30/12/2025
විශේෂ ආශිර්වාද පැතීමේ පින්කම
2026 නව වසර ලක්වාසී සැමට සෙත්පතා තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාර ප්‍රජාව එක්ව සංවිධානය කරන කිරි ආහාර සම්බුද්ධ පූජා පින්කම 2026 ජනවාරි 01 උදාසන 6.00 ට විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙම උතුම් පින්කමට පැමිණ ඔබටත් පවුලේ සැමටත් ආශිර්වාද ලබාගන්නා මෙන් මෙත් සිතින් ආරාධනා කරමු.෴.
සංවිධානය
සමරසිංහාරාම ශිෂ්‍ය නායක මණ්ඩපත්‍රය 🤝කාර්ය සාධක සමිතිය ඇතුලු විහාරස්ථ සියලු සංවිධාන
14/01/2025
මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ 2025 වර්ෂය සඳහා තේරීපත් වූ ශිෂ්‍ය නායක මණ්ඩලත්‍රයේ ශිෂ්‍ය විධායක සභාව සිසු නයු චර්යා ප්‍රවර්ධන කමිටු නායක එම් ඒ කේ රවිඳු උදාර මහත්මාගේ මෙහෙයවීමෙන් දුරුතු පෝදා ඉතා සාර්ථකව පැවැත්වුණි.
15/06/2024
පූජනීය දිද්දෙනිපොත සුමේධ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අප දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය හා තුරුණු සවියන් එක්ව මෙහෙයවන වාර්ෂික පොසොන් බත් දන්සල ජුනි මස 23 වන ඉරු දින සවස 6.00 සිට පන්දහසක් පිරිස වෙත අපට හිතාදර දෙස් විදෙස් සැදැහැවත් පින්වතුන්ගේ පින්බර දායකත්වයෙන් සැදැහැ සිත් පෙරටුවම පවත්වන වගයි.෴
ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය සමරසිංහාරාම දහම් පාසල තෙලිජ්ජවිල මාතර
17/03/2024
සිසු නයු අබිසෙස් 2023/24
අප දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලත්‍රයේ විධායකයින් 44
ශිෂ්‍ය නායකයින් 36 ක් ප්‍රතිඥාදීමේ කෙටි උත්සවයක් අද පැවැත්විණි.෴
තෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මාලිම්බඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකම් මාලිම්බඩ ඕගස්ප ශ්‍රී ගංගාරාමාධිපති පූජ්‍ය බෙරලපනාතර පුණ්‍යරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ ගෞරවණීය වැඩම වීමෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂක කිත්සිරි ලියනගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජේය්ෂ්ඨ අංශයේ හා කණිෂ්ඨ අංශයේ ගුරුභවතුන්ගේ සහ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සිදු කෙරිණ.෴
20/07/2023
ගුරු ශිෂ්‍යයන් ලෙස සිසු නයුවන්ට පුහුණුවක්
************************************
2023 ජූලි 16 වන දින අප දහම් පාසලේ ගුරු රැස්වීමක් 10.30-11.30 දක්වා පැවැත්වුණු අතර එම කාලයේදී පන්ති වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වූයේ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලයේ විශේෂ පුහුණුවක් ලැබූ නයු නයුවියන්ය.ඉතා සාර්ථකව එම කාලය ඔවුන් විසින් මෙහෙයවණු ලැබීම කාගේත් ප්‍රසංශාවට ලක්විණි෴
04/02/2023
75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු
31/12/2022
ඔබ සැමට මෙත් සිත් පිරි සුබ නව වසරක් වේවා!
29/11/2022
2019/2020 වර්ෂවල දහම් පාසල වෙනුවෙන් සිසු විදානයින් ලෙස කල මෙහෙය අගයනු වස් ආදි නයු නයුවියන් විසින් පැවැත් වූ මෙහෙවර ඇගයීමේ සහතික පත් ප්‍රදානෝත්සවය කැමරා ඇසින් 2022.11.13
27/11/2022
ශිෂ්‍ය විධායක මණ්ඩලයේ 15 ක් ශිෂ්‍ය නායක මණ්ඩලත්‍රයේ 81 ක් සඳහා අභීත පරපුරක පැළැඳි නිල ලාංඡන දරමින් ආයතනික නෛතික බලය උසුලමින් සසුන් මෙහෙවරයෙහි යෙදෙණු වස් ආශිංසනා෴
26/11/2022
සියලු ම ශිෂ්‍ය නායක නායිකා දරු දැරියනගේ ඇස ගැටුමට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටින ඔබ හැමෝම ප්‍රතිඥා ලබාදුන් පිරිසකි.ඒ සාමාන්‍ය පාසලක ශිෂ්‍ය නායක දිවුරුම්දීමක් හා සමාන නොවන්නකි.ඒ මක් නිසාද? අප දහම් පාසල් ශිෂ්‍ය ප්‍රතිඥාව සාමාන්‍ය පුද්ගලයන් ඉදිරියේ දෙන්නක් නොව මේ ලෝකයේ අපට ඇති උතුම් ම රත්නත්‍රය වූ තෙරුවන් කෙරෙහි වූ ප්‍රතිඥාවකි.
එම නිසා ඔබ නිති පන්සිල් රකින පොහොය අටසිල් රකින ආගම දහම අනුව හැඩගැහෙන ඉඳුරන් සංවර කරගත් පුහු ආටෝප නැති චාම් බව හා හැමෝ සමඟම සුහදව කටයුතු කරන කුලදෙව් මාපිය ගුරුවර වැඩිහිටියන් පුදන ධර්මඥානය දියුණු කර ගනිමින් හොඳ සිංහල බෞද්ධ දරුවෙකු ලෙස හැම තැනක ම හැම මොහොතක ම කටයුතු කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුයි.
ප්‍රතිඥා ලබාදුන් ඔබේ ප්‍රධාන ශිෂ්‍ය විධායක අයියාට හා අක්කාට අද දින සිට දහම් පාසලේ ගුරුවරයකු හා සමාන බලයක් නෛතිකව හිමි වන අතර ඔවුන් හා එක්ව ශාසනික මෙහෙවරයෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන ම දෛනික කටයුතු අනලස්ව හා අප්‍රමාදීව යෙදෙන්න.
යම් හෙයකින් ඔබේ වගකීම් විරහිතව හෝ විනය විරෝධිව කටයුතු වාර්තා වූ විට ප්‍රධාන ශිෂ්‍ය විධායක අයියා හෝ අක්කා යම් ශිෂ්‍ය නායක නායිකාවක සේවයෙන් ඉවත් කිරීමක් කරන්නේද එවැනි අවස්ථාවලදී දහම් පාසලේ අප ගුරුවරු ලෙස කිසියම් හෝ මැදිහත්වීමක් නොකරන බව දැඩිසේ මතකයේ රඳවා ගත යුතුයි.
ඔබ ඔබට අවංක වන්න අන් අයට ආදර්ශවත් වන්න. එවිට ශිෂ්‍ය නායකයකු ලෙස ඔබ බැබලීම පමණක් නොව ඔබ තනන අප දහම් පාසලද බැබලෙන්නේය෴
තෙරුවන් සරණයි
මම ඔබේ අනුශාසක හිතවත් සුමේධ හාමුදුරුවෝ
21/11/2022
සිසු නයු අබිසෙස් 2022
තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ 2022 නොවැම්බර් මස 13 වන ඉරිදා දින පැවැත්වුණු ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ හා ගුරු ආසිරි තිළිණ ප්‍රදානෝත්සවය
ඡායාරූප පෙළහැර-01