19/03/2026
එකම පන්තියේ
කොල්ලො ටික සෙට් කරන්,
සෑහෙන්න ගාණකුත්
ලෝක අමාරුවෙන් එකතු කරන්,
ලොකු ලොකු වාහන වල නැගලා
DJ එකක් ගහහෙන
පපරයක් ගහගෙන
සද්ද බද්ද දාගෙන
අවුරුද්දකට සැරයක්
ඒ දවස එනකං බලාගෙන හිටපු
එහෙම නැත්නම්
උඹලගෙ ලොකුම බලාපොරොත්තුවක් වෙච්ච
ආතල් එකක්,
කඩන්න වුණ එකට
සමාවෙයල්ලා අපිට.
පෙරඩ් එක කෑන්සල් කලාම,
ගොඩාක් අය අහලා තිබුණා
පයින් හරි යමු කියලා.
දවසෙන් දෙකෙන්
එහෙම walk එකක් සංවිධානය කරන එක ලේසි නෑ.
ටී ශර්ට් එක ඇඳගෙන
ඉස්කෝලෙ කොඩිය උස්සගෙන
නිකංම නිකං
පාර දිගේ ගියාට
කිසිම ගැම්මක් එන්නෙ නෑනෙ බං.
දන්නවනෙ
සමහරු අපිට වරදිනකං
බලන් ඉන්න කාලයක් මේක.
අපි මොකක්ද කරන්නෝන උඹලා වෙනුවෙන්.
ඒකට සාධාරණයක් කරන්න
අපි ලෑස්තියි.