Mahinda Secondary School - MSS

Mahinda Secondary School - MSS නිර්මාණශීලීත්වයෙන් හෙබි යහපත් පුරවැසියන්ගෙන් සුසැදි සමාජයක්

ශිෂ්‍යභට කාමරයක් වෙනුවෙන්… අපි එක්වෙමු ❤️🇱🇰විදුහලේ ශිෂ්‍යභට ඛණ්ඩයට දිගු කලක් අඩුවක්ව පැවති ශිෂ්‍යභට කාමරයක් සකස් කරගැනීම...
25/08/2026

ශිෂ්‍යභට කාමරයක් වෙනුවෙන්… අපි එක්වෙමු ❤️🇱🇰
විදුහලේ ශිෂ්‍යභට ඛණ්ඩයට දිගු කලක් අඩුවක්ව පැවති ශිෂ්‍යභට කාමරයක් සකස් කරගැනීමේ උදාර කාර්යයට වර්තමාන ශිෂ්‍යභට සැරයන් සචින්ත ප්‍රමුඛ අපේ ශිෂ්‍යභට දරුවන් සූදානම් වෙමින් සිටිති.
මෙය ඔවුන්ට කාමරයක් ඉදිකර දීමක් පමණක් නොවේ.
විනය, නායකත්වය, කැපවීම සහ පාසල වෙනුවෙන් සේවය කිරීමේ අභිමානය ඉදිරි පරපුරකට තිළිණ කිරීමකි. ❤️
අපේ විදුහලේ නම ඉහළට ඔසවා තැබූ හිටපු ශිෂ්‍යභටයින්ටත්, විදුහලේ සාර්ථකත්වය තම සාර්ථකත්වය සේ සලකන ඔබ සැමටත්, මෙම උතුම් කාර්යය සාර්ථක කරගැනීමට හැකි අයුරින් දායක වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.
ඔබේ පුංචි දායකත්වයක් වුවද, දරුවෙකුගේ විශාල සිහිනයක් සැබෑ කිරීමට ශක්තියක් වනු ඇත. ❤️
📞 වැඩි විස්තර සඳහා වර්තමාන ශිෂ්‍යභට සැරයන් සචින්ත සම්බන්ධ කරගන්න:
071 298 8765
අපි ඔවුන්ට අවශ්‍ය පහසුකමක් පමණක් නොව,
ඔවුන්ගේ සිහින වෙනුවෙන් අත්වැලක් වෙමු. 🇱🇰❤️

🌿 විශ්‍රාමය යනු ගෙදරටම වී නිහඬව ගත කරන කාලයක් නොවේ… එය කළ මෙහෙවර තවත් අරුත්බර කරමින් සමාජයට යළිත් යමක් දායාද කළ හැකි සුන...
24/08/2026

🌿 විශ්‍රාමය යනු ගෙදරටම වී නිහඬව ගත කරන කාලයක් නොවේ… එය කළ මෙහෙවර තවත් අරුත්බර කරමින් සමාජයට යළිත් යමක් දායාද කළ හැකි සුන්දර අවධියකි. ❤️
විශ්‍රාම වයස එළඹීමටත් පෙර විශ්‍රාම දිවියට පිවිසි හිමාලි ගුරුතුමිය, අද දින තම විවේකය පසෙකලා අපේ ශිෂ්‍යභට දරුවන්ගේ විෂය සාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන රාත්‍රී පන්ති වැඩසටහනට එක්වීම අපට මහත් සතුටක් මෙන්ම ආදර්ශයක්ද විය.
වසර ගණනාවක් දරුවන්ගේ ජීවිතවලට දැනුමත්, ආදරයත්, මඟපෙන්වීමත් එක් කළ ගුරුතුමියක් ලෙස, විශ්‍රාමයෙන් පසුවත් දරුවන් වෙනුවෙන් තම කාලය හා ශක්තිය කැප කිරීම සැබෑ ගුරු හදවතක උතුම් බව කියාපාන්නකි.
ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තත්, දරුවන් වෙනුවෙන් ඇති ගුරු හදවත කිසිදා විශ්‍රාම නොගනී. 🌸
හිමාලි ගුරුතුමියනි,
අද ඔබ අපේ දරුවන් වෙනුවෙන් තැබූ මේ පියවර ඔවුන්ගේ අනාගතයට ආලෝකයක් වනු ඇත.
ඔබට අපගේ හෘදයාංගම ගෞරවය සහ ස්තුතිය! 🙏❤️

🌱 පාසලෙන් නික්මුණු පුංචි කොලුවා… අද සාර්ථක ව්‍යවසායකයෙක් ❤️6 ශ්‍රේණියට අපේ පාසලට ඇතුළත් වූ ඒ පුංචි කොලුවා… අද වන විට තමන...
20/08/2026

🌱 පාසලෙන් නික්මුණු පුංචි කොලුවා… අද සාර්ථක ව්‍යවසායකයෙක් ❤️

6 ශ්‍රේණියට අපේ පාසලට ඇතුළත් වූ ඒ පුංචි කොලුවා… අද වන විට තමන්ගේම ගමනක් සොයාගෙන, සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත්ව සිටින බව දකින්නට ලැබීම සැබැවින්ම සතුටට කරුණකි. ❤️

නම කවීෂ වුණත්, පාසලේ කාටත් ඔහු හුරුපුරුදු වූයේ “සුදු කවීෂ” නමිනි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුවත්, උසස් පෙළ හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැත. ඒ පිටුපස තිබුණේ ආර්ථික දුෂ්කරතා, මවගේ විදේශගත වීම වැනි ජීවිතයේ අභියෝග විය හැකිය. එහෙත්, ඒ කිසිවක් ඔහුගේ ජීවිතය නවතා දැමීමට සමත් වී නැත.

කුඩා කාලයේ සිටම සතුන් ඇතිකිරීමට තිබූ ආශාව, අද ඔහුගේ ජීවනෝපාය බවට පත්ව ඇත. 🐄🐐🐖🐓

අද ඔහු සාර්ථක ගොවිපළක් පවත්වාගෙන යයි. ගවයන්, එළුවන්, ඌරන් සහ කුකුළන් ඇතිකරමින්, තමන්ගේම මහන්සියෙන් හොඳ ආදායමක් උපයා ගනී. කාටවත් බරක් නොවී, තමන්ගේ දෙපයින් නැගී සිටිමින් ජීවිතය ජයගන්නා ඔහුගේ ගමන සැබැවින්ම ආදර්ශයකි.

අධ්‍යාපනය ජීවිතයේ සාර්ථකත්වයට ඇති එක් මාර්ගයක් පමණි. තමන් තුළ ඇති හැකියාව හඳුනාගෙන, උත්සාහයෙන් එය වර්ධනය කරගැනීමද සාර්ථකත්වයේ තවත් මාවතකි.

කවීෂගේ ගමන අපට කියා දෙන්නේ අවස්ථා අහිමි වූ පමණින් සිහින අත්හැරිය යුතු නැති බවයි. ❤️

අද මවද නැවත නිවසේ සිටින බව දැනගැනීම තවත් සතුටකි. කවීෂ, ඔබ තවත් ඉගෙන ගනිමින්, ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු කරගෙන, මීටත් වඩා සාර්ථක හා ආදර්ශවත් ව්‍යවසායකයෙකු බවට පත්වන්නට හදවතින්ම සුබ පතමි. 🌱❤️

The night class program continues for the second consecutive week
17/08/2026

The night class program continues for the second consecutive week

🌟 අහිමි වූ ඉගෙනුම් අවස්ථා… යළි පුරවමින්! 🌟පාසල නියෝජනය කරමින් විෂය සමගාමී කටයුතුවල නිරතවීමේදී අහිමිවන පන්තිකාමර ඉගෙනුම් ...
10/08/2026

🌟 අහිමි වූ ඉගෙනුම් අවස්ථා… යළි පුරවමින්! 🌟

පාසල නියෝජනය කරමින් විෂය සමගාමී කටයුතුවල නිරතවීමේදී අහිමිවන පන්තිකාමර ඉගෙනුම් අවස්ථා ප්‍රතිපූරණය කරමින්, රන්ටැඹේ ශිෂ්‍යභට කඳවුරට එක්වූ මහින්දයේ 10 හා 11 ශ්‍රේණි දරුවන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීමේ රාත්‍රී පන්ති වැඩසටහන චතුරිකා දියණිය ඇතුළු ආදි ශිෂ්‍ය සම්පත්දායකත්වයෙන් ආරම්භ විය. 📚🌙

දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්…මහින්දය තබන තවත් අර්ථවත් පියවරක්! ❤️👏

🌼 සිනහවෙන් නිවාඩුවට... බලාපොරොත්තුවෙන් නැවත පාසලට... 🌼"නිර්මාණශීලීත්වයෙන් හෙබි යහපත් පුරවැසියන්ගෙන් සුසැදි සමාජයක්" බිහි...
07/08/2026

🌼 සිනහවෙන් නිවාඩුවට... බලාපොරොත්තුවෙන් නැවත පාසලට... 🌼
"නිර්මාණශීලීත්වයෙන් හෙබි යහපත් පුරවැසියන්ගෙන් සුසැදි සමාජයක්" බිහිකිරීමේ මහින්දයේ දැක්ම යථාර්ථයක් කරගැනීම වෙනුවෙන් නොනවතින කැපවීමෙන් කටයුතු කරන අපගේ ආදරණීය ගුරුභවතුන් හා දූ දරුවන්, තවත් සාර්ථක පාසල් වාරයක් නිමාවට පත් කරමින් අද දින පාසල් නිවාඩුව සතුටින්, සහෝදරත්වයෙන් හා සුහදත්වයෙන් සමරනු ලැබීය.
එක්ව සිනාසුණු මේ සුන්දර මොහොත, අනාගතයේ විශිෂ්ට ජයග්‍රහණ රැසකට පදනම වේවා!
සියලුම දූ දරුවන්ටත්, ගුරුභවතුන්ටත් සුරක්ෂිත, සතුටින් පිරි සහ අර්ථවත් පාසල් නිවාඩුවක් වේවායි මහින්ද පවුලේ උණුසුම් සුබපැතුම්! 💛
මහින්ද ද්විතීයික පාසල
"නැණෙන් අඳුර නසමු." 🌿

කනිෂ්ඨ ශිෂ්‍යභටයින් රන්ටැඹේ කඳවුරුගතවීමට පෙර දෙවියන්ටදුන් පොරොන්දුව ඉටුකරන අවස්ථාවFulfilling Their Promise to God Befor...
07/08/2026

කනිෂ්ඨ ශිෂ්‍යභටයින් රන්ටැඹේ කඳවුරුගතවීමට පෙර දෙවියන්ටදුන් පොරොන්දුව ඉටුකරන අවස්ථාවFulfilling Their Promise to God Before Rantambe Camp

05/08/2026
Appreciation of students who have shown commendable performance in second term examination
03/08/2026

Appreciation of students who have shown commendable performance in second term examination

Address

Matale Town

Opening Hours

Monday 07:30 - 14:30
Tuesday 07:30 - 14:30
Wednesday 07:30 - 14:30
Thursday 07:30 - 14:30
Friday 07:30 - 14:30

Telephone

+94662052599

Website

Alerts

Be the first to know and let us send you an email when Mahinda Secondary School - MSS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahinda Secondary School - MSS:

Shortcuts

Share

Category