03/09/2023
ආර්.වී.ඒ නවරත්න සර් ගේ විශ්‍රාම ගැනීමෙන් පසුව 1989 වර්ශයේ සාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂ සමූහය භාර ගන්නා කීර්ති සර්, එම වසරේ කුඩා තෝමසුවන් 150 ක් පමණ සම්බන්ධ කරගෙන බාලදක්ෂ කණ්ඩායමක් ආරම්භ කල බවට සාන්ත තෝමසුවේ බාලදක්ෂ ඉතිහාසය සාක්ෂි දරයි. *(අවුරුදු 2ක් පංති ගානේ ඇවිදලා ළමයි බාලදක්ෂ කණ්ඩායමට සම්බන්ධ කරගෙන තියෙනවා.)
පාසලට පසුපසින් දිස්වන මනරම් විල්ශෙයාර් කදු වැටිය පෙන්වා "ඔයාලා.. අර කන්දේ හයික් එකක් යන්න, කෑම්ප් කරන්න ආස ද?" කියමින් ඔහු සතුව පැවති ආකර්ෂණීය වාග් හැසිරවීම සහ ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කුඩා තෝමසුවන් බාලදක්ෂ ව්‍යාපාරය වෙත සම්බන්ද කරගත් බව ආදී බාලදක්ෂයන් සදහන් කරයි.
1990 වර්ශයේ තෙන්නකෝන් මහත්මා බාලදක්ෂ කණ්ඩායමේ පුහුණු කිරීම් කටයුතු භාර ගත්තත් පාසලේ ගුරුවරයෙක් නොවුන නිසා කීර්ති සර් දිගටම බාලදක්ෂ කටයුතු භාරව පාසල් බාලදක්ෂ කණ්ඩායමට දිරි දෙමින් කටයුතු කරන්නට විය.
ජාතික මට්ටමින් සංවිධානය කළ "විලෂයර් ක්ලයිම්බර් ඇඩ්වෙන්චර් කැම්පරිය" එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් දන්න "අංජන දළදාවත්ත අනුස්මරණ ගවේෂණ තරගාවලිය" ආරම්භය වුනේ 1997 වර්ශයේ. ඒ මිත්‍රත්ව ගවේෂණය නමින්...... ප්‍රථම තරගාවලිය සංවිධානය කරන අවදියේ ඒ වෙනුවෙන් පළමු මුල්‍ය ආධාරය කීර්තී සර් ලබා දුන් බව ජේෂ්ඨ ආදී බාලදක්ෂයින් සිහිපත් කරන කාරණාවක්. තවද එම සංවිධාන කටයුතු සදහා එතුමා පුද්ගලික පන්ති පැවැත් වූ මහනුවර සුදර්ශනාරාමයට බාලදක්ෂයන් කැටුව ගොස් එතුමාගේ හිතවත් පුද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ පරිත්‍යාග ලෙස රුපියල් 8500/= මුදලක් ( එවකට මෙය විශාල මුදලක්) ඒ වෙනුවෙන් එකතු කර දී බාලදක්ෂ සමූහය උන්නතිය වෙනුවෙන් තම ධනය, ශ්‍රමය කැපකල ගුරු භූමිකාවට එහා ගිය ගුරුවරයෙක් ......
පාසල් බාලදක්ෂ සමූහයට එකළ ඇති වූ යම් යම් ප්‍රශ්න ගැටලු හමුවේ කීර්තී සර් ඉදිරියෙන්ම සිට ඒවාට මැදිහත්වී, ඒවාට විසදුම් ලබා දෙමින් කටයුතු කළ බවත් ජේෂ්ඨ ආදී බාලදක්ෂයින්ගේ මතක පොතේ සටහන්ව තියෙනවා.
පසු කාලීනව විවිධ ගුරුවරුන්ට බාලදක්ෂ කණ්ඩායම භාර උනත්, බාලදක්ෂ කාමරයේ දොර ඇරලා තියෙන සෑම වෙලාවකම ඇවිත් බාලදක්ෂ කටයුතු ගැන හොයල බලලා බාලදක්ෂයින්ව දිරි ගන්වන එක සර්ගේ ඇගේ තිබුන දෙයක්..
"ඒයි... තමුසෙ ස්කවුටින් කරන්න කැමතිද.. මාරයි ඕයි ඒකේ තියෙන වැඩ..."
"මං දන්න ස්කවුට්ස්ලා තුන්දෙනෙක් ඉන්නවා... තුන්දෙනාම මෙඩිසින්... තමුසෙලාට වරදින් නෑ..."
කීර්ති සර්ගේන් කිහිපයක්...
කදවුරු වලදී බාලදක්ෂ ගීත ගායනය ආරම්භ වෙන්නෙ "පී ගියා බබා... ලැසි ඩැක ටෝරා..." ඒ කීර්ති සර්ගෙ හඩින්....
ඉතින් අද ඒ මතකය පමණක් ඉතිරි කරලා සර් දුර ගමනක් ගිහින්... තෝමසුවේ බාලදක්ෂ කණ්ඩායම අද මේ විදියට ජාතික තලයට ඔසවන්නට සර් කරපු කැපකිරීම් බාලදක්ෂයින් ගේ අකුරින් මෙසේ සටහන් කර අවසන් කරන්නෙමු.
අමා මහ නිවන් සුව ලැබේවා කීර්ති සර්...🙏