16/04/2022
My Students Goal is Japan
The Best japanese language school
Traning Visa
student visa
16/04/2022
My Students Goal is Japan
16/04/2022
ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න
නිවැරදිම මග....
අප ආයතනය ලංකාවේ විශාල සිසුන් පිරිසකට ජපානයේ අධ්‍යාපනය සදහා මෙන්ම රැකියා සඳහා යෑමට මග පෙන්නූ ආයතනයකි. ඔබ හට ලංකාවේ සිට ජපානයේ පාසල් වෙත යෑමට අවශ්‍ය සියළුම කටයුතු හා මග පෙන්වීම අප ආයතනයෙන් සිදු කරනු ඇත.
👉 අප්‍රේල්,ජුලි, ඔක්තෝම්බර්
පාසල් වාරයන් සදහා බදවා ගැනීම් සිදුකරයි....
පාසැල් ගාස්තු , නවාතැන් , ටිකට්පත ඇතුළුව ඔබට රුපියල් ලක්ෂ 20 කට අඩු මුදලකට ජපානයේ පාසලකට ඇතුළුවීමේ හැකියාව ඇත..
👉Student Visa සදහා ජපන් භාෂා විභාග සමත් අසමත් සැමට අයදුම් කිරීමේ හැකියාව
👉ඔබත් වයස අවුරුදු 30ට අඩු A/L සදහා පෙනී සිටි අයෙකු නම් අපට කථාකරන්න.
👉Part time රැකියාව ලබාදීම 💯
👉ගුවන් ටිකට් පත
👉නවාතැන් පහසුකම්
👉රක්ෂණය
👉පාසැල් ගාස්තු
👉අප ආයතනය හා සම්බන්ධ ජපන් භාෂා පාසැල් ජපානයේ ප්‍රධාන නගර කිහිපයකම පිහිටා ඇත.
විශ්වසනීයව ජපන් පාසලකට ඇතුළු වීමට සිහින දකින ඔබට ඉහත සදහන් කර ඇති පහසුකම් සමගින් ජපන් යෑමට අප හා එක්වන්න.
=YAMATO INTERNATIONA=
= MATARA=
Tel = 0777-105-175
Tel = 0778-778-350
Mail=[email protected]
✨Our Services✨
👉 Japan Student Visa.
👉 Document Translating.
👉 Japan Visa Consulting Services.
👉 JLPT / NAT (N4 - N5) Japanese Language Classes.
16/04/2022
Congratulation my dear students
16/04/2022
2022.04.16 වන දින ජපානය වෙත පා තැබූ මාගේ ශිෂ්‍යය ආදරණීය ඔබට..
. මාගේ හදපිරි සුභපැතුම්..
ගුරුවරයකු ලෙස මීට වඩා සතුටක් කොයින්ද..
හැමෝම ජීවිතය දිනින්න..
මොන බාධක ආවත් ඔබ ඔබේ ගමන අත්නොහරින්න..
ඔබ වැටෙනකම් බලන්සිටි හැමෝටම පෙන්වන්න...
ඔබේ ශක්තිය..
ඔබේ වටිනාකම..
ඔබේ උත්සාහය..
ඔබේ ජයග්‍රහණය..
හැමදාම සතුටින් ඉන්න හැමෝම..
ආදරෙයි හැමෝටම...
බුදුසරණයි...
....ස්තුතියි දමිත් සන් N මිචිරු සන්.........
...ස්තුතියි සිරාන්,චාරිකා, තීක්ෂණා....
නොමිලේම Join වෙන්න......
ජපන් පන්තිය = ඉරිදා
මුල සිටම
2022.01.16=
13.00 සිට 17.00 දක්වා
නොමිලේම Join වෙන්න......
https://us02web.zoom.us/j/85808993971?pwd=OFIybkpjYWtUT3NaUW4yekZTeVJ3Zz09
Meeting ID: 858 0899 3971
Passcode: 0777105175
Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...
10/01/2022
අපේ දරැවන් වැසිකිලි යන හැටි ඉගෙන ගනිද්දී ජපන් දරැවන් වැසිකිලිය කලමනාකරණය කරන හැටි ඉගෙන ගැනීම.
ජපන් අධ්‍යාපනයේ මුලිකම තේමාව වනුවේ විශය දැනුමට පුථමයෙන් විනයගරැක බව යන්නයි(Discipline before education).අප අපේ පාසල්වල වැසිකිලි පාසලේ කොනටම රැගෙන යද්දී ,එය පාසලේ අපිරිසිදුම අප්‍රසන්නම කෙල ගසන,කුනු දමන, කුනුහරැප බිත්තිවල ලියන, ටැප් කඩාදමන තැනක් බවට පත්කර ගනිද්දී ජපන් පාසල්වල එය, පංති කාමරය අසලටම රැගෙන විත් එය පාසලේ ප්‍රසන්නම, පුියජනකම දරැවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදියහැකි, දරැවාට ජිවිතය ඉගෙනගතහැකි වගකීම් සහගත පුරවැසියෙකු තණන, තැනක් බවට පත්කරයි. මන්ද වැසිකිලිය භාවිතය හා වැසිකිලිය කළමනාකරනය දරැවා පාසලෙන් ලැබියයුතු අධ්‍යාපනයේම කොටසක් ලෙස ජපන් අධ්‍යාපනවේදීන් සලකන බැවිනි.
ඒ අනුව සැම දරැවෙන්ම පාසල ඇරි නිවසට පිටත්විමට පෙර, අවම වශයෙන් පැය භාගයක්වත් වැසිකිලිය විද්‍යාත්මකව පිරිසිදු කිරිම සහ එය ප්‍රසන්න පූියමනාප තැනක් ලෙස කළමනාකරනය කිරිම පිලිබදව ඉගෙන ගනී.මෙම කාර්යය සදහා පලමු වසරේ සිට අවසන් වසර දක්වාම දරැවන් සහභාගි විය යුතුය.පංතියේ ගුරැවරයාද දරැවන් සමගින්ම මෙම කාර්යය සදහා සහගාගිවන අතර, ඉහල පංතිවල පුහුනුව ලැබු අයියලා සහ අක්කලා පැමින පහල පංතිවල නංගිලා මල්ලිලාට මේ පිලිබදව තවදුරටත් අවබෝදයක් ලබාදේ.
අනාගතයේදි තමන්ගේ රට, තමන් වැඩකරන ආයතනය, තමන්ගේ ගම සහ තමන්ගේ නිවස පිරිසිදුව පවත්වාගෙන යාම සදහා දරැවන් මෙමගින් මනා පුහුනුවක් ලබයි. පිරිසිදු කමින් සපිරි කැලිකසල වලින් තොර ජපානය හා එහි ප්‍රසන්න මං මාවත් දක්නාවිට ඔවුනගේ අධ්‍යාපන පූථිපත්ති කොපමනනම් නිවැරදිද යන්න අවබෝදවේ.
එහෙත් අවාසනාවට අප අපගේ අධ්‍යාපනය තුල නිර්මානය කරනුවේ කවර අකෘතියක පුරවැසියෙක්ද?
වැසිකිලියට ගොස් වලට නොව වටේට මුතූා කරන, වැසිකිලි ගොස් වතුරවත් නොගසන,තමන්ගේ අතපයවත් සබන් ගා නොසෝදන වතුර ගන්නා ටැප් එකද වෛයිරයෙන් ද්වේශයෙන් කඩාදමන, බිත්ති පුරා අසහනය පෙන්විමට තිත්ත කුනුහරැප ලියන, වැසිකිලි යෑම තමන්ගේ වැඩක් ලෙසත් එය පිරිසිදු කිරිම අනුන්ගේ වැඩත් ලෙසත් දකින, වගකිම හෝ වගවිම පිලිබද මෙලෝ හසරක අවබෝදයක් නැති, තමන්ගේ කුනු කසලද අනුන්ගේ වතුවලට විසිකරන පොතේ උගතුන් පමනක් ගොඩනගන ශීලාචාර පුරවැසියන් ගොඩනොනගන මෙි අධ්‍යාපනය කුමකටද? කා සදහාද?
සටහන:
- ලසන්ත කාරියප්පෙරැම -
05/01/2022
ひろしま。hirosima...........
05/01/2022
さむい........
04/01/2022
🔰JLPT N4
📚ば形
✍️මෙම ව්‍යාකරණයේ තේරුම් තමයි
නම් (If) වේ..
කෑවොත්
බීවොත්
ආවොත්
කලොත්
වගේ අදහසක්..
🔴හදාගන්න ක්‍රමය
🏵1 Group
書きます
මුලින්ම ますඉවත් කරන්න
ඊටපසු き (い) වල ඇති ස්වරය
い - え කර
かけ ලෙස සාදාගන්න.
かけ+ば= かけば
🏵2Group
食べる
මෙහිදී කෙලින්ම る ඉවත්කර
れば එකතු කරන්න
食べ+れば = 食べれば
🏵3Group
します~ すれば
来ます~ 来れば
උදාහරණ
මේ පාඩම තේරුනොත් N4 පාස් වෙන්න පුලුවන්නම් වේවි.
このレッスンをりかいできればN4を合格できると思います。
ජපානෙට ආවොත් සකේ බොන්න පුලුවන්
日本へこれば酒を飲める。
ප්‍රශ්න තිබුනොත් ඕනි වෙලාවක අහන්න.
しつもんがあればいつでも聞いてください。
02/01/2022
.......ජපන් රැකියා.......
අද පැහැදිලි කරන්න යන්නේ ගොඩක් අය මේ දවස් වල අහන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි Training Visa , Specified Skilled Visa & Working Visa
හරි එහෙනම් අපි බලමු මොකද්ද මේ වීසා තුනේ තියෙන වෙනස්කම කියල... මේ පෝස්ට් එකෙන් මම කතා කරන්නේ Training Visa ගැන පමණි.
1. මොකද්ද මේ Training Visa කියන්නේ ? කවුද මේක කරන්නේ ?
ජපානයේ රැකියා සදහා IM Japan හා එක්ව ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය (SLBFE) මගින් සිදු කරන රැකියා ලබා දීමේ වැඩසටහනකි. මෙම වීසා ක්‍රියාවලිය සිදු කිරීම සදහා අවසර ඇත්තේ SLBFE එකට සහ එහි දැනට Register වී ඇති ආයතන සදහා පමණි. (එම අවසර ලත් ආයතන ලැයිස්තුව මෙම පෝස්ට් එක අවසානයේ සදහන් කර ඇත)
2. මොකද්ද මේකෙන් වෙන්නේ ?
Training Visa කිව්වම ඔයාලා කාට වුනත් තෙරේනවා මේක Training එකක් දෙන වීසා එකක් කියල..ඒ කියන්නේ පුහුණු විසා එකක්..උදාහරනයක් විදිහට හිතන්න ඔයා ගොවිපලක වැඩ කරන්න කැමති කෙනෙක් නම් ජපානයේ ඒ වගේ තැනකට යවලා ඔයාට හොද පුහුණුවක් ලබා දෙනවා...වයස් සීමාව ගත්තොත් 18-35 අතර අයට පුලුවන්. මේ Training Visa එක සාමාන්‍යයෙන් වසර 3-5 අතර කාලයකට තමයි දෙන්නේ....හැබැයි මේක ඔයා යන kaisha එක මත තමයි තීරණය වෙන්නේ...ඒ වගේම ඉස්සර නම් මේ පුහුණු කාල සීමාව ඉවර වුනාම ලංකාවට අනිවාර්යයෙන් එන්න ඕනි කියලා නීතියක් තිබ්බා... ඒ ඇවිත් අවුරුද්දක් දෙකක් ගියාම තමයි ආපහු වෙන වීසා එකකට ජපානයට නැවත ඉල්ලුම් කරන්න පුලුවන් වෙන්නේ.. හැබැයි දැන් අලුතෙන් හදුන්වලා තියෙන Skilled Visa එකට ජපානෙදීම Exam එකට මුහුණ දීලා පාස් වුනොත් එම වීසා එකට මාරු වෙන්න පුලුවන් කියලත් කියනවා... තවත් කතාවක් තමයි Training Visa ගිහින් ඇවිත් ලංකාවේ ඉන්න අයට මේ Skilled Visa එකට ඉල්ලුම් කරන්න Exam ඕනි නෑ කියලත් කියනවා... හැබැයි මේ ගැන තාම හරි තීරණයක් නෑ...මොකද මේ වීසා එක තාම ලංකාවේ ක්‍රියාත්මක නැති හින්දා..ඉදිරියේදී ඔයාලට සියලුම විස්තර දැනගන්න පුලුවන් වෙයි.
එතකොට මේ පුහුණු වීසා එකට ඔයාලට දෙන්නේ සල්ලි තමයි හැබැයි ඒක පඩියක් නෙමෙයි දීමනාවක් ලෙස තමයි හදුන්වන්නේ... කොහොමත් 100,000-150,000 ¥ අතර ගානක් තමයි ලැබෙන්නේ..(OT නැතුව) මොනවගේ ජොබ්ද තියෙන්නේ කිව්වොත් Labor Jobs තමයි ගොඩක්ම.. ඒ කියන්නේ ජපන් ජාතිකයෝ අඩුවෙන් වැඩ කරන සහ එතරම් කැමති නැති රැකියා.... උදා: සත්ව ගොවිපල වල් (බොකුජො), එලවලු කොටු (හතකේ), මස් මාළු කපන තැන්, කෑම පැකට් අසුරන තැන් (බෙන්තො) යනාදිය වේ.
ඒ වගේම තමයි ඔයාලා ජපානයට එන්න කලින් ඒ අදාල kaisha එකත් එක්ක Agreement එකක් අත්සන් කරනවා.. ඒ Agreement එකේ සදහන් වෙලා තියෙනවා ඔයාලට වෙනත් kaisha එකක වැඩ කරන්න බෑ කියලා... සරලව කිව්වොත් part time කිරීම තහනම්...ඒ වගේම ඔයාලට වැඩ කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් උදේ 8 සිට හවස 5 දක්වා... ඉතිං මීට අමතරව company rules වලට අවනත නොවී part time කරන්න ගියොත් ඔයාලට යෙන් මිලියන 2ක් වන්දියක් විදිහට ගෙවන්නත් සිදුවෙනවා..ඒ නිසා හොදට Agreement කියවලා බලන්න...දැන් හොරට part time කරන අය ඉන්නවනම් මේ ගැනත් පරිස්සම් වෙන්න... එහෙම නැතිවුනොත් කඑරු වැදිලා ලංකාවට එන්න වෙනවා...
තවත් දෙයක් තමයි (හැබැයි මේක හැම kaisha එකකම වලංගුද යන්න නොදනී ) ඔයාලට අවුරුද්දක් ඒ kaisha එකේ වැඩ කරලා ඉතුරු අවුරුදු 2 වැඩ කරන්න අමාරු නම් අදාල shachō එක්ක කතා කරලා වෙන kaisha එකකට මාරු වෙන්න පුලුවන්...
අවසාන කරුණ තමයි මේ Training Visa එක Specified Skilled Visa එකට ඇරෙන්න වෙන කිසිම වීසා එකකට මාරු කරන්න බැහැ...ඔබ ජපන් ජාතිකයෙක් හා විවාහ වුනොත් මිසක් මෙය වෙනත් කිසිදු අවස්ථාවක වෙනස් කිරීමට නොහැක. Specified Skilled Visa එකකට මාරු කරන එකත් තාම හරියට සදහනක් කරලා නෑ..ඒ ගැන බොහෝ දුරට ඉක්මනින් දැනගන්න ලැබෙයි...
ඉතිං ලංකාවේ ඉදන් Training Visa යන්න බලාපොරොත්තු වෙන අයට කියන්න තියෙන්නේ සල්ලි හම්බ කරන අරමුනෙන් ජපන් ගියත් ලංකාවේ දැනට රු. 50,000 පමණ අඩුවෙන් හම්බ කරන අය ඉන්නවනම් මේ වීසා එකට ගියාට කමක් නෑ... හැබැයි රු. 50,000 වඩා වැඩි පඩියක් ගන්න කෙනෙක් මේ වීසා එකට යනවා කියන්නේ තෙරුමක් නැති දෙයක්...මොකද මම එහෙම කියන්නේ සමහරු ඉන්නවා මෙහේ campus තෙරිලා මේ විසා එකට යන්න බලන් ඉන්නවා... තමන්ට හොදම qualifications තියාගෙන degree තියාගෙන Training Visa යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා... එහෙම මෝඩ තීරණ ගන්න එපා..ජපන් යන්න ඕනි කමට රැල්ලට වගේ යන්න එපා... ලංකාවේ හොද පඩියකට වැඩ කරන්න පුලුවන්. එහෙම නැත්තම් තමන්ගේ රැකියා සුදුකම් වලට ගැළපෙන රටකට යන්න පුලුවන්...ජපන් විතරක් නෙමෙයි ජීවිතේ ගොඩ යන්න තියෙන එකම මග සහ එකම රට.... මේ දේ තේරුම් අරං ඉස්සරහට මොලෙන් ක්‍රියා කරයි කියලා මම හිතනවා....
ඉතුරු වීසා දෙක ගැන තවත් පෝස්ට් එකකින් හමුවෙමු....ඔබ දන්නා තවත් දෑ ඇත්නම් හෝ වැරදි ඇතොත් පහලින් කමෙන්ට් කරන්න...ඔබ සැමට ජය වාසනාව ලැබෙවා...😊
සටහන : හරින්දි ප්‍රනාන්දු
25.08.2020
රජයේ ලියාපදිංචි ආයතන ලැයිස්තුව පහත link එකෙන් 👇
http://applications.slbfe.lk/feb/la/la_detailsvalid.asp
...................................................................................
Training Visa වලින් අනතුරුව අද මම පැහැදිලි කරන්න කැමතියි Working Visa කියන්නේ මොකද්ද කියලා... මොකද්ද මේ working visa කියන්නේ ? අද බලන බලන හැම තැනම දකින්න තියෙන්නේ N5 කරලා working visa යන්න පුලුවන්ද ? එහෙම නැත්තම් කොහොමද working visa එකකට apply කරන්නේ කියල... ඉතිං මේ වීසා එක ගැන මම අදියර කිහිපයකින් පැහැදිලි කරන්න කැමති.
1. මොකද්ද මේ working visa කියන්නේ?
working visa එහෙම නැත්තම් job visa කියන්නේ දෙකම එකයි... දෙකෙන්ම අදහස් වෙන්නේ රැකියාව කියන එක.. මේ දෙකේ වෙනසක් නැහැ. සමහරු මේකට ජොබ් වීසා කියනවා තවත් සමහරු වර්කින් වීසා කියනවා.. ජපන් භාෂාවෙන් ගත්තොත් මේ කියන්නේ shūshoku කියන තේරුමයි.
2. කොහොමද මේකට apply කරන්නේ ?
සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක් දන්න දෙයක් තමයි working visa එකකට යනවා නම් තමන්ගේ සුදුසුකම් උපරිමයෙන් තියෙන්න ඕනි.. ඒ කියන්නේ තමන්ට Professional Job එකකට යන්න ඕනි නම් අනිවාර්යයෙන් Degree එකක් කරල තියෙන්නෝනි. ඒ වගේම අදාළ අංශයෙන් අවම අවුරුදු 2-5 අතර අත්දැකීම් ගොඩක් දුරට ජපන් ආයතන වලින් ඉල්ලනවා.. Professional Jobs කියන්නේ Software / Netowrk / Web Design / Engineering / Management සහ ඔය ආශ්‍රිත තියෙන ඕනෑම රැකියාවක් හදුන්වන්න පුලුවන්... සාමාන්‍යයෙන් මෙම සුදුසුකම් සපුරා අවසන් වෙනකොට එක් අයෙකුට වයස 25ක් විතර වෙනවා.. ඒ නිසා වයස් සීමාව ගත්තොත් 25-45 අතර සලකන්න පුලුවන්. ( මෙසේ සදහන් කරනු ලැබූ සුදුකම් අදාල වනුයේ ලංකාවේ සිට ජපානයට working visa අයදුම් කරන පුද්ගලයන්ට පමණි..) ජපානයේ වෙසෙන කෙනෙකුට නම් මුලින්ම Japanese Language School ගිහින් පසුව senmon Gakkō හෝ Daigaku අවසන් කිරීමෙන් පසුව shūshoku කිරීමට හැකියාව පවති. එමෙන්ම බොහෝ දුරට N2 හෝ ඉහළ මට්ටමක් ඇති අයට පමණයි working visa එකක් ලබා ගන්න පුලුවන්. නමුත් සමහර companies වලට ජපන් භාෂා දැනුම නොමැති සහ N5 මට්ටමේ සිටින අය සදහාද ඉල්ලුම් කිරීමේ හැකියාව පවති.. (It depends on company ) ලංකාවේ සිට direct companies වලට ඉල්ලුම් කිරීමට අවශ්‍ය නම් ඔබට අන්තර්ජාලය ඔස්සේ publish කර ඇති Overseas Jobs link මගින් ඔවුන්ගේ ක්‍රියාදාමයට අනුව අයදුම් පත් පුරවා ඔවුන්ට යෑවීමෙන් ඉල්ලුම් කර හැක. එවිට ඔබගේ සුදුසුකම් අනුව රැකියා අවස්ථාව ලැබෙනු ඇත. නොලැබෙන අවස්ථාවන්ද තිබේ... එම link කිහිපයක් මෙම පෝස්ට් එක අවසානයේ දක්වා ඇත.
Working Visa ලබාගැනීමට හැකි තවත් ආකාරයක් නම් ජපානයෙන් ඔබට sponsor කිරීමෙන් ලබා ගත හැක. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාගේ අදුරන කෙනෙක් ජපානයේ දීර්ඝ කාලයක් තිස්සේ company එකක වැඩ කරනවානම් ඔහුට තම ආයතනයේ shachō සමග කතාබහ කිරීමෙන් ඔබට වීසා එක අරන් දීමට හැකියාව පවති...ඒ වගේම ඔබට එම ආයතනයේ පමණක් රැකියාව කිරීමට සිදු වෙන අතර එම රැකියාව පිළිබඳ මූලික දැනුමක්ද තිබිය යුතු වේ. ( මෙම ආකාරය 2% ක පිරිසකට ලැබෙන අතර මෙවන් ආයතන ඉතා දුර්ලබ වේ )
තුන්වන ආකාරය නම් ජපානය විසින් හදුන්වා දී ඇති නවතම වීසා එක වේ... එනම් Specified Skilled Visa (SSWRP) වේ.. මෙම වීසා එක job category එකට අයත් වෙන නමුත් අයදුම් කිරීමට හැකියාව ඇත්තේ අංශ 14ක් යටතේ ඇති රැකියා කිහිපයට පමණි..එයිනුත් දැනට බොහෝ සේ ඉල්ලුම් කරනු ලැබෙන්නේ Care Giver & Construction කාණ්ඩ වලට පමණි.. කෙසේ නමුදු මෙම වීසා වර්ගය තවම ලංකාවේ ස්ථාපිත වී නොමැති අතර ඉදිරි අවුරුදු වල ලැබෙනු ඇතැයි සිතේ... මෙම වීසා වර්ගය ගැන සියලුම විස්තර වෙනම පෝස්ට් එකකින් බලාපොරොත්තු වන්න.
තව ප්‍රධාන කරුණක් නම් working visa සදහා අවුරුදු 5 කට වීසා වදින නමුත් මෙය ලබා දෙන්නේ අවුරුද්දෙන් අවුරුද්දට වේ... එනම් අවුරුද්දකට පසුව දෙවනි අවුරුද්ද සදහා අදාල ආයතනය මගින් අවුරුදු 5ක් පුරා වීසා renewal කර දෙනු ලැබේ.... ඒ වගේම තමයි මේ වීසා එකට ඔබට salary වශයෙන් 200,000¥ - 250,000¥ (OT නැතුව) අතර පඩියක් අවම වශයෙන් ලැබේ...
අවසාන වශයෙන් ඔබට working visa යනු කුමක්ද සහ ඔබ අයදුම් කරනවානම් කෙසේද කරන්නේ යන්න මූලික අවබෝධයක් ලැබී ඇතැයි මට සිතේ...මාගේ ඊළග පෝස්ට් එක SSWRP මගින් හමුවෙමු....
ඔබ දන්නා තවත් දෑ ඇත්නම් හෝ වැරදි ඇතොත් පහලින් කමෙන්ට් කරන්න... ඔබ සැමට ජය වාසනාව ලැබේවා... 😊
සටහන : හරින්දි ප්‍රනාන්දු
26.08.2020
අන්තර්ජාලය ඔස්සේ ලබාගත් Links කිහිපයක් 👇
https://rakuten.careers/
https://jobs.gaijinpot.com/index/index/lang/en?utm_campaign=jobmail&utm_medium=email&utm_source=jobmail_2020-08-25
https://jikopy.net/recruiter/
.....................................................................
Training Visa සහ Working Visa දෙකම පැහැදිලි කිරීමෙන් අනතුරුව අද මම කියන්න යන්නේ ලංකාවට අලුතින් හදුන්වා දී ඇති Specified Skilled Workers Recruitment Programme (SSWRP) Visa එක ගැනයි..
මේ වීසා කාණ්ඩය ජොබ් වීසා යටතට ගැනීමට පුලුවනි.. නමුත් කලින් මා සදහන් කළ ජොබ් වීසා සහ මෙම වීසා හී එකිනෙකට වෙනස්කම් පවතී. (පෙර සදහන් කළ Job visa / working visa පිළිබඳ දැනුවත් නොමැති නම් එය මුලින් කියවා බලන්න )
හරි අපි බලමු මොකද්ද මේ SSWRP කියන්නේ කියල...
මේ වීසා එක කොටස් දෙකකින් සමන්විත වේ... එනම් SSWRP 1 සහ SSWRP 2 නමිනි...මෙම වීසා කාණ්ඩය ජොබ් ක්ෂේත්‍ර 14ක් යටතේ පවති. මෙම පෝස්ටුව අවසානයේ එම ක්ෂේත්‍ර 14 පහලින් පෙන්නුම් කර ඇත.
*SSWRP 1 *- මෙම වීසා එකට තම මව් රටේ සිට හෝ ජපානයේ සිට අයදුම් කිරිමට හැකියාව පවතී...ලංකාවේ නම් SLBFE එක මාර්ගයෙන් ඉදිරියේදී ඔබට අයදුම් කිරීමේ හැකියාව ඇත. මේකට හේතුව නම් ජපානයේ ජනගහනය කෙමින් කෙමින් අඩු අගයක් ගන්න නිසා (වයසක අය වැඩි වෙමින් පවතින නිසා ) එම ආයතන වල සේවක පුරප්පාඩු ඉහල යෑමයි. මේ සදහා ලංකාවේ සිට ඉල්ලුම් කරන්නේ නම් ඒ අයට _N4 + skilled test_ එක තිබිය යුතුයි.. නමුත් ජපානය ශිෂ්‍ය වීසා වලින් ගිහින් ඉන්න අයට Senmon යන්නේ නැතුව N3 මට්ටම වගේ තියේනම් ඔයාලටද මේ වීසා එකට ඉල්ලුම් කිරීමේ හැකියාව පවති... තවද මෙම වීසා එක අවුරුදු 5ක් පමණක් වේ.. මෙම වීසා එක යටතේ Depend Visa දැමිමට නොහැකිය. එමෙන්ම දැනට Training visa එකෙන් සිටින අයටද එය අවසන් වූ විට මෙම වීසා කණ්ඩයට අයදුම් කිරීමේ හැකියාව පවති. පළමු අවුරුදු 5 නිමා වූ අයට sswrp 2 එකට ඉල්ලුම් කරීමට හැකියාව ඇත...
*SSWRP 2* - මේ වීසා කාණ්ඩයට ඉල්ලුම් කළ හැක්කේ ship building and ship machinery industry and construction industry පිළිබඳ අවුරුදු 5ක වත් පළපුරුදු ඇති පුද්ගලයන් සදහා වේ...මෙම කාණ්ඩයටත් මුලදී ලැබෙනුයේ අවුරුදු 5ක පමණ වීසා කාලයක් වන අතර Depend Visa ඉල්ලුම් කිරීමේ හැකියාවද පවතී....මේ පිළිබඳ වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න. දැනට ලැබී ඇත්තේ මෙපමණයි. { (edited ) මෙහි නිරවද්‍යතාව පෙන්වා දුන් Kanchana Palipana ට ස්තුතියිය. }
Skilled Visa එක තවම ලංකාවේ සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් දැනට කිසිම අයෙකුට මෙම වීසා එකට අයදුම් කල නොහැක. නමුත් මෙම වීසා කාණ්ඩයට අයත් විභාහගය දැනට ජපානය , මියන්මාරය , වියට්නාම් , පිලිපීනය , ඉන්දුනීසියා වැනි රටවල් කිහිපයක පවත්වයි... ලංකාවේ කිසියම් කෙනෙකුට මෙම විභාහගයට මෑතකදී පෙනී සිටීමට අවශ්‍ය නම් කිරීමට ඇත්තේ මා සදහන් කරනු ලැබූ රටවල් අතරින් තෝරගත් එක් රටකට Visit Visa මාර්ගයෙන් ගොස් skilled test එකට පෙනී සිට නැවත තම මව් රටට පැමිණීම පමණි.. ( එක් එක් රටවල් වල විභාහගය පවත්වන දිනය සහ වේලාවන් වෙනස් වේ )
note : skilled test එක යනු ඔබ සිතන අන්දමේ ලේසී පහසු විභාහගයක් නොවේ...එම විභාහගයට පෙනී සිටීමට නම් ඔබට එම අදාළ අංශයෙන් ඉතා හොද දැනුමක්, පළපුරුද්දක් තිබිය යුතුයි..( උදා: ඔබ නර්සින් කිරීමට ප්‍රිය කරන්නේ නම් ඔබට නර්සින් පිලිබඳ සරල දැනුමක් හෝ තිබිය යුතුය. නැතහොත් එය ඉගෙනගැනීම අපහසු කාර්‍යයක් වන බැවිනි. ) සරලව කිවහොත් මෙය ඉගෙනගැනිමට තියා ඉගැන්වීමත් අතිශය අමාරු වන බැවිනි... මන්ද skill test යනු ජපන් භාෂාව පමණක් අඩංගු වී ඇති විභාහගයකි....
එසේ නම් මා පොරොන්දු වූ ආකරයට Training Visa / Working, Job Visa සහ අවසානයට Skilled Visa පිළිබඳ පැහැදිලි විස්තර කිරීමක් පෝස්ට් 3 කින් පළ කර ඇත.... මේ පිළිබඳ යම් තාක් දුරකට හෝ ඔබට පැහැදිලි දැනුමක් ලැබී ඇති බව මා සිතමි...
ඔබ දන්නා තවත් දෑ ඇත්නම් හෝ වැරදි ඇතොත් පහලින් කමෙන්ට් කරන්න. ඔබ සැමට ජය වාසනාව ලැබේවා....😊
Specified Skilled Visa 14 Job Categories 👇
02/01/2022
YAMATO INTERNATIONAL (PVT)LTD
No.45,A/1/3,Sri Anagarika Dharmapala Mawatha,
Matara,
Sri Lanka.
Tel :- 0412220236 - 0778778350
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |