ගිරුවාපත්තුව

ගිරුවාපත්තුව දැනුම, විනෝදය සහ ආදරය

කකුලේ මහපොට ඇඟිල්ලේ කඩුව සිර කරගෙන උඩු කරනමකින් සතුරාගේ බෙල්ල කපා දැමූ ලොවක් බිය වැද්දූ හෙළයේ අංගම්පොර සටන් කරුවෝ.හෙළයේ ...
11/01/2026

කකුලේ මහපොට ඇඟිල්ලේ කඩුව සිර කරගෙන උඩු කරනමකින් සතුරාගේ බෙල්ල කපා දැමූ ලොවක් බිය වැද්දූ හෙළයේ අංගම්පොර සටන් කරුවෝ.

හෙළයේ මහා අංගම්පොර සටන් කළාවට මුළු ලෝකයක් බය වුනේ ඇයි?

තමන් ඉගෙන ගන්නා ශාස්ත්‍රය තුලින්, දිවි හිමියෙන් තමන්ගේ රට සහ ජාතිය රැකීමට දිවුරුම් ලබා දෙන මේ ලෝකයේ තිබෙන එකම සහ ප්‍රබලමතම සටන් කළාව වන්නේ අංගම්පොර කළාවයි. තම ජීවිතය බේරා ගැනීමට වඩා එහා ගිය පොදු අරමුණක් මේ සටන් කලාව තුළ තිබෙන නිසාම හෙළයන් සමග සටන් කල වෙනත් ජාතීන් මෙම කළාව අපේ රටින් තුරන් කිරීමට ඉතා කණගාටුදායක මර්ධනයක් සිදු කලා.

1562 වර්ෂයේ අගෝස්තු 23 වෙනිදා සිදු කල මුල්ලේරියා සටන, අපේ රටේ අංගම්පොර ශිල්පීන්ගේ ප්‍රතිභාව මුළු ලෝකයටම පෙන්වූ මහා සටනක් වුනා.

මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණේ මේ අංගම් ශිල්පීන්ගේ දක්ෂතා නිසා බවයි ඉතිහාසය සාක්ෂි දරනවා. මුල්ලේරියා සටනේ දී අංගම් ශිල්පින් පෘතුගීසින් හට පහර දී ඇත්තේ තුන් පැත්තකින් වට කිරීමෙනුයි. පාරා වළලු, සක්කාරම් වළලු හා ගිනි විදීම් වැනි උපක්‍රම භාවිතා කිරීම මගින් පෘතුගීසින් 1600ක් ඝාතනය කිරීමට අංගම්පොර ශිල්පීන්ට හැකි වුනා.

මුල්ලේරියා සටන සිදු වූ අවස්ථාවේ ‍රජුගේ අශ්වයාගේ බද යටින් ගොස් සතුරු සේනාවේ සෙබළුන් මරා දැමීමට හැකියාව මෙන්ම කකුලේ මහපොට ඇඟිල්ලේ කඩුව සිර කරගෙන උඩු කරනමකින් සතුරාගේ බෙල්ල කපා දැමීමට සමත් සෙබළුන් හෙල සේනාවේ සිට තිබෙනවා.මෙම මහා සටන ජය ගැනීමෙන් පසුව අපමණ ප්‍රීතියට පත් වූ රජු අංගම්පොර පරම්පරාවට සන්නස් මගින් ගම්වර බෙදා දීමටද කටයුතු කලා.

එසේම අංගපොර ශිල්පීන් අතර එකල පැවති ඌරා ළිදේ මහ සටන ගැනද කතා නොකර බැහැ. සටන්කරුවන් තම පරම්පරාවෙන් උගත් දැනුම උරගා බැලීමට ප්වත්වන ඌරා ළිඳේ මහ සටනට සුදුසුකම් ලබන්නේ ඒ ඒ පරම්පරාවල සිටින අති දක්ෂ සටන්කරුවන් පමණයි. ගැඹුර අඩි 10 ක් සහ විෂ්කම්භය අඩි 15 ක් වන මේ ළිඳ සකසන්නේ සටනට එළඹෙන ශිල්පින් දෙදෙනාගෙන් එක අයෙකු බිය වී සටන නැවැත්වීමට අවශ්‍ය වුවත් ගොඩට ආ නොහැකි ලෙසයි. රාත්‍රී 9 ට ඇරඹෙන මේ සටන පවතින්නේ ගුරුකුල 2 ක් අතර නම් එක් අයෙක් මරු දකින තෙක් වුවත් සටන පැවතෙන බවයි ඉතිහාසයේ සදහන් වෙනවා.

කෙසේ වෙතත් ඉන්පසුව 1818 කැරැල්ලේ දී දුටු හෙළ අංගම්පොර සටන්කරුවන්ගේ දක්ෂතා ඉවසාගත නොහැකි වූ සුදු ජාතිකයන් හට ඕනෑ කළේ තමන්ට විශාල අභියෝගයක් වන අංගම්පොර කලාව ද පරම්පරා පිටින් විනාශ වනු දැකීම යි.

1818 කැරැල්ලෙන් පසු ඔවුන් අංගම්පොර ශිල්පීන් මුරුසියට පිටමන් කළ අතර එහිදී වස දී ඔවුන් මරා දමනු ලැබුවා. ලංකාවේ ඉතුරු වුණු සෙසු අංගම්පොර සටන්කරුවන්ව දණහිසෙන් පහළට වෙඩි තබා මරා දැමීමට නියෝග කළා.

එපමණක් නොව, තවත් ඉතුරු වුණු අංගම්පොර පරම්පරාවෙන් පැවත එන්නන් සිටී ද යන්න දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා. මේ නිසා වයස අවුරුදු 16 ට වැඩි සියලුම තරුණයන් උඩුකය නිර්වස්ත්‍රව සිටිය යුතු බවටද නීතියක් ගෙන ආවා. ඒ අනුව සටන් ශිල්පීන් හඳුනාගත් ඔවුන් එම සටන්කරුවන්ගේ අංග ඡේදනය කර පුරුෂභාවය නැති කිරීමට උත්සාහ කළා.

ජෝන් ඩොයිලිගේ මාර්ගයෙන් අංගම්පොර පරම්පරාවන් පිළිබඳ සියලු විස්තර සෙවූ බ්‍රිතාන්‍යයන් වෙල්ලස්ස කැරැල්ල දිනවීමට මහත් සහයක් වූ සුදලිය පරම්පරාව, මරුවල්ලිය පරම්පරාව ගැන සියලුම විස්තර සොයා ගැනීමට සමත් වුණා. එම පරම්පරාවන් කොටු කරගැනීමේ උපක්‍රමයක් ලෙසයි සුදලිය හා මරුවල්ලිය පරම්පරා වල පුද්ගලයන් කුරුඳු තැලීමට යා යුතු බවට ඔවුන් නීතියක් ගෙන ආවා. ඒ මත අංගම්පොර ශිල්පින් අත්අඩංගුවට ගැනුණා.

සුදු ජාතිකයන්ගේ කරදර හමුවේ තම සටන් කලාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් සටන්කරුවන් සටන් ශිල්පය නැටුම් කලාවට එක් කිරිමට තීරණය කළේ ඉන් පසුවයි. ඒ අනුව සටන් කලාවේ මූලික ලක්ෂණ නැටුමට එක් කළ ඔවුන් කොටි නැටුම, වලස් නැටුම, සිංහ නැටුම මෙන්ම ගජබා වන්නමටද මේ ලක්ෂණ එකතු කළා.

ඕනෑම නර්තනයක නැටුම් ශිල්පියාගේ ඇඳුම් කට්ටලයේ මේ සටන් කලාවේ සන්නාහ කට්ටල වල කොටස් දැකගත හැකි වෙනවා.

ඒ කෙසේ වුවත් වර්තමානය වන විට හෙළයේ තිබුණු පිවිතුරු අංගම් සටන් කලාව ඒ ආකාරයෙන්ම නම් දැකගත හැකි වන්නේ නැහැ. සටන් ශිල්පය ලංකාව තුළින් තුරන් කිරීමේ විදෙස් ආක්‍රමණිකයන්ගේ ප්‍රයන්තය සාර්ථක වූ පසුබිමක මෙම කළාව තරමක් හෝ දන්නා අතලොස්සක් පිරිස ඉතිරි වී තිබෙනවා.

ලොවක් බිය වැද්දීමට සමත් වූ මේ සුවිශේෂී සටන් කළාව, නැවත ප්‍රති නිර්මාණය කල යුතුම කාලයයි මේ.

11/01/2026
නූතන කැකිල්ලේ..😃😃
31/12/2025

නූතන කැකිල්ලේ..😃😃

මේ ඉන්නේ අපේ රටේ අධ්‍යාපන ඇමති වරිය. ඔස්ට්‍රේලියාව වගේ රටවල වයස 16න් පහල ලමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන කොට ලංකාවේ 6 ශ්‍ර...
31/12/2025

මේ ඉන්නේ අපේ රටේ අධ්‍යාපන ඇමති වරිය.

ඔස්ට්‍රේලියාව වගේ රටවල වයස 16න් පහල ලමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන කොට ලංකාවේ 6 ශ්‍රේණියේ දූලා පුතාලට අසභ්‍ය වෙබ් සයිට් එකකට ගිහින් තොරතුරු එකතු කරන්න කියලා උපදෙස් දෙන අධ්‍යාපන අමාත්‍යාංශය භාරව ඉන්නේ මෙතුමිය.

මෙතුමියගේ පුද්ගලික ජීවිතයේ තෝරාගැනීම්/ ආශාවන් ගැන මට විවේචනයක් නැතත්, එතුමිය කැමැති සම ලිංගිකත්වයට හය ශ්‍රේණියේ වැනි පංතියක ඉගෙනුම ලබන කුඩා ළමුන්ව පෙලඹවීම ගැන මට ඇත්තේ මහත් වූ පිලිකුලක්.

ලැජ්ජයි, හරිණි!

#ගිරුවාපත්තුව ゚viralシfypシ゚viralシalシ

29/12/2025

ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ වැරදි පෙන්වන මාද්‍ය වසා දමනවා.. පැතූ වෙනස... 😒

#ගිරුවාපත්තුව ゚viralシfypシ゚viralシalシ

28/12/2025

කැබ් පුරවලා ෆයිල් 400කට වැඩියි, සල්ලි දුන්න චෙක් අංක පවා දන්නවා, ඒත් අල්ලපු හොරකමක් නෑ... 😁

28/12/2025

පොලිසිය අඩු කරලා මොකද්ද ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ..? කොයි පලාතෙද පොලීසිය අඩු කරන්නෙ.. ? මෙය රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමක් නොවේද..?
#ගිරුවාපත්තුව ゚viralシfypシ゚viralシalシ

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when ගිරුවාපත්තුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share