26/04/2026
"Who knows? This small activity may inspire a future fashion designer."
මෙවැනි ක්‍රියාකාරකම් මඟින් දරුවාගේ නිර්මාණශීලීත්වය වර්ධනය වේ.
සාමාන්‍ය පත්තර කඩදාසියක් ඇඳුමක් ලෙස වෙනස් කළ හැකි බව දරුවා හඳුනාගන්නා විට, ඔවුන් අලුතින් සිතීමට පුරුදු වේ. උදාහරණයක් ලෙස,
අද පත්තරයකින් සරල ඇඳුමක් හදන දරුවෙක්, අනාගතයේදී නව විලාසිතා නිර්මාණය කරන fashion designer කෙනෙකු වීමට ආරම්භයක් ගන්නත් පුළුවන්.
එමෙන්ම, මෙවැනි ක්‍රියාකාරකම් දරුවාගේ තනිවම වැඩ කිරීමේ හැකියාව ද වැඩි කරයි.
ගුරුවරයාගේ උදව් නොමැතිව තමන්ම අදහස් කරමින් ඇඳුම සකස් කරන විට, “මටත් පුළුවන්” යන විශ්වාසය දරුවා තුළ ගොඩනැඟේ.
උදාහරණයක් ලෙස, පත්තරය කපා, අලවා, තමන්ට කැමති හැඩයට සකස් කරන අතරතුර දරුවා තීරණ ගැනීමට ඉගෙන ගනී.
මෙම විශ්වාසය අනාගතයේ පාසල් අධ්‍යාපනයේදීත්, ජීවිතයේදීත් වැදගත් වේ.
අමතරව, මේ ක්‍රියාකාරකම මඟින් අත/ඇස සමායෝජනය සහ සුක්ෂම චලන හැකියාවන් ද වර්ධනය වේ.
කඩදාසි කපමින්,අලවමින් කරන වැඩ දරුවාගේ ඇඟිලි චලනය පාලනය කරයි. උදාහරණයක් ලෙස, පත්තර පටියක් කපන දරුවා, පෙර ලිවීම, ඇඳීම වැනි දේවලටත් පහසුවෙන් හැඩගැසෙයි.
ඊට අමතරව, මෙවැනි කාර්යයක් මඟින් පරිසරය පිළිබඳ අවබෝධය ද ඇති වේ. පරණ පත්තරයක් අලුත් දෙයක් බවට පත් කළ හැකි බව දරුවා දකින විට, නැවත භාවිතය ගැන දැනුමක් ලැබේ. උදාහරණයක් ලෙස, “අපි ඉවත දමන දෙයක් නැවත ලස්සන දෙයක් කරන්න පුළුවන්” යන අදහස දරුවා තුල ඇතිවේ.
මෙවැනි සරල ක්‍රියාකාරකමක්, දරුවාගේ නිර්මාණශීලීත්වය, ආත්ම විශ්වාසය, චලන හැකියාව සහ අනාගත වෘත්තීය සිහින දියුණු කිරීමට උපකාරී වන වටිනා අත්දැකීමකි,