ජපන් යෑම හා නොයෑම
රැල්ලට අහුවෙලා ජපන් යන්න සුදානම් වුවත් ඔබ නොදත් දේ ,නොහිතන දේ බොහෝයි .මේ වන විට සියලු පළාත්වල ඉලිජිබිලටි නිකුත් වී ඇති අතර ලැබූ අය සතුටින් හා නොලැබූ අය දුක් වන අතර තව සමහර අය අයදුම් කලා සේ සිතන් සිටියත් අවසන් මොහොතේ කුමක් හෝ අඩුපාඩුවකට එම පාසලෙන් අයදුම් පත නොදා සිටින්නටත් පුළුවන් නිසා ඇත්තටම රිජෙක්ට් වුවා දැයි ඒජන්ට් ගෙන් අසා දැනගන්න .ගොඩක් ඒජන්ට්ලා තමන්ගේ අයදුම් කල කෙනෙක් රිජෙක්ට් උනොත් නැවත එම වරද නිවැරදි කර අයදුම් කර දේ .
100% වීසා ෂුවර්
ලස්සනට ads දාල තිබුනත් කුමන ඒජන්ට් කෙනෙකුට තියා අයදුම් කරන පාසලටවත් 100% වීසා ලැබෙවියයි සහතික විය නොහැකියි .මොකද වීසා පත නිකුත් කරනුයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි .එයට අවශ්‍ය විදියට ලියකියවිලි සුදානම් කිරීම ඒජන්ට් හා පාසැල විසින් කරනු ලබයි ,කිසිම පාසලක් හෝ ඒජන්ට් කෙනෙක් විස රිජෙක්ට් වන්න බලාගෙන අයදුම් නොකරන නිසා යම් තරමින් හෝ වාසනා වකුත් ඔබපසුපස තිබිය යුතුයි .ඔබ එජන්ටව තෝරා ගැනීමේදී ගොඩක් හොදට හොයල බලල තිරනකට එන්න .
වීසා ලැබිලත් නොයන සිසුන්
ජපන් ගමන ලහි ලහියේ වන දෙයක් නොවන නිසා අද පටන් ගත්තත් විස ලැබෙන්නේ තවත් මාස ගණනකට පසුව නිසා ප්ලෑන් කරලා හොදට හිතල බලල තීරණ ගන්න .ලැබුනට පසු පසුතැවිලි වන්නේ ඔබ පමණක් නොවේ ඔබේ ඒජන්ට් වුවද අපහසු තාවයන්ට ලක්වේ ,එම ඒජන්ට් ටත් නැවත එම පාසලට ළමුන් හදුන්වා දියනොහැකියි ,මන්දයත් පාසැල හා ඒජන්ට් අතර ඇති විශ්වාශය පලුදු වන බැවින් නැවතත් එම ඒජන්ට්ගේ ළමුන් එම පාසලට ඇතුලත් නොකර ගන්න බැවිනි .එසේම ඒජන්ට්ගෙන් දඩ මුදලක්ද අයකරගනුලබයි , එම තත්වය නිසයි ගොඩක් ඒජන්ට්ලා අයදුම් කිරීමට පෙර ඇඩ්වාන්ස් මුදලක් ඉල්ලා සිටින්නේ .මුලික මුදලක් නොමැතිව කට වචනය පමණක් විශ්වාස කර කරවදෙන ඒජන්ට්ලත් ඉන්න අතර ඔවුන් ඉතාමත්ම අපහසුතාවයන්ට ලක්වේ .
හොස්ටල් ගාස්තු
මේ පටලවෙන තවත් තැනක් ,ගණන් කතාකරද්දී නවතැන් ගැනත් හොදට විස්තර කතාකරගන්න ,සමහර පාසල් වල හොස්ටල් අනිවාර්ය කරන අතර එය මාස 3ක් හෝ මාස 6ක් එකවර ගෙවා ඇතුළත්වීමට සිදුවන බැවින් කල්පනකරිවන්න .
අලුත් පන්ති
මේ මස අලුතින් පන්ති පටන්ගන්න බැවින් එදාට පැමිණ සියලු විස්තර අසදැනගන්න 076 3574309
Tokoha japanese language school
ヌワン ダルシャナ
日本大学三島卒業生(nichidai university degree)
29/03/2017
නංගිලා මල්ලිලාට ,,
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ජපන් ඇවිල්ලම බාෂාව ඉගෙනගන්නවා කියලා ,,තවත් සමහරු හිතන්නේ වීසා වදීයිද දන්නේ නැනේ ,,බොරුවට ඔය exam වලට මහන්සි වෙන්න ඕනේ නෑනේ කියල ,,,නමුත් ආසාව ,අරමුණ ,වුවමනාව ,තදින්ම එක අරමුණක සිටියොත් කල නොහැක්කක් නොමැති බව ජීවිතය දිනපු අය දන්නවා,,
පිලිගන්න ,, පේපර් ඇඩ්ස් වල මොනතරම් ලස්සනට ලියල තිබුනත් ,මෙහෙට ඇවිත් අමාරුවේ වැටිලා ඉන්නවට වැඩිය හොදයි ඔය සල්ලි තියන් ලංකාවේ මොකක් හරි කලානම් ,,තරග කාරිත්වය වැඩිනිසා අඩු සුදුසුකම් තිබුනොත් පරදීන්නේ ඔබමයි ,,එන්න ඕන කමම සුදුසුකමක් නෙවෙයි ,ඇවිල්ලම මොකක් හරි කරන එකත් නෙමෙයි ,,හිතන්න අරමුණු කරා ලගා වන්න ඕන හිමිට ,,සැලසුමක් ඇතිව ගමනක් යන්න ,
ජපානෙට එන්නේ අපි විතරක් නෙමෙයි තවත් රටවල් ගණනාවක ළමුන් අයදුම් කරනවා ,බාෂාව විතරක්ම නෙවෙයි ඉන් පසුව සෙන්මොන් ගක්කෝ වලට ඇප්ලයි කරද්ධිත් ,භාෂා දැනීම ,පාසල් පැමිණීමේ ප්‍රතිශතය ,ඉන්ටවීව් එකට මුහුණ දෙන ආකාරය වැනි සාදක බලපානවා ,ඕනෑම කෙනෙක් එන්න මෙහෙට ,බොහොම හොදැයි ,ඇවිල්ලම බලන්නකෝ ,,,
ජපන් පන්ති දිනපතාම ගම්පහ හා මාතර
මගේ අරමුණ ඔබව ජපානෙට පටවා වාර්තා තැබීම නොව ,හරි මාර්ගය පෙන්වා අනාගතය සාර්ථක කරගැනීමට පුළුවන් රුකුලක් දීමයි ,,අපගේ පන්තියට සහබාගි වන ළමුන් ගෙන් දක්ෂ n 5 පාස් වන අයට ගෙවූ මුදල නැවතත් ඔබ අතටම ,,,,මෙම ක්‍රියා මාර්ගය අද සිටම ක්‍රියාත්මකයි ,මෙයින් මා බලාපොරොත්තු වනුයේ සවොමව උනන්දු කිරීමයි ,,n 5 කියන්නේ චුටි exam එකක් .හරියට කලොත් මාස 3 ක් හොදටම ඇති ,,,පන්ති පටන් අරන් තියෙන්නේ ,,සීමිත ඉඩකඩක කරන නිසා ලිමිට් කරලයි ළමයි ගන්නේ ,,දිනපතාම තියෙන නිසා කෝල් කරලා පහසු දවසක් තෝරා ගන්න ,,076 3574309
ඇයි අපි ජපන් ඉගෙනගන්නේ
අපි මොනතරම් දේවල් කියුවත් ඔයාල තේරුම් ගන්නේ නැ කියල විශ්වාසයි ,,එත් මේ ටිකත් බලන්නකෝ ,,,,ස්කුල් එකකට සෙලෙක්ට් උන කියන්නේ ජපන් විස වැදුන කියන එක නෙමෙයි ,,ඉන් එහාත් ප්‍රොසෙසින් එකත් තියෙනවා ,,ජපන් බාෂාව දිගටම ඉගෙන ගන්නේ ඇයි ,,,ඔයාලගේ ඒජන්ට් ,ස්කුල් එකත් ට්‍රයි කරන්නේ විස එක හදවල දෙන්න නමුත් immigration එක තමයි තීරණය කරන්නේ මේ ළමයට දෙනවා ,මේ ළමය ඕනේ නෑ කියල ,,එසේ රිජෙක්ට් වෙච්ච වෙලාවක දෙවන වර ඇප්ලයි කරද්දී ,,බෂා හැකියාවත් බලනවා ,,පැය 150කට වඩා ඉගෙනගෙන තිබිලත් ළමයට N 5 මට්ටම තියා සාමාන්‍ය දනිමවත් නෑ කියන්නේ අර ලස්සනට ලියපු හේතුවත් බොරුවක් වෙනවා ,,ඇත්තටම ජපානෙට එන හේතුව හරියට ඉමිග්‍රෂන් එකට පෙන්නුවොත් විස ලැබීමේ ප්‍රවනතාවය වැඩියි ,,දෙවන වර ඇප්ලයි කරද්දී n 5 පාස් වෙලා තිබ්බොත් ඉමිග්‍රෂන් තේරුම් ගන්නවා මෙයාගේ අරමුණ හරි කියල ,,,මේ පාර ගොඩක් රිජෙක්ට් වෙලා තියෙන්නේ දෙවනවර දාපු අයලු ,,,ඔයාලගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරන්න ,,ලොකුදෙවල් නෙමෙයි බාෂාව ටිකක් ඉගෙනගන්න බලන්න ,,නැට් ඕනේ නෑ OL විතරක් ඇති කියුවටම ලස්සන ඇඩ්ස් දැක්කට ලොකු ගානක් වියදම් කරන නිසා දෙතුන් වතාවක් හිතන්නතීරණයට එන්න කලින් ,,අරමුණක් ප්ලැන් එකක් ටාගට් එකක් තියාගෙන එන්න ,,මේ දවස් වල ඔක්තෝම්බර් ඉන්ටෙක් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ ,,,අවුරුදු 1.5 ක් කෝස් එක ,ඒ කියන්නේ ඩබල් එකේ ජපන් ඉගෙන ගන්න ඕන ,,පාසල් වලට තොරගන්නෙත් යම්තාක් පුළුවන් අයව ,,,අබියෝග ජයගන්න පුළුවන් ඔයාලටමයි ,උනන්දු වන්න ,
අපේ පොරොන්දුව එලෙසටම
මට ඕනා ඔබව ජපන් පටවා වාර්තා තැබීම නොව ඉන්න කිහිප දෙන හට හෝ හරි මාර්ගය පෙන්වා දීමයි .,සහබාගී වන්න අපේ පන්තියට ,,මාස 3 ක් අඩුම ඉගෙනගන්න N 5 සමත් වන්න ,පන්තිය සදහා ගෙවූ මුදල් නැවතත් අතට,,,,
ගන්නා තීරණය හරියට ගන්න
හැමෝටම වුවමනාව ඉතාමත් ඉක්මනින්ම ජපානෙට යන්න ,නමුත් එක කරන්න අමාරු වැඩක් නෙමෙයි ,බැරි වැඩක් ,හොද දෙයක් ලබාගන්න ටිකකලක් කැපකිරීමක් කරන්න ඕනා ,,හොදටම හිතල තීරණයක් අරගෙන වැඩේට බහින්න ,වීස ආපුවම එක එක හේතු කියල නොයා ඉන්න අයත් අතරින් පතර නැතුවමත් නෙවෙයි ,අපරාදේ ඔයාලගේ මුදල් ,ඒජන්ට් ගේ ,පාසලේ උත්සාහය හා වෙනත් කෙනෙකුගේ අවස්තාව ,
අවම සුදුසුකම්
උසස් පෙළ අවසන්කර අවුරුදු 5ක් ඉක්ම නොගිය අය ,
වැටුප හා වියදම
ඉක්මනින් සල්ලි හොයන්න ජපන් එන්න එපා ,අනාගතය හදා ගන්න සැලසුමක් ඇතිව එන්න ,පාසල් අවදියේදී දුෂ්කරතා රැසකට ඔබට මුහුණ දෙන්න වේවි ,පාසල් ගාස්තු ,කොච්චි සීසන් ,කාමර කුලී ,මොබයිල් බිල් ,හා තවත් ගෙවීම් එමටය .මෙහේ සුර පුරයක් කියල හිතන්න එපා ,,තද අදිෂ්ටානයෙන් හොද අනාගතයක් සදහා දැඩි කැපකිරීමක් කරන්න පුළුවන් යම් තරමින් මුල්‍යමය හැකියාවක් ඇති අය පමණක් තීරණයක් ගන්න ,,
අපේ ළමය ජැපන් වලනේ study කරන්නේ
ලොකු ලොකු පවුල් වල ළමයි ලංකාවේ තියාගන්න බැරිව කොහේ හෝ රකටකට පිටත් කර යවා නිදහස් වන දෙමවු පියන්ද සිටී ,, ඔවුන් ගේ ජිවන රිද්මය පිටරටදීත් එසේමය ,එයින් වන්නේ නිදහස උපරිම මේ වගේ රටක ඔවුන් විනාශ වනවා සේම දෙමවුපියන්ගේ මුදල්ද කාබාසිනියා කර දැමීමය ,
නැවත හමුවෙමු Chance Japanese Center 076 3574309
🔴 ජපානය එක් අවුරුද්දකින් වීදේශිකයින් සඳහා නිත්‍ය නේවාසික වීසා(PR)
උසස් නිපුණතා සහිත විදේශ වෘතිකයින් සහ විදේශ අයෝජකයින් සඳහා ජපානයේ තුළ රැඳී සිටිය යුතු අවම අවුරුද්දක කාල සීමාවකින් පසුව, PR සඳහා අයඳුම් කිරීමේ අවස්ථාව මෙම වසරේ මාර්තු මස සිට ඉඩ ලබා දෙන බව ජපන් රජය ප්‍රකාශ කරයි.
අධ්‍යපන සුදුසුකම් සහ වාර්ශීක ආදයම ආදිය පදනම් කරගෙන පොයින්ට් ලබා දෙන ක්‍රමවේදයක් මඟින් වසරක් තුළ PR ලබා දෙන වැඩපිළිවෙල සකස් කර ඇත.
ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ඉහළ විදේශ වෘතීකයින් ජපාන සමාගම් වලට කැඳවා, ජපන් ආර්ථිකයට නව ජීවයක් එක් කිරීම මෙමඟින් බලාපොරොතු වන බව ප්‍රකාශිතයි.
මෑතක් වෙන තුරුම ජපානය තුළ PR ලබා ගැනීම සඳහා වසර 10 ක් රැඳී සීටිමේ අවශ්‍යතාව තිබුනද,2012 වසරේදී, පොයින්ට් පාදක කර ගනිමින් PR සඳහා සුදුසුකම් සපුරාලන ක්‍රමය ජපාන අධිකරණ අමත්‍යංශය විසින් හඳුන්වා දුන් අතර ඉන් පොයින්ට් 70 ක් ලබා ගැනීමට සමත් වුහොත් වසර 5 කින් PR සඳහා සුදුසුකම් ලබයි.
මෙවර එය පොයින්ට් 70 ක් ලබා ගන්නා අයට වසර 3 කින් PR ද පොයින්ට් 80 ක් ලබා ගන්නා අයට වසරකින් PR ලබා ගැනීමට ඉඩ සලසා ඇත.
පොයින්ට් ලබා දෙන අයුරු විස්තරාත්මකව ආගමන බියුරෝ වෙබ් පිටුවේ සටහන් කර ඇත.
උදාහරණයකට ඔබ වසරකින් PR ලබා ගන්න නම් පහත සුදුසුකම් තිබිය යුතුය.
*වයස 34 අඩුනම් පොයින්ට් 10
*වාර්ශීක අදායම යෙන් මිලියන 6 වැඩි නම් පොයින්ට් 20
*Phd උපාධියක් සඳහා පොයින්ට් 20
*වසර 3 ක වෘත්තීය නිපුනතාවයට පොයින්ට් 5
*ලෝක වර්ගීකරණ වල ඉහළම තිබෙන විශ්වවිද්‍යලයක උපාධිය සම්පුර්ණ කර තිබීමට පොයින්ට් 10
*ඔබේ නමට නව නිපැයුමක් සඳහා පේටන්ට් බලප්තරය සතුවීමට 15
ඉහත තරු මඟින් සටහන් කර ඇති පොයින්ට් සියල්ලෙම එකතුව = 80 , ඔව්
මේ තරු මඟින් සටහන් කරපු සුදුසුකම් සියල්ල ඔබ සපුරා ඇත්නම් " සුබ පැතුම්!" ඔබට අවුරුද්දකින් ජපන් PR ලැබෙනු ඇත.
උපුටාගැනිම
By - Japan visa tips for sri lankans-
"මේ අවුරුදේ ජපන් ආපු ඈයොන්ටයි, එන්න ඉන්න ඈයොන්ටයි........"
මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් ජපානයට උසස් අධ්‍යපනයට පැමිණී ගොඩක් දෙනෙක්ගේන් අහන්න ලැබේන්නේ....
*අයියෝ! ආපු එක මෝඩ වැඩක්...
*ලංකාවේ හිටියානම් අඩුම තුන්වේලවත් හරියට කනවා...
*යකෝ මන් ටයි දාලා වාහනෙන් රස්සාවට ගිය කොල්ලෙක් දැන් පිඟන් හෙඳුවාට..
*මේක නිකන් මුට්ට කරගහනවා වාගේ වැඩක්නේ බන්...ජපානේ කියුව්වාම මීට මෙහෙම නෙමෙයි හිතන් ආවේ....
ඇත්ත ලංකාවේ ඉඳ්දී අම්මා උයලා දුන්න එක කාලා,වැඩට ගිහින් ගෙදර එනවා වාගේ නෙමෙයි පිටරටක ජීවිතේ..නොදන්න භාශාවක් නොදන්න සංස්කෘතියක් නුපුරුදු කෑම බීම සහ දේශගුණය මේවාත් එක්ක ඔට්ටු වෙන ගමන් ඉස්කොලේ යන එකයි පාර්ට් ටයිම් වැඩ කරන එක බැලැන්ස් කර ගන්න ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි...
මුලින්ම කියන්න ඕනෑ මෙහෙ ඇවිත් මාස2 ,3කින් ඉඳන් දැනෙන්න ගන්න "එපා වීම" බොහොම සාමන්‍ය දෙයක් විත්තිය...ජපානේ නෙමෙයි ලොකේ වෙන කොයි රටකට ගියත් ඕක ඔහොමම දැනෙන විත්තියත් ඕක අවුරුද්දක් විතර යද්දී මඟ හැරිලා යන විත්තිය මතක තියා ගන්න.. අළුතෙන් ආපු ගෙදර යන්න ඕනෑ කියලා හිතෙන කට්ටියට කියන්න තියෙන්නෙ කාගෙන තව චුට්ටක් ඉන්න කියලා..අවුරුද්දක් එකාමාරක් යද්දී ජීවත් වෙන්න ජපානේ තරම් හොඳ රටක් නැති තරමට මෙහෙ අල්ලලා යන එක ෂූවර්!
පිටරටක ජිවිත් වෙන හැටි ගැන උපදෙස් දෙන, ජපානේ ස්ටුඩන්ට් ලයිෆ් එක ගැන විස්තර තියෙන වෙබ් සයිට් ඕනෑ තරම් තිබුණාට එන්න කලින් පොඩ්ඩක් හොයලා බලන් නැති එක අපේ ජාතික පුරුද්දක් හින්දා එන්න හිතන් ඉන්න කට්ටිය වෙනුවෙන් පොඩි පොඩි කාරණා කීපයක් කියන්න කැමැතියි..
1.ස්ටුඩන්‍ට් වීසා ලැබෙන්නේ ඉගෙන ගන්න..
ජපානේ විතරක් නෙමෙයි එංගලන්තේ,ඇමරිකා හරි ඔසී යන්න ස්ටුඩන්ට් වීසා ලැබෙන්නේ ඒ රටට ගිහින් ඉගෙන ගන්න කාර්‍යය සඳහා..
ජපානේත් ඒක එහෙමයි..ආගමන දේපාර්තුමේන්තුවත්,ඔබව භාර ගන්න පාසලත් මුලිකවම ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉගෙන ගැනීමයි.අනිත් හැම රටකටම වැඩිය ජපානේ එක ඇඩ්වාන්ටෙජ් එකක් තමයි ස්ටුඩන්ට්ලාට සතියකට පැය 28 පාර්ට් ටයිම් කරන්න අවසර පත්‍රයක් නිකුත් කරන එක. ටීවී එකේ දහසක් ඇඩ් අතර තුර චුට්ටං ටෙලි නාට්‍ය කෑලක් පෙන්නවා වාගේ..කාලයක් තිබුනා පර්ට් ටයිම්, අපේ විදිහට කියුවොත් බයිතො ගහන එක මේයින් වෙලා ඉස්කොලේ 80% තියා ගන්න ගියාම ඇති වාගේ කාලයක්... හැබැයි මෑත කාලීන ජපන් රජයේ ප්‍රතිපත්ති දිහා බැලුවාම ඕය සිස්ටම් එකට කෙල වෙන්න පටන් අරන් තියෙන්නෙ..ජපන් රජය පිටරට සිසුන්ට වැඩි ඉඩක් දෙන හේතුව විදේශ විනිමය ගෙන්න ගන්න විතරක් නෙමෙයි, පසුගිය අවුරුද්දේ විතර ආණ්ඩුව කියුව්වා ඉගෙන ගෙන ඉවර වෙලා, යන පිරිස වැඩිය...වැඩි පිරිසක් ජපාන සමාගම් වල රඳව ගන්න ඕනෑ කියන අදහස..ඒකට අනුව අධ්‍යපනය නිම කරන සිසුන්ට මෑතක ඉඳන් වැඩි කරදරයක් නැතිව වර්කින් වීසා ලැබෙනවා. හරියට ඉගෙන ගෙන වෘතිකයෙක් විදිහට එන අයව පිළි ගන්න ලැහැස්තියි වාගේම ස්ටුඩන්‍ට් වීසා තියන් වැඩියෙන් බයිතෝ ගහන අයට වැට කඩුලු බඳින විදිහක් තමයි ආගමන අංශ වල ක්‍රියාකාරිත්වයෙන් පෙන්න තියෙන්නේ..
2.වර්කින් පර්මීට් එකේ පැය 28 වැඩ කලත් ඇති ගත්ත ණය/වියදම් පියව ගන්න..
ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ඕක,ලංකාවේ එවපු එජන්ට් කියුව්වේ එහෙමයි...නැත්නම් ස්ටුඩන්ට් ඉඳන් වර්ක් කරලා සාමන්‍යන් මාසෙට ලක්ෂ 3 ක් විතර හොයා ගන්න පුළුවන් කියලා..ඔය කාරණා දෙකම තඩි බොරු!!!ටොකීයො අවට පාර්ට් ටයිම් එකකට ලැබේන්නේ යෙන් 1000ක් අඩු වැඩි ගාණක්.විසා එක අවදානමේ යොදා නොගෙන වැඩ කරනවා නම් 1000× 28 ×4=112,000ක් ;වැඩිපුර රෑ වැඩ කලොත් තව 25% එකතු වෙනවා. පාසලේ දිර්ඝ නිවාඩු කාල වලට පමණක් දවසකට පැය 8 වෙනකම් වැඩ කරන්න පුළුවන්.
අමතක කරන්න එපා මෙහේ ජීවන වියදමත් සැහෙන්න සැර විත්තිය, කෑමට බීමට ඉන්න හිටින තැනට ට්‍රේන් පාස් එකට එහෙම සැහෙන්න ගාණක් යනවා..
3.ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් පාර්ට් ටයිම් තියෙනවා/ ඉස්කොලෙන් හොයලා දෙනවා කියුව්වා;එජන්ට් හොයලා තියෙන්නේ කියුව්වා
ඕකත් ආපු අය ගොඩක් දෙනෙක් කියන නොක්කාඩුවක්!
පාර්ට් ටයිම් එකක් හොයා ගන්න ඉස්කොලේ වාගේම මෙහෙ කලින් ඇවිත් ඉන්න අයත් උදව් කරන අවස්ථා වැඩියි; මොනම ඉස්කොලයක්වත් පාර්ට් ටයිම් අනිවා හොයලා දෙනවා කියලා කියන තැන් මම දන්න තරමින් නෑ.තමනුත් මහන්සි වෙන්න ඕනෑ! සමහර අය මම දැකලා තියෙනවා මාසේකට වැඩිය බයිතෝ නැතිව ඉන්නවා.බයිතො එකක් ඉක්මනට හොයා ගන්න පුළුවන් එකම ක්‍රමේ ලංකාවේදී සැහෙන්න ජපන් ඉගෙන ගෙන එන එක.නැට් 5 කොලොත් මැදැයි නෙමෙයි..අඩුම එන් 3 මට්ටමටවත් හදන් ආවොත් කරදර නැතිව හොඳ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්..භාෂාව බැරි වුනොත් ඇඟ වෙහෙසන ජොබ්ක් තමයි හෙව්වත් හම්බ වෙන්නෙ..
4 සැලැස්මක් ඇතිව එන්න..
ලැංවේජ් ස්කුල් ඉවර වෙලා මොකද කරන්නේ ඇහුවොත් බහුතරයක්ට අදහස් නෑ. ජපන් ආවේ ඇයි කියලා ඇහුවොත් ආස හින්දා ආවා ඔච්චරයි...
ලක්ෂ ගාණක් යට කරලා ඇවිත් මෙහෙදී ඉගෙන ගන්න අවුරුද්දු 4,5 ට තව මිලියන් ගණන් ගෙවන්න වෙන එකේ..එන්න කලින් ලැංවේජ් ස්කූල් ඉවර වෙලා මොනවාද කරන්නේ? ඊටත් පස්සෙ ජපානේම දිගටම රැකියාවක් කරන් ඉන්නවාද? වෙන රටකට යනවාද? යනවා නම් ජපානේ ඉගෙන ගන්න දේවල් ඒකට ප්‍රයෝජනවත්ද?ලංකාවට යනවාද? ලංකාවට ගිහින් මොනවාද කරන්නේ? මේ කියන කාරණා ගැන හොයලා බලන්න. දන් නැති තැන් තියෙනවානම් කලින් ඇවිත් තියෙන අයත් එක්ක කතා කරලා බලන්න.ගූගුල් කරලා බලන්න.
5.අවුරුද්දු 2කට ලක්ෂ 20 විතර ඉස්කුල් ෆීස් ගෙවන එකේ ජපන් හරියට ඉගෙන ගන්න.
මම මෙහෙ හිටිය කාලේ අද දක්වාම දැකපු දෙයක් තමයි සතියට දවස් 5 ගානේ අවුරුද්දු 2 ක් ලැංවේජ් ස්කුල් ගිහිනුත් අඩුම ජපන් භාෂා ප්‍රවීනතා විභාගේ එන් 2 පාස් කර ගන්නෙත් ඉතාම සුළු පිරිසක් විතරයි විත්තිය.
ටිකක් මහන්සි වුනත් අවුරුද්දක් හොඳටම ඇති එන් 1 ගොඩ දාගන්න.
අඩුම මට්ටමේ යුනිවර්සිටි එකකට යන්න වුනත් එන් 2 මට්ටම ඕනෑ.හොඳ යුනිවර්සිටි එකකට එන් 1 විතරක් මදි;
076 3574309 nuwan darshana(ヌワン ダルシャナ)
ඔබේ සිහිනය යථාර්තයක් කරගැනීමට...
මෙම පෙජයට අලුතින් එක්වුන නංගිලා මල්ලිලා වෙලාව චුට්ටක් අරන් පේජ් එක හොදට කියවල මෙහෙට එන්න කලින් දැනුවත් වෙන්න ,අපේ පේජ් එක පමණක් නෙවෙයි විස්තර හොයන්න ක්‍රම ඕන තරම් තියෙනවා .ඔබ ගෙවන මුදලට අපමණ අගයක් ලබාගන්න ,,
මගෙන් ඔබට
1.තවමත් එක යෙන් එකක් හෝ ඇඩ්වාන්ස් එකක් නොගෙන ඔබේ අයදුම් පත පාසල් වෙත යොමු කිරීම
2. සියලු මුදල් ඉලිජිබිලටි ලැබුන පසු ගෙවිය යුතු අතර, අදාල ලියකියවිලි සකසන විට ලක්ෂ 1ත් 1.50ත් අතර මුදලක් වියදම් වන අතර ඒවා අදාල සේවා ලබාගන්නා ස්ථාන වෙත ගෙවිය යුතු වේ.
3.ජපානයට පැමිණීමේ වීසා ලැබෙන තුරු නිසි මාර්ගෝපදේෂය
4. මා ජපානයේ ජීවත් වන බැවින් ජාපනය තුලට පැමිණි මොහොතේ සිට අවශ්‍ය සියලු කටයුතු ඉටුකරදීම
>රැගෙනයාමට නරිත ගුවන් තොටුපලට පැමිණීම ,
>මහ නගර කාර්යාලයේ ලියපදිංචි කටයුතු,රක්ෂණ කටයුතු කරදීම ,
>හන්කො නොහොත් පුද්ගලික අත්සන් මුද්රාව සැකසීම,
>බැංකු ,තැපැල් කාර්යාල ,පොත් සැකසීම,
>නවතම ජංගම දුරකථන පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට සලසාදීම ,
>අවශ්‍ය අයහට කාර් රථයක් ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමට සලසාදීම ,
> අර්ධ-කාලීන රැකියා සොයාදෙන කාර්යාල(ජොබ් බෑන්ක් ) වල ලියපදිංචි කරදීම,
5.විනිමය අනුපාතය අනුව පාසල් ගාස්තු ගෙවියයුතු අතර මේ දිනවල යෙන් අඩු අගයක් ගන්නා අතර අමතර වියදමක් දැරීමට නොමැතිවීම ,
6.ස්ටාෆ් නොමැතිනිසාත් ,ළමුන් ලොකු සංක්‍යාවක් නොකරන නිසාත් , මාගේ පුර්ණ අවදානය එකින් එකට සොයා බලා පාසැල වෙත යොමුකිරිම ,
7.සෙන්මොන් ගක්කෝ ,දෛගකු සොයාගැනීමට උදවු කිරීම ,
8. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය ලබා ඇතිඅයහට ජපන් භාෂා පාසලෙන් පසු රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි තරමින් උදවු කිරීම ,
9.මා චිබා ප්‍රාන්තයේ ජිවත් වන කෙනෙක් නිසා මාගේ අවදානය යොමු කිරීමට හැකි පාසල් වලට පමණක්(චිබ ,සයිතම ,ඉබරකි ,තෝකියෝ අවට ) ඔබව යොමු කරමි ,
ඉහත දේවල් මා සදහන් කලේ ඔබව දැනුවත් කිරීමට පමණයි ,කිසිම ඒජන්ට් කෙනෙකුට,කමපනියකට දොස් නොනගන අතර මේ දිනවල මා හට ලැබුන මස්සේජ් අනුව මෙම පොස්ට් එක දැමීමට තීරණය කලෙමි ,හොදට දැනුවත් වෙලා මෙහෙට එන්න ,ගෙන්වන ඒජන්ට්ගෙන් ප්‍රශ්න අහන්න ,එය ඔබේ අයිතියකි ,ලංකාවේ ඒජන්ට් සමගත් ජපන් ඒජන්ට් සමගත් කතාබහ කර සුදුසුයි කියල 100%විශ්වාසය තහවුරු කරගන්න ,මොකද ඔබට මෙහෙදී යම් ප්‍රශ්නයක් ඇති වූ කල ඔබට ඔබ පමණක් නිසා ,,,
ලංකාවේ සිට ජපානයේ සිහන මවා දෙන්නේ ඔබට ආදරයට නොව ඔබගේ වියදම් කරනා මුදල් වලට පමණක් බව මතකයේ තබාගන්න.
අර්ධකාලීන රැකියා මගින් පමණක් මුදල් සෙවීමේ මතය ඉවත් කර ජීවිතයට වටිනා දෙයක් ජපානය තුලින් ලබා ගන්න. මන්ද ඔබ නොදැනුවත්වම රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මුදලක් ජපානය තුල අධ්‍යාපනය ලැබීමට වැය කරනු ලබයි.,,
මා ගෙන් අයදුම් කිරීමේදී අවම සුදුසුකම්
1.වයස 18ත් 32ත් අතර වීම ,
2.GCE A/L පෙනී සිටීම හෝ GCE O/L සමත් වී තිබීම,
3.පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය ලබා ඇතිඅයහට වයස් සීමාවක් බල නොපායි ,
4.JLPT හෝ NAT විභාගය සමත් වීම විශේශ සුදුසුකමක් වන අතර දැනට බාෂාව ඉගෙන ගනිමින් සිටීම ,
සැලකිය යුතුයි ,
දැනට අප පන්තියේ ඉගෙන ගන්න ළමයිනට ,,ජුලි සදහා සම්මුක පරීක්ෂණයට පෙබරවාරි 10,12 ජපන් පාසලෙන් පැමිනෙන අතර ,තවත් පාසල් ගණනාවකින් පැමිණීමට නියමිත අතර හොදින් සුදානමින් සිටින්න ,,හැකිතරම් ඉක්මනින් ඔබේ සහතික පත් මා වෙත ලබා දෙන්න ,,විසා රිජෙක්ට් වීම් අවම කිරීමට ඔබේ පුර්ණ සහයෝගය ලබාදෙන්න ,මා සීමිත ළමුන් සන්ක්යාවක් පමණක් කරන බැවින් ලියකියවිලි ප්‍රමාද වන ළමුන් සදහා ඔක්තෝම්බර් ද විවුර්තයි ,,
Tel 076 3574309 nuwan darshana
🔴 ජපානයට සංචාරක වීසා ලබාගන්නා ආකාරය...
අපි අද කතා කරන්න යන්නෙ ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් ලබාගැනීමේදී තානාපති කාර්යාලය වෙත නිවැරදිව ලිපි ගොනුවක් ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල කතා කරන්නයි.
මුලින්ම කියන්න ඕන ව්‍යාජ ලිපි ලේඛන නම් ඉදිරිපත් කරන්න හිතන්න එපා. එහෙම උනොත් තානාපති කාර්යාලයෙන් එලියට බහිද්දිම 4 වෙනි තට්ටුවට යන්න පුළුවන්.
හරි, ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් ලබාදීමේදී එය දවස් 14 සිට 90 දක්වා කාල පරාසයක් සඳහා තමයි නිකුත් කරන්නෙ. මේ සඳහා අවශ්‍ය වන්නෙ බොහොම සුළු ලිපි ලේඛන සංඛ්‍යාවක් තමයි. ඒවායේ නිරවද්‍ය භාවය අව්‍යාජ භාවය සහ තානාපති කාර්යාලයෙන් ඔබේ අයදුම් කිරීමට ලැබෙන තෘප්තිමත් භාවය මත ඔබට වීසා ලැබීම හෝ නොලැබීම තීරණය වෙනව
මුලික වශයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ජපානය කියන්නෙ ජීවන වියදම (cost of living) වැඩිම රටක්. ඒ රටේ වැසියන්ගේ වෙතනයට සාපේක්ෂව ඒක සාමාන්‍ය දෙයක් උනත් අපේ වගේ රටකට ඒක ඉහල අගයක්. ඒ නිසා සංචාරයකට වීසා බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කරනවානම් ඔබේ මුල්‍යමය හැකියාව ඉතා යහපත් මට්ටමක පැවතිය යුතුයි.
හැබැයි ඔබට ජපන් මිතුරු මිතුරියන් සිටිනවා නම්, එහි නීත්‍යානුකුලව පදිංචි ඥාතියෙක් හෝ යහළුවෙක් සිටිනවානම් ඔබට ඔවුන් මගින් ආරාධනාවක් (invitation) ලබාගෙන වීසා බාපත්රයට අයදුම් කල හැකියි. සහ එය තමයි සාර්ථකම ක්‍රමය. මොකද අපේ බහුතරයකට ජපානයේ සංචාරයකට ගිහින් ඒ වියදම දරන්න අමාරු බව තානාපති කාර්යාලය දන්නවා,,,
අපි මුලින්ම බලමු ඒ ආකාරයට යහළුවෙක්,ඥාතියෙක්, දන්නා හඳුනන කෙනෙක් මගින් ඇරයුමක් සහිතව වීසා බලපත්‍රයකට අයදුම් කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි මොනවද කියල.
⚫️ ඔබ විසින් එක්රැස් කර ගත යුතු ලිපි ලේඛන.
1. ගමන් බලපත්‍රය
2. 45mm x 45mm ප්‍රමාණයේ වර්ණ චායාරුපයක්
3. වීසා අයදුම් පත්‍රයක්.
4. ගුවන් ටිකට් පතක් ලබාගැනීම සඳහා කලින් වෙන්කරවා ගැනීමක් සිදුකල බවට ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි ආයතනයකින් ලබාදෙන ලිපිය.
5. ඇරයුම් කරන්නාට ඇති ඥාතීත්වය/හැඳුනුම් කම/මිත්‍රත්වය තහවුරු කරන්නාවූ ලිපි ලේඛන. උදා: උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, චායාරූප, ලියුම්, ව්දියුත් තැපැල් ලිපි.
6. ගමන් වියදම දැරිය හැකි බව තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන.
උදා: ආදායම් වාර්තා, වැටුප් ලැබීම් අදාළ ලිපි, බැංකු වාර්තා
⚫️ ඇරයුම් කරු විසින් ඔබ වෙත සැපයිය යුතු ලිපි ලේඛන.
1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)
2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)
3. Schedule of stay (කාල සටහන)
4. ඇරයුම් කරන්නාගේ ආදායම් සහතික, බැංකු වාර්තා, බදු ගෙවීමේ වාර්තා යන ලිපි ලේඛන වලින් එකක්.
5. ඇරයුම් කරන්නාගේ පදිංචි සහතිකය.
6. ඇරයුම් කරන්න්නා ජපන් ජාතිකයකු නොවේ නම් ඔහුගේ ගමන් බලපත්‍රයේ චායාපිටපතක්, සහ ඔහුගේ ජපානයේ හැඳුනුම් පත්‍රය, රියදුරු බලපත්‍රය වැනි ලියාපදිංච් සහතික.
ඔන්න ඕවා. Nuwan darshana ( matara )
ඔබේ සිහිනය යථාර්තයක් කරගැනීමට...
මෙම පෙජයට අලුතින් එක්වුන නංගිලා මල්ලිලා වෙලාව චුට්ටක් අරන් පේජ් එක හොදට කියවල මෙහෙට එන්න කලින් දැනුවත් වෙන්න ,අපේ පේජ් එක පමණක් නෙවෙයි විස්තර හොයන්න ක්‍රම ඕන තරම් තියෙනවා .ඔබ ගෙවන මුදලට අපමණ අගයක් ලබාගන්න ,,
මගෙන් ඔබට
1.තවමත් එක යෙන් එකක් හෝ ඇඩ්වාන්ස් එකක් නොගෙන ඔබේ අයදුම් පත පාසල් වෙත යොමු කිරීම
2. සියලු මුදල් ඉලිජිබිලටි ලැබුන පසු ගෙවිය යුතු අතර, අදාල ලියකියවිලි සකසන විට ලක්ෂ 1ත් 1.50ත් අතර මුදලක් වියදම් වන අතර ඒවා අදාල සේවා ලබාගන්නා ස්ථාන වෙත ගෙවිය යුතු වේ.
3.ජපානයට පැමිණීමේ වීසා ලැබෙන තුරු නිසි මාර්ගෝපදේෂය
4. මා ජපානයේ ජීවත් වන බැවින් ජාපනය තුලට පැමිණි මොහොතේ සිට අවශ්‍ය සියලු කටයුතු ඉටුකරදීම
>රැගෙනයාමට නරිත ගුවන් තොටුපලට පැමිණීම ,
>මහ නගර කාර්යාලයේ ලියපදිංචි කටයුතු,රක්ෂණ කටයුතු කරදීම ,
>හන්කො නොහොත් පුද්ගලික අත්සන් මුද්රාව සැකසීම,
>බැංකු ,තැපැල් කාර්යාල ,පොත් සැකසීම,
>නවතම ජංගම දුරකථන පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට සලසාදීම ,
>අවශ්‍ය අයහට කාර් රථයක් ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමට සලසාදීම ,
> අර්ධ-කාලීන රැකියා සොයාදෙන කාර්යාල(ජොබ් බෑන්ක් ) වල ලියපදිංචි කරදීම,
5.විනිමය අනුපාතය අනුව පාසල් ගාස්තු ගෙවියයුතු අතර මේ දිනවල යෙන් අඩු අගයක් ගන්නා අතර අමතර වියදමක් දැරීමට නොමැතිවීම ,
6.ස්ටාෆ් නොමැතිනිසාත් ,ළමුන් ලොකු සංක්‍යාවක් නොකරන නිසාත් , මාගේ පුර්ණ අවදානය එකින් එකට සොයා බලා පාසැල වෙත යොමුකිරිම ,
7.සෙන්මොන් ගක්කෝ ,දෛගකු සොයාගැනීමට උදවු කිරීම ,
8. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය ලබා ඇතිඅයහට ජපන් භාෂා පාසලෙන් පසු රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි තරමින් උදවු කිරීම ,
9.මා චිබා ප්‍රාන්තයේ ජිවත් වන කෙනෙක් නිසා මාගේ අවදානය යොමු කිරීමට හැකි පාසල් වලට පමණක්(චිබ ,සයිතම ,ඉබරකි ,තෝකියෝ අවට ) ඔබව යොමු කරමි ,
ඉහත දේවල් මා සදහන් කලේ ඔබව දැනුවත් කිරීමට පමණයි ,කිසිම ඒජන්ට් කෙනෙකුට,කමපනියකට දොස් නොනගන අතර මේ දිනවල මා හට ලැබුන මස්සේජ් අනුව මෙම පොස්ට් එක දැමීමට තීරණය කලෙමි ,හොදට දැනුවත් වෙලා මෙහෙට එන්න ,ගෙන්වන ඒජන්ට්ගෙන් ප්‍රශ්න අහන්න ,එය ඔබේ අයිතියකි ,ලංකාවේ ඒජන්ට් සමගත් ජපන් ඒජන්ට් සමගත් කතාබහ කර සුදුසුයි කියල 100%විශ්වාසය තහවුරු කරගන්න ,මොකද ඔබට මෙහෙදී යම් ප්‍රශ්නයක් ඇති වූ කල ඔබට ඔබ පමණක් නිසා ,,,
ලංකාවේ සිට ජපානයේ සිහන මවා දෙන්නේ ඔබට ආදරයට නොව ඔබගේ වියදම් කරනා මුදල් වලට පමණක් බව මතකයේ තබාගන්න.
අර්ධකාලීන රැකියා මගින් පමණක් මුදල් සෙවීමේ මතය ඉවත් කර ජීවිතයට වටිනා දෙයක් ජපානය තුලින් ලබා ගන්න. මන්ද ඔබ නොදැනුවත්වම රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මුදලක් ජපානය තුල අධ්‍යාපනය ලැබීමට වැය කරනු ලබයි.,,
මා ගෙන් අයදුම් කිරීමේදී අවම සුදුසුකම්
1.වයස 18ත් 32ත් අතර වීම ,
2.GCE A/L පෙනී සිටීම හෝ GCE O/L සමත් වී තිබීම,
3.පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය ලබා ඇතිඅයහට වයස් සීමාවක් බල නොපායි ,
4.JLPT හෝ NAT විභාගය සමත් වීම විශේශ සුදුසුකමක් වන අතර දැනට බාෂාව ඉගෙන ගනිමින් සිටීම ,
සැලකිය යුතුයි ,
දැනට අප පන්තියේ ඉගෙන ගන්න ළමයිනට ,,ජුලි සදහා සම්මුක පරීක්ෂණයට පෙබරවාරි 10,12 ජපන් පාසලෙන් පැමිනෙන අතර ,තවත් පාසල් ගණනාවකින් පැමිණීමට නියමිත අතර හොදින් සුදානමින් සිටින්න ,,හැකිතරම් ඉක්මනින් ඔබේ සහතික පත් මා වෙත ලබා දෙන්න ,,විසා රිජෙක්ට් වීම් අවම කිරීමට ඔබේ පුර්ණ සහයෝගය ලබාදෙන්න ,මා සීමිත ළමුන් සන්ක්යාවක් පමණක් කරන බැවින් ලියකියවිලි ප්‍රමාද වන ළමුන් සදහා ඔක්තෝම්බර් ද විවුර්තයි ,,
ඇත්තටම ජපන් යන්න කීයක් යනවද? පඩිය කීයද?
මේ දිනවල මට ලැබෙන බහුලම පණිවිඩයකි ,,,,,හැකි පමන දැනුවත් කිරීමක් කරන්නම් ,,,සුරංගනා ලෝක මවන් මෙහෙට එන්න එපා ,,,ප්ලීස් දැනුවත්වන්න
ජපානයට පිටත් වීමට පෙර
*වසරක පාසල් ගාස්තු - ලක්ෂ 10 ත් 10.50 ක් පමණ වේ.
*Documents සදහාද ලක්ෂ 1ත් 1.50ත් අතර මුදලක් වැයවේ.
* කන්සල්ටන්ට් ලාටත් සාමාන්‍යයෙන් ලක්ෂ 1ක් 2ක් අතර
ජපානයට පැමිණීමට පෙර
*Air-Ticket සදහා රු.50000ක් පමණ වැයවේ.
*නේවාසික පහසුකම් සදහා ලක්ෂ 1ක් වැයවේ. (මාස තුනකට)
*ආහාර සදහාද ප්‍රමාණවත් මුදලක්
මුලු වියදම සාමාන්‍යයෙන් කොහොම කලත් ලක්ෂ.13 සිට 15අතර වගේ වෙන නිසා හොදට හිතල බලල මුල්‍යමය හැකියාව ඇතිනම් පමණක් තීරණයක් ගන්න ,,,
කොහෙන් කොහොම මොන ආයතනයෙන් ගියත් කෙනෙක් මාර්ගයෙන් ගියත් ඔයවගේ ගානක් යනනිස සැලකිලිමත් වන්න .
ජපන් පඩිය කියද ?
වීස ලැබෙන්නේ ඉගෙනගන්න නමුත් සතියකට පැය 28ක් වැඩකරන්න පුළුවන් .ටොකීයො අවට පාර්ට් ටයිම් එකකට ලැබේන්නේ යෙන් 1000ක් අඩු වැඩි ගාණක්.විසා එක අවදානමේ යොදා නොගෙන වැඩ කරනවා නම් 1000× 28 ×4=112,000ක්යෙන් ;වැඩිපුර රෑ වැඩ කලොත් තව 25% එකතු වෙනවා. පාසලේ දිර්ඝ නිවාඩු කාල වලට පමණක් දවසකට පැය 8 වෙනකම් වැඩ කරන්න පුළුවන්.( ජොබ් 2ක් කරන්න පුළුවන් ,,අවදානම වැඩියි ,tax නොයවන අතට පඩි ලැබෙන තැන් තිබුනත් ඒවාට යන්න බාෂාව හොදට හදාගන්න ඕන )
අමතක කරන්න එපා මෙහේ ජීවන වියදමත් සැහෙන්න සැර විත්තිය, කෑමට බීමට ඉන්න හිටින තැනට,මොබයිල් බිල් , ට්‍රේන් පාස් එකට එහෙම සැහෙන්න ගාණක් යනවා..
මෙහෙට බැහැපු දවසට පහුවෙනිදම යන්න ජොබ් නෑ ,,මාසයක් වත් අඩුතරමින් ඉවසන්න වෙනවා ,,
ජපානයේ ජොබ් තියෙනවද ?
මේ අනෙක් කාරණය ,,,,බාෂාව පුළුවන් නම් සොයාගැනීම අපහසු නැහැ ,පාර්ට් ටයිම් එකක් හොයා ගන්න ඉස්කොලේ වාගේම මෙහෙ කලින් ඇවිත් ඉන්න අයත් උදව් කරන අවස්ථා වැඩියි; මොනම ඉස්කොලයක්වත් පාර්ට් ටයිම් අනිවා හොයලා දෙනවා කියලා කියන තැන් මම දන්න තරමින් නෑ.තමනුත් මහන්සි වෙන්න ඕනෑ! .බයිතො එකක් ඉක්මනට හොයා ගන්න පුළුවන් එකම ක්‍රමේ ලංකාවේදී සැහෙන්න ජපන් ඉගෙන ගෙන එන එක.නැට් 5 කොලොත් මැදැයි නෙමෙයි..අඩුම එන් 4 මට්ටමටවත් හදන් ආවොත් කරදර නැතිව හොඳ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්..භාෂාව බැරි වුනොත් ඇඟ වෙහෙසන ජොබ්ක් තමයි හෙව්වත් හම්බ වෙන්නෙ..
ජපානයේ කොහෙට ගියොත් හොදයිද ?
ඒජන්ට් මොනවා කොහොම කිව්වත් පරණ යාළුවෙක්ගෙන් අහල තීරණයක් ගන්න ,පරණ යහළුවෙක් නැතිනම් මගේ උපදෙස නම් තෝකියෝ අවට පාසලක් සොයාගැනීම අනාගතයට පහසුවක් ,සෙන්මොන් ගක්කෝ ,දෛගකු ,ජොබක් සොයා ගැනීමත් පහසුවක් .තෝකියෝ ජිවන වියදම වැඩි නිසා ඒජන්ට් කිව්වා කියල දුරකට ගිය අයත් ,මෙහෙට ආවට පස්සේ තෝකියෝ වලට මාරුවක් හදාගන්න මහන්සි වීම් මන් දැකල තියෙනවා
මාතර අලුත් පන්තිය පටන් ගන්නවා සහබාගි වන අය කෝල් එකක් දීල තැන අහගන්න ,හැම මසකම අලුත් පන්තියක් පටන්ගන්නවා ,,ඉක්මනින්ම ජපානෙට යන්න ඕන අය ඉන්නවනම් call::076 3574309
25/01/2017
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
"Ninaro", Elawella Road, Matara
Matara