18/02/2019
'පිවිතුරු පුරයට පිරිසිදු මතුගම '
මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන
මතුගම “හරිත මිතුරෝ” සංවිධානය මගින් මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර කිරීම සඳහා වන 'පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ' වැඩසටහනනෙහි ප්‍රථම අදියර 2019.02.19 වන නවම් පුර පසලොස්වක පොහෝ දින එනම් හෙට උදෑසන 8.30 මතුගම ලංකා බැංකුව අසලින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.
“හරිත මිතුරෝ” පරිසර හිතකාමී තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් මතුගම නගරයේ අවිධිමත් ලෙස බැහැර කර ඇති පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සහ කැලිකසල ඉවත් කර මතුගම නගරය අලංකාර කිරීමටත්, ඉදිරියේදී නගරය අපවිත්‍ර නොවී පිරිසිඳුව තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් බලාපොරොත්තුවේ. එමෙන්ම මෙම වැඩ සටහන මගින් තම නගරය අලංකාරව හා පිරිසිඳුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව වෙත පණිවිඩයක් ලබා දීමටත් ඒ හරහා නගරයට පැමිණෙන සියළු ජනතාව නගරය පිරිසිඳුව තබා ගැනීමට පෙළඹවීටත් අපෙක්ෂා කෙරේ.
මතුගම ප්‍රාදේශීය සභාව, මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මතුගම පොලිස් ස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , දෙරණ රූපවාහිනී ආයතනය හා මනුසත් දෙරණ වැඩසටහන,ශ්‍රී ලංකා තේ මණ්ඩලය, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සහ Natures පානීය ජලබෝතල් නිෂ්පාදන සමාගම යන ආයතනයන්හි දායකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩ සටහන සඳහා චරිත් ජයතිලක මහතා, ධම්මික ගී කියනගේ මහතා, සමීර වීරසිංහ මහතා,රසික බුද්ධික විතාන මහතා, ජයනි මඩවල මෙණෙවිය සහ ඔසඳ ඉඳුමිණ මහතා යන මහත්ම මහත්මීන් විසින් අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානමින් සිටී.
පොහෝ දින පෙරවරු 8.30 සිට පස්වරු 1.00 මතුගම නගරයේ විවිධ ස්ථානයන් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධායක මණ්ඩලය විසින් සූදානම් කර ඇති අතර පස්වරු 1.00 මතුගම ශ්‍රවණාගාරය අසලින් මෙම වැඩසටහන සමාප්ත වේ. මේ වනවිටත් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වීමට විශාල පිරිසක් ඉදිරිපත්වී සිටින අතර පෙරවරු 8.30 වන විට මතුගම ලංකා බැංකුව අසලට ඔබ සියළු දෙනාගේම පැමිණීම අපේක්ෂා කෙරේ.
මෙම වැඩ සටහන සම්බන්ධයෙන් අවශ්‍ය වැඩිදුර තොරතුරු 0710580734 - පේෂල, 0713563546 - භාතිය, 0779720955 - ඔසඳ, 0717180073 නිපුන, 0712779775 - මලීෂ, 0714034670 - සේලිත යන දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි අතර මෙම සමාජ සත්කාරය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දායකත්වය මතුගම “හරිත මිතුරෝ” ගෞරවයෙන් අපෙක්ෂා කරයි.