Students'union Faculty of management & Finance university of Ruhuna

Students'union Faculty of management & Finance university of Ruhuna

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Students'union Faculty of management & Finance university of Ruhuna, College & University, Matara.

18/05/2026

පාලකයිනි,
සිසුන් මහමඟ, යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය කඩිනමින් ලබාදෙනු!

විරෝධතා පෙත්සම් ක්‍රියාමාර්ගය

හෙට උදෑසන 9 සිට...

Y හංදියේ දී...

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

17/05/2026

කල්මැරුවා ඇති!
ශිෂ්‍යභාවය අහෝසි කිරීම් සම්බන්ධ විධිමත් විනය පරීක්ෂණ වහා කඩිනම් කරනු!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

03/05/2026

පාලකයිනි
සිසුන් මහමඟ,
යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය කඩිනමින් ලබා දෙනු!

2026 - 05 - 03

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

01/05/2026

වැඩකරන ජනතාවගේ අභිමානය සමරන ලෝක කම්කරු දිනය!

මැයි දිනය, එසේත් නැතිනම් ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වූයේ වැඩකරන ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් කළ ලේ වැකි අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි. 19 වන සියවසේ කාර්මික විප්ලවයත් සමඟ ලෝකයේ බොහෝ රටවල කම්කරුවන්ට දිනකට පැය 12 සිට 16 දක්වා ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කිරීමට සිදු විය. මෙයට එරෙහිව 'පැය 8ක් වැඩ, පැය 8ක් විවේකය සහ පැය 8ක් අධ්‍යාපනය හා විනෝදය'යන තේමාව යටතේ කම්කරු සමිති සංවිධානය වන්නට විය.

මේ අතර වාරයේ දී මැයි දිනයේ සැබෑ ආරම්භයට පදනම සනිටුහන් කරමින් 1886 මැයි 1 දින ඇමරිකාවේ චිකාගෝ නුවර දී පැය අටේ වැඩ දිනය ඉල්ලා ඇමරිකාව පුරා කම්කරුවන් ලක්ෂ ගණනින් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර 1886 මැයි 4 දින චිකාගෝ නුවර 'හේමාර්කට් චතුරශ්‍රයේ' පැවැත්වූ සාමකාමී රැස්වීමකට පොලිසිය මැදිහත් විය. එහිදී සිදුවූ බෝම්බ පිපිරීමක් සහ ඉන් අනතුරුව ඇති වූ වෙඩි තැබීම් වලින් කම්කරුවන් මිය ගිය අතර මෙම සිදුවීමෙන් පසු කම්කරු නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පෝරකයට පවා යවනු ලැබීය. ඔවුන් පසුව හඳුන්වනු ලැබුවේ 'හේමාර්කට් ප්‍රාණපරිත්‍යාගීන්' ලෙසයි.

1889 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ 'දෙවන ජාත්‍යන්තරය' නම් වූ සමාජවාදී පක්ෂ සහ කම්කරු සංවිධානවල සම්මේලනයේදී, චිකාගෝ කම්කරුවන් කළ කැපකිරීම අනුස්මරණය කිරීම සඳහා මැයි 01 වැනිදා 'ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය' ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

අද අප භුක්ති විඳින පැය 8ක වැඩ මුරය, සති අන්ත නිවාඩු සහ සහනදායී සේවා කොන්දේසි බොහෝමයක් ඉබේ පහළ වූවක් නොව අතීතයේ සිට මේ දක්වා අරගලයේ නියුතු ඒ අභීත කම්කරුවන්ගේ ලෙයින් සහ දහඩියෙන් ලැබුණු ජයග්‍රහණයන් ය.

එලෙසම මැයි දිනය යනු අතීත සටන් සහ ජයග්‍රහණයන් හුදෙක් සිහිපත් කිරීමට පමණක් සීමා වූ සැමරුමක් නොවන අතර එය කම්කරු ජනතාවගේ අයිතීන් උදෙසා අදටත් ක්‍රියාත්මක වන වර්තමාන අරගලයේ ප්‍රබල සංකේතාත්මක නිරූපණයකි. අද දවසේදීත් වැඩකරන ජනතාවට නිදහස් වැඩ බිමක් යන්න හුදු සිහිනයක් වී ඇති අතර ධනේශ්වරය තුළ වන්නා වූ අමානුෂික ශ්‍රම සූරා කෑමට එරෙහිව නිරන්තරයෙන් හඬ නැගීමට ඔවුන්ට සිදුවී තිබේ. තමන් වගුරන ශ්‍රමයට සරිලන නිසි ජීවන වැටුපක්, කප්පාදුවකින් තොර විශ්‍රාම වැටුප් සහ දීමනා දිනාගැනීම වෙනුවෙන් නිර්ධන පාන්තික කම්කරු ජනතාව තවමත් සටන් බිමේ සිටී. එබැවින් කම්කරු දිනය යනු මේ සියලු අසාධාරණයන්ට එරෙහිව පෙළගැසී සැබෑ ශ්‍රමික නිදහස සහ අයිතිවාසිකම් තහවුරු වූ සමාජයක් ගොඩනැගීමේ අඛණ්ඩ ජන අරගලයට පණ පොවන්නකි.

අතීතයේ සිට මතු කාලයේදිත් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් මෙන්ම ජනතාවගේ මහජන අයිතීන් උදෙසා නිරතුරුවම ඇපකැප වී සිටින ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප විශ්වාස කරන්නේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය මෙන්ම, සාධාරණ වැඩබිමක් සඳහා වන අයිතිය ද එක හා සමානව වැදගත් බවයි. එබැවින් වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීම අප සැමගේ වගකීමකි.

දහඩිය මුගුරු හෙළමින් ලෝකය තනන්නට, හෙට දවසේ සිහින සැබෑ කරන්නට වෙහෙසෙන සමස්ත ලෝක වාසී වැඩකරන ජනතාවට අපගේ උත්තමාචාරය!

වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරමු!

ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සමරමු!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

16/03/2026

"..අතරමං නොවන මං මාවත් දොරටු විවරණයට සහෝදරත්වයේ දෑත්.."

දෙවන වසර සහෝදරත්වය විසින් පළමු වසර සහෝදරතත්වය පිලිගැනීමට නිර්මාණය කරන ලද නැව.

කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය.

16/03/2026

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අද දින සිට අධ්‍යන කටයුතු ආරම්භ කරන 2024/25 ශිෂ්‍ය කණ්ඩායමට
උණුසුම් සුබ පැතුම් !

කළමනාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය.

15/03/2026

සරසවිය සිරගෙයක් නොකරනු!

රාත්‍රී 8.00 නීතිය වහා හකුළා ගනු!

ශිෂ්‍ය මර්දනයට ගෙන ආ 02/2026 UGC චක්‍රලේඛනය වහා හකුලා ගනු!

PSTA, OSA චක්‍රලේඛ මඟින් ක්‍රියාත්මක කර ඇති ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්ති වහා අහෝසි කරනු!

විරෝධතා බැනර් ක්‍රියාමාර්ගය
2026 - 03 - 15

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

22/02/2026

හෙට දින සිට දෙවන සමාසික විභාගය සදහා මුහුණ දෙන සියලු වසර සහෝදරත්වයට
සුබ පැතුම් !

කළමනාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය.

17/02/2026

සරසවිය සිරගෙයක් නොකරනු !

ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය වහා හකුලා ගනු !

2026 - 02 - 17

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

21/01/2026

මර්දනය නවතනු! සිසු නිදහස තහවුරු කරනු!

ක්‍රීඩා පහසුකම් පුළුල් කරනු! කප්පාදු කළ ප්‍රතිපාදන නැවත ලබාදෙනු!

අහිමි කළ ම.ශි.ස කාර්යාලය වහා ලබාදෙනු!

රාත්‍රී 8.00 නීතිය වහා හකුලාගනු!

විරෝධතා ක්‍රියාමාර්ගය

හෙට දහවල් 12.00ට වැල්ලමඩම පරිශ්‍රයේ දී...

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

18/01/2026

අහිමි කළ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය වහා ලබාදෙනු!

2026 - 01 - 18

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Matara