Gurugedara - Malimbada

Gurugedara - Malimbada ගුරුගෙදර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය
- ලොවක් දිනන පොඩිත්තන්ගේ පාරාදීසය -
(1)

🔴 ගුරුගෙදර ආරම්භක පළමු කණ්ඩායමේ ආදරණීය දුවේ, පුතේ... ​අද ඔබේ ජීවිතයේ පළමු විශාල අභියෝගාත්මක කඩයිම වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්...
09/08/2026

🔴 ගුරුගෙදර ආරම්භක පළමු කණ්ඩායමේ ආදරණීය දුවේ, පුතේ... ​අද ඔබේ ජීවිතයේ පළමු විශාල අභියෝගාත්මක කඩයිම වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දිනයයි.

​මුළු රටම කොරෝනා ව්‍යසනයෙන් අසරණ වී, නිවෙස් වලට වී හුදෙකලා වූ ඒ අඳුරු කාල පරිච්ඡේදයේදී, ගුරුගෙදර ආදරණීය ගුරු මව්පියන් ඔබව තනි කළේ නැත. සියලු බාධා මැද, නව තාක්ෂණයේ පිහිටෙන් ඔබේ සිහින ලෝකය හැඩගස්වන්නට, ඔබේ අධ්‍යාපනය බිඳකුදු අතපසු නොකරන්නට අපි නොපසුබස්නා උත්සාහයක නිරත වූවෙමු.

​එදා අපි වැපිරූ ඒ දැනුමේ බීජ, අද මල් ඵල ගන්වන්නට කාලය පැමිණ තිබේ. ​නොබියව, විශ්වාසයෙන් යුතුව විභාග ශාලාවට පා තබන්න. අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගිය ඔබට මේ කඩයිම ජය ගැනීම අසීරු නැත.

​ත්‍රිවිධ රත්නයේ අසීමිත ආශිර්වාදයෙන් හා දෙමාපිය-ගුරු ආශිර්වාදයෙන්, ඔබ සැමට ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම ජයගැනීමට හැකිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
​ඔබට ජය නියතයි!

13/07/2026

🔴 මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ට ද අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙසට දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ට මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර ලබා දීමට තීරණය කර තිබුණා. ඒ අනුව, එය පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළ වන බවත්, පෙර පාසල් දරුවන් සඳහාත්, දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් මදුරු විකර්ෂක භාවිත කරන ලෙසත් අමාත්‍යවරිය සඳහන් කළා.

ඉදිරි සති දෙකත් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දකුණු ලක මහා පෙරහැර මංගල්‍යය මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ "අනුබුදු මිහිඳු පෙරහැර" අද (11) සවස 01.30 ට යෙදෙන සුබ නැකති...
11/07/2026

දකුණු ලක මහා පෙරහැර මංගල්‍යය
මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ "අනුබුදු මිහිඳු පෙරහැර" අද (11) සවස 01.30 ට යෙදෙන සුබ නැකතින් පොල්හේන පුරාණ විහාරස්ථ පරිශ්‍රයෙන් ආරම්භ වී විදි සංචාරය කරන වගයි.....
මෙම අවස්ථාව සියැසින් දැකබලා ගැනීමට පින්වත් ඔබ සැමට
බැති සිතින් ආරාධනා..!!

22/06/2026

2027 වසර වන විට පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසනවා. ඒ මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ වැඩටහනක සමාරම්භක උළෙලකට එක් වෙමින්.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මොස්වර්ල්ඩ් මාටිනස් පදනම එක්ව පෙර පාසල් ගුරුවරුන් 500 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහනට අදාළ ගිවිසුම්ගත වීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින බස්නාහිර පළාත් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.

මෙම පෙර පාසල් ගුරුවරුන් සඳහා ඩිප්ලෝමා ලබාදීම ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලය මගින් සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම මෙය වසර 03 ක් තුළ පළාත තුළ ක්‍රියාත්මක කරවීමටයි නියමිතව ඇත්තේ.

මීට අමතරව ආදර්ශ පෙර පාසල් 02 ක් පිහිටුවීම, පෙර පාසල් ගුරුවරුන් 1000 සඳහා වසර 03 ක කාලයක් සඳහා පුහුණුවීම් ලබාදීම, පෙර පාසල් සඳහා ඉගෙනුම් උපකරණ සහ කියවීම් පොත් ලබාදීම, දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම්, ජංගම කියවීම් මධ්‍යස්ථාන 02 ක් පිහිටුවීම මෙම වැඩසටහනට ඇතුළත් වනවා.

එහිදී නව රජයක් ලෙස මුල් ළමා විය සංවර්ධනයට ප්‍රමුඛව අවධානය යොමු කරන බවත් අනිත් අධ්‍යාපනික කටයුතු සමග සමාන්තරව යා යුතු බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් අවධාරණය කළා. එමෙන්ම පෙර පාසල් අධ්‍යාපනය විදිමත් කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කළා.

2027 වසර වන විට පළාත් නවයටම එකම ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවයි මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාතේ අමාත්‍යංශ ලේකම්වරුන්, නිලධාරීන්, ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජිතයින්, මොස්වර්ල්ඩ් මාටිනස් පදනමේ නියෝජිතයින් ද සහභාගී වුණා

🌸 පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🌸
05/06/2026

🌸 පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🌸

කළාතුරකින් අවස්ථාවක් ලැබෙන උතුම් ශ්‍රී ධාතුන්වහන්සේ වන්දනා කර ගැනීමට පින්වත් ඔබ සැමට බැති සිතින් කරනු ලබන ආරාධනාවයි..!!ශ...
29/05/2026

කළාතුරකින් අවස්ථාවක් ලැබෙන උතුම් ශ්‍රී ධාතුන්වහන්සේ වන්දනා කර ගැනීමට පින්වත් ඔබ සැමට බැති සිතින් කරනු ලබන ආරාධනාවයි..!!

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වැනි වෛශ්‍යාක්‍ය මංගල්‍ය බැති සිතින් සමරනු වස්,
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය සැදැහැවතුන් සමඟ එක්ව සංවිධානය කරනු ලබන,
"උත්තම ශ්‍රී ධාතු වන්දනාව"
2026 වෙසක් මස 30 (හෙට) 31 (අනිද්දා) සහ ජුනි මස 01 යන තෙදින
උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී..

මෙම උතුම් පිංකම සඳහා සහභාගී වී පින් රැස්කර ගන්නා ලෙස
පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු..!!

🔴 ගුරුගෙදර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලැබූ, ජනිරු සසේන් පුතා හෙට (21) රුහුණු ගුවන් විදුලියේ බාලදක්ෂ හඬ ව...
20/05/2026

🔴 ගුරුගෙදර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලැබූ, ජනිරු සසේන් පුතා හෙට (21) රුහුණු ගුවන් විදුලියේ බාලදක්ෂ හඬ වැඩසටහනින් ඔබ හමුවට >>

14/05/2026

"උත්තම ශ්‍රී ධාතු වන්දනාව" 🙏🌼
2026 වෙසක් මස 30, 31 සහ ජුනි මස 01 යන තෙදින උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී..
මෙම උතුම් පිංකම සඳහා සහභාගී වන ලෙස
පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු..!!

"මව්වරුන්ගේ දිනය අදයි"පුංචි මගේ ලෝකය ලස්සන කරන මගේ ආදරණීය අම්මා ඇතුළු සුවහසක් මව්වරුන්ට, සුබ මව්වරුන්ගේ දිනයක් වේවා...!!
10/05/2026

"මව්වරුන්ගේ දිනය අදයි"
පුංචි මගේ ලෝකය ලස්සන කරන මගේ ආදරණීය අම්මා ඇතුළු සුවහසක් මව්වරුන්ට,
සුබ මව්වරුන්ගේ දිනයක් වේවා...!!

05/05/2026

🔴 මේ වසරේ ජූලි මස 01 වැනිදාට පෙර සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

ඒ අනුව, පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ.

පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යාංශ විෂය පථය සමඟ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Address

Malimbada
Matara
81000

Opening Hours

Monday 08:00 - 11:30
Tuesday 08:00 - 11:30
Wednesday 08:00 - 11:30
Thursday 08:00 - 11:30
Friday 08:00 - 11:30

Telephone

+94772891919

Website

Alerts

Be the first to know and let us send you an email when Gurugedara - Malimbada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gurugedara - Malimbada:

Shortcuts

Share

Category