07/01/2026
●▬▬๑❍☸ #නමෝ____බුද්ධාය☸❍๑▬▬● මං ඉස්සර හිතාගෙන හිටියේ ඉන්දියානු කොඩියේ මැද තියෙන්නේ, මහත්මා ගාන්ධි රෙදි වියපු රෝදේ කියලා.. පස්සේ කාලේක තමයි දැන ගත්තේ ඒ තියෙන්නේ බෞද්ධ අපට අයිති "ධර්ම චක්‍රය" කියලා..
ඒත් 80% ක් හින්දූන් ඉන්න රටක ජාතික කොඩියට "ධර්ම චක්‍රයක්" ගියේ කොහොමද???
එහෙම දාන්න තරං ඉන්දියාවේ හයියක් තිබ්බ බෞද්ධයා කව්ද???
ඉන්දියානු ජාතික කොඩියේ තියෙන මේ "ධර්ම චක්‍රය" තමයි , ඇත්තම නිවැරදි "ධර්ම චක්‍රය" වෙන්නෙත්..
මේක ධර්මාශෝක අධිරාජයා රහතන් වහන්සේලා යුගයෙ හදපු "ධර්ම චක්‍රයයි"..මේක අවුරුදු 2300ක් විතර පරණයි..
මේ කතාව පිටිපස්සේ ඉන්නේ ඉන්දියානු පහත්ම කුළයක් වූ "දාලිත්" කුලයක ඉපදිලා, වංශවතුන්ගේන් ගුටි කකා ඉගෙන ගෙන,
ඉන්දියානු ව්‍යවස්ථාව පවා හදපු, බෝධිසත්ව ගුණ තිබ්බ කෙනෙක්..
විස්වාස කරන්න ඉන්දියානු ව්‍යවස්ථාව හදන්නේ බෞද්ධයෙක්..
ඒ තමයි "බීම්රාවෝ අම්බෙඩ්කාර් තුමා"..
එතුමා හරියට ජාතක කතාවල එන තමන්ගේ ජාතිය බේර ගන්න සටන් කරපු "බෝධිසත්ව මුව රජෙක්" වගේ.. ඒ නිසාම ඉන්දියාවේ අඩුකුලේ මිනිස්සු එතුමාව "බෝධිසත්වයෙක්" විදියට සැලකුවා..
අම්බෙඩ්කාර් තුමා 1891 දී "දාලිත්" පවුලක උපදිනවා...හින්දූන් "දාලිත්වරු" සැලකුවේ...
"ස්පර්ෂවත් නොකල යුතු පිරිසක්" හැටියටයි..
පුංචි අම්බෙඩ්කාර්ට ඉස්කෝලේ පන්තිය ඇතුලේ වාඩිවෙන්න ලැබුනේ නෑ.. පන්තියෙන් එලියේ ගෝනියක් එලාගෙන වාඩිවෙලා තමයි ඉගෙන ගන්න වුනේ..
මෙයාලට අනිත් ලමයි බොන වතුර බොන්න තහනම්.. වතුර ඔනී උනොත් ඉස්කෝලේ "පියන්" වෙනම වතුර එකක් ගෙනත් දෙනවා...
"පියන්" ආපු නැති දවස්වලට පුංචි අම්බෙඩ්කාර් දවසම වතුර නැතුව ඉන්න ඔනී..
හැබැයි "අම්බෙඩ්කාර්" හොදට ඉගෙන ගත්තා..
මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මඟ අධ්‍යාපනය බව ඔහු දැනන් හිටියා..
මේ අඩුකුලේ කොල්ලා කොයිතරම් දුරට ඉගෙන ගත්තාද කියනවා නං...
ලන්ඩන්,කොලොම්බියා, ආදි විශ්ව විද්‍යාල වලින්..ආර්ථික විද්‍යාව, විද්‍යාව, දර්ශන වාදය, නීතිය, ගැන ආචාර්‍ය උපාධි ගත්තා...
ඔහුට මේ වගේ අධ්‍යාපන සුදුසුකම් 32ක් තිබ්බා..
එකල ඉන්දියාවේ හිටපු උගත්ම කෙනා වුනේ "අම්බෙඩ්කාර්" තුමායි..
පිටරට ගිහින් අධ්‍යාපනය අවසන් කරලා ආපු අම්බෙඩ්කාර්ට ඕනී වුනා, තමන්ගේ ජනතාව හින්දු කුළ වාදය නිසා විඳින දුකට විසඳුමක් හොයන්න..
ඒ නිසාම ඔහු 1935 දී අභිත ප්‍රකාශයක් කරනවා..
""මම හින්දුවෙකු ලෙස ඉපදුනත්, හින්දු භක්තිකයෙක් ලෙස මිය නොයමි"""
මේ ප්‍රකාශයත් එක්ක ඉන්දියානු ආගමික සමාජය විශාල ලෙස කැළඹුනා..
අම්බෙඩ්කාර්ව ඔවුන්ගේ ආගමට ගන්න විවිධ ආගමික නායකයින් ඔහු ලඟට ආවා.. ඉස්ලාම්,කතෝලික, සික් , ආදි සියලු ආගමික නායකයින් ගේ ආරාධනාව ඔහු ප්‍රතික්ෂේප කලා..
ඔහු කිව්වේ එ සියලු ආගම් වල ඔහු සොයන නිදහස සහ තාර්කික බව නැති බවයි...
ඔහු වසර 20ක් ඉන්දියාවේ පැවති සියලු ආගම් අධ්‍යයනය කලා..1950 දි ඔහු ලංකාවට ආවා..ඇවිත් බුදු දහම ගැනද අධ්‍යයනය කලා...
අන්තිමේ "අම්බෙඩ්කාර්" තමන්ගේ ජාතිය වෙනුවෙන් මේ ලෝකේ පැවති අවිහිංසාවාදීම,කුල භේද නැති, එකම ආගම තෝර ගත්තා..
ඔහු කිව්වේ...
"""මා සොයන්නේ ආගමකට එහා ගිය නිදහස,සමානාත්මතාව සහෝදරත්වය ඇති තර්කාණුකූල ආගමක්""" බවයි..
උපන්දා ඉදන් දුක් විඳපු "දාලිත් වරු" ලක්ෂ ගණනක් වෙනුවෙන් අම්බෙඩ්කාර් අන්තිමේ මේ ලෝකයෙයි ඇති ශ්‍රේෂ්ඨතම ආගම වූ "බුදු දහම" තෝර ගත්තා..
එවකට ඉන්දියාවේ හිටපු උගත්ම මනුස්සයාට තෝර ගන්න තිබ්බ ශ්‍රේෂ්ඨතම දහම වුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි..
1956 ඔක්තොම්බර් 14 වනදා ඉන්දියානු පහත් කුලේ දාලිත් වරුන්ට ඓතිහාසික දවසක්...
"ලක්ෂ 5ක්" පමණ දාලිත්වරු පිරිසක් මහාරාෂ්ඨා වලට රැස් වුනා..
මහාස්ථීවර නමක් වූ "චන්ද්‍රමුණි" ස්වාමින්වහන්සේ විසින් අම්බෙඩ්කාර් තුමා ඇතුලු රැස්වසිටි
ලක්ෂ 5ටම තෙරුවණ් සරණ දී, පන්සිල් සමාදන් කෙරෙව්වා..ඔවුන් සියල්ල එතැන් පටන් බුදුරජාණන් වහ්න්සේ සරණ ගියා..
එය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම ආගමික පරිවර්ථනය ලෙසටයි..
ඒ වෙනකොට ඉන්දියාවේ "අම්බෙඩ්කාර්" තුමාට විශාල කීර්තියක් තිබුනා..
ඔය කාලේ තමයි ඉන්දියානු ව්‍යවස්ථාව හදන්න තීර්ණය කලේ..
මේකට සුදුසුම කෙනා හොයද්දි,
"සැම ජනවර්ගයකටම සමානව සැලකිය හැකි එකම කෙනා" ලෙස සියල්ලන්ගෙම මතය වුනේ අපේ අම්බෙඩ්කාර් තුමාවයි..
ඇත්තටම ඉන්දියානුවන් මුලින් ජාතික කොඩිය සඳහා තෝරගෙන තිබුනේ ගාන්ධිගේ "රෙදි වියපු රෝදයයි"...
හැබැයි අම්බෙඩ්කාර් තුමා ඒකට කැමති වුනේ නෑ.. ඔහු තමයි ජාතික කොඩියට අශෝක ස්ථම්භයේ ඇති "ධර්ම චක්‍රය" යෝජනා කරන්නේ..
ඔහු කිව්වා.. ""ධර්මය සහ සාදාරණත්වය පදනම් කරගත් සංඛේතයක් අවශ්‍යයි..ඒ නිසා ඊට සුදුසුම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය බව""..
ඒ අනුව 1947 දී "ධර්ම චක්‍රය" සහිත ඉන්දියානු ජාතික කොඩියත්, ඉන්දියානු ව්‍යවස්ථාවත් හදන්න අපේ අම්බෙඩ්කාර් තුමා සමත් වුනා..
එතුමා ඒයින් නැවතුනේ නෑ...ඉන්දියාණු රාජ්‍ය ලංඡ්නයට යොදා ගත්තේත් අශෝක රජතුමාගේ ලාංඡනයයි.. එනම් සිංහයන් සහිත ධර්ම චක්‍රයයි..
ඉන්දියානු ජාතික කොඩියට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රයත්, රාජ්‍ය ලාංඡ්නයට චෛත්ති 84000ක් හදපු ධර්මාශෝක රජතුමාගේ ලාංඡ්නයත් දාන්න තරං මේ අඩුකුලේ උපන් අම්බෙඩ්කාර් තුමාට කොහොම "පවර්" එකක් තියෙන්න ඇත්ද????
ඒ තරම් මහේශාක්‍ය වෙන්න එතුමා සසරේ මහා පිනක් කරන්න ඇති..
තමන්ගේ රැහේ එවුන් රැකපු බෝසත් මුවෙක් වන් අම්බෙඩ්කාර් තුමා නිසා 1961 වෙනකොට අඩුකුලේ හින්දූන් "මිලියන 03ක්" බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තිබ්බා..
එතුමා 1956 දෙසැම්බර් 06 මිය යනවා..
විස්වාස කරන්න, මේ බෝධිසත්ව ගුණ තිබ්බ අම්බෙඩ්කාර් තුමා මිය ගිය දිනය ඉන්දියානුවන් සමරන්නේ "පරිනිර්වාණ දිනය" කියලයි..
එතුමා උපන් දවස වෙච්ච අප්‍රේල් 14 ඉන්දියානු රජයේ නිවාඩු දවසක් කලා..අදටත් ඒ දවස "අම්බෙඩ්කාර් ජයන්තිය" ලෙස සමරණවා..
එතුමා මිය ගිය පසු, 1988 දී ඉන්දියානූ භික්ෂු සංගමය විසින් එතුමාව "බෝධීසත්ව" යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා..
2012 දී පවත්වන ලද ජනමත විචාරණයකින් නිදහස් ඉන්දියාවේ "ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවා" ලෙස ද එතුමා තේරි පත්වුනා..
එතුමා විසින් බෞද්ධ වූ සියල්ලන්ම කරුණු 22 කින් සමාදන් කෙරෙව්වා..ඒ 22න් බෞද්ධ අපිට අදාල ටික විතරක් දාන්නම්..
🔸බුදුන් වහන්සේගේ ප්‍රතිපත්තිවලට සහ ඉගැන්වීම්වලට පටහැනි කිසිදු ක්‍රියාවක් මම සිදු නොකරමි.
🔸මම බුදුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමි.
🔸බුදුන් වහන්සේ අනුදැන වදාළ දස පාරමිතාවන් මම අනුගමනය කරමි.
🔸සියලු ජීවීන් කෙරෙහි කරුණාව සහ මෛත්‍රිය දක්වන අතර ඔවුන්ව ආරක්ෂා කරමි.
🔸මම පන්සිල් පද පහ රකිමි.
🔸මම දෛනික ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමටත්, කරුණාව සහ මෛත්‍රිය ප්‍රගුණ කිරීමටත් උත්සාහ කරමි.
🔸බුද්ධ ධර්මය යනු එකම සත්‍ය ආගම බව මම ස්ථිරවම විශ්වාස කරමි.
🔸බුදුදහම වැළඳ ගැනීමෙන් මම නැවත උපතක් ලබන බව මම විශ්වාස කරමි.
🔸මින් ඉදිරියට බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රතිපත්ති හා ඉගැන්වීම්වලට අනුව මගේ ජීවිතය ගත කරමි.
බලන්න උපතින් හින්දු උනත් අවසානයේ එතුමා ධර්මය සරණ කරගත්ත විදිය..ඒක ඇත්තටම ආශ්චර්‍යයක්...
====================================
අම්බෙඩ්කාර් තුමා මතු බුදු බව පැතුවාදැයි මා නොදනිමී.. ඒත් එතුමාට බෝධිසත්ව ගුණ තිබූ බව දනිමි..
සමහර විට එතුමා දාලිත් වරු නිදහස් කලා සේම, ලෝක සත්වයා සසර දුකින් නිදහස් කරන්න තව කල්ප ගණනකින් ජම්බුද්දීපයේ බෝමැඩ මුල වජිරාසනයේ හිඳ ගනිවී...
එසේ නොවුනොත්,, බෝසත් ගුණැති අපගේ අම්බෙඩ්කාර් ශ්‍රීමතාණන්ට මේ ගෞතම බුද්ධ සාසනයේදී ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවායි පතමී!!!
========================================
බුදු දහම වැළදගැනීම මම අපායෙන් මිදුනා මෙන් දැනේ..මම දැන් නිදහස් මිනිසෙකු වන අතර මගේ පැරණි විලංගු දැන් ගැලවී ගොස් ඇත...
(බීම්රාවෝ අම්බෙඩ්කාර් තුමා)
උපුටාගැනීම Rangana Ruwanpura පින්වත් කල්‍යාණ මිත්‍ර පිටුවෙන්
17/07/2025
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට:
නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය
2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නව විෂය නිර්දේශය සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ GPA (Grade Point Average) ක්‍රමය පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා මෙම සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරමු. මෙම වෙනස්කම් සිසුන්ගේ අධ්‍යාපන බර අඩු කර, ඔවුන්ට වඩාත් ගැඹුරින් අධ්‍යයන කටයුතු කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට අවස්ථාව ලබා දෙනු ඇත.
නව විෂය නිර්දේශය: විෂයයන් 7ක්
නව ක්‍රමය යටතේ සිසුන්ට විෂයයන් 10ක් වෙනුවට විෂයයන් 7ක් හැදෑරීමට සිදු වේ. මෙය සිසුන්ගේ විෂය බර අඩු කර, ඔවුන්ට වඩාත් ගැඹුරින් අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම අරමුණු කරයි.
අනිවාර්ය විෂයයන් 5ක්:
මෙම විෂයයන් සියලුම සිසුන් විසින් හැදෑරිය යුතුය.
* මව්බස: සිංහල, දෙමළ හෝ වෙනත් පිළිගත් මව්බසක්. (Credits: 3)
* ඉංග්‍රීසි: සන්නිවේදන කුසලතා, කියවීම, ලිවීම සහ කථනය. (Credits: 3)
* ගණිතය: ගණිතමය සංකල්ප, ගැටලු විසඳීම සහ තර්කනය. (Credits: 3)
* විද්‍යාව: භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පොදු විද්‍යාව. (Credits: 3)
* ආගම: බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම හෝ කිතුනු ආගම. (Credits: 2)
මුළු අනිවාර්ය විෂයයන් සඳහා Credits: 14
තෝරාගත හැකි විෂයයන් 2ක්:
මෙම විෂයයන් දෙක සිසුන්ට ඔවුන්ගේ රුචිකත්වය සහ අනාගත අරමුණු අනුව පහත කාණ්ඩවලින් තෝරාගත හැක. සෑම තෝරාගත් විෂයයකටම Credits 2ක් හිමිවේ.
* දෙවන ජාතික භාෂාව (Second National Language)
* තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology)
* ඉතිහාසය (History)
* පුරවැසි අධ්‍යාපනය (Civic Education)
* සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (Health and Physical Education)
* තාක්ෂණය (Technology): (මෙය පුළුල් ක්ෂේත්‍රයකි)
* සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ තාක්ෂණය (Tourism and Hospitality Management Technology)
* නිර්මාණ හා ඉංජිනේරු තාක්ෂණය (Design and Engineering Technology)
* පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය (Livestock Product Technology)
* කලාත්මක නිෂ්පාදන තාක්ෂණය (Artistic Product Technology)
* ව්‍යවසායකත්වය හා ඊ-වාණිජ්‍ය තාක්ෂණය (Entrepreneurship and E-commerce Technology)
* භූගෝල විද්‍යාව (Geography)
* සෞන්දර්යය අධ්‍යාපනය (Aesthetics Education):
* පෙරදිග සංගීතය (Oriental Music)
* බටහිර සංගීතය (Western Music)
* කර්ණාටක සංගීතය (Carnatic Music)
* පෙරදිග නැටුම් (Oriental Dance)
* භරත නැටුම් (Bharatha Dance)
* බටහිර නැටුම් (Western Dance)
* නාට්‍ය හා රංග කලාව (Drama and Theatre)
* චිත්‍ර (Art)
* ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව (Entrepreneurship and Financial Literacy)
මෙම විෂයයන් 7ක් තෝරාගැනීමෙන්, සිසුන්ට විෂයයන් ගණනාවකට විසිරී නොගොස් තමන්ට වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වේ.
GPA (Grade Point Average) ක්‍රමය
නව ක්‍රමය යටතේ විභාග ප්‍රතිඵල A, B, C, S, F යන අකුරු ශ්‍රේණි වෙනුවට GPA ක්‍රමය මගින් නිකුත් කෙරේ. GPA යනු සිසුවෙකු විෂයයන් ගණනාවක ලබාගත් සාමාන්‍ය ලකුණු මට්ටම සංඛ්‍යාත්මකව දැක්වීමේ ක්‍රමයකි. මෙය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයක් වන අතර, සිසුන්ගේ සමස්ත අධ්‍යයන කාර්ය සාධනය වඩාත් නිවැරදිව පිළිබිඹු කරයි.
GPA ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය (අපේක්ෂිත පරිදි):
* ලකුණු ශ්‍රේණිගත කිරීම: සෑම විෂයයකටම ලබාගන්නා ලකුණු ප්‍රතිශතයක් හෝ ලකුණු පරාසයක් මත පදනම්ව, ඊට අදාළ ලක්ෂ්‍ය අගයක් (Grade Point) ලබා දෙනු ඇත. (මෙම ලක්ෂ්‍ය අගයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු වෙනස් විය හැක. පහත දැක්වෙන්නේ උදාහරණයක් පමණි):
* 90-100% = 4.0
* 80-89% = 3.7
* 70-79% = 3.3
* 60-69% = 3.0
* 50-59% = 2.7
* 40-49% = 2.0 (සමත්)
* 39%ට අඩු = 0.0 (අසමත්)
* සෑම විෂයයකටම ලක්ෂ්‍ය අගයන්: ශිෂ්‍යයෙකු විෂයයන් 7 සඳහා ලබාගන්නා ලකුණු අනුව, එම එක් එක් විෂයයට අදාළ ලක්ෂ්‍ය අගය (Grade Point) ලබා දෙනු ඇත.
* GPA ගණනය කිරීම: අවසාන GPA අගය ගණනය කරනු ලබන්නේ සියලුම විෂයයන් සඳහා ලැබුණු ලක්ෂ්‍ය අගයන්ගේ සාමාන්‍යය ගැනීමෙනි.
උදාහරණයක්:
යම් සිසුවෙකු විෂයයන් 7 සඳහා පහත ලක්ෂ්‍ය අගයන් ලබා ගත්තා යැයි සිතමු:
* ගණිතය: 3.7
* ඉංග්‍රීසි: 3.3
* මව්බස: 4.0
* ආගම: 3.7
* විද්‍යාව: 3.0
* තෝරාගත් විෂය 1: 3.5
* තෝරාගත් විෂය 2: 3.2
මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව = 3.7 + 3.3 + 4.0 + 3.7 + 3.0 + 3.5 + 3.2 = 24.4
GPA = මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව / විෂයයන් ගණන
GPA = 24.4 / 7 = 3.48 (ආසන්න වශයෙන්)
මේ අනුව, එම සිසුවාගේ අවසාන GPA අගය 3.48 ක් වනු ඇත.
GPA ක්‍රමයේ වාසි:
* වඩාත් නිවැරදි ඇගයීමක්: GPA ක්‍රමය මගින් සිසුවෙකුගේ සමස්ත කාර්ය සාධනය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක හා නිවැරදි චිත්‍රයක් ලබා දේ.
* අධ්‍යයන පීඩනය අඩු කිරීම: තනි විෂයයක අසමත් වීමක් හෝ අඩු ලකුණක් සමස්ත ප්‍රතිඵලයට දැඩි ලෙස බලපානවාට වඩා, GPA ක්‍රමය යටතේ සමස්ත සාමාන්‍යය සැලකිල්ලට ගැනීමෙන් සිසුන්ට ඇති පීඩනය අඩු විය හැක.
* ජාත්‍යන්තර ප්‍රමිතීන්: බොහෝ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිවල GPA ක්‍රමය භාවිතා වන බැවින්, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සිසුන්ට මෙය වාසියක් වනු ඇත.
* උසස් පෙළට මග පෙන්වීම: සිසුන්ගේ සමස්ත හැකියාව සහ රුචිකත්වයන් වඩා හොඳින් පිළිබිඹු කරන බැවින්, උසස් පෙළට විෂය ධාරාවක් තෝරා ගැනීමට මෙය වඩාත් ඵලදායී මග පෙන්වීමක් ලබා දිය හැක.
* සාපේක්ෂ ඇගයීම: මෙම ක්‍රමය තුළ සිසුන්ගේ සාපේක්ෂ කාර්යසාධනය වඩා හොඳින් තක්සේරු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
අභියෝග සහ සැලකිලිමත් විය යුතු කරුණු:
* අවබෝධය: GPA ක්‍රමය පිළිබඳව සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් නිසි ලෙස දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
* සමත් වීමේ මට්ටම්: GPA ක්‍රමය තුළ සමත් වීමට අවශ්‍ය අවම GPA අගය සහ එක් එක් විෂය සඳහා සමත් වීමේ නිර්ණායක පැහැදිලිව අර්ථ දැක්විය යුතුය.
* ගණනය කිරීමේ විනිවිදභාවය: GPA ගණනය කරන ආකාරය සහ ලකුණු සඳහා ලක්ෂ්‍ය අගයන් ලබා දෙන ආකාරය පිළිබඳව විනිවිදභාවයක් තිබිය යුතුය.
මෙම නව ක්‍රමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නිසි සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය මතයි. මෙම වෙනස්කම් සිසුන්ට වඩාත් අර්ථවත් හා ප්‍රතිඵලදායී අධ්‍යාපන අත්දැකීමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
පහල ෆොටෝ එක ආදර්ශයක් පමණයි..
17/07/2025
ලෝකය ම කම්පා කළ වියට්නාම වෙඩිල්ලේ ඡායාරූපයක් තමයි මේ. චිත්‍රපට දර්ශනයක් වගේ පෙනුනට මේක සැබෑ සිදුවීමක ඡායාරූපයක්.
1968 දි වියට්නාමයේ ❛සයිගොන්❜ නගරයේ සිදු වූ මේ වෙඩි තැබීම කොයි තරම් ඓතිහාසික ද කියනවානම්, මේ තනි උණ්ඩය හින්දා ලෝකය ම වියට්නාම යුද්ධය දිහා තමන් බලන කෝණය වෙනස් උනා.
වියට්නාම යුද්ධයේ අතුරු කතා ගැන මම Nuwan Ishara Mahagamage පිටුවෙ මීට කලින් දීර්ඝ ලිපියක් පළ කෙරුවා. ඒ හින්දා යුද්ධයේ පසුබිම ගැන නැවත ලියන්නෑ.
ඡායාරූපයේ රිවෝල්වරයක් අත දරාගෙන ඉන්නෙ දකුණු වියට්නාම හමුදාවෙ ජනරාල් කෙනෙක්. ඔහුගෙ නම ❛න්ගුයොන් න්ගොක්❜. ඔහු ළඟ හිටගෙන මරණයට සූදානමින් ඉන්නෙ වියට්කොන් ගරිල්ලන්ගෙ නායකයෙක්. ඔහුගෙ නම ❛න්ගුයෙන් වෑන් ලෙම්‘.
තත්පරයක් ඇතුළත මේ සිදුවීම මාධ්‍යවේදීයෙක් විසින් ඡායාරූපයට නැඟුවා. මේ ඡායාරූපය ගත්තෙ ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදියෙක් වූ ❛එඩී ඇඩම්ස්❜. මේ ඡායාරූපය අරන් එඩී යලි කැමරාව දිහා බලන පරක්කුවෙන් මේ උණ්ඩය වියට්කොන් ගරිල්ලා නායකයගෙ හිස පසාරු කරගෙන ගියා.
මේ අමතක නොවන, කෘෘර සිදුවීම ඡායාරූපගත කොට තිබීම වෙනුවෙන් එඩී ඇඩම්ස්ට පුලිට්සර් සම්මානය ලැබුනා.
ඡායාරූපය මෙන් ම වීඩියෝව ද NBC හරහා ලෝකය පුරා ප්‍රචාරය උනා. මිලියන ගානක් මිනිස්සු වියට්නාම යුද්ධයේ කෘෘරත්වය ගැන කතා කරන්න පටන් ගත්තා. වියට්නාම විප්ලවය කරන කාලෙ ආණ්ඩුවේ හතුරා උනේ ❛වියට්කොන්❜ ගරිල්ලො. හැබැයි මේ ඡායාරූපය ඇතුලෙ මුලු ලෝකයේ ම මිනිස්සු හතුරා විදිහට අඳුනගත්තෙ වියට්නාම හමුදා නිළධාරී ❛න්ගුයෙන් න්ගොක්❜ ව. සමස්ථ කතාව ම කණපිට හැරුනේ එහෙමයි.
මේ වෙඩි තියන මොහොතෙ වෑන් ලෙම් ඉන්නෙ අතට මාංචු දාලා. හැබැයි තනි ඡායාරූපයකින් කියන්න බැරි තරම් සංකීර්ණ කතාවක් තමයි මේ සිදුවීම පිටුපස තිබුනෙ.
වෑන් ලෙම් කියන්නෙ හුදු සිරකරුවෙක් ම නෙවෙයි. ඔහු තමන්ගෙ වියට්කොන් භට කණ්ඩායමක් මෙහෙයවලා තිබුනා වියට්නාම පොලිස් නිළධාරීන්ව සහ ඔවුන්ගේ පවුලේ අයව මරා දමන්න. අරගලය අතරතුරදි. වෑන් ලෙම්ව අල්ලාගෙන තිබුනෙ එහෙම මරපු මිනිස්සු 7 දෙනෙක් සමූහ මිනී වළක යටකරන අවස්ථාවකදි. මේ සිදුවීම ගැන ක්ෂණික ස්ථානීය පරීක්ෂණයකට පස්සෙ ❛න්ගුයෙන් න්ගොක්❜ තමන්ගෙ පෞද්ගලික රිවෝල්වරයෙන් ඔන් ද ස්පොට් දීපු දඬුවම තමයි මේ.
මේ ඡායාරූපය ගැනීම වෙනුවෙන් ඡායාරූප ශිල්පී එඩී ඇඩම්ස් පසුකාලීන ව සෑහෙන්න පසුතැවුනා. ඔහු කිව්වා මේ ඡායාරූපය තුළ ❛මිනිස්සු දෙන්නෙක් මැරුණු බව❜. ඔව්. ඒක ඇත්ත.
❝ජෙනරාල් මේ ගරිල්ලාව මැරුවා. මම ජෙනරාල්ව මැරුවා මගේ කැමරාවෙන්❞ ඒ තමයි එඩී කරපු ප්‍රකාශය.
මේ ඡායාරූපයෙන් පසුව අදාල දඬුවම දීපු ජනරාල්වරයාගේ මුලු ජීවිතය ම ඛේදාන්තයක් වූ බවයි එඩී පසුකාලෙක දැනගන්නෙ. ඇත්තට ම ජනරාල්වරයාට අත්වෙන්නෙ ඉතාම දුක්ඛිත ඉරණමක්.
මේ ඡායාරූපය ප්‍රසිද්ධ වෙලා මාස කීපයකට පස්සෙ, වියට්නාම යුද්ධෙදි ම මේ ජනරාල්වරයා තුවාල ලැබුවා. ඔහුගෙ කකුලක් සම්පූර්ණයෙන් ම අහිමි උනා. යුද්ධයෙන් පස්සෙ ඔහු රටින් රටට විතැන් උනා. ඕස්ට්‍රේලියාවෙ රෝහල්වලින් ඔහුට ප්‍රතිකාර කරන එක ප්‍රතික්ෂේප කෙරුවා. ඇමරිකාවෙදි ඔහුව රටින් පිටමං කරන ලෙස උද්ඝෝෂණ සංවිධානය උනා. පසුකාලයක ඔහු වර්ජිනියා‘හි පීසා අවන්හලක් පවත්වාගෙන ගියා. ඉතාම කෙටි කාලයකින් වර්ජිනියාහි මිනිස්සු දැනගත්තා මේ ඡායාරූපයේ ඉන්නෙ පීසා අවන්හලේ හිමිකරු බව.
❝තෝව අපි හොඳට දන්නවා. හු...❞ ඔහුගෙ අවන්හලේ බිත්තිවල මිනිස්සු එහෙම ලිව්වා.
1998 වසරේදි වයස 67 ක් වූ න්ගුයෙන් න්ගොක් පිළිකාවක් හේතුවෙන් මියගියා. මේ ඡායාරූපය ගත්තු එඩී ඇඩම්ස් ජනරාල්වරයා වෙනුවෙන් මල් පොකුරක් එක්ක පුංචි පණිවුඩයක් එව්වා.
❝සමාවෙන්න. මගේ ඇස්වල තාම කඳුලු❞
හැබැයි ජනරාල්වරයා කරපු මේ වෙඩි තැබීම ගැන නෛතිකව නම් තිබුනෙ උභතෝකෝටිකයක්. ඔහු යුද්ධයේදි අනුගමනය කළ යුතු ❛ජිනීවා සම්මුතිය❜ කඩ කෙරුවාද? ඒක හරියටම කියන්න අපහසු උනා. මොකද වෑන් ලෙම් ගරිල්ලා නායකයා ජාත්‍යන්තර නීතිය යටතේ ආරක්ෂාව ලබන කෙනෙක් නෙවෙයි. ඔහු අයිති උනේත් වරදකරුවන් ගණයට. මේ වගේ සිදුවීම් යුද්ධයකදී සිදුවන අවිනිශ්චිත සිදුවීම් ගණයට තමයි වැටෙන්නෙ.
දැන් ඡායාරූපය අරගෙන ඉවරයි. එඩී ඒ ගැන සදහටම දුක් වෙලා ඉවරයි. ගරිල්ලා නායකයාට වෙඩි වැදිලා ඉවරයි. ජනරාල්වරයා මියගිහින් ඉරවයි.
හැබැයි, එකම එක ඡායාරූපයක්, එකම උණ්ඩයක්, එක තත්පරයෙන් යුද්ධයක තියෙන සදාචාරාත්මක පිරිහීම ගැන සදාකාලික ලෝක කතිකාවක් නිර්මාණය කෙරුවා.
(ඡායාරූපය: AP වෙනුවෙන් Eddie Adams. මුල් කලුසුදු ඡායාරූපය මෙහි වර්ණ ගන්වා ඉදිරිපත් කොට ඇත)
- සටහන: Nuwan Ishara Mahagamage ©️ -
02/07/2025
අබූෂියා ක්වාර්ටාගේ මුද්දේ කතාව! ඔබ කවදා හෝ සිතා තිබෙනවාද, අතීතයේ සිටි මිනිසුන් තම ආදරණීයයන් සිහිපත් කළේ කෙසේද කියා?
අද අපිට ෆොටෝ, වීඩියෝ, වගේ දේවල් තිබුණත්, මීට වසර දහස් ගණනකට පෙර මිනිසුන්ට තිබුණේ සීමිත සම්පත්. ඒත්, ඔවුන්ගේ ආදරය අදටත් වඩා ප්‍රබලව තිබෙන්නට ඇත. අද අපි කතා කරන්නට යන්නේ එවන් ආදර කතාවක් ගැන, කාලයත් සමඟ ගල් ගැසුණු මතකයක් සහ තාක්ෂණික අරුමයක් ගැන. ඔබ මෙම ලිපිය සමග ඇති ඡායාරූපයේ දකින්නේ රෝම යුගයට අයත් ඉතාමත් සුවිශේෂී මුද්දක්. මෙය Grottaferrata නෙක්‍රොපොලිස් නම් පැරණි සුසාන භූමියක, ක්‍රි.ව. 1 වන සියවසේ විසූ වංශවත් කාන්තාවක් වූ Aebutia Quartaගේ සොහොන් ගැබෙන් සොයාගෙන තිබෙනවා..
මෙම මුද්දෙහි ඇති විශේෂත්වය වන්නේ, එහි ඇතුළත ටයිටස් කාර්විලියස් ගෙමෙලෝ (Titus Carvilius Gemello) නම් වූ ඇගේ පුත්‍රයාගේ රුව 'හොලෝග්‍රෑම් ආචරණය'කින් යුතුව දක්නට ලැබීමයි. එනම්, විවිධ කෝණ වලින් බලන විට රූපය වෙනස් වන, ත්‍රිමාණ ස්වභාවයක් පෙන්වන ආකාරයේ අරුම පුදුම නිර්මාණයක්!
මෙය හුදෙක් මුද්දක් පමණක් නොවේ. එය තම ආදරණීය පුතු සිහිපත් කිරීම සඳහා මවක් දැරූ උත්සාහයක සංකේතයක්. ක්‍රි.ව. 1 වන සියවසේ මෙවන් "හොලෝග්‍රෑම්" ආචරණයක් නිර්මාණය කිරීමට තරම් දියුණු තාක්ෂණයක් පැවති බව සිතීම පවා පුදුම සහගතයි.
මෙය පැහැදිලිවම එම යුගයේ පැවති ඉහළ මට්ටමේ ශිල්පීය ඥානය සහ කලාත්මක හැකියාවන් විදහා පානවා. අද අපිට අපේ ආදරණීයයන්ගේ රූප ක්ෂණිකව කැමරාවේ සටහන් කරගත හැකි වුවත්, එදා මේ ආකාරයේ සුවිශේෂී නිර්මාණයක් කිරීමට කොපමණ කැපවීමක් සහ දැනුමක් අවශ්‍ය වන්නට ඇත්ද?
Aebutia Quarta තම පුතු කෙරෙහි දැක්වූ අසීමිත ආදරය, මෙම මුද්දෙහි ගැබ්වී ඇති බව මට සිතෙනවා. ඇය සමහරවිට මෙම මුද්ද නිතරම තම ඇඟිල්ලේ පැළඳගෙන, තම පුතුගේ රුව දෙස බලා සැනසුම් සුසුම් හෙළන්නට ඇති. එය ඇයට තම පුතුගේ මතකය අලුත් කර ගැනීමටත්, ඔහු තවමත් තමා ළඟ සිටින බවට හැඟීමක් ලබා ගැනීමටත් උපකාරී වන්නට ඇත.
අබූෂියා ක්වාර්ටාගේ මුද්ද, අපට මතක් කර දෙන්නේ මතකයන්ගේ බලයයි. එය හුදෙක් භෞතික වස්තුවක් නොව, ඇගේ මාතෘ ප්‍රේමයේ සහ ඇගේ පුතුගේ මතකයේ සජීවීකරණයකි. මෙම මුද්ද මගින්, ඈත අතීතයේදී පවා මිනිසුන් තම ආදරණීයයන් සදාකාලික කර ගැනීමට කෙතරම් උත්සාහ කළාද යන්න අපට පෙන්වා දෙනවා.
ඒ වගෙම මේ මුද්ද, වසර 2000කට ආසන්න කාලයක් පොළොව යට සැඟවී තිබී නැවත ආලෝකයට පැමිණීම, කාලය පිළිබඳව අපට යම් දර්ශනයක් ලබා දෙනවා. දේවල් වෙනස් වුණත්, සමහර හැඟීම් සහ බන්ධන සදාකාලිකයි.
"හොලෝග්‍රෑම් ආචරණය" Hologram Effect කියල අද අපි කියන්නේ විශේෂිත ආලෝක තාක්ෂණයක් භාවිතා කරලා, ත්‍රිමාණ නැත්නම් 3D රූපයක් නිර්මාණය කරන ක්‍රමයක්. සරලව කිව්වොත්, ත්‍රිමාන වස්තුවක් හෝ පුද්ගලයෙක් ඇත්තටම එතන නොසිටියත්, දෘශ්‍යමය වශයෙන් එහි සිටිනවා වගේ පෙනෙන ආකාරයට ආලෝකය භාවිතයෙන් එම රූපය අවකාශයේ "ප්‍රක්ෂේපණය" කිරීමක් (projecting).
සාමාන්‍ය ඡායාරූපයකදී වස්තුවක එක් පැත්තක තොරතුරු පමණක් සටහන් වෙනවා. නමුත් හොලෝග්‍රෑම් එකකදී, වස්තුවක සියලුම පැති වලින් එන ආලෝකය පිළිබඳ තොරතුරු සටහන් කර ගන්නවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් ලේසර් කිරණ (laser beams) භාවිතා වෙනවා. මේ නිසා සාමාන්‍ය ඡායාරූපයක් වගේ නෙවෙයි, හොලෝග්‍රෑම් එකක් විවිධ කෝණ වලින් බලන විට වස්තුවේ විවිධ පැති දැකගත හැකියි. හරියට ඇත්ත දෙයක් දෙස බලනවා වගේ..
වැදගත්ම දේ බොහෝ හොලෝග්‍රෑම් නැරඹීමට 3D කණ්ණාඩි වැනි විශේෂ උපකරණ අවශ්‍ය වන්නේ නැහැ. ඔබට පියවි ඇසින්ම ත්‍රිමාන රූපය දැකගත හැකියි. හොලෝග්‍රෑම් එකක ගැඹුරක් පෙනෙන අතර, ඔබ චලනය වන විට රූපයද යථාර්ථවාදීව චලනය වන බවක් (parallax effect) දැනෙනවා.මෙසේ හොලෝග්‍රෑම් ඉතාමත් සවිස්තරාත්මක වන අතර, වස්තුවේ කුඩාම තොරතුරු පවා එහි ප්‍රතිනිර්මාණය කළ හැකියි.
"හොලෝග්‍රෑම් ආචරණය" Holography සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ හංගේරියානු-බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයෙකු වූ ඩෙනිස් ගාබෝර්ට. ඔහු 1947 දී මෙම සංකල්පය ඉදිරිපත් කළ අතර, ඒ සඳහා 1971 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.
අද හොලෝග්‍රෑම් වලට යොදාගන්නේ ලේසර්. LASER කියන්නේ Light Amplification by Stimulated Emission of Radiation යන වචනවල මුල් අකුරු එකතු වී සෑදුණු කෙටි යෙදුමක්. සරලව කිව්වොත්, එය ඉතා විශේෂිත ආකාරයක ආලෝක කිරණයක් නිපදවන උපකරණයක්.
සාමාන්‍ය විදුලි බුබුළකින් හෝ හිරු එළියෙන් එන ආලෝකයට වඩා ලේසර් ආලෝකය ඉතා වෙනස් හා සුවිශේෂී ගුණාංග වලින් යුක්තයි. සාමාන්‍ය ආලෝකය විවිධ වර්ණ වලින් (විවිධ තරංග ආයාම වලින්) සමන්විතයි. උදාහරණයට දේදුන්නේ වර්ණ සියල්ල සූර්යාලෝකයේ අඩංගුයි. එහෙත් ලේසර් ආලෝකය, තනි වර්ණයකින් (එනම්, තනි තරංග ආයාමයකින්) සමන්විතයි. උදාහරණයක් ලෙස, රතු ලේසර් කිරණයක් හරියටම රතු පාට පමණයි.
මීට අමතරව සාමාන්‍ය ආලෝකය, සියලු දිශා වලට විහිදෙනවා (උදා: විදුලි පන්දමක ආලෝකය). එහෙත් ලේසර් ආලෝක කිරණ බොහෝ දුරක් නොවිසිරී කෙළින්ම ගමන් කරනවා. ඒ නිසා එය දුරකට වුවද ඉතා තියුණු ලක්ෂ්‍යයක් ලෙස පවතිනවා, සාමාන්‍ය ආලෝකයේ ශක්තියත් පුළුල් ප්‍රදේශයකට විසිරෙනවා. නමුත් ලේසර් ආලෝකයේ සියලු ශක්තිය ඉතා කුඩා, සංකේන්ද්‍රිත කිරණයක් තුළ අන්තර්ගත වන නිසා, එයට විශාල තීව්‍රතාවයක් (බලයක්) තියෙනවා, ඒ නිසා එමගින් ද්‍රව්‍ය කැපීමට, සිදුරු කිරීමට හෝ රත් කිරීමට හැකියාව ලැබෙනවා..
හිතන්න, මේ රෝමානු මුද්දේ මීට වසර දෙදහසකට පෙර මේ වගේ තාක්ෂණික ක්‍රමයක් යොදාගෙන තියෙනවා කියන්නේ, ඒ කාලේ මිනිස්සුන්ගේ ශිල්පීය ඥානය සහ කලාත්මක හැකියාවන් කොයිතරම් දියුණු වෙලා තිබුණාද කියන එකට හොඳම සාක්ෂියක්. ඒක නූතන හොලෝග්‍රැෆි වගේම ලේසර් තාක්ෂණයෙන් කරපු දෙයක් නොවෙන්න පුළුවන්, නමුත් ආලෝකයේ වර්තනය සහ පරාවර්තනය ඉතා සූක්ෂම ලෙස භාවිත කරමින් එවැනි දෘශ්‍යමය ආචරණයක් නිර්මාණය කිරීමට ඔවුන් එදා සමත් වෙලා තියෙනවා. එය කෙතරම් විශිෂ්ට ද ?
Pic: Museum of Artifacts
© සාගර දියගම
[email protected]
If this message resonated with you, follow my page, Sagara Diyagama, for more reflections and encouragement.
18/06/2025
හෙළ බසට "ෆ" එකතු කළ විද්වතාණෝ
හෙළ බසට "ෆ" ශබ්දය නැඟීමට අක්ෂරයක් නොමැති වූ නිසා "ප" අක්ෂරය මත ඉංග්‍රීසි හෝඩියේ"F” අකුර රදවා "ෆ" අක්ෂරය හඳුන්වා දුන්නේ මීට වසර 114 කට ඉහතදී 1896 "ඥානදර්ශනය"සඟරාවේ මංගල කලාපයේය. ඔහු නමින් බලපිටිය වලව්වේ තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමාය. ජ'මන් ජාතික විල්හෙල්ම් ගයිගර් මහතා පවසා ඇත්තේ ලංකාවේ පමණක් නොව යුරෝපයේ පවා එවන් පුළුල් භාෂා ඥානයක් ඇති අයෙකු සොයා ගැනීමට අපහසු බවයි. . ............
උපුටාගැනීමකි
08/05/2025
මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි. ඊට අමතරව පාප්වරණය ( Conclave ) වාර්තා කිරීමට ලොව නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාවත් මෙහිදි සළකා බලා තිබෙනවා.
පාප්වරණය අවසාන වන තුරු වතිකානයේම පිහිටි කාසා ශාන්ත මාර්තා නවාතැනේ තම ජංගම දුරකථන තැබීමට කාදිනල්වරුන්ට නියම කෙරෙනවා. මේ කාලය තුළ පාප්වරණය වෙනුවෙන් පත්කරන වෛද්‍යවරුන්, කෝකියන්, ගෘහ සේවකයන්, රියදුරන්ටත් සියළු බාහිර සබඳතා තහනම් වෙනවා.
ලොව පුරා කාදිනල්වරුන් 252ක් සිටියත් මෙවර පාප් වහන්සේ තේරීමට හිමිකම් ලබන්නේ කාදිනල්වරු 133ක් පමණයි. ඊට හේතුව වයස අවුරුදු 80ට වඩා වැඩි කාදිනල්වරුන් මෙයින් ඉවත් කර තැබීමයි. අතීතයේ පාප්වරණය අතරතුර වයෝවෘද්ධ කාදිනල්වරුන් මියගොස් තිබෙනවා. වතිකාන සම්ප්‍රදාය අනුව පාප්වරණයට සහභාගී වන කිසිවෙකුට නව පාප්වරයා තෝරාගෙන මිසක් Conclave එකෙන් පිටවන්න බැහැ.
මෙවර වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 136ක් සිටියත් දෙදෙනෙක් අසනීප තත්ත්වය නිසා රෝමයට පැමිණ නැහැ. එක් අයෙකු චුදිතයෙකු නිසා ස්වේච්ඡාවෙන් තරඟයෙන් ඉවත් වී තිබෙනවා.
රතුපාට කබායෙන් සැරසුණු කාදිනල්වරුන් 133 දෙනා මේ වන විට වතිකානයේ සුප්‍රසිද්ධ සිස්ටීන් චැපල් දේවස්ථානය තුළට රැස්ව සිටිනවා. මයිකල් ආන්ජෙලෝගේ අවසාන විනිශ්චය (The Last Judgment ) ලෝක ප්‍රසිද්ධ සිතුවම ඇඳ ඇත්තේ මේ ශාලාවේ ඇති අල්තාරය පිටුපස බිත්තියේ. මා මේ ශාලාවට කිහිප වරක් ගොස් ඇති නිසා එහි ඇති ගුප්ත නිහැඬියාව හොඳින් අත්විඳ තිබෙනවා. චිත්‍රවලට හානිවන නිසා මේ දේවස්ථානය තුළ කැමරා එළි දැල්විමට හෝ ශබ්ද නඟා කතා කිරීමට පවා අපට අවස්ථාව නැහැ.
එක අතකින් මේ පත්වන්නේ ලෝකයේ කුඩාම රාජ්‍යයේ නායකයා. ඒත් ලෝකයේ වැඩිම පිරිසකට අධ්‍යාත්මික නායකත්වය දෙන පුද්ගලයා. ලොව පුරා වෙසෙන කතෝලිකයන්ගේ ප්‍රමාණය බිලියන 1.4ක්. ඊට අමතරව බොහෝ ක්‍රිස්තියානි නිකායන් හා වෙනත් ආගමිකයන් පවා පාප් වහන්සේට ඉහළම ගෞරවය දක්වනවා. ඒ අනුව බලන විට ලෝකයට ඉහළම බලපෑමක් කළ හැකි තනි පුද්ගලයා පාප් වහන්සේයි.
සාමාන්‍යයෙන් පාප් ධූරයට කාදිනල්වරයෙකු පත්වුවත් එය නීතියක් නෙවෙයි. බෞතීස්ම ලැබූ ඕනෑම කතෝලිකයෙකු පාප්වරයා ලෙස පත් කළ හැකියි. ක්‍රි.ව. දෙවන සියවසේදී පාප්වරණය බලන්න රෝමයට පැමිණි ෆේබියන් නම් පිටිසර ගොවියෙකු පාප් වහන්සේ ලෙස පත්කළා. ඊට හේතුව අහසේ සිට පියඹා ආ පරෙවියෙකු ඔහුගේ හිස ළඟින් පියෑඹීම.
පාප්වරණය යනු ලෝකයේ දැනට පවතින වඩාත් සම්ප්‍රාදායික හා රහසිගතම මැතිවරණයයි. පත් වන නව පාප්තුමා කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් තුනෙන් දෙකක් ලබා ගත යුතුයි. එම ප්‍රථිපලය ලැබෙන තුරු Conclave ක්‍රියාත්මක වනවා. සියවස් ගණනාවකින් පළමු දිනයේ හෝ පළමු ඡන්ද විමසීමෙන් නව පාප්වරයෙකු පත් වී නැහැ. අද රාත්‍රියේ පළමු ඡන්ද වාරය පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව හෙට දිනයේ සිට උදෑසන ඡන්ද වාර 2ක් හා සවස වාර 2ක් බැගින් දිනකට ඡන්ද වාර 4ක් පැවැත්වීමට නියමිතයි.
අසාර්ථක ඡන්දයකින් පසු ඡන්ද පත්‍රිකා පුලුස්සා දමනවා. අපෝස්තලික මාලිගයේ චිමිනියෙන් පිටවන කලු දුමාරයෙන් ලෝකයට දැනුම් දෙන්නේ තවමත් නව පාප් වහන්සේ තෝරා ගෙන නැති බව. අවසානයේ නව පාප් වහන්සේ තෝරා ගත් පසුව චිමිනියෙන් සුදු දුමාරයක් පිට වෙනවා. ඡන්ද පත්‍රිකා පිළිස්සීමේදී දුමාරය කලු හා සුදු ලෙස වර්ණ ගැන්වෙන පරිදි රසායන ද්‍රව්‍ය මිස්‍ර කිරීම තමයි මෙහිදී සිද්ධවන්නේ. සුදු දුමාරයත් සමඟ පල්ලියේ දැවැන්ත ඝණ්ඨාරය නාද වෙනවා. ශාන්ත පීතර බැසිලිකාවේ චතුරශ්‍රයට රැස්ව සිටින දස දහස් ගණන් ජනතාව නව පාප් වහන්සේ කවුරුන්දැයි දැක ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉන් පසුවයි.
නව පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ වම් පස බැල්කනියට පැමිණෙන්නේ තමන් වෙනුවෙන් මැසූ සුදු ලෝගුව ඇඳ ගෙනයි. වතිකානයේ නිල ඇඳුම් මසන්නා මේ වන විට ප්‍රමාණ තුනකින් ලෝගු තුනක් මසා ගෙන බලා සිටිනවා. බැල්කනියට පැමිණෙන කාදිනල්වරයෙක් "Habemus Papam ! " යනුවෙන් ලතින් භාෂාවෙන් පවසනවා. එහි තේරුම "අපට පාප්වරයෙකු සිටී!" යන්නයි. ඉන් පසුව ඉදිරියට පැමිණෙන නව පාප් වහන්සේ තමන් තෝරා ගත් නිල නාමය නිවේදනය කරමින් ජනතාවට ආචාර කරනවා. එතෙක් කිසිවෙකුට නව පාප් වරයා ගැන ඉඟියක් ලැබෙන්නේ නැහැ.
Conclave සමුළුවට පෙර කාදිනල්වරු අද උදෑසන ශාන්ත පීතර බැසිලිකාවේදී යාඥාවකට සහ දිවුරුමකට සහභාගී වුණා. කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති හෙවත් කාදිනල්වරුන්ගේ නායකයා වූ ඉතාලි ජාතික කාදිනල් ජොවන්නි බැටිස්ටා තම සගයන්ගෙන් ඉල්ලා සිටියේ පෞද්ගලික හැඟීම් ඉවත ලා පල්ලියේ සහ මනුෂ්‍යත්වයේ යහපත පමණක් සැලකිල්ලට ගන්නා ලෙසයි. කාදිනල් බැටිස්ටාගේ වයස අවුරුදු 91 ක් නිසා ඔහු පාප්වරණයට සහභාගී වන්නේ නැහැ.
මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ ප්‍රතිසංස්කරණවාදියෙක් (Reformer). එතුමාගෙන් පසුව පත්වූ දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේ පල්ලියේ පැරණි ගතානුගතිකත්වය ආරක්ෂා කළ පුද්ගලයෙක්. නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන් පෙර සිටි සියළුම පාප්වරුන්ටත් වඩා ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙස හඳුනාගත හැකියි. ඔහු සංක්‍රමණිකයන් හා පාරිසරික ප්‍රතිපත්ති වෙනුවෙන් දැඩිව පෙනී සිටියා.
මෙවර පත්වන පාප්වරයා මේ දෙයාකාරයෙන් එක් අයෙකු විය හැකියි. ඉතාලි ජාතික පෙත්‍රෝ පැරොලින් හා පිලිපීන ජාතික ලුවිස් අන්තෝනියෝ ගෝකිම් තග්ලි ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා. ඒත් ඉතාලි ජාතික කාදිනල් මත්‍තේයෝ සුප්පිගේ නමත් ඉවත දමන්න බැහැ.
ෆ්‍රැන්සිස්ගේ අඩිපාරේ යන කාදිනල් මත්තේයෝ සුප්පි පත්වුව හොත් ඔහු ලොව වඩාත් ජනප්‍රිය පාප් වහන්සේ බවට පත්වනු ඇති. අනිවාර්යයෙන් ඔහු "දෙවන සිනාසෙන පාප් වහන්සේ" ( 2nd Smiling Pope) වනු ඇති. මීට කළින් සිනාසෙන පාප් වහන්සේ ලෙස හැඳින්වුණේ පළමු ජුවාන් පාවුළු පාප් වහන්සේ. 1978 අගෝස්තුවේ පාප් ධූරයට පත් වූ එතුමා පත් වී මාසයකින් ස්වර්ගස්ත වුණා. එතුමාගේ මරණය අභිරහසක් ලෙස සළකන පිරිස් තවම ඉන්නවා. ඊට පසුව පත් වූ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ ඒ නම ලබා ගත්තේ තම පූර්ව ප්‍රාප්තිකයාට ගෞරවයක් වශයෙනුයි.
කාදිනල් මත්තේයෝ පත් වුව හොත් ඔහු දෙවන ෆ්‍රැන්සිස් වැනි නමක් ලබා ගනීවියැයි හිතෙනවා.
ඒත් නව පාප් වහන්සේ ලෙස තේරෙනු ඇතැයි මා විශ්වාස කරන්නේ ඉතාලි ජාතික කාදිනල් පෙත්‍රෝ පැරොලින්. එතුමා තමයි ෆ්‍රැන්සිස්ගේ රාජ්‍යතාන්ත්‍රික මුහුණුවර. පැරොලින් දැනට වතිකානයේ රාජ්‍ය ලේකම් හෙවත් විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කරනවා. ගතානුගතික අදහස් දරන්නන් ඔහුට කැමති නැහැ. පැරොලින් යනු ආගමික ඇදහිලි හෝ විශ්වාසයන්ට වඩා දෘෂ්ඨිවාවාදයට හා රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි විශ්වාස කරන්නෙකු ලෙසයි ඔවුන්ගේ විවේචනය. නමුත් ඔහු නවීන අදහස්වලින් හෙබි ප්‍රායෝගිකවාදියෙක්. ඔහු වැන්නකු පත්වීම ලෝක සාමයට විශාල පිටුබලයක්.
පැරොලින් පත් වුණොත් ක්ලෙමන්ට්, ජෝන්, පෝල්, පියස්, බෙනඩික්ට්, ලියෝ, ග්‍රෙගරි, ජුලියස් වැනි නාමයක් තෝරා ගනීවි.
දහතුන් වැනි සියවසේදී පැවති පාප්වරණයක් වසර තුනකටත් වඩා දිග් ගැස්සී තිබෙනවා. ඒ යුගයේ කාදිනල්වරුන් අතර පැවති දේශපාලන ගැටුම් ඊට හේතු වුණා. ඒ කාලයේ පාප් යනු රෝමය පාලනය කළ කුමාරයා ලෙසත් හඳුනාගත හැකියි. පැරණි රෝම අධිරාජ්‍යය කැඩී බිඳී යෑමෙන් පසු රෝමයේ නායකත්වය එහි සංකේතාත්මක බලය හෙබවූ බව සඳහන්.
වර්තමානයේ පාප්වරණය අසීමිත ලෙස දිගු නොවීමට නව නීති රීති හඳුන්වා දී තිබෙනවා. දින 8කට පසුවත් එක් අපේක්ෂකයෙකුට තුනෙන් දෙකක බහුතරය ලබා ගත නොහැකිනම් වැඩිම ඡන්ද හිමි කාදිනල්වරු දෙදෙනා වෙන් කර ගෙන ඔවුන් දෙදෙනා සඳහා පමණක් ඡන්ද විමසීමට නියමිතයි. එහිදී තුනෙක් දෙකක බහුතරය නොසළකා දෙදෙනාගෙන් වැඩි ඡන්ද ලබා ගත් කාදිනල්වරයා පත්වෙනවා. මෙම ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නේ දහසය වැනි බෙනඩික්ට් යුගයේදී.
පළමු දින හතර තුළ අවසන් ජයග්‍රාහකයෙකු හඳුනාගත නොහැකිනම් කාදිනල්වරුන්ට එක් දිනක විවේකයක් ලැබෙනවා. එහෙත් ඔවුන්ට බාහිර ලෝකයට විවෘත වීමේ අවස්ථාවක් නැහැ. 1978 ට පෙර කාදිනල්වරුන් අපෝස්තලික මාලිගාවේම රාත්‍රිය ගත කළා. ඒ සඳහා යාබද කාමරවල නිදන පහසුකම් සලසා තිබුණා. ඒත් දැන් පාප්වරණයට සහභාගීවන කාදිනල්වරුන්ට වතිකානයේම පිහිටි ශාන්ත මාර්තා තානායමේ රාත්‍රි භෝජනය හා නවාතැන් සකස් කර තිබෙනවා. මේ නවාතැන සිස්ටීන් චැපල් දේවස්ථානයේ සිට මීටර් සියයක් පමණ ඈතින් පිහිටා තිබෙනවා. Conclave කාලය තුළ ඒ අතර ගමන් කිරීමට විශේෂිත බස් රථයක් සූදානම්ව තිබෙනවා.
ශාන්ත මාර්තාහි කාමර 128ක් තිබෙනවා. මෙවර කාදිනල්වරුන් 133ක් පාප්වරණයට සහභාගී වන නිසා මෙයින් සමහර කාමර Sharing පදනමින් සකස් කර තිබෙනවා. නමුත් ශාන්ත මාර්තාහි එක් කාමරයක් පමණක් රතු පීත්ත පටියකින් මුද්‍රා තබා තිබෙනවා. ඒ පාස්කු සඳුදා ස්වර්ගස්ත වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ නිල කුටිය. මෙම කුටිය නව පාප්වහන්සේ තෝරා පත්කර ගත් පසුව විවෘත කිරීමට නියමිතයි.
ජේසුතුමාගේ මරණයෙන් අවුරුදු 30කට පසුව තමා මුල්ම පාප් වරයා බිහිවෙන්නේ.ඒ තමා ක්‍රිස්තියානි ආගමේ මූලාරම්භකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ශාන්ත පීතර තුමා.
ජේසුස් වහන්සේගේ අපොස්තලික වරුන් හෙවත් අනුගාමිකයන් 12 දෙනා අතරින් ප්‍රධානත්වය ගත්තේ පේදුරු හෙවත් ශාන්ත පීතර. බයිබලයේ දැක්වෙන ආකාරයට ජේසුතුමා විසින් ස්වර්ගයේ යතුර භාරදුන්නේ පේදුරුට. ජේසුතුමාගේ මරණයෙන් පසුව පේදුරු රෝමයට පැමිණ ජේසුස් විසින් කරන ලද දේශනා කිතුදහම නමින් ආගමක් විදියට වැඩි දියුණු කළා.
නමුත් රෝම ආණ්ඩුව තමන්ගෙ අධිරාජ්‍යයාට ඉහළින් සිටින සර්ව බලධාරී දෙවියෙකු ගැන විශ්වාස කළේ නැහැ. ආණ්ඩුව ක්‍රිස්තියානුවන්ව සැළකුවේ මොලේ කොලොප්පන් වූවන් ලෙස. ඒ නිසා ක්‍රිස්තු භක්තිකයන් දස වද දී මරා දැමුණ. සිංහයන්ව දින ගණනක් බඩගින්නේ තබා ක්‍රිස්තියානුවන්ව පණ පිටින් උන්ගේ කූඩුවලට දැම්මා. මේ කෲර ඝාතන දැකපු පේදුරු ධර්ම ප්‍රචාරය අතහැරියා. ඔහුට ළඟ ළඟම එන භයානක මරණයෙන් ගැලවෙන්න උවමනා වුණා. ඒ නිසා පේදුරු එක රාත්‍රියක පාලු පාරක් දිගේ රෝමයෙන් පිට වුණා.
ඔහු පලා ගියේ අද වියා අප්පියා (Via Appia) නමින් හැඳින්වෙන පාර දිගේ. පාලු තැනිතලාවට සඳ එළිය වැටී තිබුණා. පේදුරුට ඈත සිට තමන් වෙත ඇවිදගෙන එන මිනිස් රුවක් පෙනුනා. ඔහු විශ්වාස කළා ඒ මරණයෙන් නැගිට ආපු ජේසු තුමා බව. දෙදෙනා මුහුණට හමු වූ බව සඳහන්. Quō vādis? (කොහෙද ඇවිදින්නේ ස්වාමීනි) යන ප්‍රසිද්ධ ලතින් වචනයෙන් කියවෙන්නේ එදා පේදුරු ජේසුගෙන් අහපු ප්‍රශ්නය. ඊට පිළිතුරු වශයෙන් ජේසුතුමා පවසා ඇත්තේ තමන් ආපසු කුරුසියේ ඇණගසා ගැනීමට රෝමයට යන බව.
ඒ පිළිතුරින් පේදුරුට තමා ගැන ලැජ්ජාවක් ඇතිවුණා. දෙවියන් විසින් තමා වෙත භාර දී ඇති වගකීම පිළිබඳව ධෛර්යයට පත් වූ පීතර ආපසු රෝමයට එනවා. ඕනෑම ඉරණමක් බලාපොරොත්තුවෙන් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම ආපසු ආරම්භ කරනවා. අවසානයේ පේදුරුත් ජේසුතුමා මෙන් කුරුසියේ ඇණ ගසා මරා දමනවා. තමන්ගේ ශාස්තෘවරයාට අගෞරවයක් වේයැයි සිතා තමන්ව හිස පහළට සිටින සේ ඇණ ගසන මෙන් පේදුරු ඉල්ලා සිටිනවා.
පේදුරුතුමාව කුරුසියේ ඇණ ගැසුවේ රෝමයේ පිහිටි කුඩා කඳු ගැටයක් උඩ. ඒ කන්ද අද හැඳින්වෙන්නේ Vatican hill යනුවෙන්. එතැන තමයි පසුව ශාන්ත පීතර බැසිලිකාව ඉදිකර තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි පේදුරුට ජේසුතුමා හමු වූ අප්පියා පාරට (Via Appia) සඳ එළිය ඇති රාත්‍රියක අද ගියත් ඒ අතීතය මැවෙන සුළුයි. ඒ ස්වාභාවික පරිසරය එළෙසින්ම පවත්වා ගැනීමට රෝම නගර සභාව කටයුතු කරනවා. ඒ ඓතිහාසික හමුවීම සිහිවීම සඳහා ඊට ආසන්නයෙන් Quō vādis නම් දේවස්ථානයක් ඉදිකර තිබෙනවා.
පීතරතුමා මියගොස් අවුරුදු 300කට පසුව රෝමයේ කොන්ස්තන්තීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා. ඉන් පසුව ක්‍රිස්තියානුවන්ගේ ලේ ගලා ගිය රෝමයේම ඔවුන්ගේ මූලස්ථානය ගොඩනැඟුනා. එතැන් පටන් කිතුදහම බටහිර ලෝකය පුරා පැතිරී ගියා.
ශාන්ත පීතරතුමාගෙ වර්තමාන අනුප්‍රාප්තිකයා කවුදැයි වතිකාන චිමිනියේ සුදු දුමාරයත් සමඟ නුදුරේදීම දැක ගැනීමට හැකිවනු ඇති.
-උපුටා ගැනීමකි