30/11/2025
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් වූ අපේම ආදරණීයන් වෙනුවෙන්...
මෙම අවස්තාව තුල පීඩාවටපත් වූවන් සදහා අවශ්‍ය පිසූ ආහාර මෙන්ම වියළි ආහාර ලංකාවේ නන් දෙසින් ලැබෙමින් පවතී.
ඒ අතර තුර ආපදාවෙන් විපතට පත් වූ ලංකාවේ අපගේ අපගේම ආදරනීය ශිශ්‍යයන් වෙනුවෙන්,
අපගේ SMART POLITICAL පන්තියෙන් සිදු කෙරෙන පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහන..
වැඩි දුර තොරතුරු
විමසීම් :-
076 62 49 018 ( ධ්‍යාන් )
072 23 89 669 ( තිමිර )
077 335 72 11 ( තමාරා )
076 033 4014 ( නෙත්මි )
27/11/2025
මේ තොරතුරු මේ මොහොතේ අතිශය වැදගත් නිසයි ඔයාලා එක්ක share කරන්නේ. අවශ්‍ය අයට දැනගන්න මෙය share කරන්න
ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)
පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)
සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)
ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)
නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)
යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)
ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
Data ware extracted through social media
31/10/2025
විශිෂ්ඨ ප්‍රතිඵල නිර්මාණකරණයේ ආකර්ශනීය වැඩ පිළිවෙළ...
THEORY & REVISION
2026 & 2027
ONLINE & PHYSICAL
31/10/2025
⚠️️ 2027 THEORY | UNIT TEST
වැඩිම ලකුණු ලබාගත් දක්ශයින් ඇගයීම.
සිපාරා - ගාල්ල.
29/10/2025
⚠️️ 2027 THEORY | UNIT TEST
වැඩිම ලකුණු ලබාගත් දක්ශයින් ඇගයීම.
සිප්යානා - මාතර
09/10/2025
“තාප්පවල බෝක්කුවල පාළු මකන – පේමන්ට්වල ටියුෂන්වල මාර්කට් වන
අරගලයට කකියන උන් වසඟ කරන – විප්ලවීය හදවත් තුළ වන්දනීය
රතු සලකුණ නොමැකෙන නුඹ අමරණීය…”
ඔහු… මං මාවත්හි, සුපිරි රෙදි සාප්පුවල, වීදිවල රෙදි කඩවල, ටියුෂන් පන්තිවල වෙළඳ ප්‍රචාරක මාධ්‍යවල ඔබ අනේකවාරයක් දැක ඇත. තරුවකින් සැරසී කැප් තොප්පියක් පැළඳ ගත් ඔහු එතරම් ආකර්ෂණීය සංකේතයක් වූයේ මන්ද..? නිසැකවම නම කියූ පමණින් ඔබ ඔහු හඳුනනු ඇත. රැල්ලට ඔහුව අගයනවා වෙනුවට සැබවින් ඔහු කවරෙක්ද කියා ඔබ දන්නේද?
ආර්ජන්ටිනාවේ උපත ලබා, කියුබාවේ දී වීරයෙකු වී, බොලීවියාවේ දී ජීවිතයට සමු දීමට සිදු වූ 20 වෙනි සියවසේ විප්ලවයේ රතු සලකුණ වූ, ‘අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා ලින්ච්’ නොහොත් කවුරුත් දන්නා චේ ගුවේරා ඔහුය. අධිරාජ්‍යවාදයට සහ බලයෙන් උදම් වූ ලතින් ඇමෙරිකානු රාජ්‍ය පාලකයන්ට එරෙහිව පීඩිත පන්තියේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතයම කැප කළ ඔහු සොඳුරු මිනිසෙකි. ඔහුට අරගලය තුළින් දිනාගැනීමට තිබූ එකම දෙය ආත්ම තෘප්තිය පමණකි. මිල මුදල්, බලය, කීර්තිය සඳහා ඔහු කිසි විටෙක සටන් නොකළේය.1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ රෝසරියෝ නගරයේ උපත ලද චේ හට කුඩා කල පටන් ඇදුම රෝගයෙන් පීඩා විඳීමට සිදු විය. වසර නවයක් ගතවනතුරු පාසල් යාමට නොහැකි වීමට ඔහුගේ රෝගී තත්වය හේතු විය. නමුත් ඉන් කිසි විටෙක පසුබට නොවූ චේ රෝගී තත්වය පසෙකලා පාසල් වියේදී පාපන්දු, ගොල්ෆ්, රගර් මෙන්ම චෙස් ක්‍රීඩාවෙන් ද දක්ෂතා පෑවේය. තවද පුරුද්දක් ලෙස නිතරම පොත පත කියවීමට ද චේ අමතක නොකළේය. 1948 දී බුවර්නොස් අයර්ස්හි වෛද්‍ය විද්‍යාලට ඇතුළු වී අධ්‍යාපනය හැදෑරූ චේ 1951 දී වසරක නිවාඩුවක් විද්‍යාලයෙන් ලබා ගෙන ඔහුගේ සමීපතම මිතුරෙකු වූ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ සමග යතුරු පැදියක නැගී දකුණු ඇමෙරිකාව පුරා සංචාරය සඳහා පිටත් විය. මෙම සංචාරය චේගේ ජීවිතයම වෙනස් මගකට යොමු කිරීමට පාදක විය.ඔහු සැරි සැරූ දුෂ්කර සංචාරයෙහි දී ඔහුට සමාජයේ විවිධ මට්ටම්වල පුද්ගලයන් මුණ ගැසුණි. විටෙක දුප්පත් ගොවියන් සහ දහඩිය හෙලන, දුක් විඳින කම්කරුවන් ද, විටෙක ඉඩම් හිමි ධන කුවේරයන්ද දුටු චේ ඔවුන්ගේ ජීවිත අතර පැවති විසල් පරතරය මනාව හඳුනා ගත්තේය. සංචාරය අතරතුර තමන්ගේ අත්දැකීම් සහ අවධානයට ලක් වූ සියලු කරුණු සටහන් කර තැබීමට චේ අමතක නොකළේය. පසු කාලීනව මෙම සටහන් “THE MOTORCYCLE DIARIES” නමින් පොතක් ලෙස එළිදැක්වුණු අතර චේගේ චරිතයට ආදරය කරන්නන් අතර අදටත් මෙම පොත ඉතා ජනප්‍රියය. මාස 09 ක පමණ කාලයක් පුරා කිලෝමීටර් 8000ක පමණ දුර ගෙවා සුවිශාල අත්දැකීම් රැසක් සමගින් නැවත ආර්ජන්ටිනාවට පැමිණෙන චේ අධ්‍යාපන කටයුතු නිමා කරනුයේ 1953 දී සාර්ථකව තම වෛද්‍ය උපාධිය ලබාගැනීමෙනි.
අවදි වූ විප්ලවකරුවා…..
පළමු සංචාරයෙන් ලද පන්නරය නිසාවෙන්ම තරුණ චේ නැවත තම ජීවිතයේ අවුරුදු දෙකක් ලතින් ඇමෙරිකාවේ සංචාරය සඳහා වෙන් කරන අතර එම ගමනේ අවසාන නවාතැන්පල ලෙස ග්වාත්මාලාව සටහන් කරනුයේ එකල එහි පැවති සමාජ පෙරළිය නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වූ එවකට ග්වාතමාලාවේ ජනාධිපති ‘ජාකබෝ අර්බෙන්ස් ගුස්මාන්’ගේ රජය පෙරළා දැමීමට ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි සේවාව දැරූ උත්සාහයට එරෙහිව චේ ද විමුක්තිකාමියෙකු ලෙස සටනට එක්වූයේය. කෙසේ නමුත් ගුස්මාන්ගේ රජය ඉල්ලා අස්වීමෙන් පසුව මෙක්සිකෝවට පළායාමට චේට සිදු විය. ඒ ඔහු මාක්ස් වාදියෙක් ලෙස සැලකු ආර්ජන්ටිනා රජය ඔහුට නැවත මවුබිමට යාමට ඉඩ ලබා නොදීම නිසාවෙනි.ග්වාතමාලාවේදී කියුබානු ජාතික රාහුල් කැස්ත්‍රෝ හඳුනාගැනීමට චේ හට අවස්ථාව ලැබුණද රාහුල්ගේ සහෝදරයා, එනම් පිදෙල් කැස්ත්‍රෝ නම් සුවිශේෂී චරිතය හඳුනාගැනීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ මෙක්සිකෝවේදීය. කියුබාව එවකට බැටිස්ටා පාලනයෙන් දැඩි ලෙස පීඩා විඳි සමයකි. පිදෙල් සමග එක්ව කියුබානු ජනයාට නිදහස දිනා දීමේ සටනට චේ සහය පළ කළ අතර 1956 නොවැම්බර් මස 25 වන දින රහසේම මෙක්සිකෝවෙන් කියුබාව බලා ග්‍රන්මා නම් වූ නෞකාවෙන් ගමන් ආරම්භ කළේ තවත් නිදහස වෙනුවෙන් සටනට එක්වූ අසූ දෙදෙනෙකුද සමගය. දෙසැම්බර් මස 2 වන දින කියුබානු භූමියට පා තැබූ ඔවුන් අතරින් කියුබානු ජාතිකයෙකු නොවූ එකම පුද්ගලයා වූයේ චේ පමණකි.
සාර්ථක ගරිල්ලා සටන් රැසකින් පසුව පිදෙල්ගේ නායකත්වයෙන් යුත් නිදහස් විමුක්තිකාමී සටන්කරුවන් කියුබාව බැටිස්ටාගේ කෲර පාලනයෙන් මුදා ගැනීමට සමත් විය. යුධ සමය පුරාවට දක්ෂ වෛද්‍යවරයෙක්, විශිෂ්ට ගරිල්ලා නායකයෙක් හා සමීප මිතුරෙක් ලෙස පිදෙල් සහ නිදහස් සටනේ සියලු දෙනාට තම උපරිම දායකත්වය සපයන චේ පිදෙල්ගේ නව රජයේ මුදල් අමාත්‍ය ධූරයෙන් සහ කර්මාන්ත අමාත්‍ය ධූරයෙන්ද පිදුම් ලැබූවේ කියුබානු පුරවැසිභාවය අැතුළු ගෞරව රැසක්ද සමගිනි.
සටන පුරාවට පිදෙල් හට ශක්තියක් වූ චේ ඇතැමුන් විසින් හඳුන්වනු ලැබුවේ පිදෙල්ගේ මොළය ලෙසයි. රාජතාන්ත්‍රිකයෙකු ලෙස ජාත්‍යන්තරයේ කියුබාව පිළිබඳ ආකල්පය යහපත් එකක් බවට පත් කිරීමට චේගෙන් මහත් මෙහෙයක් ඉටුවිය. මේ අතරවාරයේ සෝවියට් රුසියාව, චීනය වැනි සමාජවාදී රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද සංචාරය කිරීමට චේට අවස්ථාව උදාවිය.
කිසිවිටෙක තනතුරු සහ ගෞරව බුහුමාන පසුපස හඹා නොගිය චේ ගුවේරා කියුබාවෙන් තමාගේ අරගලය නිමා කිරීමට කිසිසේත් සූදානම් නොවීය. ග්වාතමාලාවෙන් ඇරඹි සටන කියුබාවෙන් නිමා නොකළ චේ තමන්ගේ මීළඟ සටන් භූමිය ලෙස බොලීවියාව තෝරා ගත්තේය.කියුබානු රජයේ සියළු තනතුරු හැර දමා 1966 දී බොලීවියාවට පිවිසෙන චේ එහිදී තම සටන නැවත ආරම්භ කළද මාස 18ක් වැනි කාලයකදී ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ගියේය. දුර්වල සෞඛ්‍ය තත්වය, බොලීවියානු සටන්කාමීන්ගේන් උපරිම දායකත්වය නොලැබීම මෙන්ම පිදෙල් කැස්ත්‍රෝ චේ හට සහය දීම නවතා දැමීම ද ඔහුගේ සටන අසාර්ථක වීමට හේතු විය.1967 වසරේ ඔක්තෝම්බර් මස 08 වන දින ඇමෙරිකානු CIA සංවිධානයේ උපකාරය ද අැතිව බොලීවියානු හමුදාව විසින් චේ ඇතුළු සටන්කාමීන් පිරිසක් යුරෝ දුර්ගයේදී වටලනු ලැබූ අතර එහිදී ඇති වූ සටනින් චේ තුවාල ලබා රජයේ හමුදා භාරයට පත් විය. ඒ වන විටත් මුළු මහත් ලෝකයේම අවධානය දිනා සිටි චේව මරා නොදමා සිරගත කළ යුතු බව ඇමෙරිකාව විසින් බොලීවියානු රජයට දන්වා යවන ලද්දේ ඔහු එසේ මරා දැමීමෙන් චේ ගුවේරා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් වීමේ අවදානම දුටු නිසාවෙනි. එහෙත් චේ ගුවේරා සමග දැඩි වෛරයකින් පසු වූ බොලීවියානු ජනපති ‘රෙනේ බරියෝන්තොස්’ වග විභාගයකින් තොරවම චේ නම් වූ මානව හිතවාදීයා මරා දැමීමට අණ නිකුත් කළේය.
දෙසැම්බර් 08 අත්අඩංගුවට පත් වූ චේ පසුදිනම එනම් 1967 වසරේ ඔක්තෝම්බර් මස 09 වන දින ‘ලා හිගුවේරා’ නම් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් තුළදී ‘මාරියෝ ටෙරාන්’ නම් වූ සොල්දාදුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
39 වන වියේදී ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ පරාර්ථකාමී සටන්කාමීයෙකු වූ චේ අදටත් විප්ලවීය තරුණ හදවත් ආදරයෙන් අදහන චරිතයක් බවට පත්වී ඇත. සෑම විටම ආත්මාර්ථය හැරදමා මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් ලෙස සටන් කළ, විප්ලවීය ඉතිහාසයේ නොමැකෙන අමරණීය රතු සලකුණ ලෙස චේ ගුවේරා මනුෂ්‍ය හදවත් තුළ සදා අනුස්මරණීයව ලැගුම් ගනු ඇත.!
06/10/2025
ලෝකයේ විශිෂ්ටතම වෘත්තීය.. ❤
28/09/2025
2027 THEORY
" THE STATE " නව ඒකකය ආරම්භ වේ.
දකුණු පළාතේ ප්‍රධාන නගර දෙකෙහි පමණක් අපි Physical ක්ලාස් පවත්වනු ලැබේ..
සිප්යානා - මාතර
සිපාරා - ගාල්ල.
ලංකාවටම ONLINE ( සියලු නිබට්නිවසටම ගෙන්වා ගත හැකිය. )
20/09/2025
නීතියේ දෙවඟන නොහොත් තේමිස් යනු,
ග්‍රීක පුරාණෝක්තිවල වැදගත් චරිතයකි. ඇය ටයිටන්වරුන්ගෙන් කෙනෙක් වන අතර, පෘථිවිය (ගයියා) සහ අහස (යුරේනස්) යන දෙදෙනාගේ දියණියයි. තේමිස් යනු හුදෙක්ම නීතිය හා සාධාරණත්වය පමණක් නොව, දිව්‍යමය නීතිය, සාධාරණත්වය, පිළිවෙල සහ දෛවය සංකේතවත් කරයි.
සංකේත සහ ඒවායේ අර්ථයන්
තේමිස් දෙවඟන නිරූපණය කරන ආකාරය ඇයගේ භූමිකාව පැහැදිලි කරයි. ඇය ප්‍රධාන සංකේත තුනක් සමඟින් දැක්වෙයි,
✨️.ඇස් බැඳ ගත් රෙද්ද: මෙය නීතිය අන්ධ බව සංකේතවත් කරයි. එනම්, තරාතිරම, ධනය හෝ සමාජ තත්ත්වය නොසලකා සියලු දෙනාටම නීතිය එක හා සමාන බව පෙන්වයි.
✨️.තරාදිය: මෙය සාධාරණත්වය සහ සමබරතාව සංකේතවත් කරයි. නඩු විභාගයකදී සාක්ෂි සහ තර්ක එකිනෙක සමතුලිතව කිරා බැලීම ඇය විසින් සිදු කරයි.
✨️.කඩුව: මෙය තීරණ ගැනීමේ බලය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සංකේතවත් කරයි. නිසි ලෙස තීන්දු කළ පසු, එය බියක් නොමැතිව සහ ස්ථිරව ක්‍රියාත්මක කරන බව එයින් පෙන්වයි.
ඇයගේ භූමිකාවන්
තේමිස් යනු දේපළ, ගිවිසුම්, සහ සාමාජීය සම්මුතීන් ආරක්ෂා කරන්නිය ලෙසද සැලකේ. ඇය සූස් දෙවියන්ගේ දෙවන බිරිඳ ලෙස, ඔහුට උපදෙස් දෙන්නියක් ලෙසත්, දෙවිවරුන්ගේ රැස්වීම්වලදී නිවැරදි පිළිවෙල සහ සාධාරණත්වය පවත්වාගෙන යන්නියක් ලෙසත් කටයුතු කළාය. ඇය සදාචාරාත්මක සහ සත්‍යවාදී සමාජයකට මඟ පෙන්වන දෙවඟන ලෙසද පුළුල් ලෙස පිළිගැනේ.
වර්තමානයේ ලොව පුරා බොහෝ අධිකරණ සහ නීති ආයතන ඇයගේ ප්‍රතිමාව හෝ සංකේත භාවිත කරන්නේ, නීතිය සහ සාධාරණත්වය වෙනුවෙන් ඇය ඉටු කරන සදාකාලික භූමිකාවට ගෞරවයක් වශයෙනි.
- LEX MALL ⚖️