21/11/2024
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
🌳 කෝර්ක් ගස - CORK TREE 🌳
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
කෝර්ක් ( Cork Oak) ගසට ප්‍රංශ භාශාවෙන් කියන්නෙ ලියෙජ් ( Liége) . සිංහලට පරිවර්තනය කරාම ලැබුනෙ කිරල විදිහට.
මේ ගස් අයිති වෙන්නෙ Fagaceae පවුලට.
මේ ගස් වැවෙන්නෙ මධ්‍යධරණී මුහුද අවට කලාපයේ.. ප්‍රංශය..ඉතාලිය.. ස්පාඤ්ඤය.. පෘතුගාලය වගේ යුරෝපීය රටවලත් .. ලිබියාව.. ටියුනීසියාව.. ඇල්ජීරියාව වගේ උතුරු අප්‍රිකානු රටවලත් සරුවට වැඩෙන මේ ගස් අවුරුදු දෙසිය පනහක්, තුන්සීයක් තරම් කාලයක් පහසුවෙන් ජීවත් වෙනව.
මේ ගහේ හම අරගෙන කරන නිෂ්පාදන නිසයි අද මේ ගහ බොහෝම ජනප්‍රිය.
දැනට අවුරුදු දෙතුන් සීයකට කලිනුත් මේ ගහේ හම ප්‍රයෝජනයට ගත්ත. ඒ විශේෂයෙන්ම බෝතල් පොරොප්ප හදන්න.
ඒත් අද පාවහන්.. බඳ පටි..අත් බෑග් සහ විවිධ ගෘහස්ත උපකරණ හදන්නත් කෝර්ක් පාවිච්චි කරනව. ඉතාම ශක්තිමත් .....ජලයට ඔරොත්තු දෙන කෝර්ක් එකෝ ෆ්‍රෙන්ඩ්ලි ( Eco Friendly ) එහෙමත් නැත්නම් සොබාදහමේ මිත්‍රයෙක්. රබර් තරම් නම්‍යශීලීයි .. නමුත් ස්වාභාවිකයි ... ඒ නිසාපරිසර දූෂණයක් ඇත්තෙම නෑ.
විශේෂයෙන්ම සත්ව හමින් නිපදවන භාන්ඩ පාවිච්චි කරන්න ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් යුරෝපයේ ඉන්නව. ඒ අය අතර වගේම අළුත් විලාසිතා වලට ප්‍රිය කරන අය අතරෙත් කෝක් ඉතා ජනප්‍රියයි.
මුල්ම වරට ගහේ හම ඉවත් කරන්න අවුරුදු 25 ක් ඉන්න ඕනෙ. එතකොට තමා ගහ හොඳින් වැඩිල තියෙන්නෙ .. ඉන් පසු සෑම අවුරුදු නවයකට සැරයක්ම ගහේ හම ඉවත් කරන්න පුළුවන්. ඒ අවුරුදු නවය ඇතුලත ගහේ හම පුරුදු විදිහට ආයෙ ලියලනව.
එක ගහක ජීවිත කාලය ඇතුලත 15 වාරයක්වත් හම ඉවත් කරන්න පුළුවන්.
පෘතුගාලය හා ස්පාඤ්ඤය ලියෙජ් නිෂ්පාදන වලට හරි ප්‍රසිද්ධයි. වසරකට යූරෝ බිලියන 1.5 ක නිෂ්පාදන වටිනාකමක් මේ කෝර්ක් නිෂ්පාදන මගින් එකතු කරනව.
පෘතුගාලයේ කෝර්ක් ගසක් කැපීම නීතියෙන් තහනම් .. අනිත් රටවල උනත් මේ ගහට ලොකු සැලකිල්ලක් දක්වනව.
යුරෝපයේ නම් වේවැල්.. පන් .. හණ සහ කෝර්ක් සුඛෝපභෝගී නිෂ්පාදන විදිහට සලකන්න පටන් අරන්.
කිරල වගේ ගස්වල හමෙන් මේ වගේ නිෂ්පාදන කරන්න පුළුවන්ද හොයන්න වටිනව.
ප්ලාස්ටික් වෙනුවට.. කෝර්ක්.. කිරල.. වේවැල්.. හණ... පන්.. කොහු නිෂ්පාදන ආපහු වෙළඳ පොළ දිනුවොත් විතරයි මේ ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් තැනක් බවට පත් වෙන්නෙ.
.