05/09/2025
ප්‍රේමයක් ඔබ විතර කාව්‍ය සංග්‍රහය
© හශාන් අබේගුණරත්න
කවිය යනු ජීවිතයයි.
05/09/2025
ප්‍රේමයක් ඔබ විතර කාව්‍ය සංග්‍රහය
© හශාන් අබේගුණරත්න
නු-ඹ තා-ම-ත් දොරකඩ ඉන්නව දැනෙනවා....❤
゚viralシ
22/02/2025
බිම හළා ප්‍රේමයේ සියලු තුරු පත්
ශෝකයේ පැහැය පළදී
ගසක්
නිදිකරවා සියලු මල් පෙත්
රැයේ රහසින් හඩයි
මිටියාවතක්
යළිත් ඒ පෙම්වතුන්
නොඑන බව දනිතත්
උයනකට තිබිය නොහැකිද
මග බලන හදවතක්...?
📚 ලයිලැක්
✍️ යේෂා ෆර්නෑන්ඩු
21/02/2025
අන්න ඇහුණාද
ඒ කවිය වැදුණු
තවත් හදවතක්
" ස්ලාං.... " ගා බිඳෙන හඬ !
📷
ලයිලැක් 📚
-යේෂා- ✍️
13/02/2025
හිත්- ඇස්
19/12/2024
අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන.. මාරම වටිනා පණිවිඩයක් ✋
මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි
1) සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි.වේලාව සවස 7.45යි.
2) ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින් .
3) හදීසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5ක් පමණ දුරින්.
4) ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැගෙයි.
5) හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?
බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක / මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.
එම අවස්ථාවේදී සිදුවන්නේ,හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොලයට රුධිර සැපයුම අඩු වීමයි.
එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි(feel faint)
****වැදගත්ම දෙයනම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10ක් පමණවූ කුඩා වේලාවකි.මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත(unconscious).*****
7)මම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?
****ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස(deep coughing)****
එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.
එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.
[උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක්(deep coughing) ]
මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුයි.
යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකල යුතුයි.
8)එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාරවන අතර,ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කරයි.
එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට,නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.
එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.
9)හෘදයාබාධ නොසිතූවිරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක.මෙම පණිවිඩය ඔබ දන්නා සියලුම දෙනාට යවන්න,ඔවුන්ව දැනුවත්කරන්න.
ජීවිත බේරාගැනීමට ඔබද දායක වන්න.. ලංකාවේ මිනිස්සු මේ ගැන නොදැනුවත්වම මැරෙනවා.. ඒ නිසා අනිවාර්යයෙන්ම share කරලා ඒ මිනිස්සුත් බේරගන්න..
❤️🙏
Dr. N.Siva
(Consultant)
*උපුටා ගැනීමකි.
08/12/2024
තමුන්ට සිංහල තේරෙන්නෙ නැද්ද
රතු නම්බර් දීලා ඉවරයි..
ඩොක්ටත් එයි දැන්
ඔතනින් අයින් වෙන්න..
නර්ස් ගෙ හඬට
ගැස්සිලා අහකට ගිය රුව දිහා
යන්න හැදුව මන්
ආයිමත් නැවතිලා බැලුවෙ...
නිලු..
මගේ තොල් අතර මිමිනෙන්න ඇති ..
ඔය ළමයා පිටිපස්සේ පේළියට යන්න
ටීච හයියෙන්ම සැර දාලා කියනකොට
මන් හයියෙන් ම දිව්වා..
කහපාට නිළ ඇඳුම
තෙල් බිදක් නැති ඔලුව
තුන් හතර පොළක්ම මහපු කලිසම
ඔව් ටීච ලාට
මාව පිළිකුල් ....
ටීච මාත් එතනටම යනවා
නිලුෂා ඔව් එයා කවදත් කටකාර යි..
තමුන්ට කවුද යන්න කිව්වේ
ටීච සැර දැම්මත්
ගානකට නොගෙන එයා ආවා මන් ලඟට..
ආ මේකෙන් ලියන්න
පළවෙනි පාරට දිඟ පැන්සලක් ඇල්ලුවා..
ඔයාට ..
මට තව එකක් තියනවා ..
කොහෙද යන්නෙ
මේකෙන් කමු..
හැමදාම ඉන්ටවල් එකට
එළියට යන මන්
පළවෙනි පාරට කෑම එකක් කෑවා..
ඕක ඔහොම නෙමෙයි
මෙහෙම ලියන්න
වෙලාවකට අනින ටොක්ක රිදුනත්
බයට වඩා ඒ තිබුන ලෙංගතු කමට
මන් ඉස්කෝලේ වැඩ කරා...
අපෝ නිලූෂා වෙන යාලුවෝ
හිටියෙම නැද්ද
යාලුවෝ එයාට විහිලු කරා..
ඒත් කවමදාවත් ම
එයාට මාව එපා උන් නෑ..
මේ නිල් බෝතලෙන්
ඇඳුමට දාන්න
අම්මට කියලා ගෙන්න ගත්තේ..
මෙහෙ එනවා ඔය ඔලුව පීරන්න
බුදු පහනෙ තෙල් ටිකක් අරන්
බැන බැන ඔලුව පීරන්නෙ
ටීච ටත් හොරාට ගෙනාපු පනාවෙන්...
ඔය පොත් ටික දෙන්න
මන් පිට කවර දාන් එන්නම්..
විටක සැර කරයි..
මේ බත් එක අම්මා දුන්නා
ඇගේ මවත් ඇය තරම් කාරුණික යි
මන් ඒක දැන ගත්තෙ
හවුස්මීට් වලට ආපු දවසෙ...
ඕලෙවල් ඒලෙවල්
පියාබලා ගියේ සීරුවෙන්..
කැම්පස් සිහිනෙත් සැබෑ වෙලා...
කිව්වම අහලා එහාට වෙන්න
ආය නර්ස් ගෙ රළු හඬට
මන් පියවි සිහිනය ට ආවේ...
නිලූ ඇයි මොකද
දරුවට උනේ..
ඩොක්ට මේ කන ඇතුලෙ ගෙඩියක්
සායනයට දැම්මා..
කවද්ද බන් උඹට මාව ඩොක්ට උනේ
එදා හිටපු විශ්වම තමයි ..
නර්ස් දන්නවද මේ කවුද කියලා ...
මේ තමයි
මාව මේ තැනට ගෙනාපු
අද මන් මේ ඉන්න තැනේ
එකම ගෞරවය ..මගෙ එකම යාලුවා..
කෙටියෙන්ම කියනවා නම්
මගෙ දෙවැනි අම්මා..
B.M.N.සඳූ බස්නායක ✍️
Share කරලා ගන්න .
04/12/2024
ජම්බුඛාදක කියලා පරිබ්‍රාජකයෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේන් අහනවා,
ස්වමිනී බුද්ධ සාසනයේ ඇති දුෂ්කරම දෙය මොකක්ද ??
පින්වත, පැවිදි වීම තමයි බුද්ධ සාසනයේ දුෂ්කරම දේ..
ස්වාමිනී,පැවිදි වූ කෙනාට ඇති දුෂ්කරම දේ මොකක් ද?
පැවිද්දේ සිත අලවා වාසය කිරීමයි ඊලගට තියෙන දුෂ්කරම දේ..
ස්වාමිනී,පැවිද්දේ හිත අලවා වාසය කරන කෙනාට තියෙන දුෂ්කර දේ මොකක් ද?
ධම්මානුධම්ම පටිපදාවෙහි ඇලී වාසය කිරීම තමයි ඊලඟට තියෙන දුෂ්කර දේ..
---------------
පැවිදි වීම හරි ලේසි වැඩක් කියලා ගිහි අපිට පෙනුනට ඇත්තටම බුද්ධ සාසනේ තියෙන ආමාරුම වැඩේ තමයි පැවිදි වෙන එක..ඊටත් වඩා අමාරුයි පැවිද්දේ හිත අලවා ඉන්න එක..ඊටත් වඩා අමාරුයි ධර්මයේ හැසිරිලා,සීල,සමාධි,ප්‍රඥා දියුණු කරන එක..
බුද්ධ කාලේ හිටියා 6 වතාවක් සිවුරු හැරලා ගිහි වෙලා ආයෙත් පැවිදි වෙලා අරහත්වයට පත් වුන උත්තමයෙක්.. අද කාලේ වගේ නං එක පාරක් දෙපාරක් සිවුරු හැරලා පැවිදි උනොත් සමාජෙන් කොයි තරම් අපවාද අහන්න වෙයි ද..හැබැයි එදා එහෙම උනේ නෑ..
ඒ කාලේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා..කසාදෙකුත් කරගෙන හිටියේ..මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. ධර්මය අහපු මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇතිවුණා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.
පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුණා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුණා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුණා. එය ප්‍රහාණය කිරීම සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුණේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුණා. බිරිඳ මතක් වුණා. පංච කාමය මතක් වුණා. අරතිය වැඩි වුණා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.
පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුණා.
‘නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද?’ කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුණා.
ටික කලක් ගතවුණා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුණා. බිරිඳගේ ආදර බස් මතක් වුණා..ආයෙමත් උදැල්ල මතක් වුණා. හොරෙන්ම පිටත් වුණා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා.
ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ‘නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි’ කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා..යද්දි හිතුනා ආයේ පැවිදි වෙන්න..ගිහින් ආයෙත් පැවිදි උනා..
මොහුගේ හිත නිතර වෙනස් වෙන නිසා "චිත්තහත්ථ" යන නම පටබැඳුනා..
මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.
හයවෙනි වතාවේ සිවුරු හැරලා ගිහින්,
කුඹුරු වැඩ කරලා පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුණා. කට ඇරිලා තිබුණා. කුණු කෙල වැගිරෙමින් තිබුණා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුණා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් පිටත් වුනා.
පිටත් වෙනකොට බිරිඳගේ අම්මා ඔහුව දැක්කා..දැකලා ඉක්මනට බිරිඳව අවදිකරවා """අන්න උබේ මිනිහා ආයේ මහණ වෙන්න යනවා" කියලා කිව්වා..චිත්තහත්ථගේ වැඩ දන්න බිරිඳ කිව්වා..අනේ ඔය ගියපුදෙන්..ගිහින් ආයේ ටික දවසකින් එයි..කියලා
චිත්ථහත්ථ යනගමනේ අනිත්‍ය සිහිකලා..මගඳි සෝවාන් වුනා.. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුණා.
මොහුට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තා. ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. චිත්තහත්ථ නමින් නමින් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා..
චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා ..
“ඇයි… දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද…? කියලා ඇසුවා.
“ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා.
ඒ අයුරින් චිත්තහත්ථ රහතන් වහන්සේ රහත්බව ප්‍රකාශ කොට සිටියා...
සැබවින්ම මේ බුද්ධ සාසනය හරි විශ්මිතයි..
සය වතාවක් සිවුරුහැර කාමභෝගි ජිවිතයක් ගතකල කෙනෙක් පවා ආයෙත් පැවිදි වෙලා අරහත්වය ක්ෂාත්ෂාත් කලා..
අද උනත් සිවුරු හැරලා ගිහි ගෙදර ඇවිත්,ගිහි ගෙදර බැඳීම් එපා වෙලා පැවිද්දට ආස කරලා ආයෙත් පැවිදි වෙන කී දෙනෙක් ඇත්ද??
ආයෙත් පැවිදි වෙලා සසර දුකින් නිදහස් වෙන්න වීර්‍ය කරන කී නමක් ඇත්ද??
ආයෙත් පැවිදි වෙලා වෙහෙර විහාර හදලා,ගිහියන්ටත් පිං කරගන්න අවස්ථාව දෙන කී නමක් ඇත්ද??
ඒ නිසා සිවුරු හැරගිය පමණින් කිසිවෙකුටත් ගැරහිය යුතු නෑ..
ධර්ම දානය සදහා එක් වන්න.🙏❤️
26/11/2024
මෑත කාලයේ ඇහෙන්න දකින්න ලැබෙන කතා හරි පුදුමාකාරයි.
කාලය අකාලය වේගෙන යනවාදෝ කියන හැඟීම නිරන්තරයෙන් දැනෙන කාලයක් මේ.
පසුගිය දවසක මාධ්‍යවල පල වුණා කිරිකැටි දරුවන් ඝාතනය කරපු,එහෙමත් නැත්නම් විකුණපු,නැත්නම් දුම්රිය පොළේ දාලා ගියපු කතා.
අපි ඒ හැමවිටකදිම සංවේදී වුණා හැරෙන්න ඉන් එහාට කුමක් කල යුතුද යන්න අපි කතා කලෙ නැහැ.
හදිසි ගැබ් ගැන්වීම් ආශාව මුල් කරගෙන සිදුවන බහුල සිදු වීමක් මෙම හේතුවෙන් සිදුවන ගබ්සා ප්‍රමානයත් මේ වන විට සැළකිය යුතු මට්ටමේ තිබෙන්නේ.
එවන් යුගයක සිදු වූ හරි පුදුම සහගත සිද්ධියක් ගැනයි මේ කියන්නේ.
මේ කතාව මට අහන්න ලැබෙන්නේ ප්‍රේමය සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේදී ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව පැවති දේශනයකදි.
ඒ දේශනයෙදි මේ කතාව කියන්නේ මෙයට මුහුණ දුන් ජනප්‍රිය පත්තර කළාවේදියෙක්.ඔහු නමින් සංජක ප්‍රසාද් දොලේවත්ත.
ඔහු ඒ දිනවල සේවය කල පුවත්පතේ ඔහුගේ ලිපි මාලාව ඉතාමත් ජනප්‍රිය වී තිබුනා.
සෑම දිනකම ඔහු වෙනුවෙන් ඔහුගේ නමට ලිපි ලැබෙන්නේ ඔහුට තිබෙන ජනප්‍රියතාවය නිසාමයි.
නැතිනම් ඔහුට දුරකථන ඇමතුම් ලැබෙනවා.
ඉතින් දිනකදි ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.
ඒ ඇමතුම වෙනදා ලැබෙන ඇමතුමට වඩා හාත්පසින්ම වෙනස්.කතා කළේ ගැහැණු කෙනෙක්.
මේ ඔහුගේම හඬින් ඒ කතාව
" පුතේ අපි ඉන්නෙ වැව් බන්ට් එක උඩ.
මමත් දුවත් මේ වැව් බන්ට් එක දිගේ දහ දොලොස් පාරක් ඇවිද්දා.
තීරණයක් ගන්න බැරිව.මම හැම ඉරිදම පුතා ලියන ..... කියවනවා.
මම ඒ තීරු ලිපිය ගොඩක් විශ්වාස කරනවා ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට විසඳුම ඔයාගෙන්ම ඉල්ලන්නෙ "
ඊට පස්සෙ දුවත් කතා කළා.ඇය තරුණියක්.
අවසානයේ ඔවුන් මට කිව්වෙ මෙහෙම කතාවක්.
ඒ තරුණිය තම ගම් පළාතෙ ඉඳලා කොළඹ රැකියාවකට එනවා.
එහිදී ඇතිවෙන්නා වූ ප්‍රේම සම්බන්ධතාවයක් රාගයේ සුරතාන්තය දක්වා දුර දිග යනවා.එහි ස්වාභාවික ප්‍රතිඵළය ලෙස ඇය ගැබ් ගන්නවා.
නමුත් මෙම ගැබ් ගැනීමත් සමගම ප්‍රේමවන්තයා අතුරුදහන් වෙනවා.
ඇය පමණක් තනිවෙනවා.
ඇයගෙ පවුලෙ අම්මා,තාත්තා,සහෝදරයා මේ කාටවත් මේ වගක් කියන්න තියා ඇයට ඒ ගැන හිතන්නවත් බෑ.
ඇය තමන්ගෙ හිතත් සමග සටනකට එන්න තීරණය කරන්නෙ ඒ අවස්ථාවෙදි. " නෑ...මම ප්‍රෙග්නට් වෙන්නෙ නෑ " ඇය තම සිතත් සමග එක,එක මාදිලියෙ බොහෝ දේ කරනවා.
නමුත් ශාරීරිකවත් ,අධ්‍යාත්මිකවත් ස්වභාදහම ක්‍රියාත්මක වෙනවා.
ඇයගේ කුස ටිකෙන් ටික උස් මහත් වෙනවා.
අවසානයේ මේ රහස ඇයගේ සිතේ පමණක් තියාගෙන තම ගම් පියසට යනවා.
ඒ තමන් ගැබ් ගන්නේ නෑ කියන ඒකාත්මික හැඟීමෙන්.
නමුත් මේ සියල්ලට වඩා වේගයෙන් ස්වභාදහම ක්‍රියාත්මක වෙනවා.
අවසානයේ මේ කිසි දෙයක් නොදන්න තමන්ගෙ මව දුවගේ අසනීප තත්වයට නිවසේ ශාන්ති කර්මයක් සූදානම් කරනවා.
ඒත් ඒ සියල්ල පරදවමින් ස්වභාදහම ක්‍රියාත්මක වෙනවා.
අවසානයේ අම්මත්,ඇයත් වෛද්‍ය වරයෙක් හමුවීමට තීරණය කරනවා.
ඒ මොහොත වෙනකන් අම්මා තමන්ගෙ දුව ගැබ්බරයි කියලා විශ්වාස කරන්නෙ නෑ.
වෛද්‍ය වරයා දුවව පරීක්ෂා කරළා අම්මට කියනවා " සතුටු වෙන්න ඔයා ආචිචි කෙනෙක් වෙන්න යන්නෙ "
අම්මා කලන්තෙ හැදිලා වැටෙනවා.
අවසානයේ අම්මත් දුවත් තම ගම් පළාතෙ තිබෙන වැව් ඉස්මත්තෙ අත් දෙක අල්ලන් ඇවිද යනවා.
ඒක බොහොම ගැඹුරු,තීරණාත්මක ඇවිද යාමක්." තමන්ගෙ දුවගෙ කුසේ ඉන්න දරුවා නැති කරනවද ? හදා ගන්නවද ?
නමුත් ගෙදර ඉන්න අනික් පිරිමි දෙන්නා මේක දැන ගත්තොත් කුමක් වෙයිද ?
ගමේ අය දැන ගත්තොත් කුමක් වෙයිද ?
ප්‍රශ්ණ කන්දරාවක් අතරේ ගෑණු දෙන්නෙක් වැව් ඉස්මත්තක තනිවෙනවා.
මේ වෙලාවෙ තමයි ඒ දෙන්නගෙ අවසාන තීරණය දුරකතනයෙන් මට එන්නෙ.
" පුතේ අපිට දරුවා නැති කරලා පව් සිද්ධ කරගන්න බෑ.
දැන් මගේ දුවගෙ බඩට මාස හතරක්.
මගේ දුව බඩ කරපු එකා දැන් හොයාගන්නත් නෑ.
මට හොයන්න ඕනෙත් නෑ.
මම මේ හොඳට කල්පනා කරලා බලලා කියන්නෙ.
අපි දෙන්නම තීරණයකට ආවා.මගේ දුවගෙ බඩට දැන් මාස හතරයි.මේ බඩත් එක්ක මගේ දුව බාරගන්න පුළුවන් ඇත්ත පිරිමියෙක් මට හොයලා දෙන්න.
ඒ වැඩේ පුතාගෙ "රහයි ජීවිතේ"(ලිපියෙහි නම) න් කරලා දෙන්න.
ඒ තමයි ඒ අම්මගෙන් මට ආපු ඉල්ලීම.ඒක මට හිතාගන්නවත් බැරි ඉල්ලීමක්.
මගේ හිතේ ගොඩාක් ප්ලෑන් හැදුනත් පුවත් පතකින් එහෙම කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නාර්ථය මගේ හිත ගොඩාක් දුර අරන් ගියා.
අවසානෙදි මම තීරණය කළා ඊලඟ කොලම් එකට "මාස හතරක් ගැබ් බර තරුණියකට පිරිමියෙක් උවමනා කර තිබේ " කියලා ඒ කථාව ලියන්න.
මට ඒ වෙනුවෙන් මම වැඩ කරපු පත්තරේ කතෘතුමා මට උපරිම නිදහසක් ලබා දුන්නා.
ඒ අසිරිමත් ඉරිදාව උදා උනා.විශ්වාස කරන්න.මාස හතරක් වයැසැති කුසක් සමග එම තරුණිය භාර ගන්න කැමති පිරිමි 450 ක් මට කතා කළා.
කථා කරන හැම නම්බර් එකක්ම වෙනම පොතක සටහන් කර ගත්තා.
ඒ අය වෙන වෙනමම මට කථා කළා.සමහර අය හිටියා එයාලගෙ අම්මලා කතා කරන.
" මම කැමතියි පුතේ මගේ පුතාට ඒ දුව භාර දෙන්න "
එහෙම අම්මලත් හිටියා.
කෙසේ හෝ ඒ කතා කළ පිරිමි හාරිසිය පනහා වෙන වෙනම මම වෙන් කර ගත්තා.එයින් එක් අයෙක් මෙහෙම කිව්වා.
" මට අවුරුදු හැටක් වයසයි.මගේ වයිෆ් මැරිලා.මගේ දරුවො ඉන්නෙ පිට රටවල් වළ.
මම තනියම ලංකාවෙ ඉන්නෙ.මම කැමතියි ඒ කෙල්ලව භාර ගන්න.ඒ විතරක් නෙවෙයි ඒ ලැබෙන්න ඉන්න දරුවට මගේ වත්කම් ඔක්කොම ලියන්නත් මම කැමතියි."
ඒ පිරිමි 450 න් ඇත්තටම ඒ දරුගැබ බලාගන්න පුළුවන් පිරිමියා හොයන අභියෝගය භාරගත්තෙ අපි.
අපේ තේමා පාඨය උනේ "වෛරයෙන් මිනිසුන් මියදෙනවාට වඩා,ආදරයෙන් මිනිසුන් ඉපදෙයි "යන තේමා පාඨය.
සුපුන්,දුවීන්,පුෂ්පේ,දිමුතු,දුවීන්,නිශාන්ත,ප්‍රගීත් කියන යාලුවො එක්ක අපි ඒ වැඩේ භාරගත්තා.
මේ සියල්ල ඇතුලෙ එම ගැබිණිය ගමටත් හොරෙන් අපි නැවත කොළඹට ගෙන්ව ගත්තා.
ඇය වෙනුවෙන් අපිට කළ හැකි සියළු සම්බන්ධතා අපි පාව්ච්චි කළා.
අවසානයේදි ඇයට දූ සිඟිත්තක් ලැබුනා.
අපිට කථා කළ පිරිමි 450 න් එක් අයෙකුට ඒ දූ සිඟිත්ත නීතියානුකූලව භාර උනා.
ඇත්තටම ඒ ආදරේ කොතරම්ද කියනවනම් ඒ දූ සිඟිත්ත අද කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙක් ලඟ ආදරයෙන් හැදී වැඩෙනවා.ඒ තමයි ආදරයේ ඇත්ත කථාව.
උපුටා ගැනීමකි..
02/11/2024
13/07/2024
යෝනියේ ඇලෙනසුළු තෙත සහ කාරුණික රස්නේ මිනිහෙක්ට කියන්නේ ජීවිතය තාම පණ ගැහෙන බව.
ඒක අශුද්ධ දෙයක් වෙන්නේ කෝමද? යෝනියකින් රිංගා එලියට ආපු මිනිහෙක්, දෙතන් වලින් ජීවිතේ උරා බීපු මිනිහෙක් කෝමද ගෑණු ඇඟ විෂ පොවන්නේ.
දෙතන් සහ යෝනිය ශුද්ධවරයට නැඟෙන්නෙ එහෙම. ඒ මට ජීවිතේ අරුත අවබෝධ කරවන සංවේදී තැන් දෙකක්.
මම ඉපදුන මම පෝෂනය උන ස්ත්‍රී සිරුරට මගේ හිතේ තියෙන්නේ කෘතවේදී බවක්. එලියට එන්න තමුන්ගේ යෝනිය දීපු ගැහැණිය වගේම ආයේ ඇතුලට යන්න යෝනිය දීපු හැම ගැහැණු ඇඟක්ම ගරු කටයුතුයි. ණය ගෙවිය යුතු ප්‍රේමයෙන්.
ගෑනු ශරිරය තරම් ආශා කරන්න ගරු සරු වෙන්න වෙන සුදුසු දෙයක් වෙන තියෙනවා ද?
රාගයත් ප්‍රේමයත් පිරුණු පාරාදීසයක්.
ගෑනු ඇඟ නිර්භයව අර්ථ නඟන්න බැරි පිරිමියෙක්ට මුකුත් බෑ.