AIM English Academy

AIM English Academy

Share

ඔබේ ලෝකයේ සීමාවන් පුළුල් කරගන්නට ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කරගන්න.

14/04/2026

ආදරණීය සිසු දරුවන්ටත් දෙම⁣ව්පියන්ටත් ගුරුභවතුන්ටත් ලබන්නා වු නව වසර අධ්‍යපනික කටයුතු සාර්ථක වන සුභ නව වසරක් වේවා,

10/04/2026

Happy Birthday Sir,

07/04/2026

🧿 📚 ඉංග්‍රීසි භාෂාව සඳහා දිගින් දිගටම වාර විභාග වල දී ලකුණු 35 ට අඩු⁣වෙන් ලබාගත්, මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් හෝ නිසි විසඳුමක් නොමැතිව සිටින විශේෂ මඟ පෙන්වීමක් අවශ්‍යය වන 10 සහ 11 ශ්‍රේණි වල දුවා දරුවන්ටම විශේෂයෙන් විද්‍යාත්මකව සකස් කරන ලද, මෙම අති විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා දේශක ලගත් ඇදුරංග ගුරුතුමන්ගේ මෙහෙයවීමෙන් මාතර සිප්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී (රාහුල පාර, YMBA ශාලාව අසල) 2026 මැයි 4 සහ මැයි 5 දින වලදී ඇරඹේ.

🧿 📚 පෙර විභාග වල දී ලකුණු "0" මට්ටමේ සිටියද ඉදිරියට එන වසර අවසාන වාර විභාගයේ දී හෝ සාමාන්‍ය පෙළ විභාගයේ දී "A" සාමාර්ථයකට නිසැකව ළඟා වීම සහතික කරනු ලබන මෙම ඉංග්‍රීසි පාඨමාලාව මැයි 4 වන දින 10 ශ්‍රේණියේ සිසුන් සඳහාත් මැයි 5 වන දින 11 ශ්‍රේණියේ සිසුන් සඳහාත් පස්වරු 2:30ට ආරම්භ වේ.

🧿 📚 අඩු ලකුණු සහිත පෙර වාර විභාග දෙකක හෝ තුනක ඉංග්‍රීසි පිළිතුරු පත්‍ර රැගෙන එදිනට හෝ එදිනට පෙර පැමිණ ලියාපදිංචි වන්න.(බඳවා ගැනීම සීමිතයි /සිසුන් 350ක් පමණි)


☎️සිප්ටා කළමනාකාරීත්වය - 0718 552 505
☎️AIM කළමනාකාරීත්වය - 0777 143 533
☎️ලගත් ඇදුරංග සර් - 0777 195 109

06/04/2026

2026 Theory - ප්‍රත්‍යස්ථතාවය (Resilience) ඒකකය මුල සිට සරලවම ඉගෙන ගන්න ඔබත් සූදානම්ද?

👉 දිනය: හෙට, අප්‍රේල් 07
⏰ වේලාව: පෙ.ව. 7.00 - ප.ව. 02.00
📍 ස්ථානය: SASIP නුගේගොඩ + Online

27/03/2026

# #🧧හිතක මතක 135 මම දරුවන් දහස් ගණනක් එක්ක
ඒ අයගේ ජීවිත ඉහලට ගන්න හදන වෙලාවක
එයා ...ගස් වැල් දස දහස් ගණනක් ....
මේ පින්වන්ත පොලවේ උපදවන්නට ..
මිල කල නොහැකි රක්ෂිත වනයන්
මේ රටට ලබා දෙන්නට
රටට ආදරය කරන
දරුවන් ..පරිසරවේදීන් එක්ක ...
ප්‍රචාරණ නොසොයමින්
හරි සතුටින්
දිවා රෑ නොබලා වෙහෙසුනා
🌤️🌤️🌤️
මම ...නිදිමරාගෙන නිබන්ධන ලියමින්
අලුත් ගැටළු අනුමාන එක්ක
ගැටෙන කොට
එයා ....අපේ මහ පොලවට එකතු වෙන
වස විෂ පොලිතීන් ගැන සංවේදී වෙමින්
අපේ වෙරළවල් ...සංවේදී පරිසර කලාප
පවිත්‍ර කරන්නට ..සිය ගණන්
පරිසර ප්‍රේමීන් එක්ක
හරි හරියට නිහඬවම එකතු වුනා
🌤️🌤️🌤️
මම රටේ දුෂ්කර පාසල් වලින් ලැබුණු
විවිධ ඉල්ලීම් වලට සාධාරණයක් කරමින්
ඒ ඉස්කෝලවලට ගිහින්
නොමිලයේ සම්මන්ත්‍රණ ඩිජිටල් පහසුකම්
සහ පොත් පත් ආදිය දරුවන්ට ලබා දෙනකොට
ඇය ...PLANET PROTECTOR නම්
අපුරු පරිසර සංවිධානය එක්ක
මිහිකත සමුළු වලට දායකත්වය ලබාදෙමින් ..
මේ ලෝකය සුවපත් කර
අනාගත පරපුරට උරුම කර දෙන්නට
හරි හරියට වෙහෙස වුනා
🌤️🌤️🌤️
ඇය ..කියලා කිව්වේ
මගේ ආදරණීය බිරිද ..මුදිතා පුස්සැල්ල ට
ඉතින් මම හැමදාම .මගෙන් ඉගෙන ගත්ත
දරුවෝ ගැන ..මට ලැබුණු දේවල් ගැන
ඕනේ තරම් කතා කරලා තියෙනවා
නමුත් ..හැමදාම සෙවනැල්ලක් වගේ
මාත් එකක්ම ඉන්න .එයා ගැන
ලේසියට කතා කරලා නැහැ ..
මොකද ඇය එවැනි දේවලට
කොහොමත්ම
කැමති නැති නිසා ...
🌤️🌤️🌤️
මම ..රටේ ළමයින්ට
PHYSICS උගන්වන කොට
එයා මේ ලෝකයටම පරිසරය ගැන
ගැඹුරින් හිතන්න කියලා දෙන
2026 EARTH SUMMIT
එහෙම නැතිනම් පෘතුවි සමුළුවේ
මහා වැඩ ගොඩක් හිසින් දරාගෙන
ඒ ඔක්කොම සාර්ථක කරගන්න
ලොකු ශක්තියක් දුන්නා ..
ඉතින් මාත් එක්ක මගේ ජීවිත ගමනට
සෙවන දෙන ඇය
මේ තරම් වැඩ ගොඩක්
සතුටින් සැහැල්ලුවෙන් කරමින්
කරන මේ සේවය ..ගැන
ඇත්තටම මට තියෙන්නේ
නිහතමානී ආඩම්බරයක් ..
🌤️🌤️🌤️
සර් ..අපිටත් ඕවා කරන්න පුළුවන්
සල්ලි කාලය සම්බන්ධතා නේ ඕනේ
කෙනකුට ..එහෙම කියන්නත් පුළුවන්
නමුත් මේ රටේ ධනය බලය හැම දෙයක්ම ඇති
ගොඩක් දෙනෙක් බලන්නේ
ඒ දේවල් මොහොතින් මොහොත
වැඩි කරගන්න මිස
තමන් සතු දේවල්
වැය කරන එක නොවන බව
මම දන්නේ මම ලබපු
ලොකු අත්දැකීම් ගොඩත් එක්ක
ඒ තමා ලෝකේ හැටි
මම ඒකට කාටවත් දොසක් කියන්නේ නැහැ
🌤️🌤️🌤️
නමුත් මගේ බිරිද ලාභ ප්‍රයෝජන නොතකා
නිහඬව කරන මේ මෙහෙය
අගය කරන්න සුදුසුම කෙනා මම කියලා
මට හිතෙනවා
මොකද ඒ වෙහෙස කැපවීම ගැන
හොඳටම දන්නා කෙනා මම නිසා
🌤️🌤️🌤️
ඉතින් 2026 මාර්තු 18 දින
3 වන වරටත් පැවති පෘථිවි සමුළුවේදී
ඇගේ මේ සත්කාරය ඇගයීමකට ලක්වුනා
ඒ මොහොතේ මගේ දෙනෙත් තෙත් වුණා
ඉතින් මේ වචන ටික කොහොම හරි
ලියන්න ඕනේ කියලා මගේ හිත කිව්වේ
ඒ වෙලාවේ
🌤️🌤️🌤️
ඉතින් ...ඒ නිසා ඇය වෙනුවෙන්
අද හිතක මතක මේ විදිහට පෙළ ගැසුනා
🌤️🌤️🌤️
මේ පරිසර හිතකාමී වැඩ සටහන් වෙනුවෙන් කැපවෙන
තිත්තගල්ලේ ආනන්දසිරි නායක ස්වාමින් වහන්සේ
මාතර සිද්ධත්ත ස්වාමින් වහන්සේ ඇතුළු
බොහෝ දෙනෙක් සිහිපත් කරන්නට
මෙය අවස්ථාව කරගන්නවා
https://www.facebook.com/muditha.pussella.7/posts/pfbid02eM9vmYrLS1A7XWknZKfhVDdiDjZuPKTzAHeR43xzpTgsitF3W67JkNzvt7GH5BgBl

21/03/2026
24/01/2026

🧿 මාතර නගරය අවට සිටින සද්ධස්සකුලපුත්තස්සයන්ට පමණක් කෙරෙන ආරාධනාවකි.

ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින සමයක ත්‍රිපිටක⁣⁣යේ මහා පරිනිබ්බාන සුත්‍රයේ 95 වන ඡේදයේ පෙන්වා දී ඇති පරිදි, ජාත සෝතාඵන්න නොවන නමුත් යෝනිසෝ මනසිකාරය සහිත සද්ධස්සකුලපුත්තස්ස සිව්වනක් පිරිසට පළමු වතාවට එක් වරක් හෝ සමුදය නිරෝධය කර ගෙන සෝතාඵන්න ඵලයට පත් වීමට අත්‍යවශ්‍ය බුද්ධ ශක්තියට අනුගතවීමට හැකි සතර මහා ස්ථාන වලින් බලංගොඩ බුදුගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට නොබෝ දිනකදී සැලසුම් කිරීමට නියමිතයි.

දින කිහිපයක චාරිකාවට සහභාගී වීමට නොහැකි නිසාත් වෙහෙසකර ප්‍රවාහන ක්‍රම නිසාත් බුද්ධ ශක්තියට අනුගත වීමට අපහසුතාවයක් ඇති යම් අරිය ශ්‍රවකයෙක් වේ නම් වායු සමීකරණය කල සුව පහසු බස් රථයකින් (ජම්පින් සීට් භාවිතයෙන් තොරව) උදෑසන මාතරින් පිටත්ව ගොස් රාත්‍රී වන විට නැවත පැමිණෙන්නට හැකි අයුරින් සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ.

උදෑසන ආහාරය දිවා ආහාරය සපයා දීමට සැලසුම් කරන අතර, රුපියල් 4300/-ක වැනි මුදලකට ලාභයක් බලාපොරොත්තුවෙන් තොරව සැලසුම් කරන අතර යම් මුදලක් ඉතිරි වුවහොත් සියලුදෙනා අතර බෙදා හැරීමටද බලාපොරොත්තු වෙි

අප ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයෙක් විසින් සංවිධානය කරන අතර එතුමාගේ ඉල්ලීම පරිදි මේ දැන්වීම පළ කරන ලදි. එතුමා මේ ආකාරයෙන් ⁣බඹරගල ලුම්බිණියත් හිරිවඩුන්න ජය සිරි මහාබෝධියත් වන්දනා කර ගැනීමට චාරිකා දෙකක් පමණක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටින ලදි .

☎️ 0777 143 533

10/01/2026

Be a person who achieve goals in First possible attempt.

03/01/2026

2026 Revision | ව්‍යුහය හා බන්ධන ආරම්භය 🔥

පළමු දින නොමිලේ❗️

ජනවාරි 7 බදාදා රාත්‍රී 7.00 සිට 9.30 දක්වා

නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස

නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියළුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න.

Tutes, links සහ වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ.
https://t.me/echem_26R

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක ✔️

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Matara

Opening Hours

08:00 - 12:00