28/07/2023
එදා තිහගොඩ කණිෂ්ඨ පාඨශාලාව
අද තිහගොඩ ජාතික පාසල
එදා 1883 වසරේ පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
අද තිහගොඩ ජාතික පාසල එදා M.R.තිහගොඩ රජයේ කණිෂ්ඨ පාඨශාලාවේ ආචාර්ය මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ 1954 අගෝස්තු 2...මෙහි මගේ පියා හේමපාල බැද්දේගම හා ඔහුගේ ඥාති සොයුරු විමලදාස මලවආරච්චි ද සිටි ...එම වසරේ ඔවුන් එම විදුහලේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුන් ...ගැහැණු ළමයි 13 කට සිටියේය පිරිමි ළමයි 3 දෙනකි....
ජායාරූපය....ධර්මදාස සහෝදරයෝ මාතර........................
අද තිහගොඩ ජාතික පාසල එද 1954 තිහගොඩ කනිෂ්ඨ පාඨශාලාවේ ඉහළම පන්තියේ; ජ්‍යෙෂ්ඨ පන්තියේ
සිටියේ පිරිමි ළමයි තිදෙනකු සහ ගැහැණු ළමයි අට දෙනෙක් පමණි.. මේ ඒ පිරිමි ළමුයි තිදෙනා...විමලදාස මලවආරච්චි...ඔහු පසුව කිතලගම බටහිර විදුහලේ විදුහල්පති ලෙස සේවය කරන සමයේ 1989 ජාවිපේ තුවක්කු කරුවකු අතින් ඝාතනය විය...අනිකා මගේ පියා හේමපාල බැද්දේගමගේ ඔහු මාධ්‍යවේදීයකු නියෝජ්‍ය විදුහල්පති වරයකු ලෙස සේවය කරමින් සිටියදී 1993 වසරේ මිය ගියේය ...අනිත් තැනැත්තා සුනිල් රාමවික්‍රම ඔහුද විදුහල්පති වරයකු ලෙස මාතර ප්‍රදේශයේ සේවය කළේය ....
...................................
තිහගොඩ ජාතික පාසල
තිහගොඩ ජාතික පාසල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ මාතර-හක්මණ මාර්ගයේ මාතර සිට 6 කි මි දුරින් පිහිටා ඇත.
තිහගොඩ ජාතික පාසල, මාතර පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
ආදර්ශ පාඨය[විද්‍යා දදාති විනයං]
(බුද්ධිය සංවරබව ඇති කරයි.; යන්නෙහි පාලි අර්ථයයි) පාසලේ ආරම්භය 1883 වසරේ ය..
සිසු සිසුවියන් ගණන2000 ට වඩා වැඩිය.
පාසල් වර්ණය නිල් සහ රන්
1883 වර්ෂයේදී මෙම විද්‍යාලය ආරම්භ කරන ලදි
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.
වර්තමානය වන විට දරුවන් 2000ක් පමණ ඉගෙනුම ලබන තිහගොඩ ජාතික පාසල ඉගෙනීමේ කටයුතු වලට අමතරව ශේෂ්ට විවාද කණ්ඩායමක්,one voice madya ඒකකයක්,විශිෂ්ඨ වොලිබෝල් cricket කණ්ඩායම්; වෙඩි තැබීමෙ කණ්ඩායම් වලින් ද් සමන්විත වනව.
විද්‍යාලයීය නිවාස
උපුල් පැහැය : රතු.. නෙළුම් පැහැය : නිල් මානෙල් පැහැය : කහ; ඕලු පැහැය : කොළ
විදුහලේ අතීතය අදළ මා එක්කළ ජායාරූප අතර
සමස්ත ලංකා පාසල් ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලිය -2022 ..නිපුණ වෙඩිකරු පදක්කම් දිනා ගනිමින් මාර / තිහගොඩ ජාතික පාසල් මාතාව ට කීර්තියක් ලබා දුන් G.W.D. චදුනි කවීෂා , W.K.A. කවිශ්ක මිහිරාන්,U.K.ඔතාශා නෙත්මි යන රන් කැටවලට තිහගොඩ ජාතික පාසලේ ප්‍රණාමය 🙏🙏🙏
...........
ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පැවති ;ආදරයයි කරුණාවයි තේමාව යටතේ මාර/ තිහගොඩ ජාතික පාසල ඉදිරිපත් කල නිර්මාණය සදහා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර දුන් ආදරණීය දූ දරුවන්ට සහ මඟපෙන්වූ ගුරුමහත්මීන්ට විදුහල්පතිතුමා ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්
.....................
මුලටියන අධ්‍යාපන කලාප නර්තන තරගාවලියේ දී මාර/තිහගොඩ ජාතික පාසල ඉදිරිපත් කළ නර්තන තුනම (උකුසා වන්නම,ගජගා වන්නම, අස්නේ නර්තනය) ප්‍රථම ස්ථාන හිමිකරගෙන පළාත් තරග සදහා සුදුසුකම් ලැබීය..කැපවීමෙන් පුහුණු වූ දරුවන් ට හා පුහුණුවීම් කළ නර්තන භාර ආචාර්‍ය උදානි,මුතුමාල,හා ඉෂානි මහත්මීන්ට විද්‍යාලයේ ප්‍රණාමය....❤️...........................................
සරසවි මිහිර කවි සඟරාවේ මුල් කවරය සඳහා සිතුවමක් අදින ලද අප පාසලේ දැනට 7 වසරේ ඉගෙනුම ලබන තරුෂ විශ්මිත පුංචි සිත්තරා සහ එම සඟරාවේ මුල් කවරය.
පුංචි පුතේ ඔඛට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයේ සුභ පැතුම්.