30/05/2026
සාතිශය සංවේගය!
රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 47 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ නෙත්සරා තක්ෂිලා සොහොයුරියගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය !
මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
30/05/2026
සම්බුදු සිසිලෙන් ලොවම සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය.
Students' Union -Faculty of Technology , University of Ruhuna.
தொழில்நுட்ப பீட மாணவர் சங்கம் - உருகுணை பல்கலைக்கழக.
27/05/2026
දේව භක්තිය , ආදරය සහ එකිනෙකා කෙරෙහි දක්වන්නා වූ කරුනාව පෙරදැරිකරගත් ,
සුබ හජ් උත්සවයක් වේවා!
ඊද් මුබාරක්..!🕋
May you have a blessed Hajj, a festival of devotion, love and compassion for one another!
Eid Mubarak..! 🕋
தியாகத்தின் இந்த புனித நாளில், உங்கள் வாழ்வில் அமைதியும் மகிழ்ச்சியும் ஒற்றுமையும் மலரட்டும்.
இனிய ஹஜ் பெருநாள் வாழ்த்துக்கள்! 🕋
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය.
Students' Union -Faculty of Technology , University of Ruhuna.
தொழில்நுட்ப பீட மாணவர் சங்கம் - உருகுணை பல்கலைக்கழக.
25/05/2026
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය UGC හමුවේ..
රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර අද (25) දින සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී, විශ්වවිද්‍යාලයේ මේ වන විට පවතින ගැටලු කිහිපයක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කළ අතර ඒ අතර ප්‍රධානව සිසුන් සඳහා ප්‍රමාණවත් නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. එම සාකච්ඡාවට පදනම සැකසුනේ පසුගිය දින වල මහා ශිෂ්‍ය සංගමය වගකීමන් යුතුව පසුගිය අයවැයෙන් වෙන් වූ නේවාසිකාගාර ලබාදීම කඩිනම් කිරීමත් නේවාසිකාගාර පහසුකම් තවත් පුළුල් කිරීම මූලික සටන් පාඨය ලෙස ගෙන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් අත්සන් කරන ලද පෙත්සම සමඟයි.
එමෙන්ම, ඉංජිනේරු පීඨයේ පරිගණක අධ්‍යයන අංශයට අදාළ පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ විශ්වවිද්‍යාලය තුළ ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් නොමැති වීම නිසා මතුව ඇති ගැටලු පිළිබඳව ද කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කරන ලදී.
තවද, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති ප්‍රමාණවත් ආචාර්ය හා මහාචාර්යවරුන් නොමැති වීම පිළිබඳව ද සභාපතිවරයාගේ අවධානය යොමු කළ අතර දේශන ශාලා සහ ආපන ශාලාවල පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
එසේම, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සහ කෘෂිකර්ම පීඨයේ සිසුන්ට පනවා ඇති පන්ති තහනම්වලට අදාළ විනය පරීක්ෂණ මෙතෙක් ආරම්භ නොවීම පිළිබඳව ද අවධානය යොමු කළ අතර, එම පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ද ඉල්ලා සිටියෙමු.
ඉහත ගැටලු සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා එකඟතාව පළ කළ අතර මෙම සාකච්ඡාව සඳහා මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා ඇතුළු වගකීම් දරන සහෝදරවරුන් පිරිසක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා එක්ව සිටියහ.
2026-05-25
මහා ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය
25/05/2026
නවමු මාවතක පියනගන්නට අද දින රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට පැමිනි 10 වෙනි ශිෂ්‍ය කණ්ඩායමට සුභපැතුම්..!
Congratulations to the 10th batch of students who arrived at the Faculty of Technology, University of Ruhuna today.
இன்று ரூஹுனா பல்கலைக்கழகத்தின் தொழில்நுட்பப் பீடத்திற்கு வருகை தந்த 10வது தொகுதி மாணவர்களுக்கு வாழ்த்துகள்.
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය.
ரூஹுனா பல்கலைக்கழக தொழில்நுட்ப பீட மாணவர் சங்கம்.
Students' Union - Faculty Of Technology , Univeraity Of Ruhuna .
12/05/2026
රුහුණ වසන්ත උදානය 2026
රුහුණේ ගම්මැද්ද
2026/05/10
මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
24/04/2026
*🌞 තාක්ෂණ පීඨ සූර්යාභීශේකය - 2026 🌛*
*රුහුණ විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය*
කොවුල් කූජන දසත පැතිරෙන මේ සුබ අවුරුද්දේ තාක්ෂණ පීඨය සූර්යාභීශේක ගන්වන්නට සියල්ල සූදානම්. ✨
*_තාක්ෂණ පීඨ සූර්‍යාභිශේකය - 2026 🌾_*
*වර්ෂ 2026ක් වූ බක් මස 29 වන දින දහවල් 1.00 සිට* තාක්ෂණ පීඨ නවනගර ශාලා පරිශ්‍රයේ දී උත්කර්ශයට නැංවේ.
ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,නැටුම්, ගැයුම්, වැයුම් සමඟින් විනෝද වන්නට, සතුට සමගිය බෙදා හදාගන්නටත්, සුන්දරත්වය අති සුන්දරත්වයක් කරමින් කුමර කුමරියන් කිරුළු පළදන්නටත්,ඔබ සැමට කෙරෙන ආරාධනාවයි!! 🙏🌞
හුළංකන්ද සිසාරා පැතිරෙන එරබදු සුවඳ විඳගන්න ඔබත් අප හා එක්වන්න. 🧡
_තෙවන වසර සහෝදරත්වය_
_තාක්ෂණ පීඨය_
#2026
14/04/2026
උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද , ඔබ සැමට සාමය , සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අව්රුද්දක් වේවා ..! 🙏
உதயமாகும் சிங்களப் , தமிழ் புத்தாண்டு உங்கள் அனைவருக்கும் அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும் கொண்டு வரும் இனிய புத்தாண்டாக அமையட்டும்..!🙏
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
Technology Faculty Students' Union- University Of Ruhuna
தொழில்நுட்ப பீட மாணவர் சங்கம் - ரூஹுனா பல்கலைக்கழக
14/03/2026
"හුලංකන්දෙන් හන්තානට"
සහෘද හදවත් යා කරන හන්තාන තරණය...
හත්වෙනි ශිෂ්‍ය කන්ඩායමට සුභපැතුම් ❤️