Sri Sobhitha Daham School - Aparekka

Sri Sobhitha Daham School - Aparekka Center for Buddhist education and skill development. ධර්ම - විනය දැනුම ප Mr. H. P. D.

(English translation is below the sinhala decription)
ප්‍රදේශයේ බොදු දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නංවාලීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී සෝභිත ධර්ම විද්යාලය වර්ෂ 1981ක් වූ ජනවාරි මස 17 වන දින මාතර, අපරැක්ක ශ්‍රී මණිරතනාරාම විහාරස්ථානයේදී ආරම්භ කරන ලදී.
එච්. පී. ඩී. ඒබ්‍රහම් මහතාගේ මූලිකත්වයෙන් ඇරඹුනු ධර්ම විද්‍යාලයේ ප්‍රථම ප්‍රධානාචාර්යවරයා (1981 - 1983) වූයේද ඒ මහතාමය. එතුමාගෙන් පසු මාතර ශ්‍රී සුදර්ශි පිර

ිවෙන් පරිවේණාධිපති මුල්ගිරිගල ධම්මලෝක (1984 - 1986), මාතර - හම්බන්තොට දෙපලාතේ හිටපු උප ප්‍රධාන සංඝනායක, විචිත්‍රභානී, අපවත් වී වදාල විටියල චූලාලංකාර (1986 - 1996), සහ හක්මන විද්‍යාරාජ පිරිවෙන් පරිවේණාධිපති, අපරැක්ක ශ්‍රී මණිරතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති වේපතඉර ගුණරතන (1996 - 2012) යන ස්වාමීන් වහන්සේලා ප්‍රධානාචාර්ය ධූරය හෙබවූ ධර්ම විද්‍යාලයෙහි වත්මන් ප්‍රධානාචාර්ය ධූරය හොබවන්නේ රාජකීය පණ්ඩිත උඩුගල්මොටේ හේමාලංකාර ස්වාමීන් වහන්සේය. "පරත්ථං පටිපජ්ජත" යන පාලි උපදේශනය ධර්ම විද්‍යාලයේ ආදර්ශ පාඨය වන අතර එහි සිංහල තේරුම "පරාර්ථයේම යෙදෙව්" යන්නයි. 32/45/දපා/ලි/2235 යන අංකය යටතේ ධර්ම විද්‍යාලය බුද්ධ ශාසන අමාත්යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියපදිංචි වී ඇත.
ගොදුරු ගමේ දරු පරම්පරාව ධර්ම විනය අතින් පෝෂණය කිරීම ධර්ම විද්‍යාලයේ ප්‍රධාන අරමුණ වන්නේය. තවද, අවට ගම්වාසීන්ගේ දරු දැරියන් යහමගට යොමු කරවා ගැනීම කෙරෙහිද සමස්ථ දරු දැරියන්ගේ පෞරුෂ වර්ධනය, අධ්‍යාත්මික ගුණ වගාව සහ වෙනත් සුදුසු බාහිර දක්ෂතා වර්ධනය කිරීම මගින් සමාජානුයෝගී පුද්ගලයකු බිහි කිරීම කෙරෙහිද එය බොහෝ සෙයින් උනන්දු වන්නේය.
ශ්‍රී සෝභිත ධර්ම විද්‍යාලය තුල 1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි 11ක් යටතේ දහම් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලැබේ. මේ අතරින් 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශය ලෙසත් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ජ්‍යේෂ්ඨ අංශය ලෙසත් බෙදා වෙන් කොට ඒ සඳහා වෙනමම අංශ ප්‍රධානීන් පත් කොට ඇත. මීට අමතරව සිසු දරු දැරියන්ගේ ධර්ම, විනය දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් විනය කටයුතු, කුසලතා සංවර්ධන සහ බාහිර ක්‍රියාකාරකම් නමින් වෙනත් අංශ තුනක්ද ආයතනය තුල පිහිටුවා ඇත.
ඒ ඒ ශ්‍රේණි වලට අදාල වූ දහම් කරුණු ඉගැන්වීමෙනුත් කුසලතා සංවර්ධන අංශය යටතේ වූ කථිකෝදය, නිවේදන, දම් නැණ, මධුභානී හා රංග කලා යන සංගම් ඔස්සේ සිසු දක්ෂතා ඔප් නංවාලීම තුලිනුත් බාහිර ක්‍රියාකාරකම් අංශය හරහා සිසු දරු දැරියන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සහ අනිකුත් කුසලතා වැඩි දියුණු කරන්නා වූ වැඩසටහන් සංවිධානය කිරීම මගිනුත් ශ්‍රී සෝභිත ධර්ම විද්‍යාලය විශිෂ්ට බොදු දරුවකු නිර්මාණය කිරීමේ මහඟු කාර්ය භාරයක යෙදෙමින් සිටී. Sri Sobhitha Daham School was founded on 17th January 1981 at Sri Manirathanaramaya, Aparekka, Matara with the objective of improving Buddhist education of children in nearby areas. Ebraham was the founder of the school and he also was the first principle (1981 – 1983) of it. After him, Mulgirigala Dhammaloka thero (1983 – 1986) who was a principle of Sri sudharshi piriwena at Matara, Witiyala Chulalankara thero (1986 – 1996) and Wepathaira Gunarathana thero (1996 – 2012) who is the chief monk at Sri Manirathanaramaya were hold the position of the principle. Rajakeeya panditha Udugalmote Hemalankara thero is the present principle of the school since 2012. The pali term “Paraththan Patipajjatha” which has the meaning of “be philanthropic” is the motto of the school. The school is registered at Department of Buddhist Affairs of Ministry of Buddha Sasana & Religious Affairs under the number of 32/දපා/ලි/2235. Main objective of the Sri Sobhitha SundayDaham School is to improve Dhamma – Winaya knowledge of the children at Aparekka village. Further, it striving hard on development of personality and relevant soft skills of student through many extracurricular activities while guiding them on correct pathways to be a successful person to society. In the school, general teaching of dhamma and winaya is carried out with 11 grades from grade 1 to grade 11. From amongst them, grades from grade 1 to grade 5 and grades from grade 6 to grade 11 are categorized as “Junior Section” and “Senior Section” respectively. Sectional heads were appointed for each section to execute continuous monitoring. Three special sections; namely disciplinary section, skill development center and extracurricular activities section had also been formed in the organization. Sri Sobhitha Daham School is in the process of creating great Buddhist person through teaching of subject matters relevant to each grade, developing the talents of students by means of “Kathikodaya”, “Dam Nana”, “Madhubhanee” and “Ranga Kala” societies and organizing extracurricular programs to practice Buddhism in real life and showcase talents of students.

2024 සිසු නිපුණතා තරග දෙවිනුවර මණ්ඩලයේ දහම් පාසල් 30 අතරේ 4 වන ස්ථානය ලබාගත් අපරැක්ක සෝභිත දහම් පාසලේ දූ දරුවන්ට තෑගි සහ...
19/09/2024

2024 සිසු නිපුණතා තරග දෙවිනුවර මණ්ඩලයේ දහම් පාසල් 30 අතරේ 4 වන ස්ථානය ලබාගත් අපරැක්ක සෝභිත දහම් පාසලේ දූ දරුවන්ට තෑගි සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම...

💐💐💐

01/01/2024
දෙවිනුවර ශාසනාරක්ෂක මණ්ඩලය විසින් පවත්වනු ලැබූ  ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව -  සියලුම දහම් පාසල් වල ප්‍රධාන ශිෂ්‍ය නායක ...
06/12/2022

දෙවිනුවර ශාසනාරක්ෂක මණ්ඩලය විසින් පවත්වනු ලැබූ ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව -
සියලුම දහම් පාසල් වල ප්‍රධාන ශිෂ්‍ය නායක - නායිකාවන්ගේ සහභාගීත්වයෙන් 2022 -12 -04 දින අප දහම් පාසලේ දී පැවැත්විණි.

💚💚💚
21/02/2022

💚💚💚

අද නවම් පෝය දිනයයි.  බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්...
08/02/2020

අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය Frist ongregation පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය.

බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.

තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීය.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.

මෙවන් වැදගත් සිදුවීම් නවම් පෝය දිනයේදී සිදුවීම නිසා, ඒවා අනුස්මරණය කරමින් බොදු සිරිතට අනුව තම ජීවිත සකස්කර ගන්නට කිසියම් උත්සාහයක් දැරීමට, බොදු සැදැහැතියන් නවම් පෝය දිනයේදී අදිටන් කරගන්නවාට සැකයක් නොමැත. සිරිලක වෙහෙර විහාර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන දිනයකි, නවම් පෝය දිනය. දාන-ශීල-භාවනා-ආදී වටිනා කාර්යයන්හි යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ එකම අදිටන මුළු මනින් බෞද්ධ ප්‍රතිපත්තිවලට මෙදින මුල්තැන දීමයි.

නවම් පොහෝදිනයේදී ශාසනික සිදුවීම් සිදුවූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්‍රධාන ය. එයට හේතුව ප්‍රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන්ද, සැරියුත්, මුගලන් දෙනම මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගිවූහ. එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේණාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙනම පිළිවෙලින් දකුණත් සවු සහ වමත්සවු තනතුරුවලට පත්කරන ලදී.

සංඝ ශාසනයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු කීප නමක්ම සිටියදී , ජ්‍යේෂ්ඨත්වයක් නැති සැරියුත්-මුගලන් දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාදීම පිළිබඳ භික්ෂූන් අතර විවිධ කතා ඇති විය. බුදු දහමේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාද ලක්ෂණයක් නම්, කිසියම් සැකයක් ඇතිවූ විටත් ඒ ගැන ප්‍රශ්න කරන්නට ඇති අයිතියයි. බුදුන් වහන්සේ කරුනු පැහැදිලි කරමින් දෙසා වදාළේ.

මහණෙනි, පංචවාර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂුහු තුන් බෑ ජටිල යන හැමදෙනාම විවිධ ප්‍රාර්ථනා සහිතව පින් කළහ. අග සවු පදවි පතමින් පින් කළ දෙදෙනා වූයේ සැරියුත් – මුගලන් දෙනමයි. එමනිසා ඒ දෙනම එකී තනතුරුවලට පත් කළ වග බුදුන්වහන්සේ පැහැදිලි කර දුන් සේක.

සැරියුත් හිමියන් බමුණු මහ සල් කුලයෙහි උපන්නේ මෙයට අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරය. එදා ඔහු ‘සර්දා’ නම් විය.

මුගලන් හිමියන්ද උපන්නේ මහසල් කුලයේ ය. හේ නමින් සිරිවඩ්ඩ නම් විය.

මේ දෙදෙනා අඹ යහළුවෝ වූහ. සර්දා, තම පියාගේ ඇවෑමෙන් ලද ධනය දුගී, මගී, යාචකයන්ට බෙදා දෙමින් මෝක්ෂය සොයා යමින් පැවිදි විය.

එදවස අනෝමදස්සි නමින් බුදු කෙනෙක් පහළ වූහ. උන්වහන්සේගේ අග සව්වන් වූයේ නිසග සහ අනෝම ය. අනෝමදස්සි බුදුන් වහන්සේ සාරද තවුසන් හමුවන්නට වැඩම කළහ. උන්වහන්සේ දහම් දෙසුමට සවන් දුන්නද රහස් ඵලයට පත්නොවිණ. එයට හේතුව, සාරද අනාගතයේ බුදුබව ලබන ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළ බැවින්ය.

ගෞතම බුදුරදුන් පහළ වූ කල මුගලන් තෙරුන් උපත ලැබුවේ කෝලිත බමුණු ගමේය. මොග්ගලී නම් බැමිණියගේ පුත්‍රයාවූ බැවින් ඔහු මොග්ගල්ලාන නමින් ප්‍රසිද්ධ විය. රූපසාරී නම් බැමිනියගේ පුත්‍රයා සාරිපුත්ත නම් විය.

පසුව ධරම සේනාධිපති වූ සැරියුත් මාහිමියෝ ප්‍රඥාව අතින් අග තැන සිටි ශ්‍රාවකයාණෝ වූහ. සෘද්ධිවන්ත භික්ෂූන් අතර ප්‍රමුඛයා වූයේ මුගලන් තෙරුන්ය.

නවම් පුනු පොහෝදා සැරියුත් – මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීමෙන් අනතුරුව, මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය, අප තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළසේක. බුද්ධ ශාසනය ප්‍රථම වසර විස්ස තුළදී ඉතා විනයගරුකව පැවැතිණි. එම නිසා එම කාලය තුළදී තමන්ගේ ගෝලයන් වූ භික්ෂූන් වහන්සේට විනය ශික්ෂාපද පැනවීමක් අවශ්‍ය නොවීය. මේ නිසා ආණාප්‍රතිමෝක්ෂය දේශනා කරන්නට අවශ්‍යතාවක් පැන නැඟුණේ නැත. ආණ, ප්‍රතිමෝක්ෂය ‘අණ කිරීමක්, ලෙස හැඳින්විය හැකිය. ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කොට වදාළේ, නවම් පුණු පොහෝ දිනකදීය.

සැරියුත් – මුගලන් යන අග සවු හිමිවරුන් පිරිනිවන් පෑමෙන් පසුව, ගෞතම බුදුන් වහන්සේ රජගහනුවරින් පිටත්ව ගොස් චාපාල චෛත්‍යය අබියසදී ආනන්ද හිමිපාණන් හමුව සතර ඉර්ධිපාද වැඩු අයකුට අවශ්‍ය නම් කල්පයක් වුවද ජීවත්විය හැකි බව ප්‍රකාශ කළහ.

එහෙත් ආනන්ද හිමියන්ට බුදුරදුන් කරන ලද ඉල්ලීම පැහැදිලි නොවිණි. එබැවින් නවම් පුණු පොහෝ දිනක බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක.

තමාගේ ගැලවුම්කරුවා තමන්ම බවත්, විමුක්තිය උදාකරගත හැකිවන්නේ, තමාගේ උට්ඨාන වීර්යයෙන් බවත් එසේම විමුක්තිය, ලබා ගැනීම දෙවියන්ගේ ආධාරයෙන් කළ නොහැකි බවත්, අප අවධාරණය කළ යුතුය. තමා අපේක්ෂා කරන විමුක්තිය, නිවන පසක් කරගත හැකි වන්නේ තමාගේම ස්වශක්තියෙන් ය. සියලු සත්ත්වයන්ට මෙත් පතුරුවා සමස්ත ලෝ වැස්සන්ට දයාව, කරුණාව, මෛත්‍රිය පැතිරවීමෙන් පමණකි.

..72 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු..1948 පෙබරවාරි 04 වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස...
03/02/2020

..72 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු..

1948 පෙබරවාරි 04

වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

ශ්‍රී ලංකාව නිදහස් රාජ්යක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමෙනුයි.

එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළඹුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤ්ඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.

නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ.

නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය.

මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය.

පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ.

වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය.

එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය.

ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්.එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.

1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබේ.

බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෘතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 72ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.

( පසුගිය වසරක දිනමිණ පුවත් පතේ පලවූ ලිපියකින් උපුටා ගන්නා ලදි)..

01/01/2020

සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!

Address

Sri Manirathanaramaya, Aparekka
Matara
81000

Opening Hours

07:30 - 12:00

Telephone

+94 412245459

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sobhitha Daham School - Aparekka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sobhitha Daham School - Aparekka:

Shortcuts

Share

Category