Kasun Malinda - History

Kasun Malinda - History History Teacher at St.Thomas' Girls' High School. Contact 077 267 1728

11/12/2021

11/12/2021
24/09/2021

අභියෝග රැසක් මැද 2020 අ.පො.ස. ( සා:පෙළ) විභාගයට මුහුණ දී කුමන හෝ සාමාර්ථයන් සමගින් විභාගය ජය ගත් ආදරණීය දරු දැරියන් සියලු දෙනාටම ඉදිරි අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නටත්, ජීවිතය ජය ගන්නටත් දිරිය වාසනාව ලැබේවායි ද හදවතින්ම සුබ පතමි...!!!

ඉසුරුමුණිය ඉස්සර සමණක, ඉසිරමණි යන නම් වලින් ද හදුන්වනු ලබන ඉසුරුමුණිය අනුරාධපුරයේ තිසා වැවේ නැගෙනහිර ඉවුර අසල පිහිටා තිබ...
14/09/2021

ඉසුරුමුණිය

ඉස්සර සමණක, ඉසිරමණි යන නම් වලින් ද හදුන්වනු ලබන ඉසුරුමුණිය අනුරාධපුරයේ තිසා වැවේ නැගෙනහිර ඉවුර අසල පිහිටා තිබේ.මහාවංසයට අනුව ඉසුරුමත් පන්සිය දෙනෙකු පැවිදිව විසූ හෙයින් ඉසුරුමුණිය යන නම මෙයට ලැබී ඇති බව කියැවේ.දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිට බොදු ආරාමයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වී ඇත.ශ්‍රී මහා බෝධියේ ඵලයන්ගෙන් හටගත් එක් පැලයක් මෙහි රෝපණය කොට ඇති බවත්, පලමුවන කාශ්‍යප රජතුමා විසින් ඉසුරුමුණිය ප්‍රතිසංස්කරණය කොට දියණියන් දෙදෙනාගේ හා තමාගේ නම ද ගෙන "බෝ උපුල්වන් කසුප්ගිරිය " යි නම් තබා මහාවිහාරික භික්ෂූන් ට පිදූ බවත්, එය නොපිළිගත් නිසා බුද්ධ ප්‍රතිමාවට පූජා කළ බවත් මහා වංසයේ සදහන් වේ.

ඉසුරුමුණියෙහි වැදගත් කලා නිර්මාණ රැසක් දක්නට ලැබේ.අශ්ව හිස හා මිනිසාගේ රූපයත් , ජල ක්‍රීඩා කරන ඇතුන්ගේ රූපත් , කලාත්මකව කලුගලේ කොටා තිබේ.මේ නිර්මාණ වල පල්ලව ආභාශය දක්නට ලැබේ.මෙහි ඇති සුප්‍රසිද්ධ ම කැටයම වනුයේ පෙම් යුවලක් දැක්වෙන කැටයමයි.එය ගුප්ත සම්ප්‍රදාය අනුව නිමවූවක් යැයි සැලකේ.

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Kasun Malinda - History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category