08/10/2021
ETcommunity
Knowledge Journey of Thousand Mile 1.4
-------------------------------------------------------------------
~ Smart Grid ~
-------------------------------------------------------------------
|||මොකක්ද මේ Smart Grid කියන්නේ..🤔
අපේ විදුලි සම්ප්‍රේෂණ ක්‍රම වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා පරිවර්තනය වෙමින් පවතී. විදුලිය වඩාත් විශ්වාසදායක හා කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සඳහා නවීන සන්නිවේදනය තාක්‍ෂණ සහ උපකරණ භාවිතයෙන් විදුලිබල පද්ධතිය “වඩාත් බුද්ධිමත්” හා වඩාත් ඔරොත්තු දෙන පරිදි නවීකරණය කිරීමට සිදුව ඇත.
විදුලි/විද්‍යුත් ජාලයක් (electrical grid) යනු විදුලිය නිපදවන ස්ථානයේ සිට විදුලිය පරිභෝජනය කරන ස්ථානය දක්වා ගෙනයාම සඳහා සකස් කරන ලද ජාලයකි. ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලිය විද්‍යුත් උපපොළවල්(substation), සම්ප්‍රේෂණ රැහැන්, බෙදාහැරීමේ රැහැන් මෙන්ම පරිණාමක වැනි විවිධ උවාරණ සමඟ ඍජුවම සම්බන්ධ වේ. මෙවන් ජාලයක් ස්ථාපිත කිරීමේ අරමුණ වන්නේ කිසිදු බාධාවකින් තොරව අවශ්‍යය ස්ථානයට නියමිත වේලාවට අඛණ්ඩව විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමයි.
Smart Grid හෙවත් smart ජාලයක් යනු ඉහත දැක්වූ විද්‍යුත් ජාලයේම තව පියවර කිහිපයකින් වර්ධනය කල පද්ධතියක් වේ. මෙහිදී විදුලිය හා අනෙකුත් දත්තයන් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් දෙමං ආකාරයකට (two-way) පාරිභෝගිකයන් හට ලබාදීම සිදුවේ. මේ හරහා ජාලයට සම්බන්ධ පාරිභෝගිකයන්ට විදුලි පරිභෝජනය හා සම්බන්ධ විවිධ ගැටලු සහ වෙනස්කමක් ඇතහොත් ඒවා අනාවරණය කරගැනීමට මෙන්ම ඒවාට ප්‍රතිචාර දැක්වීමටද අවකාශය ලබාදේ.
සාම්ප්‍රදායික විදුලි ජාලයක් හා සැසඳීමේ දී smart grid හි ඇති තාක්ෂණික පැතිකඩ මෙන්ම භාවිතයේ පහසුවද මනාව වැඩිදියුණු කර ඇත. දත්ත ගබඩා කරගැනීමේ නොහැකියාව, හුදෙක් ඉල්ලුමට අනුව සැපයුම සිදුකිරීම වැනි කාරණාවලට ප්‍රශස්ත විසඳුම් ලබාදීම smart grid තුලින් සිදුවී ඇත. තවද සාමාන්‍ය විදුලි ජාලයක් මානව කටයුතු, කාලගුණික හෝ ස්වභාවික තත්ත්ව නිසා පහසුවෙන් බිඳවැටීම් වලට ලක්විය හැකි අතර, මෙම ජාලය කළමණාකාරණය කරගනිමින් පවත්වාගෙන යාමට විශේෂඥ දැනුමක් ද අවශ්‍යවන මුත්, smart grid හි පවතින ඉතා විශේෂ ගුණාංගයක් වන self-healing හෙවත් ස්වයං සැකසුම් හැකියාව මගින් එම ගැටලුවලට සාර්ථක ව විසඳුම් ලබාදී ඇත.
දෙමං විදුලි හා දත්ත සැපයුමකදී මෙම විද්‍යුත් ශක්තිය මෙන්ම දත්ත වෙළඳපොල පාර්ශ්වකරුවන්ට ලබාදී එමගින් ජාලය පුළුල් කරගැනීමටත්, ඒ හරහා ජාලය විශ්ලේෂණය කිරීමට, ගැටලු සඳහා ඉක්මන් පිළියම් යෙදීමට සහ නව සේවාවන් සොයාගැනීමට දිරිදීම වැනි දේ කිරීමට තාක්ෂණවේදීන් බලාපොරොත්තු වේ. Smart grid හරහා සැපයුම් විද්‍යුත් ශක්තිය පාලනය කිරීම, විශ්ලේෂණය කිරීම, මෙන්ම සන්නිවේදන කටයුතුද කිරීමද සිදුකල හැක. එමගින් බලාපොරොත්තු වන්නේ සැපයුම් විද්‍යුත් ශක්තියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම, ශක්ති පරිභෝජනය ප්‍රශස්ත කිරීම, විදුලි පිරිවැය අඩු කිරීම මෙන්ම නිරවද්‍යතාව වැඩි කිරීමයි. මෙම තාක්ෂණය හුදු සංකල්පයක් ලෙස මීට දශක ගණනාවකට ඉහතදී කතාබහට ලක්වුණු නමුත් වර්තමානය වන විට එය විද්‍යුත් අංශයේ ඩිජිටල් පරිණාමනය අරභයා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වී හමාරය.
Smart Grid Technology යනු දෙමං සන්නිවේදනය යොදාගෙන උවාරණ පාලනය කිරීම හා සම්බන්ධ වූ ප්‍රතිසම තාක්ෂණයෙහිම (Analog technology) දිගුවක් ලෙසද හැඳින්විය හැකිය. ලොවවටා නිවාසවලින් බහුතරයකට අන්තර්ජාල පහසුකම් හිමිවීමත් සමඟ මෙම තාක්ෂණය වඩා ප්‍රායෝගිකව සහ කාර්යක්ෂම ලෙස යොදාගැනීමට හැකිවන බව තාක්ෂණවේදීන්ගේ මතයයි. Smart Grid හි උපකරණ තොරතුරු සන්නිවේදනය කරන්නේ ජාලයට සම්බන්ධ සාමාන්‍ය පාරිභෝගිකයින්ට, මෙහෙයවන්නන්ට සහ අනෙක් ස්වයංක්‍රීය උපකරණ වලට ජාලයේ සිදුවන වෙනස්කම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට හැකිවන ආකාරයටයි.
තවද, සමස්ථ Smart Grid පද්ධතියම ස්වයංක්‍රීයකරණය කර ඇත්තේ එයට අදාල කවරම හෝ ස්ථානයක විදුලි පරිභෝජනය ලුහුබැඳීමට(track කිරීමට) හැකිවන ආකාරයටයි. මෙහි නිර්මාණ ශිල්පයට අදාල තවත් සුවිශේෂී අංගයක් වන්නේ ශක්ති කලමණාකරණ මෘදුකාංගයයි. එමගින් යම් ආයතනයකට/ව්‍යාපාරයකට අදාළ ශක්ති පරිභෝජනය සහ එම පරිභෝජනයට අදාල වියදම ද ඇස්තමේන්තු කල හැක. සාමාන්‍යයෙන් විදුලි ඒකකයක මිල ඉල්ලුම වැඩිවීමත් සමඟ ඉහල යන බව අප දන්නා කරුණකි. මෙම Smart Grid හි ශක්ති කළමණාකරණ සේවය මගින් පාරිභෝගිකයන්ට අධික-මිල සහ අධික-ඉල්ලුම පවතින වෙලාවන්හිදී විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීමද සිදුවේ.
වර්තමානය වන විට ලොව වටා බොහෝ රාජ්‍යයන් මේ පිළිබඳ අවධානය යොමුකර ඇත්තේ ගෝලීය උණුසුම්කරණය, හදිසි ප්‍රත්‍යස්ථිය(immediate resilience) හා ශක්ති ස්වාධීනතාව ඇතිකිරීම වැනි කාරණා සඳහා මෙම ක්‍රමය අදාළ කරගැනීම සඳහායි.