අපි Royal තෙලිජ්ජවිල

අපි Royal තෙලිජ්ජවිල Address -
MR/Thelijjawila Rajakeeya M.V. Thelijjawila
Matara

19/08/2026

මේ වන විට ලෝකයක් දන්න උවිදු ආශ්චර්ය රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.. ඔහුගේ ලස්සන සිංදුවක් විද්‍යාලයේ සංගීත අංශයේ දරුවන් ගායනා කරන අපූර්ව බලන්න.. Uvindu Ayshcharya ❤️

19/08/2026

ශිෂ්‍ය නායක පුහුණුවේ විශේෂ අවස්ථාවක්..

-නායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන-2026 පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දරුවන් සඳහා අන්තරායක් ඖෂධ අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක චාමර ...
19/08/2026

-නායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන-
2026 පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දරුවන් සඳහා අන්තරායක් ඖෂධ අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 08 වන දා පාසලේ ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

E CHESS ACADEMY SKILL DEVELOPMENT Chess Tournament 2026තරඟාවලියේ ජාතික හා ජාත්‍යන්තර පාසල් රැසක් අභිබවා යමින් , " rank "...
11/08/2026

E CHESS ACADEMY SKILL DEVELOPMENT
Chess Tournament 2026

තරඟාවලියේ ජාතික හා ජාත්‍යන්තර පාසල් රැසක් අභිබවා යමින් , " rank " ලද ක්‍රීඩකයන් බහුතරයක් හා ජාත්‍යන්තර තරග නියෝජනය කරන ලද තරග කරුවන් රැසක් මැද තෙලිජ්ජවිල රාජකීයයන්ගේ නමත් කරලියට ගෙන එමින් merit ශූරතාවය ලද සත්මත් උපුල්වන් පුතුට හා පුහුණුකරුවන්ට දෙමාපියන්ට පාසලේ උණුසම් සුබ පැතුම්...

විශේෂම - ශිෂ්‍යත්වයට කලින් දවසෙත් චෙස් තරගාවලියක, ශිෂ්‍යත්ව විභාගයට පසු දවසෙත් චෙස් තරගාවලියක.. සුබ පැතුම රාජකීය පොඩ්ඩෝ දිනන්න ජීවිතයම...

රාජකීය පොඩ්ඩා ගැන රටට කියූ HIRU FM Hiru Gossip Hiru News ස්තූතියි 🙏වීඩියෝව පහත Link එකෙන් බලන්න https://www.facebook.com...
10/08/2026

රාජකීය පොඩ්ඩා ගැන රටට කියූ HIRU FM Hiru Gossip Hiru News ස්තූතියි 🙏

වීඩියෝව පහත Link එකෙන් බලන්න
https://www.facebook.com/share/v/19AwWHUD2x/

පුංචි වයසට තියෙන ලොකු හීනයක් ...
හිරු නිව්ස් විදියටම ප්‍රවෘත්ති කියවන
මාතර අකුරැස්සේ පුංචි මාධ්‍යවේදියා...
හදවතටම දැනෙන ආදරණීය කතාව මෙන්න...

ළමා කාලය කියන්නේ හීන පෝෂණය වෙන සුන්දරම කාලයයි. සමහර පුංචි හිත්වල තියෙන හීන කොයිතරම් ලොකුද කියලා දැක්කම අපේ හිත්වලට දැනෙන්නේ අමුතුම ආදරයක්, වගේම ලොකු පුදුමයක්.

ඔන්න ඉතින් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙකුගේ හදවත් ස්පර්ශ කරපු, නෙතඟට ආඩම්බර කඳුළක් එක්ක හදවතට ලොකු සතුටක් ගෙනාපු ආදරණීය වීඩියෝ පටයක් අපේ ඇස ගැටුණා.

මේ පුංචි පැටියාගේ නම සයුල් විද්වාන් ගමගේ. ඉගෙන ගන්නේ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ 02 ශ්‍රේණියේ. මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මේ පුංචි සයුල් පුතා, මේ වෙද්දී මුළු සමාජ මාධ්‍යජාලාවලම අවධානය දිනාගන්න සමත් වෙලා තිබෙනවා.

ඊට හේතුව තමයි, හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති විකාශය කෙරෙන ආකාරයටම හරිම අපූරුවට පුවත් පිටපත් තනියම ලියමින්, ඒ විදියටම හඬ පාලනය කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම.. 02 ශ්‍රේණියේ ඉගෙනගන්න පුංචි වයසකදී ඔහු දක්වන ඒහැකියාව සහ කැපවීම දැකපු ඕනෑම කෙනෙකුගේ හදවත ආඩම්බරයෙන් පිරී යනවා නොඅනුමානයි.

පුංචි කාලෙක ඉඳන්ම ප්‍රවෘත්ති කියන්නත්, ඒවා සමාජයට අරන් යන්නත් මේ පුංචි හිතේ තියෙන ආසාව ඇත්තටම පුදුමාකාරයි. පුංචි වයසට තියෙන මේ ලොකු හීනය කවදාහරි සැබෑ වෙලා, දවසක රටම අඳුනන, මුළු රටටම හඬක් වෙන අභිමානවත් ප්‍රවෘත්ති නිවේදකයෙක් සහ මාධ්‍යවේදියෙක් වෙන්න පුංචි සයුල් පුතාට ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

නිමාවට පත්වු දකුණු පළාත් පාසල් මලල ක්‍රිඩා උලෙළේ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයට සමස්ත ලකුණු සටහනේ ලකුණු 18ක් ලබා ගනිමින් ද...
10/08/2026

නිමාවට පත්වු දකුණු පළාත් පාසල් මලල ක්‍රිඩා උලෙළේ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයට සමස්ත ලකුණු සටහනේ ලකුණු 18ක් ලබා ගනිමින් දකුණු පළාතේ හොඳම පාසල් 15අතරට පැමිණීමට හැකියාව ලැබුණි..

එහිදී,
💎 සසිනි චාමින්දි 14න් පහල බාලිකා උස පැනීමේ ඉසව්වේන් 4වන ස්ථානය ද
🥉සජිත් අප්සර 20න් පහල මිටර් 800 ඉසව්වේන් 3වෙනි ස්ථානය ද
💎 මිටර් 5000 ඉසව්වේන් හතරවන ස්ථානය ද
🥉සසිදු නෙත්සර 16න් පහල 100m ඉසව්වේ 3වන ස්ථානය 200m පස්වන ස්ථානය ද
💎දනිදු හිංසන මිටර් 200 ඉසව්වෙන් පස්වන ස්ථානය ද

ලබාගනිමින් විද්‍යාලීය නම, අකුරැස්ස කලාපයේ නම පළාත් තරඟාවලිය තුල පැතිරවීය.. මේ සඳහා කැපවූ දරුවන්ට හා දරුවන් ඒ සඳහා දිවා රෑ නොබලා පුහුණු කළ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩාවේ ජීවය වූ ක්‍රීඩා පුහුණුකරු කසුන් චතුරංග Kasun Chathuranga Dikmadugodage මහතාට විද්‍යාලීය සුබ පැතුම් පුදකරන අතර ඔබට සමස්ත ලංකා ජ්‍යග්‍රහණයක් පාසල සතු කරගැනීමට හැකිවේවායි පතමු..

03/08/2026

සමස්ත ලංකා පාසල් චෙස් තරඟාවලිය - 2026

විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෙනුජ සෙහස් මෙත්වින් ක්‍ර්‍රීඩකයා සමස්ත ලංකවෙන්ම හයවන ස්ථානය ලබා ඇති අතර විද්‍යාලයට ලබාදුන් ගෞරවයට ඔහුට සහ ඒ සඳහා කැපවූ ගුරුවරුන්ට දෙමාපියන්ට විද්‍යාලයේ ප්‍රණාමය පුද කර සිටිමු..

දකුණු පලාත් පාසල් ක්‍රිඩා  - 2026රාජකීය විද්‍යාලීය ඉතිහාසයේ පළමු වරට බොක්සිං තරගවලියක, 54kg බර පන්තියේ දෙවන ස්ථානය  දිනා...
01/08/2026

දකුණු පලාත් පාසල් ක්‍රිඩා - 2026

රාජකීය විද්‍යාලීය ඉතිහාසයේ පළමු වරට බොක්සිං තරගවලියක, 54kg බර පන්තියේ දෙවන ස්ථානය දිනාගත් සාවින්දී නිලුශිකා ක්‍රීඩිකාවටත්
45 kg බර පන්තිය තෙවන ස්ථාන‍ය දිනාගත් ශෙහාරා සෙව්වන්දි ක්‍රීඩිකාවටත් ඒ සඳහා ඔවුන්ට මඟ පෙන්වූ මාලිම්බඩ ක්‍රීඩා නිලධාරී විදානගමගේ මහත්මියට හා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු කසුන් චතුරංග මහතාට Kasun Chathuranga Dikmadugodage විද්‍යාලයේ ප්‍රණාමය පුදකර සිටින අතර සමස්ත ලංකා ජයග්‍රහණය පාසල සතු කර ගැනීමට හැකිවේවායි පතමු.

26/07/2026

රාජකීය විද්‍යාලීය ප්‍රාථමික අංශයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්..

සතුටින් උගනිමු - දැණුම ලබමු.
නිපුණතා සංවර්ධන විෂය කදවුර - 2026
5 ශ්‍රේණියේ දරුවන් සඳහා බොහෝ මහන්සියෙන් සකස් කරන ලද මෙම කඳවුර හරහා දරුවන්ට විෂය දැනුම ලබාදීම වෙනස් ආකාරයට සිදුකරන ලදී..

සතුටින් උගනිමුඋසස් පෙළ නවක දරුවන්ගේ නායකත්ව හා පුද්ගල සංවර්ධන වැඩසටහන
25/07/2026

සතුටින් උගනිමු
උසස් පෙළ නවක දරුවන්ගේ නායකත්ව හා පුද්ගල සංවර්ධන වැඩසටහන

Address

Thelijjawila
Matara

Telephone

+94412241912

Website

Alerts

Be the first to know and let us send you an email when අපි Royal තෙලිජ්ජවිල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category