06/10/2021
2023 A/L නව පන්ති ආරම්භය
සැ. යු. පළමු මස සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ
උත්සාහය, උනන්දුව, කැපවීම, පමණක් රැගෙන එන්න
Education is the most powerful weapon which you can use to change the world.
06/10/2021
2023 A/L නව පන්ති ආරම්භය
සැ. යු. පළමු මස සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ
උත්සාහය, උනන්දුව, කැපවීම, පමණක් රැගෙන එන්න
02/11/2020
සිංහරාජය..
ලෝක උරුම වනාන්තර අතරත් ජෛව විවිධත්වයෙන් ඉස්සරහින්ම තියෙන නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් තමයි සිංහරාජ වනාන්තරය.
සිංහරාජ වනාන්තරය මාතර,ගාල්ල,රත්නපුර කියන දිස්ත්‍රික්ක තුනටම අයිතියි.උතුරෙන් නාපොල දොල සහ කොස්ගුලන ගඟත්,බටහිරෙන් කළුන්දාව ඇල සහ කුඩව ගඟත්,නැගෙනහිරෙන් මෝනිංසයිඩ් වතුයායත්,දකුණෙන් ගිං ගඟ සහ මහදොලත් මායිම්ව සිංහරාජ වනාන්තරය පිහිටලා තියෙනවා.වනාන්තරය එන්න ප්‍රධාන පාරවල් 04ක් තියෙනවා.හිනිදුම-නෙළුව,කලවාන-වැද්දාගල,දෙනියාය-පල්ලේගම,රක්වාන-මෝනිංසයිඩ් කියන්නේ ඒ මාර්ග 04.සිංහරාජය ඇතුලේ 600m වඩා උස කදු මුදුන් 05ක් තියෙනවා.උසම තැන තමයි 1171m උස හිනිපිටිගල කන්ද.සාමාන්‍ය වර්ෂාපතනය 3000-6000mm අතර ප්‍රමාණයක්.ඒ වගේම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 ත් අතර ප්‍රමාණයක්.බ්‍රාහ්මණ ඇල්ල,ඌරා වැටුණු ඇල්ල,දූවිලි ඇල්ල කියන ප්‍රධාන ඇලි සහ තවත් දිය ඇලි ගණනාවක් සිංහරාජයේ පිහිටලා තියෙනවා.
ශාඛ ඝනත්වය හෙක්ටාරයකට 240000ක ප්‍රමාණයක්.සිංහරාජයේ ශාඛ විශේෂ 340න් 192ක්ම ලංකාවට ආවේණිකයි.ඒකෙනුත් 15ක් තියෙන්නේ සිංහරාජේ විතරයි.ඒවිතරක් නෙවෙයි සිංහරාජේ ශාඛවලින් 75%ක් මේරටට ආවේණික ඒවා.ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 12න් 08ක්ම සිංහරාජයේ ඉන්නවා.පක්ෂි විශේෂ 160ක් අතරින් ලංකාවට ආවේණික විශේෂ 18ක් ඉන්නවා.තව උරගයෝ විශේෂ 45ක් ඉන්නවා.ඒකෙන් 21ක්ම ලංකාවට ආවේණිකයි.උභය ජීවී විශේෂ 50ක්,ක්ෂීරපායි විශේෂ 40ක්,මතශ්‍ය විශේෂ 20ක්,සමනල විශේෂ 20කට සිංහරාජය නවාතැන්පල වෙලා තියෙනවා.1978 දී යුනෙස්කෝව සිංහරාජය ජෛව ගෝල රක්ෂිතයක් විදිහට නම්කරා.ඒකට හේතු කිහිපයක් ඔවුන් දැක්වුවා.ජෛව විද්‍යාත්මක වැදගත්කම,පාරිසරික පද්ධති සේවාව,ජල පෝෂක ප්‍රදේශක් වීම ඒ අතරින් විශේෂයි.1988 දී ජාතික උරුමයක් විදිහට ප්‍රකාශයට පත්වෙන සිංහරාජය 1989 දී යුනෙස්කෝව ලෝක උරුමයක් විදිහට නම්කරනවා.
සිංහරාජ වනාන්තරයේ මූලික ස්ථර 05ක් තියෙනවා.ඒ නෙරු ස්ථරය,බිම් ස්ථරය,උප වියන් ස්ථරය,යටි වියන් ස්ඞථරය සහ වියන් ස්ථරය විදිහට.දුර්ලභ සත්ත විශෙශ්ෂක්වන කෙනිපාත වැල්ලා,කුරන් කරවලාත් සිංහරාජෙ ඉන්නවා.
සිංහරාජයට මුලින්ම පාරක් කපන්නේ 1963.ඒ වැද්දාගල ඉදන් කුඩාව දක්වා.පස්සේ කැනඩාවේ රීඩ් කොලින්ග්ස් සමාගමේ සහය අරන් කොස්ගම තුනී ලෑලි සංස්ථාව පිහිටවලා උතුරු පැත්තේ හෙක්ටාර් 5000ක් ලී ගන්න වෙන්කරනවා.දැව අරන් එන්න අඩි 12-15ක් පාරකුත් හැදුවා.ආව විරෝධයත් එක්ක ඒක නතරකරත් ඒ වෙද්දී හෙක්ටාර් 2500ක් කපලා ඉවරයි.ඊට අමතරව සත්ව දඩයම,වැලි ගොඩදැමීම,සංචාරකයන්ගේ හැසිරීම,වල්ලපට්ටා කැපීම,විවිධ ජල යෝජනා නිසා පරිසර හානිය නිතරම සිදුවෙනවා.අලුත්ම දේ තමයි ලංකාගමට කපන පාර.මේ විනාශය නතරඋනේ නැත්නම් සිංහරාජට මොනවවෙයිද කියන්න බෑ.ඒ හින්දා මේ ලෝක උරුමය ආරක්ෂා කරන එක හැමෝගේම වගකීමක් කරගන්නවනම් අනාගතයටත් මේ සුන්දර සංවේදී පරිසර සම්පත ඉතුරුවෙයි.
Sinharajaya..
The Sinharaja forest is a tropical wet evergreen forest in front of biological diversity among the world heritage forest.
The Sinharaja forest belongs to all three districts called Matara, Galle, Ratnapura. The Sinharaja forest is located on the Napola river and Kosgulana river from the north, Kalundawa canal and Kudawa river from the west, Moningside city from the east, Ging river from the south and Mahadolath border. There are 04 main roads to come to the forest. Hiniduma-Neluwa, Kalawana-Waddagala, Deniyaya-Pallegama, Rakwana-Morningside are 04. roads. There are 05 tops of mountains above 600 m in Sinharajaya. The highest place is 1171 m tall Hinipitigala mountain. Normal rainfall is between 3000-6000 mm. And the annual temperature is between 18-27 degrees Celsius. Brahmana Ella, Pig Falls, Duvili Ella and many other waterfalls are located in Sinharaja.
Branch density 240000 per hector. 192 out of the 340 branches of Sinharaja are unique to Sri Lanka. Only Sinharaja has 15 out of that. Not only that, 75 % of the Sinharaje branches are native to this country. Sri Lanka has 08 out of 12 unique horoscope animal specialists in Sinharaja. Among the 160 special birds, Sri Lanka has 18 native specialities. There are 45 more uragayo specials. 21 of them are unique to Sri Lanka. Sinharajaya has resided for 50 ubhaya biological specialities, 40 ksheerapai specialities, 20 butterfly specialities. In 1978 UNESCO was named as a Sinharajaya biological goal reserve. They showed some reasons for that. The importance of biological, environmental service, water feeding area is special. The Sinharaj, which was declared as a national heritage in 1988, will name UNESCO as a World Heritage in 1989
There are 05 basic layers in the Sinharaja forest. It's as a neru layer, ground level, sub-vine layer, lower vine layer and vine layer. Kenipatha Valla, which is a rare truth, is still in Sinharaja even after making Quran.
The first way to Sinharaja is cut from 1963. A Waddagala to Kudawa. Later, Kosgama Thuni Lali Corporation will be set up with the support of Reed Collings in Canada and reserve 5000 hectares of wood in the north side. Made a 12-15 feet way to bring wood. Even though it was stopped with the protest that came, 2500 hectares have been cut off by that time. In addition to this, animal hunting, sand building, tourist behavior, Wallapatta cutting, various water proposals cause environmental damage. The latest thing is the road to Sri Lanka. Can't tell what will happen to Sinharaja if this destruction doesn't stop. So, if it's everyone's responsibility to protect this world heritage, this beautiful sensitive environment will be left for the future too.
31/10/2020
ලංකාවේ වනාන්තර ගිනි තැබීම
ලෝකේ ස්වාභාවික පරිසර පද්ධතියට තියෙන තව එක තර්ජනයක් තමයි ගිනි තියන එක.මේ හින්දා ලෝකේ ස්වාභාවික වනාන්තර වේගයෙන් අඩුවෙනවා.ලංකාවේ සමස්ත භූමියෙන් වන ඝනත්වය 29.5%ක්.ස්වාභාවිකව ඇතිවෙන ලැව් ගිනි නැති හින්දා ලංකාවේ ගිනිතැබීම් මිනිස්සුන් විසින් කරන වැඩක් විදිහට අදුනගන්න පුළුවන්.ගිනිතැබීම් වලින් ඉස්සරහින්ම තියෙන දිස්ත්‍රික්ක තමයි නුවර එලිය,බදුල්ල,මොණරාගල කියන්නේ.
ලංකාවේ ගිනි තැබීම්වලට හේතු ගත්තොත් හේන් ගොවිතැන,ඉඩම් පුලුල් කිරීම,විනෝදය සඳහා,දඩයම් කිරීමට සහ ගව පාලකයන් ගවයන්ට ආහාර සැපයීමට තණකොළ වැවීම කියන හේතු ප්‍රධානයි.පහුගිය අවුරුදු දිහා බැලුවොත් 2016 අවුරුද්දේදී 118ක්,2017 දී 76 සහ 2018 දී 156 වතාවක් විදිහට ගිනිතැබීම් වාර්තාවෙනවා.මේ හින්දා 2016 දී වනාන්තර හෙක්ටාර් 2887.52කුත් 2017 දී 478.95කුත් 2018 හෙක්ටාර් 1184.28කුත් විනාශවෙලා තියෙනවා.මේ දත්ත එක්ක බැලුවම සාමාන්‍යයෙන් අවුරුද්දකට ලංකාවේ ගිනි තැබීම් හින්දා අක්කර 6000ක් විනාශ වෙනවා කියලා අදුනගන්න පුළුවන්.වනාන්තර 50-200ත් අතර ප්‍රමාණයක් අවුරුද්දකට මේ ගිනිතැබීම්වලට ගොදුරු වෙනවා.2020 පෙබරවාරි මාසේ 25 වෙද්දී විතරක් 2020ට ගිනිතැබීමේ අවස්ථා 49ක් වාර්තාවෙනවා.
ගිනිතැබීම් අතින් ඉහළම දිස්ත්‍රික්කය තමයි නුවර එලිය.2019 විතරක් නුවර එලියේ අති සංවේදී වනාන්තර 71ක් ගිනි තියලා තියෙනවා.මේ හින්දා හෙක්ටාර් 349.7ක් විනාශවෙලා තියෙනවා.ගිනිතැබීම්වල ප්‍රතිඵල විදිහට සෝදාපාලුව,උල්පත් සිදීයාම,ශාඛ සහ සත්ත්ව ප්‍රජාව විනාශවීම,ජලාශවල රොන්මඩ පිරීම,කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම,ආක්‍රමණික ශාඛ විනාශවීම වගේ දේවල් සිද්ධවෙනවා.
සාමාන්‍යයෙන් ගිනිතැබීම්වලට සම්බන්ධව අවුරුද්දකට පුද්ගලයන් 08ක් අත්අඩංගුවට ගන්නවා.ඔවුන්ට වන සංරක්ෂණ ආඥාපනත සහ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ දඩුවම් කරන්න පුළුවන්.2009 අංක 65 දරන සංශෝධිත ආඥාපනතින් කැලෑ ගිනිතැබීම දඩුවම් ලැබියහැකි වරදක් කරලා තියෙනවා.මේ යටතේ වරද කරන කෙනෙක් වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්.රු.20000-100000 අතර දඩයක් නැත්නම් අවුරුදු 05ක සිර දඩුවමක් දෙන්නත් පුළුවන්.හැබැයි පරිසරවේදියෝ කියන්නේ මේ නීති ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ සිද්ධවෙනවා වගේම මන්දගාමියි කියලයි.
ඇත්තටම ගිනිතැබීම් වලින් පරිසරය ආරක්ෂාකරගන්නනම් තියෙන නීති ක්‍රියාත්මක කරනවා වගේම අලුත් නීති හදුන්වාදීමත් ජනතාව දැනුවත් කිරීමත් කරන්න ඕන.එහෙම නොවෙනවානම් පරිසරයේ ප්‍රතිචාරයන්ට අපි හැමෝටම මුහුණදෙන්න සිද්ධවෙන එක නවත්තන්න බෑ.
Forests arson
This is a big environment problem all over the world.According to statistics yearly between 50-200 forest are fired in Sri Lanka.As a result about 6000 acres of forests are lost each year.29.5% belongs to forest by whole land in Sri lanka.Nuwara Eliya,Badulla and Monaragala are the districts with the highest number of arson cases.71high sensitive forests were faired in Nuwara Eliya district in 2019.
30/10/2020
ලෝකෙට ලොක්කා ඇමසන් යෝධයා.
විශාලත්වය අතින් ජෛව විවිධත්වයෙන් ඇමසන් වනාන්තරයට ගහන්න වනාන්තරයක් ලෝකේ කොහෙවත්නෑ.මේක දකුණු ඇමෙරිකාවේ පිහිටලා තියෙනවා වගේම වර්ග කිලෝමීටර් මිලියන 5.5ක් විශාලයි.ඒ කියන්නේ ලංකාවේ භූමිය වගේ 83 ගුණයක් ලොකුයි.මේකට ඇමසන් කියන නම දාලා තියෙන්නේ ස්පාඤ්ඤ ජාතික ගවේෂකයෙක්වුනු "ෆ්‍රැන්සිස්කෝ ඔරෙල්ලනා".ඇමසන්වලින් 60%ක් අයිති වෙන්නේ බ්‍රසීලයට.13%ක් පේරුවලටත් අනිත් කොටස් බොලීවියාව,ඉක්වදෝර්,කොලොම්බියාව,වෙනිසියුලාව,ගයනාව,සුරිනාම්,ගිනියාව කියන රටවල්වලට අයිතිවෙනවා.
ඇමසන්වලට වාර්ෂිකව 250-450 mm වර්ෂාපතනයක් ලැබෙනවා.ඒ හින්දම මේක නිවර්තන තෙත් කලාපීය වනාන්තරයක් විදිහට හැදින්වෙනවා.පැලෑටි වර්ග 40000කට,කුරුලු වර්ග 1300කට,මාළු වර්ග 3000කට,ක්ෂීරපායි වර්ග 430කට,පළතුරු වර්ග 3000කට,කෘමි සත්තු මිලියන 2.5කට ඇමසන් වනාන්තරය නිජබිම වෙනවා.මේ අතර විෂ සහිත සත්තු විදිහට පිරන්ගා මසුන්,විස විදින ගෙම්බන්,ජගුවර්,විෂඝෝර පර්පයින්,ඉලෙක්ට්‍රික් ඊල්ස් ඇමසන්වල ජීවත්වෙනවා.ඒ වගේම ග්‍රෝත වර්ග ගණනාවකුත් ජීවත් වෙනවා.ඒ අතර ඉන්න "ඇමරින්ඩියන්" කියන ග්‍රෝත්‍රය බාහිර ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නෑ.ග්‍රෝත්‍රයේ දැනට ඉන්න පිරිස විදිහට සැලැකෙන්නේ 400ක පිරිසක්.
සාමාන්‍යයෙන් ඇමසන්වල එක හෙක්ටාරයක ගස්වර්ග 750කට වඩා තියෙනවා.මේහින්දා වැහිබිංදු පොලවට වැටෙන්න විනාඩි 10කට වඩා ගතවෙනවා.ඇමසන් හරහා ගලාබහින ඇමසන් ගඟ 6840km ක් දිගයි.මේ ගඟෙන් තත්පරේකට ජලය ගැලුම් මිලියන 55ක් අත්ලාන්තික් සාගරයට එකතුකරනවා.මේ ගඟ සැලැකෙන්නේ නයිල් ගඟට පස්සේ ලෝකේ දිගම ගඟ කියලයි.
ජෛව විවිධත්වය අතින් වගේම දේශගුණික සමතුලිතතාවය ආරක්ෂාකරගැනීමේදීත් ඇමසන් වනාන්තරය ලොකු සේවයක් කරනවා.ලෝකට අවශ්‍ය ඔක්සිජන්වලින් 70%ක් නිපදවෙන්නේ ඇමසන් වනාන්තරයේ.කොහොම උනත් කොච්චර සේවයක් කරත් ඇමසන්වලට එල්ලවෙලා තියෙන තර්ජනයනම් අඩුවක්වෙලා නෑ.1970-2016 කාලයේ ඇමසන් වනාන්තරයෙන් ඝන කිලෝමීටර් ලක්ෂයක් එලිකරලා තියෙනවා.පහුගිය කාලේ දවස් 17-18ක් තිස්සේ ඇතිවුනු ඇමසන් ගින්නෙන් අක්කර 75000ක් සම්පූර්ණයෙන්ම විනාශවුණා.ඒ විතරක් නෙවෙයි ගොවිතැන්වලට,ගෙවල් හදන්න,දැව වෙළදාමට ඇමසන් වනාන්තරය පාවිච්චියට ගන්නවා.මේකත් එක්ක වනාන්තරයට එල්ලවෙලා තියෙන තර්ජනයනම් සුළුපටු එකක් නෙවෙයි.ලෝකේ ජීවවායුව වගේ තියෙන ඇමසන් රැකගන්න වැඩනොකරොත්නම් අත්වෙන ඉරණම සුඵපටු එකක් නෙවෙයි.
Boss of the world the Amerzen forest
This is situated in south America and it is 5.5 million square killometers.About 60% of forest belongs to Brazil and 13% belongs to peru.
40000 flora and fauna,1300 types of birds,3000 types of fish,3000 types of fruits And more than 2.5 million insects are there.As the poisonous animals Piranga fish,poisonous frogs,Jaguwar,poisonous snakes lives there.
The Amerzen river flows through the forest and it is long about 6840 km.It adds about 55 million water gallons to the Athlanthiv ocen. (copied)