙏🙏🙏

🤝පාසලේ දියුණුව වෙනුවෙන් එකම අරමුණක් ඔස්සේ එකමුතුව කටයුතු කළ සියලු දෙනාගේම කැපවීම , දායකත්වය හා සහයෝගය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට මහත් ශක්තියක් විය.

🏫අපේ පාසල බැබළවීමට උරදීම අපේ වගකීමකි...
🏫එකමුතුවෙන් අපේ පාසලේ වත්මන් සිසුනගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරමු.

ඔබ සැමට කන්නන්ගර පිය සරණයි ❤️💚💛

#ඩෙස්පුටුවලටනවජීවයක්




🏫 නව පාසල් වාරයට සූදානම් කරන අපේ පාසල 🌿✨2026.09.06 වන දින, පාසල නව පාසල් වාරය සඳහා වඩාත් සුන්දර, පිරිසිදු හා ක්‍රමවත් පර...
11/09/2026

🏫 නව පාසල් වාරයට සූදානම් කරන අපේ පාසල 🌿✨

2026.09.06 වන දින, පාසල නව පාසල් වාරය සඳහා වඩාත් සුන්දර, පිරිසිදු හා ක්‍රමවත් පරිසරයක් බවට පත් කිරීමේ අරමුණින් විශේෂ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන විදුහල්පතිතුමන්ගේ, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ, සහකාර විදුහල්පතිවරුන්ගේ හා ගුරු මෑණිවරුන්ගේ , ගුරු පියවරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි, ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන්, පාසල් සංවර්ධන සමිතිය හා පාසල් දෙමාපිය පවුර,දෙමව්පියන්ගේ හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

🤝 පාසලේ දියුණුව වෙනුවෙන් එකම අරමුණක් ඔස්සේ එකමුතුව කටයුතු කළ සියලු දෙනාගේ කැපවීම, ශ්‍රමය හා සහයෝගය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට මහත් ශක්තියක් විය.

🌱 අපේ පාසල – අපේ වගකීමයි!
💚 එකමුතුවෙන් අපේ පාසල තවත් සුන්දර කරමු!

ඔබ සැමට කන්නන්ගර පිය සරණයි...!❤️💛💚

#නවපාසල්වාරයටසූදානම්කරනඅපේපාසල




🎉🏆 විශිෂ්ට ජයග්‍රහණයකට උණුසුම් සුබ පැතුම්! 🏆🎉🌟 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය – මතුගම 🌟අප විද්‍යාලයේ 5 ශ්‍...
06/09/2026

🎉🏆 විශිෂ්ට ජයග්‍රහණයකට උණුසුම් සුබ පැතුම්! 🏆🎉

🌟 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය – මතුගම 🌟

අප විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ අප විද්‍යාලයේ සිසුන් අතරින් විද්‍යාලයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්,

🏆 K.A. Okindu Dulnitha 🏆

දක්ෂ පුතණුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🎊💐

ඔබේ කැපවීම, උත්සාහය සහ දක්ෂතාවය අප විද්‍යාලයට මහත් අභිමානයකි. ❤️

📚✨ අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනිමින් තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වේවායි විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ හදපිරි ප්‍රණාමය !

සුභ පැතුම් ඔකිදු දුල්නිත් පුතණුවනි! ❤️🏆






2026 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය  විද්‍යාලයේ පුංචි ද...
04/09/2026

2026 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ පුංචි දූ පුතුන්ට විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම්!

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අප විද්‍යාලයේ දූ පුතුන් 161 දෙනා අතරින් 72 දෙදෙනෙකුම කඩයිම් ලකුණු සීමාව පසුකරමින් 45%ක විශිෂ්ට සමත් වීමේ ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. 🎓📚

මෙම ජයග්‍රහණය පිටුපස සිටි කැපවීමෙන් වැඩකළ පුංචි දූ පුතුන්ටත්, ඔවුන්ව නිසි මඟ යැවූ විද්‍යාලීය විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් , සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආදරණීය ගුරු මෑණිවරුන් සහ පියවරුන්, අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයටත් සහ සෑම මොහොතකම ශක්තියක් වූ දෙමාපියන්ටත් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ හදපිරි ප්‍රණාමය! 💙🏆

ශිෂ්‍යත්ව කඩඉම ජයගත් මෙන්ම , මෙම කඩඉම සඳහා අභිමානවත් ලෙස මුහුණදුන් කන්නන්ගර දූ පුතුන් සියලු දෙනාගේම අනාගත අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී කන්නන්ගර නාමය ඉදිරියේදී මුළු ලොවක් ඉදිරියේ විරාජමාන කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🏆

ඔබ සැමට කන්නන්ගර පිය සරණයි 💚💛❤️

🏫🌿"නව පාසල් වාරයට සූදානම් කරන අපේ පාසල " 🏫🌿අප පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි, පාසල්...
31/08/2026

🏫🌿"නව පාසල් වාරයට සූදානම් කරන අපේ පාසල " 🏫🌿

අප පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි, පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන්... පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපිය පවුර එක්ව සංවිධානය කරන,

අපගේ දරුවන්ට පිරිසිදු, සුරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත පාසල් පරිසරයක් උරුම කර දීමේ උදාර අරමුණින් සංවිධානය කර ඇති ශ්‍රමදාන වැඩසටහන සහ පාසල කළඑළි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔබ සියලුදෙනාගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමු.

📅 දිනය: 2026 සැප්තැම්බර් 06 (ඉරිදා)

🕗 වේලාව: පෙ.ව. 8.00 සිට

📍 ස්ථානය: පාසල් පරිශ්‍රය

🧤 ඔබගේ ශ්‍රම දායකත්වය සමඟ අවශ්‍ය සරල උපකරණද රැගෙන එක්වන්න.

🤝 අපි එක්වෙමු... 🧹 අපි පාසල කළඑළි කරමු...

🌱 “අද අපගේ එකමුතුකම, හෙට දරුවන්ගේ සුරක්ෂිතභාවයයි.”

ඔබ සැමට කන්නන්ගර පිය සරණයි !

සිත් පහන් කරන ධර්ම ධාරාව… 🪷✨දහම්සර 2026 🙏🎶පොසොන් බැති ගී සරණින් සිත් සනසමින්, බුදු දහමේ අරුත හදවත් තුළට සමීප කරමින්…මතුග...
27/08/2026

සිත් පහන් කරන ධර්ම ධාරාව… 🪷✨

දහම්සර 2026 🙏🎶

පොසොන් බැති ගී සරණින් සිත් සනසමින්, බුදු දහමේ අරුත හදවත් තුළට සමීප කරමින්…

මතුගම, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය කලා සංගමය හා සෞන්දර්ය අංශය එක්ව සංවිධානය කළ “දහම්සර 2026” පොසොන් බැති ගී සරණිය අති උත්කර්ෂවත් අයුරින් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 🪷🎶

මෙම අර්ථවත් හා සුන්දර අවස්ථාවට සහභාගී වී සිය මියුරු හඬින් වැඩසටහන ගීතවත් කළ ඉන්දික ලියනගේ මහතාටත්, විද්‍යාලීය ගුරුභවතුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ ආදි ශිෂ්‍යයන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏❤️

එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිරිය, මඟපෙන්වීම හා සහයෝගය ලබාදුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, කලා සංගමයටත්, සෞන්දර්ය අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ටත්, සහයෝගය හා උදව් උපකාර කළ සියලු දෙනාටත් අපගේ ගෞරවපූර්වක ස්තූතිය පුද කරමු. 🌸🙏

🌼 දහම්සර 2026
සංගීතයෙන් සිත් පහන් කරමින්…
දහමින් දිවි අරුත් ගන්වමින්… 🪷✨

📅 2026.06.30

#දහම්සර2026 #පොසොන්බැතිගී 🙏🪷🎶

සරසවි සිහින සැබෑ වූ අති විශිෂ්ටයින්ට උපහාරයක්! 🎓✨අ.පො.ස. (උ/පෙළ)– 2025🏫 මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යා...
21/08/2026

සරසවි සිහින සැබෑ වූ අති විශිෂ්ටයින්ට උපහාරයක්! 🎓✨

අ.පො.ස. (උ/පෙළ)– 2025
🏫 මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය
🌟 සරසවි සිහින සැබෑ කරගත් අති විශිෂ්ටයින් ඇගයීම
🎓 සරසවි පෙරහැර 2025

2026.06.16 දින පැවැත්වූ “සරසවි පෙරහැර 2025” තුළින්, තම දක්ෂතාවයෙන් සරසවි සිහිනය සැබෑ කරගත් අප විද්‍යාලයේ දූ පුතුන්ගේ ජයග්‍රහණය අභිමානයෙන් සමරමු. ❤️💙

ඔවුන්ගේ කැපවීම, උත්සාහය හා අධිෂ්ඨානය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක්කරන අතර, මෙම අතිවිශිෂ්ට අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා කැපවී කටයුතු කළ විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන්, දෙමාපියන්, සිසුන් සහ මේ සදහා මුදල් අනුග්‍රහය ලබා දී ඔවුන් දිරිගන්වන විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏❤️

🌟 අද ජයග්‍රහණයක්… හෙට රටට වටිනා සේවයක්!🎓

#සරසවිපෙරහැර2025 /L2025 #සරසවිසිහින #අභිමානය

Address

C. W. W Kannangara Central College, Aluthgama Road
Matugama
12100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342247272

Alerts

Be the first to know and let us send you an email when C.W.W. Kannangara College - Matugama. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to C.W.W. Kannangara College - Matugama.:

Shortcuts

Share

Category