Dasun Liyanage

Dasun Liyanage I am teaching combined Mathematics since 2006 in Colombo, Galle and Matara Area. I am conducting bo

12/07/2023
15/06/2023

Small clip during our online Class

01/03/2023
29/09/2022

දුම්රිය රියදුරන්ටවත් හදා ගන්න බැරුව මහා කැලෑව මැද නතර වූ යාල් දේවි විනාඩි 20න් හදපු විශ්ව විද්‍යාල සිසුවා
============================

ලංකාවේ දුම්රිය දුවනවාට වඩා කැඩෙනවා. හැබැයි ඉතින් දුම්රියක් කැඩුනම හදන එක ලේසි නෑ. එකට විශේෂ දැනුමක් ඕන. මොකද සමාන්‍ය වාහන වගේ නෙවෙයිනේ. එකට තමයි දුම්රිය කාර්මිකයින් ඉන්නේ.

හැබැයි මේ කියන්න යන්නේ දුම්රිය කාර්මිකයන්ටත් හදන්න බැරිවුන දුම්රියක් විනාඩි 20 න් හැදුව සිසුවෙක් ගැන. සැප්තැම්බර් 19 වෙනිදා යාපනයේ ඉඳන් කොළඹ ගිය නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.

සවස 4.27 ට අනුරාධපුරයෙන් කොළඹ බලා පිටත්වුන දුම්රිය මහාගල්කඩවල කැලැබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වෙලා නැවතිලා. දුම්රිය කාර්මික ශිල්පීන් විනාඩි 45 ක් උත්සහා කරත් දුම්රිය යතා තත්වයට පත්වෙලා නෑ. මේ දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථනය දක්වා වෙනත් දුම්රිය එංජිමක් මගින් ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කරවන්න තමයි නිලධාරීන් සූදානම් වෙලා තියෙන්නේ.

මේ ජරමර අස්සේ දුම්රියේ හිටිය සිසුවෙක් ස්වෙච්චාවෙන් දුම්රිය හදන්න ඉදිරිපත් වෙලා තියෙනවා. දුම්රිය කාර්මික ශිල්පීන් පැයක් විතර උත්සාහ කරලත් හදන්න බැරි වුන මෙම නගරාන්තර දුම්රිය විනාඩි 20 න හදන්න මේ සිසුවා සමත්වෙලා තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව දුම්රියට කොළඹ බලා ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ හපන්කම කරලා තියෙන්නේ ජනිත් දිමන්ත විතානාරච්චි කියන සිසුවා. ඔහු මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා පසුව ICBT (පෞද්ගලික විශ්ව විද්‍යාලයේ) වැඩිදුර අධ්‍යපනය ලබන සිසුවෙක්.

මේ වගේ දක්ෂයින්ව ඇගයීමට ලක්කරන එක බලධාරීන්ගේ යුතුකමක්.

තොරතුරු - සුළඟ පිටුවෙන්..

Address

Matara

Telephone

+94783889068

Website

Alerts

Be the first to know and let us send you an email when Dasun Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dasun Liyanage:

Shortcuts

Share

Category