Old Thomians' Association - St Thomas' College Matale

Old Thomians' Association - St Thomas' College Matale

Share

The old Thomians' Association Matale, was started on 25th July 1998 at Matale.

Its main objectives are,
(1) Gathering all Old Thomians and building up their Relationship,protecting ,developing among them and college
(2).Acting for the progess of College and Old Thomians.

19/08/2019

මාතලේ වීරත්වය ,තෝමසු අභිමානය .
💐💐💐💐
නව යුද්ධ හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ ....

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි.

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 19 හි කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් 1984 මාර්තු මස 5 වන දින යුද්ධ හමුදා සේවය සඳහා ඇතුලත් වී තිබෙනවා.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තම යුද්ධ හමුදා වෘත්තීය තුළ දෙවන ලුතිතන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිළය දක්වා ඇති ඉතා වැදගත් සහ වගකිවයුතු තනතුරු හොබවා තිබෙනවා. තවද උපදේශකයෙකු වශයෙන්, මාණ්ඩලික නිළධාරීවරයෙකු වශයෙන් මෙන්ම රණකාමීත්වයෙන් යුතු නිළධාරියෙකු වශයෙන් යන ත්‍රිවිධා කාරයෙන්ම නිළධාරියෙකු සතු විය යුතු අද්විතීය ගුණයන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2010 සිට 2015 දක්වා නිව්යෝක්හී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ස්ථිර නියෝජිත තනතුර හා තනාපති තනතුර හොබවනු ලැබුවා.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාබළ රෙජිමේන්තු නිළධාරියෙකු ලෙස ඛණ්ඩභාර නිළධාරී තනතුරෙ සිට පාබළ සේනාංකයක සේනාංකාධිපති තනතුර දක්වා වගකිව යුතු අණ සහ පාලන තනතුරු රාශියක් හොබවා තිබෙනවා. වර්ෂ 1987 එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආරක‍්ෂාව සඳහා ජනාධිපති නිවස්නය වෙත යොදවා තිබු ජනාධිපති ආරක්‍ෂක හමුදා ඒකකයෙහි ප්‍රධානි ලෙසද කටයුතු කරනු ලැබුවා.

ත්‍රස්ථවාදයට එරෙහිව සිදු කරනු ලැබු මානූෂීය මෙහෙයුමේදි අභීත 58 වන සේනාංකය මෙහෙයවනු ලැබූ මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරී 53 සේනාංකය මෙන්ම ගුවන් සංග්‍රාමික බළ සේනාවේ බළසේනාධිපති ලෙසද භටපිරිස් මෙහෙයවා තිබෙනවා. පාබළ බළඇණි තුනක අණදෙන නිළධාරී වශයෙන් ඉතා දුෂ්කර හා තීරණාත්මක සමයන්හීදි පවා විශිෂ්ඨ අන්දමින් භටපිරිස් මෙහෙයවූ මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරියා, හමුදා ලේකම් කාර්යාලය, සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය, පුහුණු අධ්‍යක‍්‍ෂ මණ්ඩලය හා ආරක්‍ෂක සේනා මූලස්ථානය යාපනය ආදි ස්ථානයන් හි ද ප්‍රධාන මාණ්ඩලික තනතුරු දරමින් රාජකාරී සිදුකරන ලදි.
2009 වර්ෂයේ මානූෂීය මෙහෙයුමේ අවසානයත් සමග යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ වරයා මෙන්ම කමාණ්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයා වශයෙන්ද ඉතා විශාල මෙහෙවරක් සිදු කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ නිර්භීතත්වය සඳහා ප්‍රධානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම හිමි වු ප්‍රථම දෙවන ලුතිතන් වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිළධාරියෙක් වූ ඔහු අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රාලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ග්‍රීසීය, ඉතාලිය, පාකිස්ථානය සහ ඉන්දියාව ආදී විදේශ රටවලදී අති දක්‍ෂ අන්දමින් විවිධාකාර වු ක්‍ෂේත්‍ර පුහුණුවීම් ලබා තිබෙනවා.

එක්සත් ජනපදයේ හාර්වඩ් විශ්වවිද්‍යාලය වෙතින් දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ඉන්දියාවෙදි ආරක්‍ෂක හා උපක්‍රමික අංශයන් සැබැදි ශාස්ත්‍රපති උපාධියද ලබාගැනීමට සමත්කම් ලද නිළධාරි එක්සත් ජනපද හමුදාවෙහි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳ වද පුහුණුව ලබා ඉන් සුදුසුකම් ලබා ඇති අතර, ශ්‍රි ලංකා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි උපාධිදාරියෙකු මෙන්ම පුද්ගල කළමනාකරණය සබැදි ඩිප්ලෝමාධාරියෙකුද වෙයි.

තවද ජාත්‍යන්තර මානුෂවාදි නීතිය ඉගැන්වීමේ උපදේශකයෙකු මෙන්ම සුදුසු කම් ලද ශාරීරීක උපදේශකයෙකු ලෙසද තම යුද්ධ හමුදා හැකියාවන් ඔප්නංවාගත් ආදර්ශමත් නායකයෙකු ලෙස හැදින්විය හැකියි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් බුද්ධ වර්ෂ 2600 වන සම්බුද්ධ ජයන්තිය කරණ කොට "Sri Lankan Identity since 2600 years", නම් වූ ග්‍රන්ථය රචනා කර ලක්මවට දායද කර ඇත.
දේශය වෙනුවෙන් සිදුකරන ලද මෙහෙය අගයනු වස් මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි, ‘ශ්‍රී ලංකේෂ්වර අපරාධ මෙහෙයුම් විශාරද ජෝතිකාධජ වීරප්‍රතාප දේශමාන්‍ය ජාතික ගෞරව නාම සම්මාන උපාධි සන්නස් පත්‍රය, වීර ගජෙන්ද්‍ර සංග්‍රාමසූරී ජාතික ගෞරව නාම සන්නස් පත්‍රය සහ වීරවික්‍රම දේශාභිමානී වීශ්වකීර්තී ශ්‍රී රණශූර’ යන ගෞරව නම්බු නාමයන් හරහා පුද්ගලයෙකු වශයෙන් ලබාගත හැකි ඉහලම සමාජ ගෞරව නාමයන් රැසකින් පිදුම් ලබන ලදි. එම ගෞරව නාමයන් ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයෙහි ත්‍රෛනිකායන් වෙතින් මව්බිමේහි ස්වාධිපත්‍ය භෞමික අඛණ්ඩතාව, සුරැකීම වෙනුවෙන් සිදුකරන ලද සැබෑ කැපවීම අගයනු වස් ප්‍රධානය කරන ලද අතර ‘මැදරට අභිමානය’ නම් වූ විශිෂ්ඨ නාමය මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම යන කරුනු පදනම් කොටගෙන මැතකදි ප්‍රධානය කරන ලදි.

මෙම ජ්‍යෙෂඨ නිලධාරී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තීමත් ආදි ශිෂ්‍යයෙකි.

20/06/2018
08/06/2018

Awaiting...

25/05/2018

I

Photos from Old Thomians' Association - St Thomas' College Matale's post 07/05/2018

Old Thomians' Association committee members & Science College past pupil Association members' get-together & cricket match - 2018 held on May 6th at Tenna school ground

30/03/2018

Everything is ready for AGM of Old Thomians' Association - St Thomas' College Matale @ The Grand Mountain Hotel, Matale on 30th March 2018.
Please welcome. ..

Photos from Old Thomians' Association - St Thomas' College Matale's post 23/03/2018

Old Thomians’ Association Most colorful event of the year……..

Keep the date FRRReeeee...
Old Thomians Association-Matale , AGM will be on 30 th March 2018
Where.......

Welcome to Hotel Grand Mountain -Matale Marvel at the grandeur and mystique of the Wiltshire Rock fortress.

Annual General Meeting and the Get Together of Old Thomians’ Association – will be at there from 4.00 p.m onwards.

A new office bearers and an Executive Committee will be appointed there and open stage for sharing your views & ideas for benefits of OBA and school.

Please be there with your family members.............. Dinner and entertainment organised by the committee celebrating the gala time.

Tickets Rs 2,500/= for Adults
Rs 1,000/= for childs

Available @ Tokyo -Matale/ Mr Lafeer-infront of Malaka Traders

01/01/2018

Wish you happy new year 2018 for all from Old Thomians' Association Matale

01/01/2018

Wish you happy new year 2018 for you all from Old Thomians Association Matale

Photos from Old Thomians' Association - St Thomas' College Matale's post 14/12/2017

Deepest sympathy from Old Thomians' Association -Matale, for demise of senior Thomian, Former Foreign Ministry Secretary and .Former Ambassador to Singapore/Japan/China and Germany ,veteran diplomat Mr Karunathilake Amunugama .

Funeral is on Friday the 15th 2.00 pm at Borella Cemetry.
Body is laid for last respect at Jayarathna VIP Funeral home.

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


St Thomas' College
Matale
210000