14/06/2025
හෙද සේවයටත්, හෙද අධ්‍යාපනයටත් තම ජීවිතයම කැප කළ, ගෞරවනීය බී.ජී.ඒ. චන්ද්‍රලතා මහත්මියගේ දශක එකහමාරකට අධික පුරෝගාමී සේවාවට අපගේ ගෞරවණීය ප්‍රණාමය!
ඡායාරූපයේ ඇය සමග ඇති මෙම කේකය, ඇයගේ නොනවතින සේවය සහ කැපවීම අගය කරමින් ආදරණීය පුතු, දිනේශ් බදුගේ විසින් එවූ සුන්දර තිළිණයකි.
2009 වසරේදී ඇය විසින් ආරම්භ කරන ලද මාතර හෙද විදුහල (Matara Nursing School Pvt Ltd), අද වන විට වසර 15කට අධික පළපුරුද්දක් සමඟින්, තරුණියන් රැසකට හෙද වෘත්තියේ දොරටු විවර කර දී ඇත.
ඊට පෙර, චන්ද්‍රලතා මහත්මිය මාතර මහ රෝහලේ වසර 38ක අභිමානවත් සේවයක් ඉටු කළාය. එම කාලය තුල ඇය ශල්‍යාගාර හෙදියක සහ සහෝදරියක ලෙස (වසර 28ක්), ශල්‍ය වාට්ටු, ප්‍රසූතාගාර සහ වෛද්‍ය වාට්ටු රැසක සේවය කරමින් අමිල අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තාය. සිය දක්ෂතාවය හා කැපවීම තුළින්, ඇය එම රෝහලේ පරිපාලිකාවක (Matron) තනතුර දක්වා ඉහළට පැමිණ, එම ගෞරවනීය තනතුර හොබවමින් සේවයෙන් විශ්‍රාම ගියාය.
රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද ඇය මෙඩිහවුස් (වර්තමාන අසිරි) රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනිය ලෙස සේවය කළ අතර, පෞද්ගලික අංශයේ හෙදියන්ගේ නිසි අධ්‍යාපනික අවශ්‍යතාවය එහිදී ඇය මැනවින් අවබෝධ කර ගත්තාය.
එම දැක්මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2009 වසරේදී ඇය විසින් ආරම්භ කරන ලද මාතර හෙද විදුහල, අද වන විට තරුණියන් රැසකට හෙද වෘත්තියේ දොරටු විවර කරමින්, ඔවුන්ගේ අනාගතය සාර්ථක මාවතකට යොමු කරමින් සිටී.
මාතර පෞද්ගලික හෙද සේවාවේ ප්‍රමුඛයකු ලෙස ඇය කලාපයේ පෞද්ගලික රෝහල් රැසකගේම නොමඳ විශ්වාසය දිනාගත් ගෞරවනීය චරිතයකි. මෙම උතුම් මෙහෙවර තව තවත් ඉදිරියට ගෙන යාමට චන්ද්‍රලතා මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ ශක්තිය ලැබේවා!