25/03/2024
⭕️ විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට
⭕️ ඔයාගේ CV එක Update ද ? අලුතින් Details එකතු කරලා Professional මට්ටමේ CV එකක් හදමුද ?
⭕️ කොච්චර Job වලට Apply කලත් Call එකක්වත් එන්නේ නැද්ද?
Job හොයලා එපා වෙලාද ?
අපෙන් ඔබට
👉 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
📌 සහනදායී මිල
📌 නොපමාව කඩිනම් සේවාව
📌 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම)
👉 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම
👉 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
👉 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්.
🔻ඔයාට කොලිෆිකේෂන් තිබිලත් තවම ජොබ් එකක් නැද්ද ?
👉එහෙනම් වැරැද්ද ඔයාගේ CV එකේ වෙන්න පුලුවන් . ඔබේ Talent එක Market කරන්න තියෙන එකම ලියවිල්ල තමයි CV එක කියන්නේ. සාම්ප්‍රදායික CV එක වෙනුවට Cv warehouse එකෙන් International Standard වලට අනුව Professional CV / Modern cv එකක් නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්.
👉Cv warehouse ආයතනයෙන් නිර්මාණය කරන Professional CV එකක තියෙන විශේෂත්වය තමයි, ඔබ රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරලා පෙන්වන එක.
👉ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් cv warehouse ආයතනය බැදිලා ඉන්නවා.
🔥Professional CV Writing (ATS CV)
🔥Cover Letter Writing
🔥Graphic Designing යන සේවා කිහිමයක්ම සපයමින් වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය වඩාත් ස්ථාවර තත්වයකට රැගෙන ඇවිත් තියෙනවා.
👉 ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ඔබ සැමට ස්තූතී.
Whatsapp | : 0712610507
20/06/2023
CV එක update ද ?
♻ ඕනම Job Requirement එකකට ගැලපෙන විදිහට අලුතෙන් Details Add කරලා ලස්සන,ආකර්ෂණීය CV එකක් හදාගන්න ඕනෙද ? ( Lifetime Free Edit )
අඩුම මුදලට හොදම CV එකක් දැන් පැය 24 න් ,
❗Attractive & Eye-Catching
❗Neet & Clean
❗Professional & Winning
♻ අන්තර්ජාතිකව පිලිගත් CV , Cover Letters Format 100+ වැඩි ප්‍රමාණයක් අප සතුව තිබීම.📝
♻ Job cv Creator ආයතනයෙන් නිර්මාණය කරන Professional CV එකක තියෙන විශේෂත්වය තමයි, ඔබ රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරලා පෙන්වන එක.
♻ ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් Job cv Creator ආයතනය බැදිලා ඉන්නවා.
Forward your current CV to
Mobile | Whatsapp | : 0712610507 / 0711758493
♻ Online Banking App හරහා දැන් එතෙර මෙතෙර කොතනක සිට හෝ ගෙවීම් කිරිමේ හැකියාව!
19/06/2023
*එංගලන්තයේ රියදුරු බලපත්‍රය ගන්න හැටි*
පසුගිය සය මස තුළ මා ලත් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරිනි.
01. පළමුවෙන්ම *UK Provisional Licence* සඳහා අයදුම් කරන්න. එය දෙසතියක් තුළ නිවසටම ලැබෙනවා. බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන සෑම අයෙකුම පළමුවෙන් මෙම තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගත යුතුයි. රියදුරු බලපත්‍රය සඳහා වන න්‍යායික පරීක්ෂණයට පෙනී සිටීමට, ලියාපදිංචි රියදුරු උපදේශකවරයෙකු ලවා පුහුණු සැසි ලබා ගැනීමට සහ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට මෙම තාවකාලික බලපත්‍රය අනිවාර්යයි. එය ලබා ගැනීමට ආකාර දෙකකට අයදුම් කළ හැකියි. මොන ක්‍රමයට අයදුම් කළත් £34 ක් මේ සඳහා වැය වනවා.
1.1. තැපැල් කාර්යාලයකින් අයදුම්පත්‍රයක් ඉල්ලා ගෙන එය පුරවා තම BRP කාඩ්පත සමග DVSA වෙත තැපැල් කර යැවීම
1.2. https://motoring.dvla.gov.uk/service/DvoConsumer.portal?_nfpb=true&_pageLabel=FAP&_nfls=false මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කොට, DVSA මගින් අප වෙත එවන විස්තර සහිත අයදුම්පත්‍රය සමඟ BRP කාඩ්පත සහ ඡායාරූපයක් යොමු කිරීම
Provisional Licence එක මගින් රියදුරු පුහුණුව ලබා ගැනීමට හෝ වසර 03කට වැඩි කලක සිට බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රයක් සහිත අයෙකු සමඟ රිය ධාවනය කළ හැකියි. මෙය ලබාගත් පසුවද International/ Sri Lankan driving license වසරක් යනතෙක් වලංගුව පවතිනවා.
02. රියදුරු *න්‍යායික පරීක්ෂණයට* අයදුම් කරන්න. මේ සඳහා £23 ක් වැය වනවා. Theory test එක ලබා ගැනීම සඳහා මේ වෙබ් පිටුවට පිවිසෙන්න. https://www.gov.uk/book-theory-test
03. *න්‍යායික පරීක්ෂණයට සූදානම් වන්න*. ප්‍රතිපළ ඒ පරික්ෂණ දිනයේදීම ලැබෙනවා. බහුවරණ ප්‍රශ්න 50 ක් සහ වීඩියෝ දර්ශන 15 ක් මෙහි ඇතුළත්.
බහුවරණ 50 ට ලකුණු 50 ක් ලැබෙනවා. සමත්වීමට ඉන් ලකුණු 43 ක් ගන්න ඔ්නි.
තව වීඩියෝ දර්ශන 14 ක් ඇසුරින් ඔබ හඳුනාගන්නා උවදුරු (hazards) 15 ක් (එක් video එකක පමණක් hazards දෙකක් ඇත) සඳහා එකකට ලකුණු 5 බැගින් ලකුණු 75 ක් ලැබෙනවා. ඉන් ලකුණු 45 ක් ගත යුතුයි. මේකට සූදානම් වෙන්න පුළුවන් https://www.gov.uk/theory-test/revision-and-practice?step-by-step-nav=e01e924b-9c7c-4c71-8241-66a575c2f61f වෙබ් පිටුව මගින්. තව Appstore විවිධ App තියෙනවා.
ලිඛිත පරීක්ෂණය සමත් වූ පසු එහි වලංගු කාළය වසර දෙකක් පමණයි
04. *න්‍යායික පරීක්ෂණය සමත් වූ පසු ප්‍රායෝගික පරීක්ෂණය book කරන්න.* £62 ක් මේකට වැය වෙනවා. https://www.gov.uk/book-driving-test?step-by-step-nav=e01e924b-9c7c-4c71-8241-66a575c2f61f මගින් තමයි book කරන්නේ. දිනයක් වෙන් කරගන්න ටිකක් අමාරුයි. සෑහෙන්න පෝලිමක් තියෙනවා. මේකට දිනයක් ගන්න කලින් රියදුරු ප්‍රායෝගික පුහුණු සැසි ටිකක් අරගෙන රෙඩි වෙලා දිනය වෙන් කරගන්න උත්සාහ කරන්නත් පුළුවන්. දිනයක් වෙන් කරගන්න හොඳම ක්‍රමය තමයි සඳුදා දිනයක උදේ 5.55 ඉදන් උදේ 6.00 වෙනකන් ට්‍රයි කරන එක. ඒ වෙලාවට තමයි අලුත් දිනයන් වෙබ් එකට නිදහස් කරන්නෙ.
05. Driving Test Now (https://driving-test-cancellations-now.co.uk/) වගේ ඇප් එකක් මගින් ලැබුණු දිනය ඉක්මන් *දිනයකට වෙනස් කරගන්න* පුළුවන්. මේ ඇප් එකටත් £18 ක් වගේ අය කරනවා. මෙවැනි ඇප් එකක් මගින් මැනුවල් ක්‍රමයට හෝ ඔටෝ බුක් ක්‍රමයට තමන්ට අවශ්‍ය ඉක්මන් දිනයකට ප්‍රායෝගික පරීක්ෂණ දිනය වෙනස් කරගන්න බොහෝ විට හැකියාව පවතිනව.
06. ඊළඟට මැනුවල් හෝ ඔටෝ රියදුරු පුහුණු ක්‍රමයට *පුහුණු සැසි* කිහිපයක් ගන්න වෙනවා. ඔටෝ වාහන පුහුණුවේ පැය 02 ක සැසියකට £80 - £100 අතර ගානක් අදාළ උපදේශකයා අය කරනවා. මැනුවල් නම් £70 සිට £90 වගේ ගාණක් පැය දෙකකට අය කරනවා. ලියාපදිංචි රියදුරු පුහුණු උපදේශකවරයෙක් ලවා පුහුණු සැසි කිහිපයක් ලබාගන්න ඒක ඉතාම වැදගත්. https://www.gov.uk/find-driving-schools-and-lessons මගින් තමන්ට ආසන්න ප්‍රදේශයේ උපදේශකයෙක් සොයාගන්න පුළුවන්. රිය පැදවීමට අලුත්ම කෙනෙක් නම් සමහර විට පුහුණු සැසි 15 – 20 ක් විතර අවශ්‍ය වේවි. සැසි දෙක තුනකින් වැඩේ ගොඩ දාගන්න අයත් ඉන්නවා. පළමු දිනයේදී ඔබේ උපදේශකයා ඔබට පුහුණු සැසි කීයක් අවශ්‍යදැයි ආසන්න වශයෙන් පවසාවි.
07. *ප්‍රායෝගික පරීක්ෂණය* දවසට අදාළ කොන්දේසි සපුරන්නේ නම් තමන්ගේම වාහනය මගින් හෝ £90 ක් පමණ ගෙවා තම උපදේශකවරයාගේ වාහනය පරීක්ෂණයට සඳහා භාවිත කළ හැකියි. ඔබ කැමති නම් පමණක් ඔබේ උපදේශකවරයාට ද වාහනයේ යා හැකියි. විනාඩි 40 ක් රිය ධාවනය කිරීමට සිදු වෙනවා. එය අවසානයේදී පරීක්ෂණයෙන් සමත් අසමත් බව අපට දන්වනවා. සුළු වැරදි 15 ක් දක්වා අපිට ගොඩයන්න පුළුවන්. හැබැයි සුළු වැරදි 15 කට වඩා හෝ එක් බරපතළ වැරැද්දක් හෝ එකම සුළු වැරැද්ද තෙවතාවකට වඩා හෝ සිදුකළහොත් පරීක්ෂණය අසමත් වනවා.
08. පරීක්ෂණය සමත් වුවහොත් රියදුරු බලපත්‍රය නිවසට සති 03 ක් තුළ ලැබෙනවා. මගේ එකනම් දින හතරෙන් ආවා.
ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වුවහොත් £62 ක් ගෙවා යළි ප්‍රායෝගික පරීක්ෂණයට දිනයක් වෙන් කරවා ගත යුතුයි.
09. ලිඛිත පරීක්ෂණය සමත් වූ දින සිට වසර දෙකක් තුළ, ප්‍රායෝගික පරීක්ෂණය සදහා දින ලබා ගැනීමට නොහැකි වුණොත්, නැවත ලිඛිත පරීක්ෂණයත‍් කරන්න වෙනවා.
10. අවසාන වශයෙන් රියදුරු බලපත්‍රය අතට ගන්න අවස්ථාව වන විට අප බ්‍රිතාන්‍යයේ දින 185 ක් ජීවත්ව සිටිය අයකු විය යුතුව තිබෙනවා. ඉහත පියවර ලහි ලහියේ අනූගමනය කරමින් ආවත්, එතකොට හය මාසයක් ගෙවිලා තියෙයි.
*රියදුරු බලපත්‍රය ගමන්මගේ පියවර සාරාංශයක්*
• එංගලන්තයට පැමිණීම
• BRP ලබා ගැනීම
• Provisional බලපත්‍රය ලබා ගැනීම
• න්‍යායික පරීක්ෂණයට ලියාපදිංචි වීම
• න්‍යායික පරීක්ෂණයට පෙනී සිට සමත්වීම
• ප්‍රායෝගික පරීක්ෂණයට දින වෙන් කර ගැනීම
• රියදුරු පුහුණු සැසි ලබා ගැනීම
• ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම
වියදම් සාරාංශය
• Provisional License - £34
• Theory test - £23
• Practical test booking - £62
• Driving test now App - £18
• Manual car driving lessons (£80*5lessons) = £400 (තමන්ට අවශ්‍ය සැසි ප්‍රමාණය අනුව මෙම වියදම අඩු වැඩි වෙනවා)
• Practical test day car reservation = £90
විශේෂ ස්තූතිය Kumara De Silva
Copied ......
ජය වේවා මිත්‍රවරුනි
motoring.dvla.gov.uk