Sri Aththadassaramaya Dewalegama

Sri Aththadassaramaya Dewalegama Buddhist Temple

21/06/2024

අභිනව චෛතියරාජයාණන් වහන්සේ උදෙසා ගුවනින් සුවද මල් පූජෝපහාරය....

20/04/2024
දේවාලේගම අපේ විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයන්වහන්සෙගේ ගර්භ නිදන් උත්සවය 2024.02.22. උදේ 11.55. ට සිදු කරන බැවින් උතුම් ප...
21/02/2024

දේවාලේගම අපේ විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයන්වහන්සෙගේ ගර්භ නිදන් උත්සවය 2024.02.22. උදේ 11.55. ට සිදු කරන බැවින් උතුම් පින්කමට ඔබත් සහභාගී වන්න

07/06/2023
මාපිය වන්දනා වැඩ සටහන...
07/05/2023

මාපිය වන්දනා වැඩ සටහන...

20/04/2023
17/04/2023

පිංකම්වලට ගැරහීමේ විපාක

මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් විවිධ පිංකම් සිදුකරති. සමහර පිරිස් පිංකම් කර ගැනීමට නොහැකි උවත් කරන පිංකමක් දැක සාධු සිතින් අනුමෝදන් වෙති.එය යහපත්‍ය

පිරිසක් මේ දෙපිරිසටම පරිභව කරමින් නින්දා කරමින් පිංකම්වලටද ගරහති."මෙවැනි පිංකම් කිරීමේ ඵලය කුමක්ද? මේ මහ බොරු වැඩ ඉන්න ටිකේ සැපට ඉඳලා මැරුණම ඉවරනේ පිස්සුවටද සල්ලි වියදම් කර කර පිංකම් කරන්නෙ මේවා මහ පිස්සු වැඩ මේ විකාර පිංකම් කරන්න එපා" කියමින් ගරහමින් පිංකම් වලකන අය අනන්තය.එවැන්නන් ඔබද දැක ඇත.

සිදුකරන පිංකමක් වැලැක්වීම විශාල පාපයකි.

සැරියුත් මහරහතන් වහන්සේගේ ආත්මවාර පහකට පෙර භවයක මෑණියෝ දුගතියේ උපන්නාය.ඇය එසේ උපත ලැබීමට හේතු දැක්වූයේ තම ස්වාමියා දන්දෙන විට දොස් කියමින් නින්දා කරමින් එම දන් දීම වැලැක්වූ බවයි."සංඝරත්නයට කැප රස මසවුලු නොව ලේ,සැරව,වමනය,අසුචි,මුත්‍රා,සෙම ,උරුණු තෙල්,ගැබ් මළ ආදියයි. ගිහින් ඒවා අනුභව කරව් මෙහෙ ඇති දානයක් නෑ" යනුවෙන් ද දොස් නැගූ බව ඇය සැරියුත් මහරහතන් වහන්සේ හමුවේ අඬා වැලපෙමින් කීවාය.....

"මා කරගත් අකුසලය නිසා දුගතියේ උපත ලබා සිටිමි පිංකම්වලට ගැරහීමෙ අදීනව අද තේරුම් ගතිමි පුතේ....දැන් මා ප්‍රමාද වී හමාරය

දේහි පුත්තක මේ දානං
දත්වා උද්දිසාහි මේ
අප්පේව නාම මුඤ්චෙයිය
පුබ්බ ලෝහිත භෝජනං

සංඟුන්ට වළඳන්න කී සියල්ල මා ප්‍රේථ ලෝකයේ අනුභව කරමි ....පුතේ මා සිහිකර දන් දී පිං දෙනු මැන.....ලේ සැරව අනුභව කරන මා මෙතැනින් නිදහස් කළ මැන..." යි ඇය විලාප නැගුවාය. කරුණු විමසා බලා උන්වහන්සේ දන් දී ඇයව එතැනින් මුදවා සුගතියේ පිහිට වූහ.......

(සාරිපුත්ත මාතා පේතවත්ථුව)

සංසාරය ඉතා භයානක බව වටහා ගනු මැන....පිංකම් නොකළාට කම් නැත.නමුදු තව කෙනෙකු කරන පිංකම්වලට ගැරහීමෙන් වලකින්න.එම පිංකම් දැක සතුටුවන් එයද මහත් පිංකමකි.

ධර්ම දානය පිණිස වේවා!!!


(ත්‍රිපිටක විශාරද- වලපනේ රතනවංස හිමි.)

උපුටා ගැනීමකි

ආගමික වාතාවත් වලට මුල්තැන ලබාදෙමින් උදා වන්නා වු සිංහල  හා හිංදු  අලුත් අවුරුද්ද සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2023

ආගමික වාතාවත් වලට මුල්තැන ලබාදෙමින් උදා වන්නා වු සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඉපැරණි ගරාවැටුණු බෝධීන් වහන්සේ සකස් කිරීමේ කටයුතු ආරම්භ කළා....
28/01/2023

ඉපැරණි ගරාවැටුණු බෝධීන් වහන්සේ සකස් කිරීමේ කටයුතු ආරම්භ කළා....

Address

Sri Aththadassaramaya, Dewalegama, Radawela
Matara

Telephone

+94713247618

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Aththadassaramaya Dewalegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share