07/08/2026
💛 මුල් කෘතියේ හිමිකරුට මාගේ ප්‍රණාමය, 🙏🙏.
2018 ප්‍රවීණ සිත්තරෙකු විසින් සිතුවම් කරන ලද චිත්‍ර දෙකක් ලේනුන් විසින් තැනින් තැන සපා හානිකර තිබූ මොහොතක. එම සිතුවම් දෙක අලුත් වැඩියාවක් සඳහා මා හට ලබා දෙන්නේ මුල් කෘතියට කිසිසේත්ම හානියක් නොවන අයුරින් එහි අනන්‍යතාවය රැක සිතුවම් දෙක සාදා දෙන ඉල්ලීම මතයි.,🙃🙃
එලෙස හානියට පත්ව තිබූ සිතුවම් දෙක අද දින මෙසේ මගේ උපරිම දක්ෂතාව යොදමින් පල්ප කිරීමේ ශිල්පීය ක්‍රමය සිතුවම් සඳහා යොදා , හිඩැස් වසා ඒ මත නැවත වර්ණ ගැන්වීම් සිදුකොට ආයතනයට භාරදීමට කටයුතු සිදු කරනු ලැබුවා.,,🤗🤗
මේ සම්බන්ධයෙන්,
මා කෙරෙහි දැඩි විශ්වාසනීයත්වය තැබූ වැලිගම ආයුර්වි ආයතනයේ කළමනාකාර දිමුතු මහතා සහ කුමර මහතාට මාගේ හෘදයාංගම ස්තූතිය 🙏🙏🙏🙏