Sweet Home To You

Sweet Home To You Join us to step towards your dream.. Let's Make Sweet Home...

-Sweet Home To You-

උඳු වැල්-උදු වැල් මිශ්‍රණය සදහා -❄️ උදු ඇට 100g ( උදු පිටි ගන්නේ නම් 150g ක් ගන්න.අවශ්‍ය පමණ පොල් කිරි දමා ගන්න.)❄️හාල් ...
30/08/2025

උඳු වැල්-

උදු වැල් මිශ්‍රණය සදහා -

❄️ උදු ඇට 100g ( උදු පිටි ගන්නේ නම් 150g ක් ගන්න.අවශ්‍ය පමණ පොල් කිරි දමා ගන්න.)

❄️හාල් පිටි 150g

❄️ මිටි පොල්කිරි කෝප්ප 3/4 (අඩු වැඩි වෙන්න පුලුවන් )

❄️ ලුණු ස්වල්පයක්

පැණි එක සදහා -

❄️ සීනි 400g

❄️වතුර කෝප්ප 1/2

හදන්න පටාන් ගමු..

❄️ උදු ඇට වතුර එකතු කර රැයක් පෙගෙන්න තබන්න.

❄️ඉන් පසු වතුර බේරා පොල් මිටිකිරි හැදී දෙකක් හෝ අවශ්‍ය පමණට එක් කර අඹරා ගන්න.

❄️ එයට හාල් පිටි,ලුණු සහ පොල් කිරි ටික ටික එක් කරමින් මිශ්‍රනය හදාගන්න.

❄️මිශ්‍රණය සාදා පැය 6 පමණ තියන්න..

❄️ සීනි සහ වතුර බදුනකට එකතු කර ලිපේ තියා පැණි එක හදා ගන්න.දෙහි බින්දු කිහිපයක් එක් කරන්න..

❄️ඉන් පසු බැද ගැනීම සදහා තෙල් රත් කර පයිපින් බෑග් එකකට හෝ වෙනත් බෑගයකට උදු වැල් මිශ්‍රණය පුරවා බෑගයේ සිදුරක් කපා වළල්ලක් ආකාරයට ගැඹුරු තෙලට එක් කරන්න.

❄️රන්වන් පාට වන විට හොදින් තෙල් බේරා ගෙන ඒ මොහොතේම පැණි බදුනට එක් කරන්න.

❄️ උදු වැල් වලට හොදින් පැණි උරා ගන්න අවශ්‍ය නිසා උදු වැල් වැහෙන්නම පැණි තියෙන්න අවශ්‍යයි.

❄️ පැණි උරාගත් පසු වෙනත් බදුනකට ඉවත් කරන්න.

❄️ හොදින් නිවුණු පසු හුලන් නොවදින සේ අසුරා තබන්න.

-Sweet Home To You-

කර්තෘ අයිතිය සුරකින්න..

16/07/2024
15/07/2024

Address

Matara

Telephone

+94769916094

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Home To You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sweet Home To You:

Shortcuts

Share

Category